theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

STEM ක්‍රමය යනු පැරණි කතාවක්, ඔබ STEAM ඉගෙනීම ගැන අසා තිබේද?

4 අවම කියවීම
STEM ක්‍රමය යනු පැරණි කතාවක්, ඔබ STEAM ඉගෙනීම ගැන අසා තිබේද?STEM ක්‍රමය යනු පැරණි කතාවක්, ඔබ STEAM ඉගෙනීම ගැන අසා තිබේද?

දරුවකුගේ පෞරුෂය, විවිධ අංශ වල කුසලතා මෙන්ම ප්‍රායෝඔගික දැනුම වර්ධනය කරන STEAM ක්‍රමය අනුගමනය කර දරුවාට ඉගැන්ව, ඔහු/ඇය පරිපූර්ණ කළ හැකිය.

පසුගිය වසර කිහිපය තුළ, ඔබ බොහෝ විට STEM ක්‍රමය ගැන බොහෝ දේ අසා ඇති.  නමුත් මෙතැන් සිට, ඔබ STEAM ක්‍රමය ඉගෙනීම ගැන තවත් බොහෝ දේ අසනු ඇත.

ඔව්, STEAM – ඔබ කියෙව්වා නිවැරදියි. එය යතුරු ලියන දෝෂයක් නොවේ! ඉතින් මොකද්ද මේ STEAM කියන්නේ? මෙය වටා ඇති උපකල්පනය කුමක්ද?

STEM ක්‍රමය ට පුංචිම පුංචි කාලයේ පටන් දරුවා යොමු කල හැකි බව බොහෝ දෙමාපියන් දන්නේ නැහැ. STEM යනු Science, Technology, Engineering and Maths, නොහොත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය, යන විෂයයන් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම යන සංකල්ප මත පදනම් වූ විෂය මාලාවකි.

STEM ක්‍රමය යනු පැරණි කතාවක්, ඔබ STEAM ඉගෙනීම ගැන අසා තිබේද?

STEAM ක්‍රමය අනුව ඉගෙනීම යනු කුමක්ද සහ එය වැදගත් වන්නේ ඇයි?

STEAM, (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිතය) (Science, Technology, Engineering, Arts and Mathematics)  කලාව (Arts) එකතු කිරීමත් සමඟ STEM ඉගෙනීමේ පදනම ඊළඟ මට්ටමට ගෙන ගොස් තිබෙනවා. මෙම විෂයයන් පහ අපගේ එදිනෙදා ජීවිතයේදී බහුලව භාවිතා වන අතර STEAM ආශ්‍රිත රැකියා සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. මේ නිසා මෙම ආකාරයේ ඉගෙනීම වැදගත් වනවා.

කලාව හා විද්‍යාව අතර දෘඪ ද්විභාෂාවක් නැතහොත් අහසයි පොළවයි වාගේ පැවතුනේ ගොඩක් ඉස්සර. මෙය තවදුරටත් එක් අංශයක නිපුණතාවය ගැන නොවෙයි; එය සර්ව සම්පූර්ණ හා ගතික පුද්ගලයකු බිහි කිරීම ගැනයි.

අධ්‍යාපනය සහ ඉගෙනී කියන්නේ එහි කේන්ද්‍රය්ථානය තුළ ගතික ඉගෙනුම් හා නිර්මාණශීලිත්වය කැටි වුණු සංකීර්ණ මකුළු දැළක් වැන්නකි. ක්‍රියාකාරී හා ක්‍රියාශීලී ඉගෙනීම යනු ලෝකය වෙනස් වී ඇති දිශාව වන අතර STEAM මේ සඳහා මග සලසයි.

නිර්මාණශීලිත්වය සහ විවේචනාත්මක චින්තනය වර්ධනය කර ගැනීම සඳහා කලාව STEM සම්පුර්ණ කරන අතර ප්‍රතිඵල අත්කර ගැනීමටත්, ගණනය කළ හැකි අවදානම් ගැනීමටත්, අත්දැකීම් සහිත ඉගෙනීමේ නිරත වීමටත්, අභියෝග ජය ගැනීමටත්, වෙනස්කම් හා සහයෝගීතාවයන් වැලඳ ගැනීමටත් මින් සිසුන්ට හැකි වේ. 21 වන සියවසේ ආර්ථිකයේ නායකයින්, නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින් වීමට ලෝකයට එවැනි දක්ෂ තරුණ තරුණියන් අවශ්‍ය වේ.

අස්ථාවර හා අවිනිශ්චිත ලෝකයකට මුහුණ දීමට සහ තවමත් නොපවතින රැකියා සඳහා අපි අපේ දරුවන් පුහුණු කරමු.

තවද, ඔබේ දරුවාට STEAM ඉගෙනීම හඳුන්වාදීම ආරම්භ කිරීමට කලින් වැඩියි කියා දෙයක් නැහැ. මන්දයත්, කුඩාම අවදියේ පටන්ම STEAM පිළිබඳ සෑම අංශයක්ම ඔබේ දරුවාට එදිනෙදා අභියෝග ජය ගැනීමට සහ ඉදිරියට යාමට උපකාර වන බැවිනි.

STEM ක්‍රමය යනු පැරණි කතාවක්, ඔබ STEAM ඉගෙනීම ගැන අසා තිබේද?

