theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පින්සිද්ද වෙනවා. එළියට නම් බහින්න එපා!

7 අවම කියවීම
පින්සිද්ද වෙනවා. එළියට නම් බහින්න එපා!පින්සිද්ද වෙනවා. එළියට නම් බහින්න එපා!

ලොව පුරා සීග්‍ර ලෙස පැතිර යන මෙම කොවිඩ්-19 වසංගතයෙන් ගැළවෙන්නට නම් කළ හැකි එකම දේ ඔබ නිවෙස් ඇතුළටම වී සිටීම පමණක් බව තේරුම් නොගන්නේ ඇයි?

ඔබට මෙම බියකරු ඡායාරූප මතකද? ත්‍රාසජනක චිත්‍රපටියක් නරඹනවා සේ චීනයේ වුහාන් නගරයෙන් ඇරඹුනු මෙම වසංගතය ඉවක් බවක් නැති පැතීර යද්දී කොරෝනා වලින් බේරෙන්න අප නොසිතූ විරූ ආකාරයේ උත්සාහයන් ගන්නා ආකාරය අප මෙම ඡායාරූප සහ නොයෙක් මාධ්‍ය හරහා ඇසුවා, දුටුවා.

කොරෝනා වලින් බේරෙන්න

කොරෝනා වලින් බේරෙන්න පුළුවන්ද?

මින් වඩාත්ම බියකරු දේ මෙය නොවේ. ලංකාවේ මේ වන විටත් ලැව් ගින්නක් සේ පැතිරෙන්නේ ඉහත ඡයාරූප වලට තුඩු දුන් එම භ්‍යංකාර වයිරසයම වන බව ඔබ දන්නවාද?

මෙපමණ දවසක් අප ඔබගේ සනීපාරක්ෂාව උපරිම් ලෙස පිළිපදින ආකාරය ගැන දිවා රෑ දැනුවත් කළා. දැන් ඉන් ඔබ්බට ගොස් ඔබ කළ යුතු වඩාත්ම වැදගත් එක් දෙයක් තිබෙනවා. ඒ නිවසෙන් පිටතට නොයා සිටීමයි.

පින්සිද්ද වෙනවා. එළියට නම් බහින්න එපා!

"ප්‍රවේසමෙන් ඉන්න" කී විට මැරෙන්න ඔච්චර බයදැයි කෙනෙක් මගෙන් ඇසුවා. ඔහු නිර්භීත වුවත් කොවිඩ්-19 ආසාදනය ගැන මේ දේව නොදන්නවා විය හැකිය.

  1. ඉහත ඡයාරූපයේ දැක්වෙන චීනය, ඉතාලිය හා දකුණු කොරියාව වැනි රටවල් වලට සාපේක්ෂව අපගේ පහසුකම් සීමිතයි. ආරක්ෂක ඇඳුම් කට්ටලයක් තියා මුඛ ආවරණයක්වත් ගන්නට නැහැ. මේ නිසා අපට අපගේ ආරක්ෂාව සපයාගැනීමට ඉහත රටවල් වලට වඩා කැපවීමක් කරන්නට සිදුවනවා.
  2. මෙය වසංගතයක්. රෝගයෙන් මිය යාමේ ප්‍රතිශතය අඩු යැයි ඔබට හැඟුනත්, නිවසේ ශෙතුන් දෙනෙක්ට එක් වර රෝගය වැළඳීමෙන් ඉතා දැඩි අපහසුතාවයකට පත්වන්නට ඉඩ තිබෙනවා.
  3. රෝග ලක්ෂණ පාලනය කළ යුතු නිසා රෝහල්ගත වන්නට සිදු වුවත්, මෙය පැතිරීමෙන් රෝහල් වල ඉඩ කඩ නැති වන්නට ඇති හැකියාව ඉතා වැඩිය.
  4. වෙනත් අපහසුතාවකට හෝ රෝගයකට රෝහල යාම අපහසු වනවා.
  5. පවුලේ කෙනෙක් හෝ නෑ හිතවතෙක් රෝගී වුවහොත් ඔහු/ඈය බලන්නට යාම අපහසු වනවා. නිවසේ සියළු දෙනා නිරෝධායනයට ලක් වන්නට පුළුවන්.
  6. වෙන රටවල, මෙම රෝගයෙන් කෙනෙක් මියැදුනු විට, රෝහලෙන්ම අවසන් කටයුතු සිදු කලා. ඒ කිසිඳු චාරිත්‍ය්‍රක් නැතිවයි.

