theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තරු සටහන් ගැන ඔබ දන්නේ මොනවාද? ඒවා පාවිච්චි කරන්නේ කෙසේද?

6 අවම කියවීම
තරු සටහන් ගැන ඔබ දන්නේ මොනවාද? ඒවා පාවිච්චි කරන්නේ කෙසේද?තරු සටහන් ගැන ඔබ දන්නේ මොනවාද? ඒවා පාවිච්චි කරන්නේ කෙසේද?

මගේ දරුවන්ට තරු සටහනක් පාවිච්චි කරන්නේ එය පාසලේදීත්, ගෙදර දොරේ වැඩ වලදී පමණක් නොවේ නරක පුරුදු ඇත හැරීමේදී පවා විශාල උපකාරයක් වන නිසයි. මෙතැනින් වැඩි විස්තර...

මාගේ දරු දෙදෙනා පුංචි කාලේ ඉඳන්ම තරු සටහන් (star charts) පාවිච්චි කිරීමෙන් මට ඔවුන්ගේ  හොඳ පුරුදු වැඩි දියුණු කිරීමටත්, නරක පුරුදු නැති කරගැනීමටත් එය කෙතරම් ප්‍රයෝජනවත් වුවාද කියන්නට වචන නැති තරම්.

තරු සටහන් ගැන ඔබ දන්නේ මොනවාද? ඒවා පාවිච්චි කරන්නේ කෙසේද?

තරු සටහනේ තියෙන ලොකුම වාසිය තමයි දරුවන්ට තමන් ගෙදර අයත් සමඟ ලොකු සම්බන්ධයක් තියෙන බවට හැඟීමක් ඇති වීම.

ගෙදර දොරේ අනෙක් ය මෙන්ම ලොකු වගකීමක් ඇති සේ දැනීම. මෙය ඔවුන්ට ලොකු අභිමානයක් ගෙන දෙනවා.

අනික හැම අම්මටම වගේ  මමත් හෙව්වා මගේ දරුවන්ගේ උද්යෝගය වැඩි කරමින් ඔවුන් යහමග ගන්නට පුළුවන් ක්‍රමයක් තියේද කියලා.

මොකද උදේ ඉඳන් ළමයින්ට කෑ කෝ ගහල, මටම මාව එපා වුනා.

ඉතින් දරුවන් යහමග ගැනීමට මම හරි හැටි දන්නේ නැති අසාර්ථක මවක් වගේ මට මා ගැන හැඟුනා.

අනෙක් බොහෝ දෙමාපියන්ට මේ වගේම හැඟීමක් දැනෙන වාර අනන්තයි කියා මම අසා තියෙනවා.

තරු සටහන ගැන මට දැනගන්නට ලැබුනේ අහසේ දිලිසෙන රන් තාරකාවක් වගේ තමයි. මෙය හැම දේම වෙනස් කළා.

දරුවන්ට ප්‍රායෝගිකව හරි මග පෙන්වන්නට පමණක් නොවේ, ඔවුන් උද්යෝගයෙන් යහ මග තෝරා ගත්තේ මාවත් පුදුම කරමින්. ඔවුන්ට ඒ ගැන ලොකු වගකීමක් දැනුනා.

මමත් මම දන්නා යහළු මිත්‍රයිනුත් තරු සටහන් පාවිච්චි කරන්නට ගත්තේ දරුවට වයස අවුරුදු දෙක ලැබූ පසුව ඉඳන්.

දරුවාට වැසිකිලි පාවිච්චිය පුහුණු කිරීමට, ගේදොර වැඩට දායක වන්නට, ගෙදර වැඩ කිරීමට, සෞඛ්ය සම්පන්න ආහාර ගැනීමට ආදී මෙකි නොකී සෑම දෙයක් සඳහාම දිරිගැන්වීමේ මහඟු උපාංගයක් විධියට අපි තරු සටහන් යොදා ගන්නවා.

තරු සටහන් ගැන ඔබ දන්නේ මොනවාද? ඒවා පාවිච්චි කරන්නේ කෙසේද?