STEAM ක්‍රමය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම්

සමහර විට, දරුවන් ඔවුන්ගේ ලෝකය තුළ සැරිසැරීම, ගවේෂණය කිරීම, සෙල්ලම් කිරීම සහ දිනපතාම අලුත් දේවල් අත්හදා බැලීමේදී STEAM ස්වභාවිකවම සිදුවන අවස්තා එමටයි.

එනිසා, STEAM ක්‍රියාකාරකම් සැබවින්ම ෆ්ලෑෂ් කාඩ්  හෝ වෙනත් විශේෂ ක්‍රමවේද තුළින් ඉගෙනීම ගැන නොවේ. එය හැඩතල පරීක්ෂා කිරීම, දේවල් ගොඩනඟා ගැනීම, භූමිකාව රඟ දැක්වීම, ස්පර්ශ කිරීම, හැඟීම, විමර්ශනය කිරීම සහ අත්දැකීම වැනි ක්‍රියාකාරකම් කිරීමට ඔවුන්ව යොමු කිරීමයි. මූලික වශයෙන්, දරුවන්ට ඔවුන්ගේ ලෝකය ගවේෂණය කිරීමට, අත්දැකීම් සහ සොයාගැනීම් තුළින් ඉගෙන ගැනීමට, අදහස් සහ සංකල්ප පරීක්ෂා කිරීමට සහ ඇත්ත වශයෙන්ම තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව නිර්මාණය කිරීමයි!

STEAM ක්‍රමය

පෙර පාසල් STEAM ඉගෙනුම් උළෙල

සිංගප්පූරුවේ පැවැත්වෙන පෙර පාසල් STEAM ඉගෙනුම් උළෙල

මේ සියල්ලෙන් ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි ඔබට හරියටම විශ්වාස නැත්නම්, ආරම්භ කිරීමට හොඳ ස්ථානයක් වන්නේ ආරම්භක පෙරපාසල් STEAM ඉගෙනුම් උළෙලක් තුළිනුයි. සිංගප්පූරුවේ මෙවන් උත්සවයක් පෙර පාසැල් වල පැවැත්වෙනවා. මෙම සිව් දින උත්සවය කුඩා දරුවන්, දෙමාපියන් සහ අධ්‍යාපනඥයින් සඳහා වනවා. KidsSTOP (විද්‍යා මධ්‍යස්ථානය සිංගප්පූරුව) සහ පෙර පාසල් වෙළඳපොල එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය මගින් STEAM අධ්‍යාපනය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම අරමුණු කර තිබෙනවා.

දින හතර තුළ (ජූලි 25 සිට 28 දක්වා) ඔබේ දරුවා විනෝදකාමී හා ආකර්ෂණීය ආකාරයකින් STEAM අධ්‍යාපනයට නිරාවරණය වනු ඇත. ළමයින්ට ඔවුන්ගේ සංවේදීතාවන් හා අත්දැකීම් සහිත සෙල්ලම් තුළින් ගවේෂණය කිරීමට අවස්ථාව ලැබේ. දෙමව්පියන්ට STEAM සහයෝගී ගවේෂණය පිළිබඳ ඔවුන්ගේ දැනුම පුළුල් කළ හැකි අතර, ගැටලු මත පදනම් වූ ඉගෙනීම් සහ ළමයින් විසින් ඉගෙන ගන්නා ස්ථාන පදනම් කරගත් ඉගෙනීම් වලට නිරාවරණය විය හැකිය.

ඔබේ දරුවාට STEAM ඉගෙනීම හඳුන්වා දීමට මෙන්ම ප්‍රදර්ශනාගාරයේ කොටසක් වන පෙර පාසල් වලින් ඔබගේ සමහර ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා ගැනීමට මෙය හොඳ අවස්ථාවක් වන අතර, සියලුම සහභාගිවන්නන් සඳහා STEAM වැඩමුළු රාශියක් සහ වෙනස් කරන්නන්ගේ සංක්ෂිප්ත කතා මුල් ළමාවිය කර්මාන්තය.

මතක තබා ගන්න, ඔබේ දරුවන් කිසි විටෙකත් අනාගතය සෑදී ඇති දේට නිරාවරණය වීමට පුංචි වැඩි නැහැ. STEAM ඉගෙනීම නියත වශයෙන්ම අධ්‍යාපනය කරා යන දිශාවයි. එබැවින් ඒවා හැකි ඉක්මණින් ආරම්භ කිරීම වඩා හොඳය.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය – නිලූෆ පෙරේරා

මුල් රචනය: Nasreen Majeed

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
 
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • STEM ක්‍රමය යනු පැරණි කතාවක්, ඔබ STEAM ඉගෙනීම ගැන අසා තිබේද?
බෙදාගන්න :
  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

  • පුංචිම කාලේ පටන් STEM ක්‍රමය අනුව දරුවාගේ අධ්‍යාපනය ගොඩනගන්න ඉවහල් වන කරුණු කිහිපයක්

    පුංචිම කාලේ පටන් STEM ක්‍රමය අනුව දරුවාගේ අධ්‍යාපනය ගොඩනගන්න ඉවහල් වන කරුණු කිහිපයක්

  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

  • පුංචිම කාලේ පටන් STEM ක්‍රමය අනුව දරුවාගේ අධ්‍යාපනය ගොඩනගන්න ඉවහල් වන කරුණු කිහිපයක්

    පුංචිම කාලේ පටන් STEM ක්‍රමය අනුව දරුවාගේ අධ්‍යාපනය ගොඩනගන්න ඉවහල් වන කරුණු කිහිපයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it