චීනය මෙම උවදුරෙන් ගැළවෙන්නට ඉතා දැඩි පියවර අනුගමනය කළා. ඔවුන්ගේ කැපවීම නිසා අද චීනයෙන් ඡොවිඩ්-19 සම්පූර්ණයෙන්ම පහව යාමේ ළකුණු ඔවුන් අත්දකිමින් සිටිනවා.

කොරෝනා වලින් බේරෙන්න

ඔවුන් එසේ දැඩි තීරණ ගෙන පාරවල් සම්පූර්ණයෙන්ම හිස්ව යද්දී, ලංකාවේ අප මෙය කෙතරම් සුළු කොට සළකන්නේද යන්න මෙම ඡයාරූපයෙන් දිස් වනවා නේද?

කොරෝනා වලින් බේරෙන්න

කෙසේ නමුත් මින් මෙදෙන්නට කළ හැකි දේ ඉතාම පහසුයි. බලධාරින් විසින් ලබා දී ඇති සියළු නියෝග ප්‍රයෝජනයට ගනිමින්, ඔබ කළ යුත්තේ නිවස තුළට වී සිටීම පමණයි.

මෙහි තිබෙන බරපතල කම වඩාත් හොඳින් විස්තර කළ වෛද්‍ය නුවන් තොටවත්තගේ වටිනා ලිපියක් අන්තර්ජාලයේ සැරිසරනවා දුටුවා. එතුමාගේ අනුදැනුම ඇතිව, එම මුල් ලිපිය මෙසේ උපුටා දක්වන්නට කැමතියි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර තිබෙනවා (වෛද්‍ය නුවන් තොටවත්තගේ ලිපියක්)

මේ වෙනකොට (2020 මාර්තු 20 දින) ලංකාවෙන් කොරෝනා රෝගීන් 65ක් පමණ සොයා ගෙන තියෙනවා. හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමන්ටත් කොරෝනා හැදෙයි ද කියන එක. තවම ⁣මේ බෙහෙතක් හොයාගෙන නැති බව ඇත්ත. ඒත් වෛරසය ඇඟට ආ පලියට රෝගීන් මැරෙන්න නෑ.

මෙහිදී ලෝක තත්ත්වය දෙස බැලීම වැදගත්. රෝගය හැදිලා කියලා ඔප්පු වුණු අය සිය දෙනෙක් ගත්තොත් ඒ අතරින් අසූ පහක් විතරම ලොකු ප්‍රශ්නයක් නැතිව සනීප වෙනවා.

ඉතිරි අයගෙන් දෙදෙනකුට හෝ හතර දෙනෙකුට විතර ජීවිතේ නැතිවෙන්න ඉඩ තියෙනවා. එලෙස මිය යන අයගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු හැටට විතර වැඩි අය. එහෙමත් නැත්තම් දියවැඩියාව, පිලිකාව වගේ බරපතළ ලෙඩ තියෙන අය.

එතකොට ඉතිරි වෙන දහ දොළොස් දෙනා තමයි මෙතැනදි අපිට වැදගත්. ඒ පහළොස් දෙනා තමයි ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන් හොඳ වෙන කොටස. ඒ ටික දෙනාගෙන් කීප දෙනෙක්ට හොඳටම අමාරු වෙලා දැඩි සත්කාර ඒකකවලට පවා ඇතුළත් කරන්න වෙනවා.

ඒ කියන්නෙ, ලෙඩ වෙන සියදෙනෙකුගෙන් දහ දෙනෙක් ට විතර හොඳටම අමාරු වෙනවා. නමුත් අමාරු වෙන සියලු දෙනා මිය යන්නේ නෑ. මිය යන්නෙ අර වගේ වෙනත් බරපතළ ලෙඩ තියෙන අය කීප දෙනෙක් පමණයි.