තරු සටහන් අධාරයෙන් ඇඟිලි ඉරීම වැනි පුරුදු පවා නැති කරගන්නට පුළුවන් වනවා.  

තරු සටහන් අධාරයෙන් දරුවාගේ අහිතකර පුරුදු ඔබට නැති කරගන්නට පුළුවන් වනවා. ඔව්! ඇඟිලි ඉරීම වැනි පුරුදු පවා නැති කරගන්නට පුළුවන් වනවා.

මොකද මට මතකයි තරු සටහන් අධාරයෙන් මට මගේ පුංචි පුතාගේ ඇඟිලි ඉරීමේ පුරුද්ද නැති කරගන්න පුළුවන් වුනු දවස. මට එදා දැනුනේ පුදුම සතුටක්!

මගේ පුතා වයස අවුරුදු පහ දක්වාම ඔහුගේ ඇඟිලි උරන්න පුරුදු වෙලා හිටියා. මට මෙය ලොකු මානසික ප්‍රශ්නයක් වුනේ පුතාට අවුරුදු පහේදී  අප දන්ත වෛද්‍යවරයා කී පරිදි මෙම පුරුද්ද කඩා ගත්තේ නැතිනම් පුතාගේ දත් ඉදිරියට විත් දත් වලට අධාරක භාවිතා කරන්න වේයැයි කී විටයි.

මේ පුරුද්ද කොහොම කදාගන්නද කියල මට හිතාගන්න බැරි වුනා.  දන්ත වෛද්‍යවරයා  පුතාටත් මෙහි ආනිසංස පැහැදිලි කළා.

එදා අපි ගෙදර ඇවිත් පුතා ඇඟිලි උරන්නේ නැති හැම රාත්‍රියකටම ඔහුට තරුවක් දෙන්න කතා කරගත්තා.

මේ අදහසින් පුතා උද්යෝගයට පත් වුනා. මොකද තරු පහක් එකතු කරගත් විට ඔහුට ඊට ප්‍රතිලාභ ලැබෙන බවත් ඔහු දැන සිටි නිසා පුතා බොහොම උනන්දුවෙන් මේ අභියෝගය බාරගත්තා.

Star charts වලට කිසිඳු මුදලක් වැය කරන්නට අවශ්‍ය නැහැ

බොහෝ අය සිතනවා තරු සටහන් පවත්වා ගැනීම තුලින් නිතර දරුවන්ට තෑගි බෝග අරන් දෙන්නට සිදු වනවා, ඊට ගොඩක් වියදම් යනවා කියා.

උපන්දින, අලුත් අවුරුදු, නත්තල් ආදිය සැමරීමෙන් පසු දරුවන්ට තවත් තෑගී බෝග අරන් දෙන්නටවත්, ඊට මුදල් වියදම් කරන්නටවත් අවශ්‍ය නැහැ.

ඇත්තවශයෙන්ම දරුවන් තෑගී බෝග වලට වඩා, පවුලේ අය සමඟ විනෝද වීම, ප්‍රියයන් සමඟ කල් ගත කිරීම ආදී දේවලට කැමති බව ඔබ නොදන්නවා විය හැකියි.

ඉතින් දරුවාට මුදල් වෙනුවට ඔබේ කාලය ත්‍යාග දීමෙන් ඔබට මුදල් ඉතිරි වනවා පමණක් නොව, දරුවා සැබවින්ම සතුටු කිරීමටත්, දරුවාව හොඳින් වටහාගෙන දරුවාගේ ආශ්‍රය රස විඳින්නට ඔබටත් හැකියාව ලැබෙනවා.

තරු සටහන් ගැන ඔබ දන්නේ මොනවාද? ඒවා පාවිච්චි කරන්නේ කෙසේද?

