theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවා නිතරම අන් අයට ගහනවද? ප්‍රචණ්ඩකාරී ගති පෙන්වනවාද? එහෙනම් මේ ගැනත් හිතන්න.

4 අවම කියවීම
දරුවා නිතරම අන් අයට ගහනවද? ප්‍රචණ්ඩකාරී ගති පෙන්වනවාද? එහෙනම් මේ ගැනත් හිතන්න.දරුවා නිතරම අන් අයට ගහනවද? ප්‍රචණ්ඩකාරී ගති පෙන්වනවාද? එහෙනම් මේ ගැනත් හිතන්න.

නිතර ගහන සහ ගහගන්න සිඟිත්තන් මෙහෙය වන්නේ කොහොමද? ඔබ නොකළ යුතුම ක්‍රියා කිහිපයක්.

නිතර අනිත් අයට ගහන්න හදන,  ප්‍රචණ්ඩකාරී දරුවන් හට ‘එපා’ කියනවා කියන්නේ වෙලාවකට කුළුහරකෙක් ආම්බන් කරනවා වගේ කියල ඔබට හිතෙන්න පුළුවන්. මෙවැනි දරුවෙකු මෙල්ල කරන්න ඔබට මේ කරුණු උපයෝගී වෙන්න පුළුවන්.

මේ ලිපිය කියවන ඔබේ දරුවත් එවැනි දරුවෙක් වෙන්න පුළුවන්. එහෙනම් මේ කරුණු ඔබේ දරුවාව හොඳ මගට ගන්න උදවු වෙනවා.

ප්‍රචණ්ඩකාරී දරුවන් ගහගන්නේ ඇයි?

සිඟිත්තන් කියන්නේ හැමදේම අලුතෙන් ඉගෙන ගන්න අයයි. සමහර විටක ගහගන්නවා කියන එක පළමු වාර කිහිපයේදී ඔහුට පරීක්ෂණයක් වෙන්න පුළුවන්. ඔවුන්ට දැනගන්න ඕනේ මේ සමගම ඊට ඔබේ ප්‍රතිචාරය කොහොමද කියලයි. සමහර විටෙක එය ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමක් ද විය හැකියි.

නොකළ යුත්තේ මොනවද?

දරුවන් ගහගන්න හදන කොටම නිරායාසයෙන් අප තුළින් පිටතට එන දෙයක් “ගහගන්න එපා" කියන එක සහ එය දරුවන්ට මතක් කර දීම. නමුත් මෙය එතරම් ප්‍රතිචාර ලැබෙන පිළියමක් ලෙස බොහෝ විට පෙනෙන්නේ නැහැ.

ඔවුන්ගේ කෑගැසීම් හා ඔහු විසින් එය පරීක්ෂණයට ලක් කරන අතර ඊට වැඩිහිටියන් ගේ  ප්‍රතිචාරය වැඩිවීමක් පමණක් සිදුවෙනවා.

නමුත් එය එතරම් ලොකු දෙයක් ලෙස ගණන් නොගෙන “ගහගන්න එපා එතකොට රිදෙනවා” වැනි ප්‍රතිචාරයන් දෙනවා නම් එය සෑහෙනවා.

වඩාත් සංවේදී දරුවෙකු නම් තව දුරටත් ඔහු මේ ගැන පැහැදිළිව සිතන්න නොයන්නේ ඒ වන විටත් ඔහුගේ සිත මේ දැඩි හැඟීම් වලින් වැසී ඇති නිසයි. හුඟක් කේන්ති ගිය කුළුහරකෙකුට කෑගැහුවා කියලා වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

දරුවා ගහනවා

ප්‍රචණ්ඩකාරී දරුවන් හසුරවන්නේ කෙසේද?

ඔබ හැකි තරම් ඔබට පහර දෙද්දී ඉන් මිදෙන්නට උත්සහ කරන්න. ඔහුට නොරිදෙන ලෙස එහෙත් ස්ථීර ලෙස ඔහුගේ අතින් අල්ලාගෙන ඔහුගේ අවධානය වෙනතකට යොමු කල හැකි තැනකට යන්න. මේ සමග ඔබේ ප්‍රතිචාරය විය යුත්තේ දරුවාව ඔබට දැනෙන බව ඇඟවිමයි: “අම්මට පේනවා පුතාට හුඟක් තරහා ගිහින් කියලා”.

දරුවා ඔහුව තේරුම් ගත් බව තේරුම් ගැනීමත් සමග පමණක් ඔහු ඔහුගේ ප්‍රකාශනය අත හරින්න ඉඩ තියෙනවා. මන්ද ගැසීමත් එක්තරා අයුරක සන්නිවේදන ක්‍රමයක් නිසයි. ඉතින් දරුවාගේ සිතුවිලි හඳුනාගෙන ඔහු කියාගන්න බැරුව කරන හැසිරීම් වටහා ගන්න.