කොරෝනා වලින් බේරෙන්න, වෛරසයට බෙහෙත් නැත්තම් ඉස්පිරිතාලෙදී මොකද කරන්නෙ?

එහෙම ගැටලුවක් කෙනකුට නැගෙන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් බෙහෙත් නැති නිසා ඉස්පිරිතාලෙ ගිහින් වැඩක් නෑ කියලා. ඒත් ඒ සිතිවිල්ල වැරදියි.

වෛරසය ඇඟට ආවම අපිට ලෙඩේ හැදෙනවා. අපේ ඇඟ හිමින් වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තිය දියුණු කරගෙන වෛරසය විනාස කරනවා. මේකට කාලයක් යනවා. මෙන්න මේ කාලය තුළ වෛරසය අපේ ඇඟේ එක එක අවයවවලට පහර දෙනවා.

අන්න එතකොට ලෙඩාගෙ ජීවිතේ අනතුරේ වැටෙනවා. අපි ඉස්පිරිතාලෙදී කරන්නෙ ඒ විදිහට ඇතිවෙන ප්‍රශ්නවලින් ලෙඩා මැරෙන එක වලක්වන එක.

පෙනහලු දුර්වල වෙනකොට ඔක්සිජන් දෙනවා. හුස්ම ගන්න බැරි වෙනකොට බටයක් දාල මැෂින් එකකට සවි කරලා හුස්ම ගන්න උදවු කරනවා.

මොනව හරි කරලා වෛරසය විනාස කරන කල් ලෙඩා මැරෙන්න නොදී තියාගන්නවා. වෛරසය විනාස වුනාම ලෙඩා ආපහු සාමාන්‍ය තත්වයට එනවා.

දැන් හිතන්න බැරිවෙලාවත් ඉස්පිරිතාලෙකට නොගියොත් ඔය කියන අමාරු අය දහ දෙනාටම මැරෙන්න වෙනවා. ඒ වගේම තමයි ඉස්පිරිතාලෙට ගියත් ඒ වෙනකොට ඒ අයට බෙහෙත් කරන්න ඉස්පිරිතාලවල පහසුකම් නැත්තම් ඒ අයටත් මැරෙන්න වෙනවා.

මුළු ලංකාවම ගත්තත් අපිට දැඩි සත්කාර ඒකකවල ඇඳන් තියෙන්නෙ ඉතාම ටිකයි. ඒ ටිකත් හැම වෙලාවකම පිරිල තියෙන්නෙ.

දැන් තේරෙන්න ඕනෙ දැඩි සත්කාර ඒකකවලට දරාගන්නබැරි තරම් ලෙඩ්ඩු එක පාර ආවොත් ලෙඩෙන් මැරෙන ප්‍රමාණය ගොඩක් ඉහළ යන බව.

මොකද එහෙම වුණෙත් රෝහල්වලට තීරණය කරන්න වෙනවා තියෙන ඇඳන් ටික දෙන්නෙ කාටද , නොදෙන්නෙ කාටද කියලා. සමහරවිට ඒ වගේ වෙලාවට වයසක කෙනෙකුට නොදී, ඇඳ තරුණ කෙනෙකුට දෙන්න වෙන්න පුළුවන්.

ඒ ඇඳක් නැති නිසා අවධානමට වැටෙන්නෙ තමන්ගෙ අම්ම හරි තාත්ත හරි වෙන්න පුළුවන්.

දැන් තේරෙන්න ඕන මරණ ප්‍රමාණය අඩුවෙන්න නම් ලෙඩේ බෝ වෙන වේගය අඩු කරලා තියාගන්න ඕන කියලා. මොකද ලෙඩේ හැදෙන එක, එකපාරටම සම්පූර්ණයෙන් නවත්තන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව.

එහෙම නම් කොහොමද මේ ලෙඩේ බෝවෙන එක අඩු කරන්නේ? ඒකට සොබාදහම අපිට ලොකු අවස්ථාවක් දීලා තියෙනවා.

