theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ සැමියත් එක්ක කරන රණ්ඩු නවත්වන්නේ මෙහෙමයි

5 අවම කියවීම
ඔබේ සැමියත් එක්ක කරන රණ්ඩු නවත්වන්නේ මෙහෙමයිඔබේ සැමියත් එක්ක කරන රණ්ඩු නවත්වන්නේ මෙහෙමයි

සැමියා එක්ක රණ්ඩු ‌නොවි ආදරණිය යුග දිවියක් ‌ගෙවන්න ‌මෙම උපදෙස් 5 ඔබට අත්වැලක් ‌වේවි.

සහකරුවා සමග රණ්ඩු කිරීම බොහොමයක් විවාහයන් තුල සිදුවෙනවා.

විවාහය සිදුවෙන්නනේ වෙනස්ම පුද්ගලයන් දෙදෙනෙකු අතර නිසා රණ්ඩු ඇතිවිය හැකි නොගැලපීම් තියෙන්න පුළුවන්.

ඉදිහිට චවනයක් හුවමාරු වීම සම්බන්ධතාවයක් තුල සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්.

නමුත් නිතර නිතර රණ්ඩු වීම ඔබේ සම්බන්ධතාවය බිද හෙලන බවත් අමතක කරන්න එපා.

යුග ජිවිතය තුල ප්‍රශ්න හා ගැටුම් එනවා. විටින් විට නොගැලපීම් මතු වෙනවා. ඇත්තට මේවා විසදගන්න රණ්ඩු වෙනවා හැර වෙන ක්‍රමයක් නැද්ද?

මෙලෙස රණ්ඩු වීමෙන් හෝ වාද විවාද වීමෙන්  ඉරිතලා යන්නේ ඔබේ දෙපල අතර ඇති ආදරයයි.

ඔබේ විවාහයයේ අවසානය තවත් දික්කසාදයක් කර නොගැනීමට ඔබ වග බලා ගත යුතු වෙනවා.

එපමණක් නොව සැමියා හා බිරිද නිතර රණ්ඩු කිරීමෙන් ඔබේ සෙනෙහේබර දරුවන්ද මානසිකව පිඩාවට පත්වෙනවා.

එහෙනම් ඔබ ආදරය කරන පිරිසකගේ හිත බිදින්න ඇයි නිතර ගැටුම් ඔබේ පවුල ඇතුලට ගන්නේ?

මුල දී ලුනුයි බතුයි කමු කියලා එක වහලකට කොටු වු ඔබගේ රණ්ඩු එකිනෙක වැඩි වෙනවා නම් ඒවා දුර දිග යනවා වැඩියි නම් අන්න එතැන ඔබේ සම්බන්ධතාවයට තර්ජනයක් තියෙනවා.

රණ්ඩු වාද විවාද අවසානයේ බිදුනු සිත් යලි සනසා ගැනීම දුෂ්කරය.

පිට වු සිත් රිදෙන වචන යලි ගැනීම කල නොහැක.

නිතර නිතර රණ්ඩු වීමෙන් ‌දෙදෙනාටම එකිනෙකා එපා ‌වෙන දවස වැඩි ඈතක ‌නොවේ.

ඒ නිසා ආදරණිය ආදර්ශවත් යුග දිවියක් ගත කරන්න. ‌මේ ඒ සදහා අත්වැලකි.

එහෙනම් සැමියා එක්ක නිතර රණ්ඩු නොකර වාද විවාද නොවී මේ ක්‍රම 5 අත්හදා බලන්න.

සහකරුවා සමග රණ්ඩු කිරීම වළක්වාගන්න ක්‍රම 5 ක් 

1.නිවැරදි වේලාවක සාකච්ඡා කරන්න

නිවසේ සිට කලහැකි ‌දේවල්

සාකච්ඡා කිරීම මගින් ගැටලුවකට විසදුමක් එක් වී සෙවීමට අවස්ථාව ලැබෙනවා.

ඔබ කෝප ගෙන සිටින විට ඔබේ සැමියා සමඟ කතා කරන්න උත්සහ කරන්න එපා.

එවිට අනවශ්‍ය හිත් රිදෙන වචන පිටවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එම වචන ඔබ ආදරය කරන හදවත රිදවාවි.

ඒ වගේම යලි කිසිදාක ඒ වචන යලි ඔබට ඇද ගත නොහැකි බව මතක තබාගන්න.

ඔබේ තරහා නිමෙන්න අවම වශයෙන් පැය දෙකක් වත් ගතවෙන්න දෙන්න.

ඔබ  සන්සුන් ව් විට ඔබට අවශ්‍ය ආකාරයට වාදවිවාද වලින් තොරව සැමියා හා කතා කරන්න පුළුවන්.

එසේම, නින්දට යාමේදී හෝ වැඩ කිරීමෙන් පසු වැනි අවස්ථාවන් මෙවැනි සාකච්ඡාවන් සදහා සුදුසු නැහැ.

ඔබ දෙදෙනාම සන්සුන්ව සිටින කාලයක් තෝරා ගැනීමට උත්සාහ කරන්න.

2.කෝපයෙන් එකිනෙකාට වාද විවාද ‌නොකරන්න

ඔබේ බිරිඳ පවසන දේවල්

මෙය ඉතා වැදගත් වෙනවා. අප බොහෝ දෙනෙක්  මෙය වැඩිදුර සිතන්නේ නැතිව කරනවා.

නමුත් ඉන් ඔබට කිසිවක් ලැබෙන්නේ නැහැ.

උදාහරණයක් විදියට ඔබේ සැමියා නිතර රැකියාව නිම වී එන්න ප්‍රමාද වෙනවා නම් එකවර කඩා නොපැන එය ඔහුගේ හිතට දැනෙන ආකාරයට පවසන්න. ඔහු නොමැති විට ඔබට දැනෙන පාලුව ඔහුට කියන්න.

