theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු ප්‍රසූතියෙන් පසු උදරය නෙරා ඒම වළක්වාගනිමු

3 අවම කියවීම
දරු ප්‍රසූතියෙන් පසු උදරය නෙරා ඒම වළක්වාගනිමුදරු ප්‍රසූතියෙන් පසු උදරය නෙරා ඒම වළක්වාගනිමු

දරු ප්‍රසුතියෛන් පසු උදරය නෙරා ඒම වළක්වා ගැනීමට ‌මේ උපදෙස් පිළිපදින්න.

දරු ප්‍රසූතියෙන් පසු උදරය නෙරා ඒම දැන ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් නේද?

ඒ සදහා එක එක්කෙනා කියන එක එක දේවල් අහලා  ඔබ ඒවා කරලා බලලත් ඇති.

මේ ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හේවා මහතා‌ ඒ ගැන අපිට උපදෙස් ලබා දෙන ලිපියකි. 

ගැබිනි මවක් වූ විට උදරයේ පේශි ඇදීමකට ලක් වෙනවා.

ඒකට හේතුවක් වන්නෙ දරුවා වැඩෙද්දී දරුවාගේ අවශ්‍ය ප්‍රමාණයට ගර්භාෂයේ ඉඩ වැඩි වීමයි.

එහිදී උදර බිත්තියේ පේශි හා පටක ඇදීමක් ඈත් වීමක් වනවා.

කාන්තාවකට ඇති දරුවන් ගනන වැඩි වනවිට එම උදර බිත්තියේ පේශි හා පටක වැඩි වශයෙන් ඇදීමට ලක්වීම නිසා උදරය පහලට නෙරා ඒමක් හා රේකාවන් පිහිටීමක් සිදුවෙනවා.
ඒ වගේම නිවුන් දරුවන් ලැබුන මවක්නම් එම පේශි හා පටක ඇදීමට ලක්වීම වැඩිවන නිසා ප්‍රසූතියට පසු උදරය විශාල වෙන්න පුළුවන්.

දරුවා විශාල වීම නිසාත් මෙම තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.

මේ වගේ අය තටමන අවස්තාවකදීත් කහින විටදීත් උදරයේ පේශි ඇදීමකට ලක්වී බුරුල් වීම නිසා උදරය ඉදිරියට නෙරාඒම වැඩිවනවා.

ඒ වගේම උදරය විශාල වීමා උදරයේ මේදය තැන්පත්ව තිබීම විශේෂයෙන් බලපාන තත්ත්වයක්.

ඒ වගේම පෙකනිය අවට හර්නියා වැනි තත්ත්වයක් නිසා මෙහෙම වෙන්න පුළුවන්.

මේ නිසා තමන්ගේ රූපය පිලිබඳව සිතන ඔබ මේ පිලිබඳව මුල සිටම අවදානයෙන් සිටීම වැදගත් වනවා.

ගර්භනී ඔබ දරු ප්‍රසූතියෙන් පසු උදරය නෙරා ඒම සදහා සූදානම් වෙන්න ඕන කොහොමද ?

දරු ප්‍රසූතියෙන් පසු උදරය නෙරා ඒම වළක්වාගනිමු

ගැබිනි වීමට පෙර සිටම ඔබේ සිරුරේ බර අවශ්‍ය ප්‍රමාණට පවත්වා ගැනීම ඉතා වැදගත්.

තෙල් සහිත ආහාර වැඩියෙන්ආහාරයට ගන්නා අය තෙල් කෑම අඩුකර සාමාන්‍ය පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගන්න.

ඒ වගේම වැඩියෙන් පිටි සහිත ආහාර ගන්නා අයද පිටි කෑම අඩුරගැනීම වැදගත්.

විශේෂයෙන් ගැබිනි මවක් වූ විට සාමාන්‍ය සමබර ආහාර වේලක් ලබාගැනීම ප්‍රමානවත්.

එසේ නොමැතිව පිෂ්ඨය හා මේදය පිරි ආහාර වැඩිපුර ගැනීමෙන් සිදුවන්නෙ ඔබේ උදරය තුල මේදය තැන්පත්වී ප්‍රසූතියට පසු ඔබේ උදරය වැඩිවීමයි.

එම නිසා ගර්භනී සමයේ පෝෂණය අවශ්‍ය ප්‍රමාණයට පමනක් ගෙන අනවශ්‍ය ලෙස ලොකු ආහාර ලබාගැනීමට යාමෙන් මෙම තත්ත්වයට ඔබට මුහුණ දීමට සිදු වේ.