මේ වෛරසය පැතිරෙන්නෙ කහිනකොට විසිවෙන කෙළ බිඳිතිවලින්. ඒවා විසිවෙන්නෙ ලෙඩේ තියෙන කෙනෙක් කහින කොට, එම ලෙඩාගෙ ඉඳලා මීටරයක් දුරට.

එහෙම නම් ලෙඩේ හැදෙන්න එක්කො ලෙඩෙක් කහින කොට එයාට මීටරයකට වඩා ළඟින් ඉන්න ඕන්. නැත්තම් ඒ විසිවෙච්ච කෙළ බින්දු අතක ගාගෙන ඒක මූනෙ ගාගන්න ඕනෙ.

ඒ කියන්නේ ඉතාම සරල ක්‍රම හතර පහකින් අපිට මේ කොරෝනා වලින් බේරෙන්න සහ බෝ වෙන එක නවත්ත ගන්න පුළුවන්.

  1. සෙනඟ ඉන්න තැන් වලට නොයා ඉඳීම
  2. නිතර අත් සේදීම. වතුර සහ සාමාන්‍ය සබන් හොඳටම ප්‍රමාණවත්. වතුර නැතිම වෙලාවක විතරක් ඇල්කොහොල් සහිත අත් සෝදන දියරයක් පාවිච්චි කරන්න පුළුවන්.
  3. තමන් ළඟ ඉන්න කෙනා සමඟ මීටරයක දුරක් තබා ගැනීම
  4. කහින විට නාසය සහ කට වසා ගැනීම. මේකට ලේන්සුවක් හරි වැලමිටේ ඇතුල් පැත්ත හරි පාවිච්චි කරන්න පුළුවන්
  5. මුහුණ ඇල්ලීමෙන් වැලකී සිටීම
  6. අනිත් අයව ස්පර්ශ කිරීම, අතට අත දීම හැකි තාක් අඩු කිරීම.

මෙතැනදී කොරෝනා වලින් බේරෙන්න භාවිතා කරන මුහුණු ආවරණ ගැනත් කතා කරන්න ඕනෙ.

කොරෝනා වයිරසය

අපිට කැස්සක් හෙම්බිරිස්සාවක් වගේ කෙල බිඳිති වලින් බෝවෙන රෝගයක් තියෙනවා නම් අපි මුහුණු ආවරණයක් පලඳින එක හරිම වැදගත්.
හැබැයි ඒ අපේ ආරක්ශාවට නෙවෙයි, අපේ ලෙඩේ අනිත් අයට බෝ වෙන එක වලක්වා ගන්න. එහෙම මුහුනු ආවරන පලඳින එක කොරෝනා වලට විතරක් නෙවෙයි සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාවටත් කල යුතු දෙයක්.

ඒ නිසා මේ දවස් වල ඔබට කැස්ස හෙම්බිරිස්සාව තියෙනවා නම් මුහුණු ආවරණයක් පලඳින එක ඉතාම හොඳයි. විශේෂයෙන්ම සෙනග ගැවසෙන තැනකට යනවා නම්.

සරලවම කියන්න තියෙන්නෙ මුහුණු ආවරණයක් පලඳින්න ඕන කොරෝනා රෝගියෙක් එක්ක කෙලින්ම ගනුදෙනු කරන සෞඛ්‍ය සේවකයෙක් විතරයි.
මොකද මේ තියෙන තත්ත්වය යටතෙ මුහුණු ආවරණයකින් ලබාගන්න පුළුවන් ආරක්ෂාව ඉතාම අඩුයි. මුහුණු ආවරණයකින් වැඩක් වෙන්න රෝගය තියෙන කෙනෙක් ඔබේ මුහුණ ඉදිරියෙන් මීටරයකට වඩා අඩු දුරකින් ඉඳගෙන කැස්සොත් විතරයි.
රටේ දැනට ඉන්නෙ හඳුනාගත් රෝගීන් හතලිස් ගණනක්. ඒ අය ඉන්නෙ ප්‍රතිකාර ලබමින්. ඒ හතලිස් දෙනා සමඟ කිට්ටුවෙන් කටයුතු කළ බොහෝ අය ඉන්නෙ සෞඛ්‍ය අංශවල නිරීක්ෂණය යටතෙ.

