ඔබේ දරුවා ඇඳ තෙමීම නවත්තන්න පිළියම් 10 ක්

ඔබේ දරුවා ඇඳ තෙමීම නවත්තන්න පිළියම් 10 ක්

දරුවා ඇඳ තෙමනවා නම් ඔබත් මේ කරුණු 10 ක්‍රියාත්මක කර බලන්න.

ඇඳ තෙමීම දරුවන් අතර සුලබ දෙයක්. ටිකක් ලොකු වෙලත් මේ තත්වය තියෙන දරුවෝ ඉන්නවා. ඒ වගේ ඇඳ තෙමන දරුවන්ටත් මේක හරිම පීඩාකාරී අපහසු අත්දැකීමක්. දරුවා ඇඳ තෙමනවා නම්  ඔබත් මේ කරුණු 10 ක්‍රියාත්මක කර බලන්න.

දරුවා නිදිකරවීම

1. නින්දේදී ඇඳ තෙමීම දරුවන් අතර සුලබ දෙයක් බව පවසන්න

ඔවුන්ගේ වයසේදී ඇඳ තෙමන එක සාමාන්‍ය තත්වයක් බව ඔබේ දරුවාට දැනගන්න ඉඩ හැරීම හරිම වටිනවා. ගොඩක් ළමුන් එහෙම කළත් එය පෞද්ගලික දෙයක් නිසා කවුරුත් ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කරන්නේ නැහැ කියලා, කියලා දෙන්න. ඉතින් ඉතා වැදගත් වන්නේ ඔහුට වන මේ දේ සාමාන්‍යයෙන් ගොඩක් දරුවන්ටත් වෙන බව තහවුරු කිරීමයි.

2. ඔබේ අත්දැකීම් බෙදාගන්න

ඔබේ අත්දැකිම් ඔවුන් සමග බෙදාගත් විට ඔවුන් තුළ විශ්වාසයක් ඇති වෙනවා. ඔහුගේ පුරුද්ද ගැන ඔහුට එතරම්ම කණගාටුවක් නැති වෙයි. ගොඩක් වැඩිහිටියනුත් පොඩි කාලේ එහෙම කරන බවත් කාලය සමග එය නොකරන්න පුරුදු වෙනවා කියලත් කියා දෙන්න.

දරුවාට නොකිව යුතු දේවල්

3. දරුවාට උදවු කරන්න

නිතරම ඉවසීමෙන් තේරුම් ගන්න. ඇඳ තෙමන එක දරුවාගේ පාලනයෙන් තොරව සිදුවන්නක් නිසා ඊට දරුවට බනින්න එපා.

diarrhea in kids

4. රාත්‍රියේ වැසිකිළියට යාමට උදවු වෙන්න රාත්‍රී විදුලි බල්බයක් දල්වන්න

සමහර දරුවෝ රාත්‍රී අඳුරට බය නිසා වැසිකිළියට නොයා ඉන්න පුළුවන්. ඉන් ඇඳ තෙමිම සිදු වෙනවා. ඉතින් රාත්‍රියට දැල්විය හැකි විශේෂ ලාම්පුවක් කාමරයේ දල්වා තියන්න. ඉන් දරුවාට බයක් දැනෙන්නේ නැහැ.

5. පරික්ෂා කරන්න එපා

අනිත් සහෝදර සහෝදරියන්ට ඔහුව පරික්ෂා කරන්න දෙන්න එපා. එය ඔහුව ඉතා අපහසුවට පත් කරන දෙයක් වන අතර එමගින් ඇඳ තෙමන දරුවාට කිසිම යහපතක් වෙන්නේ නැහැ. ඒ වගේම ඇඳ තෙමීමට  උසුළු විසුළු කිරීම සහෝදර සහෝදරියන් කිරීම නරක බවත් ඔවුන්ට කියා දෙන්න.

6. අදහස් විමසීම

ඇඳ තෙමීම ගැන ඔහුත් සමග කතා කරන්න. දරුවාව රාත්‍රියට පහසුවෙන් නිදන්න සැලැස්විය හැකි ක්‍රම ගැන සිතන්න. සමහර විට ඔහු දැනට අනුගමනය කරන නින්දට යාමේ පිළිවෙත් වෙනස් කරන්න. නින්දට පෙර හුඟක් වතුර නොබී ඉඳීමත් හොඳයි.

7. සැහැල්ලුවෙන් හිතන්න

මේක අම්මලාටත් පීඩනයක් ගෙන දෙන්නක්. හෝදන්න තියෙන රෙදි කන්ද තවත් උස යනවා. නැතිනම් රෑ මැද ඇහැරිලා ඇතිරිලි මාරු කරන්න වෙනවා. එත් මේක දරුවා සිතා මතා කරන දෙයක් නොවන නිසා ඔහුට තරහින් බනින්න එපා. හොඳම දේ ඊට පිළියම් කල්පනා කිරීමයි.

8. රැයක් ගෙදරින් පිට ගත කරන විට සුදානම් කරන්න

ඔබේ දරුවාට යම් ක්‍රියාකාරකමකට රාත්‍රියක් ගෙදරින් පිට ගත කරන්න වුනොත් ඔහුගේ යට ඇඳුම් තුළින් මුත්‍රා පිටතට නොයන යට ඇඳුමක් සුදානම් කරන්න. එය ඉවත් කරන විට ඇසිරීමට වෙනත් ප්ලාස්ටික් බෑගයක්  ඔහුට දෙන්න. එය ප්‍රසිද්ධියේ බෑගය තුළ නොදා ඇඳුම් අතරින් තබන්න. ඒ නිසා දරුවා රාත්‍රී නින්ද ගැන පීඩනයට පත් වන්නේ නැහැ.

9. ඔබේ ගෙදරට යහළුවන් කැඳවා රාත්‍රිය ගත කරන්න දෙන්න

ඔහු මෙහෙම එළියට යන්න කැමති නැත්නම් අනිත් යහළුවන්ගේ දෙමාපියන්ගෙන් විමසා දරුවන්ට රාත්‍රියක් ඔබේ නිවසේ ගත කරන්න දෙන්න. එහෙම රාත්‍රියේ හදිස්සියෙන් ඇඳ තෙමුනොත් ඔහුට උදවුවට ඔබ ඉන්න නිසා ඔහු ඒ ගැන පිඩනයට පත් වෙන එකක් නැහැ.

 10. අධෛර්යට පත් කරන්න එපා

දරුවන් ඇඳ තෙමීම සාමාන්‍යයි. කාලය සමග ඔවුන්ගෙන් මේ පුරුද්ද මග හැරෙනවා. ඉවසීම, තේරුම් ගැනීම හරිම වැදගත්. නිතරම ධනාත්මකව සිතන්න. ඔවුන්ට උදවු කරන්න. මොකද මේ නිසා දරුවාගේ ආත්ම විශ්වාසය බිඳෙන්න දෙන්න එපා.

අපි නොහිතන වැරදී වලින් දරුවන්ගේ අනාගතය අඳුරු වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න වග බලාගන්න theAsianparent  Sri Lanka ඔබට නිතරම මේ අදහස් ගෙන එනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි