රාත්‍රී නින්දේදී තවමත් නිතර නිතර කිරිබොන බබාගේ කිරිබීම නවත්වන්නේ කොහොමද?

හුඟක් බබාලා රෑ නින්ද අතරවාරයේ හුඟක් සැරයක් අවදිවී කිරි ඉල්ලනවා. ඔබ ඔබේ දරුවන්ට ගොඩක් ආදරේ වුනත් කාලයක් ගතවෙන කොට මෙය ඉතා වෙහෙසකර දෙයක් බවට පත්වෙනවා.

හැම දෙමපියෙකුටම රැය පුරා ලබන්න ලැබෙන මේ අත්දැකීම සුලබයි. හුඟක් බබාලා රෑ නින්ද අතරවාරයේ හුඟක් සැරයක් අවදිවී කිරි ඉල්ලනවා. ඔබ ඔබේ දරුවන්ට ගොඩක් ආදරේ වුනත් කාලයක් ගතවෙන කොට මෙය ඉතා වෙහෙසකර දෙයක් බවට පත්වෙනවා.

කොයි මොහොතේ හරි නින්දක් අපේක්ෂාවෙන් මගබලගෙන ඉන්නවා.

ඔබ දරුවාගේ කිරි වරීම සිදුකළ යුත්තේ කොයි කාලයේදීද?

මාස 4-6 දක්වා වන විට දරුවන්ට රැය අතරවාරයේ ආහාරයක් නැතිව දිගටම නිදාගන්න පුළුවන්. මෙහි වැදගත්ම වචනය “අවශ්‍යතාවය” යන්නයි. එය කෙතරම් අවශ්‍යද යන්න සොයා බැලිය යුතු වෙනවා. රාත්‍රී කාලයේ ආහාර ගැනීම අඩුකරන කාලයයි. බබාලත් වැඩිහිටියන් වගේමයි. ඔවුනුත් පුරුදු, හැසිරීම් වලට ඇබ්බැහි වෙනවා. සමහර බබාලා නම් ඔවුන් විසින්ම රාත්‍රී කිරි බීම නතර කරනවා. සමහරු කෑමටත්, සමහරු බඩ පුරවා ගන්න නෙමෙයි, සුවයට රෑ ඇහැරිලා අම්මගේ කිරි ඉල්ලනවා.   

රාත්‍රියේ මෙලෙස කිරි බොන බබාලගේ කිරි වරන්නේ කොහොමද?

එක දරුවෙකුට යොදාගන්න ක්‍රමය අනෙක් දරුවාට මෙහිදී සාර්ථක නොවන්න පුළුවන්. ඊට සුදුසුම ක්‍රමය වන්නේ මෙම ගැටළුව හඳුනාගෙන ඔවුන් අවදිවීමට හේතුව සොයා ගැනීමයි.

කුස පුරවගන්න

බබා නින්දට පෙර කිරි බෝතලයක් බොනවා නම් නින්දට යාමට ආසන්නයේම තවත් අමතර කිරි එකක් ලබා දෙන්න. අනෙක් ක්‍රමය වන්නේ නින්දට පෙර අමතර කෑමක් සීරියල් එකක් හෝ බත් වැනි ඝන ආහාරයක් ලබා දෙන්න. මේ නිසා උදෑසන වන තුරු ඔවුන්ගේ කුස පිරී තිබෙනවා.

අතර මද ඇහැරුණ විට කෑම දෙන්න එපා

දරුවා රෑ අතර මැද ඇහැරුණ විට කෑම දීම වෙනුවට මහපට ඇඟිල්ලෙන් නළල පිරිමදින්න. නැතිනම් පළවෙනි ඇඟිලි දෙක යොදාගන්න. නළල රවුමට හෝ දිග අතට පිරිමදින්න එය දරුවාට සහනයක් හා සුවයක් ලබාදෙනවා. නැතිනම් තොටිල්ලේ එළියට ගන්න උත්සාහ කරන්න.

වෙනත් අයෙකුට ඊට ඉදිරිපත් වෙන්නයි ඉල්ලන්න

කෑම හා කිරි පොවන විට දරුවන් කැමති අම්මා වටේ දැවටෙන්නයි. ඒ නිසා සැමියාට මේ අතරවාරයේ දරුවාට අවධානය ලබාදෙන්න පුළුවන්නම් හොඳයි.

ඔබ කන බොන දේ ගැන සැලකිලිමත් වෙන්න

ඔබ කැෆේන් අඩංගු කෑම බීම ගන්නා අයෙක් නම් සවස 3 න් පසු ආහාරයට හා පානයට ඒවා නොගෙන සිටීමට වගබලා ගන්න. ඔබ කන දේවල් ඔබේ දරුවාත් කන නිසා කැෆේන් වලින් දරුවාගේ නින්දට බලපෑම් එල්ලවන්න පුළුවන්.

ඔබේ සුවඳ දෙන්න

රාත්‍රී නින්ද කියන්නේ ඔබේ දරුවාට ආරක්‍ෂිත බව හොඳින් දැනීම මත සිදුවන්නක්. ඔබ ආලේප කරන ක්‍රීම් වර්ග හෝ ලෝෂන් වර්ගයක් දරුවාගේ රෙදිවල තැවරීම මගිනුත් දරුවා ඔබ ළඟ ඇති බව දැනවෙනවා. සමහර අම්මලා තමන් නින්දට පෙර ඇන්ද ඇඳුම් තොටිල්ල ළඟ තියනවා.

කාමරය නින්දට ප්‍රසන්න තැනක් කරන්න

කාමරය අඳුරේ තබන්න. සෞමය වාතාශ්‍රයක් සහිත කරන්න. අනෙකුත් ශබ්ද මගින් නින්දට බාධා නොවන තැනක තොටිල්ල තබන්න.

එතනම රැඳීම

සමහර විට මෙය ක්‍රියාවලියකට සමානයි. දරුවා අඬන පළමු අවස්ථාවේම ඒ අසලට යන්න එපා. සමහර විට දරුවා විසින්ම එය පාලනය කර ගන්න ඉඩ තිබෙනවා. හැබැයි නොනවත්වා අඬනවා නම් දරුවාව සනසන්න. මෙය දින කිහිපයක්ම ඔබට කරන්න සිදුවෙනවා. නමුත් තොටිල්ල ළඟට නිතර යාමෙන් වළකින්න. දරුවට අමතර කිරි නොබී නින්ද ළඟා කරගත හැකි බව හඟවන්න. ඒ නිසා අවසානයේ හැමෝටම සුව නින්දක් ලබාගන්න පුළුවන්.

දරුවන් තරමක් ලොකු වෙන තුරු හුඟක් අම්මලා නිදි නොලබා වෙහෙසෙනවා. ඒ අම්මලා වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