දැනට හඳුනාගත් රෝගීන් ඇතුළත් කරන්නෙ තෝරාගත් ඉස්පිරිතාල කීපයක විතරක් නිසා හැම ඉස්පිරිතාලෙමත් කොරෝනා රෝගීන් නෑ.

ඒ කියන්නෙ කොරෝනා රෝගියෙක් කෙනෙක්ගෙ මුහුණට මීටරයකට අඩු දුරක ඉඳන් කහින්න තියෙන ඉඩකඩ කොයි තරම් අඩු ද කියල හිතාගන්න පුළුවන්.

මුහුණු ආවරණයක් දාපු වෙලාවෙ ඉඳන් අපි කරන්නෙ ඒක අල්ලන එක සහ සකස් කරන එක. එහෙම කළාම අතේ තියෙන විසබීජ මූ⁣ණෙ ගෑවෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙලා ලෙඩේ හැදෙන්න තියෙන ඉඩ වැඩි වෙනවා.

අනික නහය සහ කට වහගත්තත් කෙළ බින්දු ඇහැට වැටුණොත් ලෙඩේ බෝ වෙන්න පුළුවන්. ඒ නිසා මුහුණු ආවරණයක් දාගෙන ඒක අල්ල අල්ල ඉන්නවට වඩා ගොඩක් ලේසියි කෙනෙක්ට ටිකක් දුරින් ඉන්න එක සහ තමන්ගෙ මුහුණ අල්ලන්නෙ නැතිව ඉන්න එක.

අනිත් එක මේ වෙලාවෙ අපි ඉන්නෙ ලොකු ආර්ථික ප්‍රශ්නෙක. හැමෝම මුහුණු ආවරණ දාන්න ගත්තොත් මිලියන විස්සකට දවසට දෙක බැගින් ඕනෙ වෙනවා.ඒක ලොකු නාස්තියක්.

අනිත් කාරනාව තමයි අපි හිතනවා මුහුනු ආවරණයක් දා ගත්තම අපිට ලෙඩේ හැදෙන්නෙ නෑ කියලා. ඒ වගේම මුහුනු ආවරණයක් දාගෙන සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන ඉන්න පුලුවන් කියලා.  
ඇත්ත්ම කතාව තමයි ආරක්ශා වෙන්න තියෙන ක්‍රම වලින් අන්තිම වගේම අඩුම වැදගත්කමක් තියෙන ක්‍රමය තමයි මුහුනු ආවරන.
ඒකෙන් වැඩක් වෙන්න නම් අපි රටක් හැටියට අර මුලින් කියපු කාරනා ටික ඒ කියන්නෙ සෙනග රැස් නොවී සිටීම - අත් සේදීම - මීටරයක දුරක් පවත්වා ගැනීම සහ මුහුන ඇල්ලීම නොකර සිටීම කියන දේවල් හරියටම කරන්න ඕන. එහෙම කරනවා නම් මුහුනු ආවරන හිඟය කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි.

ඉතිං මේ වෙලාවෙ අපිට කරන්න පුළුවන් එකම දේ මේ කියන සරල කාරණා ටිකට පුරුදු වෙලා දවසකට ලෙඩ වෙලා එන ප්‍රමාණය අපිට දරාගන්න පුළුවන් මට්ටමක තියාගන්න එක.

එහෙම උනොත් අපේ ඉස්පිරිතාල ඉතුරු ටික බලාගනී. ඒක අපිට කරන්න පුළුවන්.

මෙතුමාගේ මුල් ලිපිය පහතින්.

වෛද්‍ය නුවන් තොටවත්ත
එම් එස් සී (ප්‍රජා වෛද්‍ය විද්‍යාව)

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • පින්සිද්ද වෙනවා. එළියට නම් බහින්න එපා!
බෙදාගන්න :
  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

    සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

    සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it