theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අඩන බබා නලවගන්න හොදම ක්‍රම 14ක්, අම්මලාගෙන්ම ඔබ වෙත

4 අවම කියවීම
අඩන බබා නලවගන්න හොදම ක්‍රම 14ක්, අම්මලාගෙන්ම ඔබ වෙතඅඩන බබා නලවගන්න හොදම ක්‍රම 14ක්, අම්මලාගෙන්ම ඔබ වෙත

පුංචි බබා අඩන එක අම්මාටත් පීඩනයටත් එහා ගිය වේදනාකාරී හැගීමක් , අඩන බබා නලවගන්න හොදම විදියක් අම්මලා හොයන්නේ, අත් හදාබලන්නේ අන්න ඒ නිසයි.

අඩන බබා නලවගන්න අම්මලා දාහතර දෙනෙක් උපක්‍රම ඔබ හා බෙදාගෙන තියෙනවා. මින් කුමන ක්‍රමය ඔබේ දරුවාට වඩාත් ගැලපේද?

දෙමාපියනි, අපි එයට මුහුණ දෙමු. ඔබ කැමති වුනත් අකමැති වුනත් පුංචි දරුවෝ අඩනවා. නරකම දෙය තමයි ඔබේ පුංචි පැටියා අඬන හේතුව පිළිබඳව නොදැනුවත්කම. ඔබේ පුංචි පැටියාට බඩගිනියිද? වෙහෙසයිද? තරහා ගිහින්ද? දත් එනවාද? ඩයිපර් එක මාරු කරන්න අවශ්‍ය වේලාද?

අවාසනාවකට සෑම දරුවෙක්ම එකිනෙකාට වෙනස් වෙනවා. දරුවන්ගේ හැඩීමට හරියටම හරි යන එක විසදුමක් නැහැ.  වාසනාවකට බ්ලොග් සයිට් එකක් හිමි Alex Richards නැමැති මව විසින් විවිධ මව්වරුන් 14 දෙනෙක්ගේ විවිධඅඩන බබා නලවගන්න හොදම ක්‍රම 14 ක් එකතු කර තියෙනවා.

විවිධ වෙනස් මුලාශ්‍ර ආශ්‍රයෙන්  ඔබ ඔබගේ හඩන දරුවා සනසන්න ගැලපෙන පිළියමක් ඔබ සොයනවා.    

අඩන බබා නලවගන්න යෝජිත ක්‍රම 

1. කකුලේ හරහාට තබා සෙලවීම 

එය ඔබේ තට්ටම් ප්‍රදේශයේ මාංශපේෂින්ට පමණක් නොව එය ඔබේ දරුවාටද සුදුසු වේ. ඔබේ දරුවා පපුවට එරෙහිව හරහට  තබා ගන්න. ඔබේ තට්ටම් ප්‍රදේශය සොලවමින්  දරුවාට නින්ද යන තුරු දෙපැත්තට සොලවන්න.

2. බබාගේ කකුල් පැද්දීම

ඔබේ දරුවා හැඩීමට හේතුව බඩ පිපීම වෙන්න පුළුවන්. ඔවුන්ගේ කකුල් බයිසිකල් පදින ආකාරයට පැදවීමෙන් කුස මත පීඩනයක් යෙදී ඒ තත්වය ඉවත්ව යයි.

3. යතුරු

දරුවන් සාමාන්‍යයෙන් එල්ලෙන දිලිසෙන ශබ්ද නිපදවන දේවල් වලින් විනෝදයට පත්වේ. ඔබේ දරුවාගේ අවධානය එල්ලෙන සෙල්ලක්කාර දේවල් වෙත යොමු කර ඒ මගින් ඔවුන්ගේ මනස සැහැල්ලු වේදැයි බලන්න.

4. නැවුම් වාතය 

ඔබ වගේම ඔබේ දරුවාත් එළියට ගෙන ගොස් නැවුම් වාතය ආශ්වාස කිරීමට ඉඩ දීමෙන් ප්‍රතිලාභ ලබයි. ඔබේ අඩන දරුවා ඉක්මනින්ම පිටතට අරගෙන ගොස් දර්ශනය වෙනස් කිරීමෙන් හෝ නැවුම් වාතයට නිරාවරණය කිරීමෙන් ඔවුන් සංසුන් වෙනවාදැයි බලන්න.

5.සංගීතය විහිදන සෙල්ලම් බඩු

මෘදු ,සැනසිල්ල දනවන සෙල්ලම් බඩු ඔබ සතුව තිබේනම්  ඔවුන්ට ගැලපෙන එකක් තිබේ නම් ඔබට ඔබේ අඩන දරුවා ඒවා සමග සෙල්ලම් කිරීමට යෙදවීමට ඔබට අවශ්‍ය වේවි.

6. සෙල්ලම් කරන ආරක්ෂිත පොරොනය

සෙල්ලම් බඩු සවිකල ආරක්ෂිත පොරෝනයේ සුරතල් වීමට සමහර දරුවන් කැමතියි.  ඔබ හිතනවා නම් ඔබේ දරුවාට උණුසුම අවශ්‍යයි කියා ඔවුන් කැමති උණුසුම් කරනය ලබාදෙන්න උත්සහ කරන්න.

7.රිද්මයකට පද්දන්න.

බොහෝ මව්වරුන් අඩන දරුවෙක් සනසන්න රිද්මයකට පැද්දවීම හොදම ක්‍රමයක් බව හදුනගෙන තියෙනවා. එය පහසු ලෙස පෙනුනත් මහන්සි විය යුතු හා පරීක්ෂා කල යුතු ක්‍රමයක් වේ.

8.අවධානය ගන්නා ශබ්ද

යතුරු වලින් වගේම  ඔවුන්ට කරදරකාරී දේවල් වලින් ඔවුන්ගේ අවධානය ගැනීම මෙහි අදහසයි. මුඛයෙන් කරන පුංචි ශබ්ද , හිනා උපදවන ශබ්ද කරන සෙල්ලම් බඩු උත්සාහ කරන්න. ඔවුන්ගේ අවධානය ගන්නා ඕනෑම එකක් උත්සහ කරන්න. එය ඔවුන් සංසුන් කිරීමට උපකාරී වේවි.

9.දීප්තිමත් ආලෝකය 

මෙහිදී ඔබ ප්‍රවණතාව බලාවි. යතුර, ශබ්ද මෙන්ම දීප්තිමත් ආලෝකය ඔබේ දරුවාගේ අවධානය ගනිවි. කාමරය ආලෝක කරන සෙලවෙන ආලෝකය ඔන් , ඔෆ් කිරීම මගින් ඔවුන් විනෝදයට පත්කරන්න.

10.ගීත ගායනය, නැටුම් 

දෙමව්පියෙක් වීමේ එක් සංධිස්ථානයක  ඔබට නටන්න, ගයන්න වෙනවා කියලා ඔබ දන්නවා. ඒ සදහා මෙය කාලය කර නොගන්නේ ඇයි? එය ඔබේ දරුවාගේ මුවට සිනාහවක් ලබාදීම හෝ සංසුන් කිරීම කරනවා.

11.සැහැල්ලු නැහැවීම

සමහර වේලාවට සංසුන් සැනසිලිදායක නැහැවීමක්  ඔබේ දරුවාට සැනසිල්ලක් අත්කර දෙනවා. ගලායන ජලයෙන් නැහැවීමක් ඔබේ දරුවාට ලබාදෙන්න උත්සහ කරන්න. පුංචි වතුර විහිදීමක් කර ඔවුන්ව සංසුන් කරන්න. එය වෙහෙස මහන්සිය නිවන අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයේ සතුටක්ද ලබාදේවි.

12. 5 "s" ක්‍රමය

Swaddle  හොදින් ඔතන්න

Side or Stomach පැත්තට හෝ මුණින් තබන්න

Shush මෘදු හෝ හුරුබුහුටි ශබ්ද

Swinging පද්දන්න

Suck පියයුරු, සුප්පුව හෝ ඇගිල්ල උරන්න දෙන්න

13. හොද විදියට අල්ලා ගැනීම

සමහර අම්මලා කියනවා දරුවන් නලවා ගන්න හොදම ක්‍රමය හොද විදියට අල්ලා ගැනීම කියලා , ඔබේ දරුවා කොතරම් ප්‍රීතිමත් වෙනවාද කියලා , නිර්දේශ කිහිපයක් ,

ෆුට්බෝල් හෝල්ඩ් -  ඔබේ අත දිගේ දරුවාගේ හිස පහලට සිටින සේ වැතිරෙන්න සලස්වා (කකුල් වැලමිටට තදවෙන්න තබා  ගනිමින් කුස මත පීඩනයක් ඇති කිරීම

පිටතට මුහුණලා තබාගැනීම -  එක අතක් උඩ දරුවා ඉන්දවා අනෙක් අතින් ආරක්ෂිතව අල්ලා ගෙන  ඔබේ දරුවාට එළිය ලෝකය බලන්න දෙන්න.

පපුව ලගින් තබාගැනීම - ඔබේ දරුවා ඔබේ පපුව මත ඔබේ හදවතට (කම්මුලට) ඉතා ලගින්  සිටින සේ ඔසවා ගන්න.

14. විවේකයක් ගන්න

සමහර විට ගැටළුව ඔවුන්ගේ නොව ඔබේ විය හැකිය. ඔබේ දරුවා තොටිල්ලේ මොහොතකට තබා ඔබ මානසිකව හා ශාරීරිකව සංසුන් වෙන්න උත්සහ කරන්න.

ඔබේ අඩන බබා නලවගන්න මේ අම්මලාගේ ඉගි ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • අඩන බබා නලවගන්න හොදම ක්‍රම 14ක්, අම්මලාගෙන්ම ඔබ වෙත
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it