බබා මව්කිරි බොන කොට කුක්කු හපනවා නම් මම මොකද කරන්නේ?

බබා මව්කිරි බොන කොට කුක්කු හපනවා නම් මම මොකද කරන්නේ?

මව් කිරි දෙනකොට බබා කුක්කු හපන්නේ ඇයි දන්නවාද ?

ගොඩාක් අම්මලා මව්කිරි දෙනකොට අත්විදින ගොඩාක් වේදනාකාරී අත්දැකීමක් තමයි කුක්කු සැපීම. මේ අත්දැකීම අපිට ඉවසන්න බැරි  වුනත් පුංචි බබාට නම් වේදනාව පිළිබඳ හැඟීමක් නැති තරම්.

 මව් කිරි දෙනකොට බබා කුක්කු හපන්නේ ඇයි දන්නවාද ?
  •  අවධානය වෙනතකට යොමුවීම
  • දත් මතුවීම
  • සීතල දැනීම
  • කන හෝ නාසය අවහිර වී කිරි බීමට අපහසු වීම

 බබා එකපාරක් හැපුවාහම ඔබ ඊලග වතාවේදී මව්කිරි දෙන විට බයයි නේද?

දරුවා කිරි බොන ගමන් චුට්ටක් එහා මෙහා වුනත් ඔබ තිගැස්සෙනවාද?

බබා හපන නිසා මව්කිරි ලබාදීම නවත්වන්න ඔබ හිතනවා නම් ඇත්තටම ඒක හොදම විසඳුම නෙමෙයි.

සමහර විට කලාතුරකින් එහෙම කරන්න වෙන්නත් පුළුවන්. ඒත් මේ ප්‍රශ්නයට  කරන්න පුළුවන් හොඳම විසඳුම් හොයන එක තමයි වැදගත්.  මේ සඳහා විසඳුම් කිහිපයක් මෙන්න

1.බබාව නිවැරදිව තබාගන්න 

මව්කිරි දීමේදී බබාව තබාගන්න ඉරියව්ව ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා.

තන පුඩුව දරුවාගේ  මුඛයට ඇතුල් කර දරුවා නිවැරදිව තබා ගන්න.

ඔබේ දරුවාට හොදින් මව්කිරි ලැබෙන විට හපන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

2.ඉක්මනින්ම ක්‍රියා කරන්න

දරුවා  හපන්න යන බව ඔබට දැනේ නම් ඉක්මනින්ම ක්‍රියා කරන්න.

දරුවාගේ  බඩ පිරිලා නම් ඔහුගේ මුවෙන් පියයුර ඉවත් කරන්න.

දරුවා හැපුවොත් ඔහුගේ හනු දෙක අතරින් ඇඟිල්ල දමා මුඛය විවර කර පියයුර මුදාගන්න.

3.සනසන්න

දරුවා හපන විට එය වේදනාකාරී බව දරුවා දන්නේ නැහැ.  ඒත් ඔබ මව්කිරි දීම එකවරම නැවැත්තුවිට දරුවා අසතුටට පත්වෙන්න පුළුවන්.

දරුවා සුරතල් කරන්න. ඉන්පසු සීතල තීතර් එකක් හෝ රෙදි කඩක එතු අයිස් කැටයක් හෝ ගෙදර හැදූ අයිස පොප් එකක් හෝ තීතර් එකක් ලබා දෙන්න.

දරුවා ස්ථාවර වු පසු නැවත මව්කිරි දෙන්න.

4. තෙරපීම 

බබාට හොඳින් කිරි ගලා එනවා නම් ඔහුට හපන්න බැහැ. ඔබේ දරුවාට කිරි ගලා ඒම අඩු බව ඔබට දැනේ නම්  පියයුරු තෙරපමින් එය වේගවත් කරන්න.

5.අවධානය වෙනස්  කරන්න 

ඔබේ දරුවා සමඟ කතා කරන්න. ඔහුගේ නම පවසන්න.  සෙල්ලමක් කර ඔහු හිනා ගස්වන්න. කවියක් කතාවක් කියන්න. මෙලෙස ඔබේ දරුවාගේ අවධානය ඔබේ පියයුරින් ඉවතට ගන්න.

 රැකියාවක නියුතු ඔබට දරුවා කුක්කු සැපීම වළක්වාගන්න උපදෙස් 
  • දරුවා රැකබලා ගන්නා පුද්ගලයා ඔබේ දරුවාට කිරි ලබාදෙන ආකාරය නිරීක්ෂණය කරන්න.
  • ඔබේ දරුවාට බෝතලේ සුප්පුව හපන්න දෙන්න එපා.
  • ඔබේ දරුවාට සුප්පුව හපන්න දෙන්න එපා.
 බබාට සෙම්ප්‍රතිශ්‍යාව සැදුන විට කුක්කු සැපීම සිදුවන්න‌ේ නැතුව මව්කිරි ලබාදීම 

 ඔබේ දරුවා අසනීප නම් දිගටම මව්කිරි දෙන්න. දරුවා හපනවා කියා බිය වන්න එපා. දරුවාගේ  නහය අවහිර වී ඇති බැවින් වෙනදා වගේ මව්කිරි බොන්න බැරිවේවි.

ඒ නිසා දරුවාට පහසු ඉරියව්වක් භාවිතා කරන්න. කාමරයේ තෙතමනය ඉවත් කර පිරිසිදු වාතය ඇතුල් වීමට ඉඩ සලසන්න.

දරුවා කණ අදිනවා නම් කණ් ආසාදනයක් වෙන්නත් පුළුවන්. කණ් ආසාදන හා වෙනත් දරුණු රෝගාබාධ සඳහා වෛද්‍යවරයකු වෙත දරුවා ගෙන යන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.