මුදල් වැය කරනවා වෙනුවට දරුවාගේ තරු සටහන් අගය කරන්නට හා සමරන්නට ඔබට භාවිතා කල හැකි අදහස් කිහිපයක් මේ;

  • එකට එක් වී ගෙදරදීම දරුවා කැමති විශේෂ අහාර වේලක් පිළියෙළ කර රස විඳින්න
  • පිහිනන්නට යාම
  • පන්දු යැවීම
  • ක්‍රිකට් ගැසීම
  • චිත්‍රපටයක් බලන්නට යාම
  • දරුවා සමඟ එක වී කලා ව්යාපෘතියක් කිරීම
  • ස්ටිකර
  • කෞතුකාගාරය
  • ග්‍රහලෝකාගාරය
  • ගෝල් ෆේස් ආදී නොමිලේම ගිය හැකි ස්ථානයකට පවුලත් සමඟ යාම
  • හරිත උද්‍යානයකට යාම
  • පික්නික් එකක් යාම
  • දුර ගමනක් යාම
  • රුපවාහිනිය නැරඹීමට වැඩිපුර පැයක්

මීට අමතරව ඔබ කැමතිනම් දරුවට ඉඳහිට සෙල්ලම් බඩුවක් හෝ පුංචි ත්‍යාගයක් ලබා දෙන්නටත් පුළුවන්

තරු සටහන් නිසි ලෙස භාවිතා කිරීමෙන් දරුවා තුල අභිමානයක් ඇති කරන්නට පුළුවන්

මෙම ක්‍රමය සැබවින්ම ප්‍රයෝගිකදැයි ඇතැමුන් මගෙන් අහනවා. මොකද මෙතැනදී දරුවාගේ කැමැත්ත මත වැඩිපුරම දේවල් සිදු වන අතර දෙමාපිය අනසක බොහෝ විට බලපාන්නේ නැති නිසා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

තරු සටහන් ක්‍රමය දරුවාගේ ආත්ම විශ්වාසය මෙන්ම ආත්ම තෘප්තියත් වැඩවීමට ඉමහත් ලෙස දායක වන බව මා විශ්වාස කරනවා. නිදසුනක් ලෙස දරුවෙක් හොඳ දෙයක් කල විට අප ඔහුට/ඇයට සුභ පතා ආදරෙන් හාද්දක් දෙනවා. තුරුළු කරගන්නවා.

මෙම තරු ක්‍රමය තුළින් අපගේ එම ක්‍රියාකාරකම් වලට එළියක් එක් කොට, දරුවා සමඟ සබඳතාව තවත් ශක්තිමත් කරනවා.

Star charts ස්ථාවරව පවත්වාගෙන යාම ඉතාම වැදගත්

ඉතින් ඔබත් තරු සටහනක් පවත්වාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් එය ඉතා පහසුවෙන් සකස් කරගන්න පුළුවන්.

අන්තර්ජලයේත්, මේ දිඟු හරහාත් කලින් සකස් කල තරු සටහනක් මුද්‍රණය කරගන්නට හැකියි.

නමුත්, තම නිවසේදීම, පහසුවෙන්ම සකසාගත හැකි මේ සටහන තම දරුවන් සමඟම එක් වී සාදාගැනීම වඩාත් විනෝදජනක වේවි.

මෙම සටහනේ අරමුණත්, ඉන් දරුවාට ලැබෙන විනෝදජනක වාසි රැසත් ඔවුන්ට පහදා දෙන අතර දරුවන්ද එය උද්යෝගයෙන් සරසා සකසාගෙන ඒ පරිදි තරුසටහ ක්‍රියාවට නැගීමට සාර්ථකව පෙළෙඹෙනවා ඇති.

මෙම තරු සටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට උපකාර වන ඉඟි කිහිපයක් පහත දක්වමු.

1. මෙය ඔබේ දින චරියාවෙන් කොටසක් කරගන්න.

ඇතැම් දවස් අනෙක් දවස් වලට වඩා අතිශයින් කාර්යබහුල වන්නට පුළුවන්.

වැඩ අධික කම නිසා තරු සටහනේ තරුවක් ලකුණු කිරීම මග හැරෙන්නට පුළුවන්.

නමුත් මෙය දවසේ චර්යාවක් කර ගැනීමෙන් (නිදසුනක් ලෙස, දිනපතා රාත්‍රී අහාරයෙන් පසු තරු ලකුණු කිරීම) පුරුද්දක් ලෙස සිදු කිරීමෙන් මෙය මග නොහැර සාර්ථකව කරගෙන යන්නට පුළුවන්.

2. අඛණ්ඩව හා ස්ථාවර ලෙස තරු ලකුණු කිරීම සිදු කරන්න

කලින් තීරණය කරගත් පරිදි, දරුවන් හා එකඟ වුනු ක්‍රියාකාරකම් වලට නිසි ලෙස තරු ලකුණු කිරීම සිදු කල යුතුයි.

මෙමගින් දරුවාට හොඳ ක්‍රියාවක නිරත වීමේ උද්යෝගය හීන වන්නේ නැහැ.

3. දරුවාටම විශේෂිත වූ ත්‍යාග, සිහිවටන හෝ අගය කිරීමේ ප්‍රතිලාභ ලබා දෙන්න

දරුවා වැඩිපුරම උද්දාමයට පත් කරනා දේ ගැන දරුවා හොඳින් දන්නා අතර තරු සටහන් වලින් ලැබෙන අගය කිරීම් සැමරීමට කැමති අකාරය හා දරුවා ලබන්නට කැමති දේ ගැන දරුවා සමඟ කල් තියා කතා බහ කොට එකඟතාවයකට එන්න.

4. දරුවාව සහභාගී කරවගන්න

කලින් කී පරිදි තරු සටහන් පිළියෙළ කර ගැනීමටත්, තරු ඛණ්ඩ එකතු කොට ලැබෙන ජයග්‍රහණ සමරන අකාරයත් තීරණය කරගැනීම සඳහා දරුවාව සහභාගී කරගැනීමෙන් මහත් ප්‍රතිපල අත්පත් කරගත හැකි වනවා.

5. මෙම ක්‍රියාවලිය සංකීර්ණ කරගන්නට එපා

දරුවා යම් තාක් දුරට සාර්ථකව කරන ක්‍රියාවලියක් තෝරාගෙන මෙය අරඹන්න. නිදසුනක් ලෙස මගේ පස් හැවිරිදි දරුවා ඉඳ හිට තමාගේ පොරෝනය නවා තබනවා.

මෙය දිනපතා පුරුද්දක් කරගැනීමට තරු සටහන් යොදාගැනීම දරුවාටත් මටත් බොහෝ පහසු වුනා.

6. තරුසටහන යාවත්කාලින කරන්න

තමා බලාපොරොත්තු වූ පුරුද්දට හෝ පුරුදු කිහිපයට දරුවා හුරු වූ පසු  මෙම ක්‍රියාවලියෙන් පුංචි විවේකයක් ගැනීම වඩාත් සුදුසුයි.

සති කිහිපයක විරාමයකින් පසු අලුත්ම පුරුදු කිහිපයක් ඇති කරගැනීමට, අලුත්ම ත්‍යාග/අගය කිරීම් මාලාවක් සහිත අලුත්ම පෙනුමකට තරු සටහනක් සකසාගැනීමෙන් දරුවාව උද්යෝගයෙන් නව මගකට යොමු කල හැකි වනවා.

මේ නිසා මෙය දිගින් දිගටම, ඒකාකාරී ලෙස සිදු කිරීමත් ඵලදායි නැහැ.

ඉතින් තරු සටහන් තුළින් ඔබේ පවුල තුල හොඳ පුරුදු ස්ථාපිත කළහැකි අකාරය ගැන යම් අවබෝධයක් මේ ලිපිය තුලින් ලැබුනා යයි විශ්වාස කරමු.

දෙමාපිය අපටත් දරුවන් හදා වඩා ගැනීමේදී පුංචි අත්වැලක් ඉඳහිට අවශ්‍ය වනවා නොවේද?

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • තරු සටහන් ගැන ඔබ දන්නේ මොනවාද? ඒවා පාවිච්චි කරන්නේ කෙසේද?
බෙදාගන්න :
  • උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

    උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

  • මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

    මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

  • උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

    උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

  • මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

    මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it