දරු ප්‍රසූතියෙන් පසු උදරය නෙරා ඒම සදහා ව්‍යායාම වල බලපෑම

සිසේරියන් සැත්කම

ගැබිනි මවක් විවිධ ව්‍යායාම වල නිරතවීම දරුවාගේ වර්ධනයට බෙහෙවින් බලපානවා.

මෙම කාලය තුල පවුල් සෞඛ්‍යය නිලධාරී තුමියගේ ඔබ චැනල් කර ඇති වෛද්‍යවරයා‌ෙගේ උපදෙස් මත ඔබට අවශ්‍ය ව්‍යායාම වල නිරත වන්න.

සැ : යු : කිසිම විටෙක තවත් කෙනෙක් කියූ පලියට ඔබට නොගැලපෙන ව්‍යායාම වල නිරතවීම නොකලයුතුයි.

අනිවාර්යයෙන් ව්‍යායාම පිලිබඳව පවුල් සෞඛ්‍යය නිලධාරී තුමියගෙන් උපදෙස් ලබාගන්න.

එම ව්‍යායාම ඔබට හතිවැටෙන තුරු කරන්න එපා සාමාන්‍යයෙන් ඇවිදීම , පිහිනීම වැනි ව්‍යායාම මගින් ඔබේ අනවශ්‍ය මේද තැන්පත්වීම පාලනය කරන්න පුළුවන්.

දරු ප්‍රසූතියකට පසු ඔබ පිලිපැදියයුතු ‌දේවල්

ස්ට්‍රෙච් මාර්ක්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දරුවා ලැබුණු පසු උදරය නෙරා ඒම අවම කිරීමට ව්‍යායාම කිරීම හා ඔබට අවශ්‍ය පමනට පෝෂණය ලබාගෙන අනවශ්‍ය ලෙස තෙල් නා පිටි ආශ්‍රිත ආහාර ලබාගැනීම සුදුසු නැහැ.

ඒ වගේම උපතින්ම උදරය පේශි ශක්තිය අඩු අය ඉන්නවා එහෙම අයගේ උදරය ඉක්මනින් ඉදිරියට එන්න පුළුවන්.

ඔබට දහඩිය දමන ව්‍යායාම වල මේ කාලය තුල නිරතවීම වැදගත්.

බෙල්ට් දැමීම වෛද්‍යවරයකුගේ උපදෙස් මත පමනක් කරන්න ඔබේ උදරයේ ස්වභාවය අනුව ඔබට ගැලපෙන ක්‍රමයන් භාවිතා කරන්න පුළුවන්.

මාර්ක් අඩු වීම සදහා විවිධ ඖෂධ වර්ග ක්‍රීම් වර්ග තිබෙනවා නමුත් වෛද්‍යවරයකු මගින් ඔබේ උදරය පරීක්ෂා කිරීමකින් තොරව ඖෂධ හා ක්‍රීම් වර්ග භාවිතය සුදුසු නැහැ එම නිසා මා එම වර්ග මෙහි සදහන් කරන්නෙ නැහැ.

ඔබේ ආහාර රටාවා මගින් හා ව්‍යායාම මගින් ඔබට පිරිපුන් අලන්කාර සිරුරක හිමිකාරියක් වන්නට පුළුවන්.

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට පිවිසෙන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරු ප්‍රසූතියෙන් පසු උදරය නෙරා ඒම වළක්වාගනිමු
බෙදාගන්න :
  • How To Reduce Belly Fat: 7 Scientifically Proven Ways

    How To Reduce Belly Fat: 7 Scientifically Proven Ways

  • බඩ අඩු කර ගැනීම සදහා විද්‍යාත්මකව තහවුරු කළ  ක්‍රම 7 ක්

    බඩ අඩු කර ගැනීම සදහා විද්‍යාත්මකව තහවුරු කළ  ක්‍රම 7 ක්

  • How To Reduce Belly Fat: 7 Scientifically Proven Ways

    How To Reduce Belly Fat: 7 Scientifically Proven Ways

  • බඩ අඩු කර ගැනීම සදහා විද්‍යාත්මකව තහවුරු කළ  ක්‍රම 7 ක්

    බඩ අඩු කර ගැනීම සදහා විද්‍යාත්මකව තහවුරු කළ  ක්‍රම 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it