ඔයාට චොක්ලට් තව දෙන්නේ නැති නිසා හුඟක් කේන්ති ගිහිල්ලා. මම එහෙම කිවුවම පුතා හරියට කලබල වෙලා. ඒකද මට ගහන්නේ. හැඟීම් හරිම පුද්ගලිකයි. ඔබට දුකක් දැනීම අනෙක් කෙනාට එතරම් බලපෑමක් නොවන්න පුළුවන්. එත් ඒකෙන් කියන්නේ ඔබ දුක් විය යුතු නැහැ කියන එක නෙමෙයි.

නමුත් ඊට වඩා ඔබේ සිතුවිලි විනිශ්චයන් නොකර ඔබේ කතා අහන්න හා එහි වැදගත්කම තේරුම් ගන්න කෙනෙක් හිටියොත් ඔබට දැනෙන සැනසිලිදායක බව වැඩියි නේද? ඉතින් පුංචි දරුවන්ටත් හැඟෙන්නේ අන්න ඒ විදිහටමයි. දරුවට ඇහුන්කන් දෙන්න. ඔබ ඔහුව අල්ලගෙනම ඔහුට අඬන්න දෙන්න.

වෙනත් විකල්ප මොනවද?

ප්‍රචණ්ඩකාරී දරුවන්ගේ කේන්තිය සංසිඳුනාට පසුව ඔබට ඔහුට හෙමිහිට කතා කරන්න පුළුවන්. “ඊළඟ සැරේ ඔයාට කේන්ති ගියාම ගහන්න නම් බැහැ. මොකද ගහනකොට හුඟක් රිදෙනවා. ඔයාට ඒක පුහුණු වෙන්න පුළුවන්. ඔයාට කියන්න පුළුවන් එදා ඔයා කොච්චර කෙන්තියෙන් ද, ඒ ඇයි කියලා?” ඊට පස්සේ මේ කරුණු ඔහු ඉදිරියේ ඔහුට පෙන්වන්න.

  • කොට්ටයකට හැකි තරම් ගහන්න.
  • හැකි තරම් හයියෙන් කෑගහන්න.
  • තමන් කැමති බව වචනයෙන්ම කියන්න. “මට හරි කේන්තියි”.

ඔහුගේ අත ක්‍රියාත්මක වෙන වේගය මෘදු කිරීමට ඔහුගේ අත අල්වාගෙන ඔබේ මුහුණට දැඩි නොවන ලෙස ගසා පෙන්වන්න. මවක වන මරියෙල් උයික්ජින්තෝ පවසන ආකාරයට මම දැන් හොඳයි. නෑ මම දැන් හරි හොඳයි ආදී වශයෙන් තාලයකට ඔහුට ඇහෙන්න කියන්න. එය ඔහුගේ කේන්තිය පාලනය කරන්න පුලුවන්.

තවදුරටත් ශක්තිමත් කල යුත්තේ කොයි අවස්ථාවේදී ද?

දිගින් දිගටම මෙය පවත්වා ගෙන යාම වැදගත්. මේ මගින් දරුවන් තමන්ගේ ක්‍රියාකාරිත්වයේ පැවැත්ම හා ක්‍රමය තේරුම් ගන්නවා. ඔවුන් සෙල්ලම් කරන විට හා යමක් නරඹන විට පහර දෙන දර්ශන දකින විට එය නරක දෙයක් බව ඔවුන් ඉගෙන ගන්නවා.

“අර බබා එයාගේ යාළුවට ගැහුවේ එයා නරක නිසයි”. අපි එවිට ගැසීම නරක දෙයක් බවත් එය වේදනාකාරී බවත් ඔහුට කිව යුතුයි. “එපා එපා එයාට ගහන්න එපා” ඔහු එවැනි ජවනිකාවක් නරඹමින්ම ප්‍රතිචාර දැක්වීම ඔබව පුදුමයට පත් කරාවි. එය ඔහු තුලින් ම පිට වෙද්දී, අවේගයකදී ගැසීම නුසුදුසු බව හා එය පාලනය කල යුතු බවට ඉඟියක් දරුවට දෙන්න.

දරුවන්ගේ හැසිරිම් දෙමාපියන් වගේම දරුවනුත් අසරණ කරනවා. ඒ නිසා අපි අවේගශීලි නොවී ඔවුන්ව වටහා ගැනීම වටිනවා. ඔබේ හොඳම මිතුරිය  Asianparent ඔබ මුහුණ දෙන මේ ව්‍යාකුල අවස්ථාවන් හොඳින් වටහා ගන්නේ ඔබත් ඔබේ පවුලත් නිරන්තරයෙන් සතුටින් තබන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • හැසිරීම් රටාව
  • /
  • දරුවා නිතරම අන් අයට ගහනවද? ප්‍රචණ්ඩකාරී ගති පෙන්වනවාද? එහෙනම් මේ ගැනත් හිතන්න.
බෙදාගන්න :
  • දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

    දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

  • ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

    ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

  • දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

    දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

  • ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

    ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it