theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලොවම නිදන මේ රාත්‍රියේ මම අවදියෙන්

5 අවම කියවීම
ලොවම නිදන මේ රාත්‍රියේ මම අවදියෙන්ලොවම නිදන මේ රාත්‍රියේ මම අවදියෙන්

මුළු ලෝකයම නිදි. රාත්‍රියේ අඳුර මට නිදාගන්න කියනවා වගේ. නමුත් අපි අවදියෙන්. ඒ ඇයි?

නිදි මරන අම්මලා ගැනයි ‌‌මේ සටහන. මුළු ලෝකයම නිදි. රාත්‍රියේ අඳුර මට නිදාගන්න කියනවා වගේ. නමුත් අපි අවදියෙන්. ඒ ඇයි?
 
දැන් වේලාව රෑ 11 යි. මම සටහනක් තබන්නයි යන්නේ. රාත්‍රී 7.30 වෙන විට මගේ පුංචි පැටව් තුරුල් වෙලා නිදි. හෙට උදේ පාන්දරින්ම නැගිටින්න ඕනී කියලා මතක් වෙද්දී ඇඟත් හිරිවැටෙනවා. අනෙක් අම්මලාට වගේම මටත් විවේකය ඕනී.
 
මට නම් මගේ නින්ද අහිමි වෙන්න පටන් අරන් අවුරුදු දාහතරක් ඉක්ම ගිහින්. ඉක්මනින්ම මධ්‍යම රාත්‍රිය උදාවෙද්දී  මම වෙහෙසින් හෙම්බත් වෙලා. ලෝකයම නිදන මේ රැයේ ලොව පුරා මිලියන ගණනක් අම්මලා අවදියෙන් කියලා මම දන්නවා.
 
අපේ දරුවන් නිදි. අනේ මටත් තුරුල් වෙලා නිදාගන්න  තියෙනවා නම් කියන ආදර හැඟීම් ඇවිස්සෙද්දී  අපි මොහොතක් බලාගෙන ඉන්නවා. ඒත් එහෙම කරන්න බැහැ.

නිදි මරන අම්මලා: ඒ ඇයි කියලා දන්නවාද?

ලෝකය නිදා සිටියදී අම්මලා රාත්‍රියේ ඇහැරිලා ඉන්න සිටීමට බොහෝ හේතු තියෙනවා. මේ අමුතු නිශාචර, නින්ද-අවපීඩන පුරුද්ද ඇති වීමට අම්මලා වන අපිට  ප්‍රබල හේතු ගොඩාක් තියෙනවා.
 
අම්මලා වෙහෙසට පත්වන නිසා රාත්‍රියේ  අවදිව සිටිනවා. ඒත් දරුවන් නිදාගන්නා විට ඔවුන් නිදාගන්නේ නැහැ . ඒ වෙනුවට, ඔවුන් ගේ දොර කටයුතු කරනවා.
 
අපි එයට මුහුණ දෙමු නේද? අපේ පුංචි පැටව් අපේ කාලය නාස්ති කරන්නන් නොවෙයි. එය හරියට දැන් ඔවුන්ට බඩගින්න, වැසිකිළි යෑම හෝ වමනය වගේ ඒ මොහොතේ ඉටු කල යුතු  ඉවසන්න බැරි අවශ්‍යතායක් ඇති දැයි ඔබ ඔවුන් ලගින් වාඩි වී බලන තුරු  බලා ඉන්නවා වගෙයි. 
 
සාමාන්‍යයෙන් ඔවුන් නිදා සිටින විට අපි වැඩ කරනවා. ගෙදර සිට රැකියාවක්  කරන මවක් වු මගේ ඵලදායීතාවය ළමයින් පාසැලේ ගිය විට වැඩියි. නමුත් මගේ ඵලදායීතාවය (සහ මගේ නිර්මාණශීලිත්වය) රාත්‍රියේ කාලයේදී ඉහල යනවා. 
 
ඒ වේලාවේදි  මගේ පුතුන් නින්දට වැටි සිටින අතර මමද වෙහෙසින් හෙම්බත් වී සිටිනවා. සමහර අම්මලා ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න මේ රාත්‍රී  කාලය යොදාගන්නවා.
 
මමත් ‍රාත්‍රියේදී රෙදි සෝදාලා  තරු එළියේ වේලෙන්න එල්ලනවා. එතකොට පහුවදා වැටෙන පළමු හිරු කිරණ එක්කම ඒවා වේලෙන්න පටන් ගන්නවා. 
 
මව්වරුන් වෙහෙසට පත් වන විට ඔවුන් රැයේ අවදිව සිටිනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් කාලයක් ලැබෙනවා නම් කියලා හිතෙනවා. එය සියලුම අම්මාවරුන්ගේ දෙයක්.  අපේ ඇස් ඇරගෙන ඉන්න බැරි තරම් වෙහෙසයි.
 
එහෙත් අපගේ ප්‍රියතම කතා මාලාවේ පෙර කොටසක් බලමින් හෝ චිත්‍රපටයක් බලමින් රූපවාහිනිය ඉදිරිපිට වාඩි වී සිටින ලෙස අපි අවධාරනය කරනවා. අපි පොතක් කියවන්න පෙළඹෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් මොනා හරි නෝටී වැඩකට සැමියා ගෙන් ලැබෙන ඉඟි බිගි වලට ඉඩ දෙන්නත් පුළුවන්.
 
කනගාටුවට කරුණක් නම්, අප ඉටු කිරීමට උත්සාහ කරන ඕනෑම ක්‍රියාකාරකමක් ආරම්භයට ආසන්න වශයෙන් මිනිත්තු දහයක් පමණ තියලා අපි නිදිකිරා වැටෙනවා. කෙසේවෙතත්, එම මිනිත්තු දහය  අපට පෙර සිටි අයුරු මතක් කර දෙන අරුම පුදුම අවස්ථා ලබා දෙනවා.

නිදි මරන අම්මලා ගැනයි ‌මේ සටහන

අපේ ජීවිතය අවශ්‍ය පරිදි ගලා න‌ොයන විට ඉස්සර සමහර නාට්‍ය කොටස් නොනවත්වා බලපු අතීතය මතක් වෙනවා.
 
අපි රැකියාව අවසන් කර නිවසට පැමිණි විට දෙගුණයක්  රාත්‍රී භෝජන සකස් කිරීමට  කරදර වෙන්නේ නැහැ. මහත් වරදකාරි හැඟීමක් ඇති  වෙන්නෙත් නැහැ  (ඔබේ හේතුව තෝරන්න).
 
ඒ වෙනුවට, අපට කෑමට අවශ්‍ය ඕනෑම කඩචෝරූවක් ඇණවුම් කර එය සෝපාව මත තබාගන්නවා.
අපට නැරඹීමට අවශ්‍ය ඕනෑම ඵලක් නැති දේවල් නරඹනවා. අම්මලා වෙහෙසට වී සිටින විට රාත්‍රියේ අවදිව සිටිනවා. ඒ නිසා ඔවුන්ට හිතන්න වගේම සමහර වේලාවට කණගාටු වෙන්නත් ඉඩ තියෙනවා.
 
රාත්‍රී කාලය නිසසලයි. ලොවම නිදා සිටින රාත්‍රියේ හිතන්න හා සැලසුම් කරන්න  අපට මානසික නිදහසක් ලැබෙනවා. අප ශාරීරිකව වෙහෙසට පත් වී නමුත් අපගේ මනස බොහෝ විට මැදියම් රැයෙන් පසු ජීවිතය සකස් කිරීමට පටන් ගන්නවා.
 
අපගේ යහපත් සිතුවිලි කිහිපයක් එහිදි අපි කල්පනා කරනවා. ඊළඟ දිනය, සතිය පවා නිවැරදිව සැලසුම් කිරීමත් එවිට කරන්න පුළුවන්. 
 
බබාලාගේ ලන්ච් එක වර්ග කලාද?  ඔවුන් පාසැලේ දුන් ගෙදර වැඩ කළාද?   මම හෙටට ඇතිවෙන්න කිරි දෙව්වාද?  මගේ presentation එකට මා සූදානම්ද?  රෙදි මැද්දාද? මේ ඔක්කොම පරීක්ෂා කරන්න. 
 
තවත් විටෙක, අපගේ ශරීර තවමත් අවදියෙන් හා වෙහෙසට පත්ව සිටින විට පවා අපගේ මනස විවේක ගන්නවා. අපි මතකයෙන් ඇතැම් සුන්දර මතකයන් අතර සැරිසරනවා. නැතහොත් අපගේ කාර්යබහුල මනස යම් මොහොතක හිස්ව තබනවා.
 
නැතහොත්, අප ජීවත් වන මේ ලෝකය ගැනත්, අපේ දරුවන්ට එහි ආරක්ෂිතව සිටිය හැකි ආකාරය ගැනත් අපි සිතනවා. කුඩා දරුවන් අපෙන් ‍යැපෙන්නේ නැති අනාගතයකට අපි අපේ මනස යොමු කරනවා. අපි නැති කාලෙක ඔවුන් හොඳින් සිටීවිද?  
 
ඔවුන්ට සතුට, ආදරය හා ඔවුන්ට ලැබිය යුතු සෙනෙහස ලැබේවිද? කියා අපි කල්පනා කරනවා.

අම්මලා වෙහෙසට පත් වු විට රාත්‍රියේ අවදිව සිටිනවා.

කණගාටු වෙන නිසාත් නිදා සිටින තම දරුවන්ගේ සුන්දරත්වය දෙස බැලීමට ඔවුන්ට පුළුවන් නිසාත් ඔවුන් එසේ කරනවා.
 
දවල් දවසේදී මගේ දරුවන් එක්ක මට තරහා  ගිය අවස්ථා ගොඩාක් තිබුනා. ඒත් ගැඹුරු  නින්දේ ඉන්න ඒ අහිංසක මූණූ දැක්කාහම මට තරහා යෑම ගැන ලැජ්ජාවක් එක්ක වරදකාරි හැඟීමක් දැනුනා. සමහර විට ඒ නිදා සිටින දරුවන්ගේ පෙනුම ගොඩාක් හුරුබුහුටි හා සුන්දර නිසා වෙන්න පුළුවන්.
 
ඔවුන් තුලින් අහිංසකත්වය විදාහලනවා. මම නිදා සිටින මගේ පුංචි පැටව් ලඟින් වාඩිවෙනවා.
මම ඔවුන් ගෙන් සමාව ඉල්ලනවා ඊළඟ වතාවේ මම වඩාත් ඉවසිලිවන්තව වෙන්න හිතාගන්නවා.
මම දන්නවා අනිත් අම්මලාත් මෙහෙම  කරනවා.
 
නැතිනම් අප අවදිව, වෙහෙසට පත්ව සිටියත්, අප විසින් නිර්මාණය කල මේ පරිපූර්ණ ලස්සන පුංචි මිනිසුන් ගැන මවිත ව‌ෙනව‌ා න‌ේද?
 
අපි ඔවුන්ට මෘදු හාදුවක් ලබා දෙනවා. ඔවුන් සිහිනෙන් ලබාදෙන හිනාවන් පිලිගනිමින්  ආදරය ඔවුන්ගේ කන්වලට මුමුණනමු.

නිදි මරන අම්මලා ගැනයි ‌මේ සටහන

ඔබේ ලෙඩ වු දරුවා රැක බලාගන්න ඔබ රැයක් පුරා අවදියෙන්.
ඔබේ දරුවාගේ කුස පුරවන්න ඔබ රැයක් පුරා අවදියෙන්.
ඔබගේ දරුවා ලයේ හොවා නිදි කරවන්න ඔබ රැයක් පුරා අවදියෙන්.
ඔබේ දරුවාගේ හුස්ම වැටෙනවාද බලන්න ඔබ රැයක් පුරා අවදියෙන්.
ඔබේ සැමියා රෑ වැඩ නිම වී එන්තුරු ඔබ රැයක් පුරා අවදියෙන්.
ඈත රටක ඉන්න ඔබේ නැගනිය අමතන්න ඔබ රැයක් පුරා අවදියෙන්.
ඔබේ දරුවාගේ හෙට තියෙන උපන්දින සාදයට කේක් එකක් හදන්න ඔබ රැයක් පුරා අවදියෙන්.
 
කෝපී කෝප්පය තවම උණුසුම් නමුත් එය නිදහසේ බොන්න ඔබ රැයක් පුරා අවදියෙන්. ඔබ වෙනුවෙන් ඔබ රැයක් පුරා අවදියෙන්.
 
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
 
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
 
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ලොවම නිදන මේ රාත්‍රියේ මම අවදියෙන්
බෙදාගන්න :
  • මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

    මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

  • මව්වරුන් කිසිවිටෙකවත් අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන් හා බෙදා නොගත යුතු දේවල් 5ක්

    මව්වරුන් කිසිවිටෙකවත් අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන් හා බෙදා නොගත යුතු දේවල් 5ක්

  • මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

    මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

  • මව්වරුන් කිසිවිටෙකවත් අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන් හා බෙදා නොගත යුතු දේවල් 5ක්

    මව්වරුන් කිසිවිටෙකවත් අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන් හා බෙදා නොගත යුතු දේවල් 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it