එහිදි ඔබ සැමියා ගෙට ගොඩ වෙන විට ප්‍රමාද වීමට හේතු විමසා ඔහුගේ ඇගට කඩා පැන්නොත් ඔහුටත් තරහා යාවි.

ඉන්පසු  ඔබදෙදෙනා අතර වාද විවාද ඇති වී අවසානයේදි රණ්ඩුවකින් කෙළවර නමුත් ඔහුගේ ප්‍රමාදය ඔබට හැඟෙන ආකාරය ඔබ ඔහුට කියන විට ඔහු කිසිදා එයට තර්ක කරන්න එන්නේ නැහැ.

3.ඔබ හොදින් ඔහුට සවන් දෙන්න

සවන් දීම ඔබට ටිකක් අසීරු දෙයක් වෙන්න පුළුවන්. නමුත් එය සම්බන්ධතාවයක් පවත්වාගන්න අවශ්‍යම සාධකයක් වෙනවා.

ඔබේ සැමියා යමක් පවසන විට එය තේරූම් ගැනීම එය වටහා නොගෙන කෑගසනවාට වඩා හොදය.

සැමියා ප්‍රමාදයට හේතුවක් පැවසු විට ඔහු හා වාද විවාද කිරීමට යාමෙන් කතාව දිග් ගැස්සී ඔබ දෙපල අතර ගැටුමක් ඇතිවෙන්න පුළුවන්. 

4.ඔබ දෙදෙනාම මනුෂ්‍යයන් බව මතක තබාගන්න

ඔබේ සැමියත් එක්ක කරන රණ්ඩු නවත්වන්නේ මෙහෙමයි

හැමෝම වැරදි කරනවා. ඔබත් එහෙමයි. ඔහුත් එහෙමයි.

බොහෝ විට, ඔබගේ කරදරකාරී ක්‍රියාවන් යමෙකු පිළිබඳ ඔබේ හැඟීම් පිළිබිඹු කිරීමක් නොවෙයි.

එය  කාලය, අභිප්‍රේරණය, ශක්ති මට්ටම, අවධානය වෙනතකට යොමු කිරීම වැනි විවිධාකාර දේවල ප්‍රතිඵලයකි.

සැමියාට ඔබ ඉල්ලු දෙයක් කල නොහැකි වු විට සාධාරණ කෝණයකින් ඒ දෙස බලන්න.

නිකරුණේ දොස් පවරන්න  යාමෙන් ලොකු රණ්ඩුවක් ඇතිවෙන්නත් පුළුවන්.

5.සමාව දෙන්න ඒ වගේම සමාව ගන්න

සමාව ඉල්ලන්න වගේම සමාව ගන්නත් ටිකක් අමාරුයි නේද?

එහෙත් සමාව ඉල්ලිම මනුෂ්‍ය ගතියක් බවත් සමාව දීම දේව ගතියක් බවත් අමතක නොකරන්න. 

එය ඕනෑම සම්බන්ධතාවයක වැදගත්ම දෙයක් වෙනවා.

ඔබට සමාවෙන්න යැයි කීමට ඔබට අවශ්‍ය නැත්තේ ඇයි? එය දුර්වලකම ප්‍රකාශ කරන බව හිතන නිසාද?

ඔබේ කෝපය දුරු කිරීමට ඔබට නොහැකි නිසාද? ඔබගේ ක්‍රියාවෙන් ඔබ ලැජ්ජාවට පත්වන නිසාද?

හේතුව කුමක් වුවත්, ඔබ සමාව ඉල්ලන්න ඉගෙන ගත යුතුය.

ඊළඟ වතාවේදී ඔබ ඔබේ සැමියා කියන දෙයක් සමඟ එකඟ නොවීම ගැන සමාව ඉල්ලන්න.

දෙන්නාම ඉක්මනින්ම සංසුන්වෙන අයුරු දැක ඔබට පුදුම හිතේවි.

සැමියා සමාව ඉල්ලු විට සමාව දෙන්නත් අමතක කරන්න එපා.

සමාව නොදි තරහා හිතේ තියාගෙන පුප්පන්න ගියොත් වෙන්නේ රණ්ඩුව දිගට ඇදෙන එක විතරයි.

එවිට ඔබත් ඔහුත් දෙදෙනාම ඉන්නේ පීඩනයෙන්.

කෝපය පවත්වා ගැනීම යනු ඕනෑම සම්බන්ධතාවයක ඇති වඩාත්ම විනාශකාරී බලවේගයන්ගෙන් එකකි.

ඔබේ සහකරු ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාවන්ට සමාව ඉල්ලන්නේ නම්, ඔවුන් මනුෂ්‍යයන් පමණක් බවත් ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ඔවුන් වගකීම භාරගෙන ඇති බවත් මතක තබා ගෙන ඔවුන්ට සමාව දෙන්න. 

ඔබේ විවාහය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමේ ප්‍රධාන අංගයක් වන්නේ ඔබේ සැමියා සමග රණ්ඩු අවම කර ගෙන ජිවත්වීමයි.

සහකරුවා සමග රණ්ඩු කිරීම නොකර ලස්සන යුග ජිවිතයක් ගත කරන්න ඔබ කැමතියි ‌නේද?

යුග දිවිය යනු රෝස මල් යහනාවක් නොවන බවත් එය දුක සැප සමව ගෙන යා යුත්තක් බවත් ඔබ අවබෝධ කරගන්න. 

මේ උපදෙස් 5 ඔබේ යුග දිව සුරක්ෂිත කිරීමට වැදගත් වේවි යැයි අපි හිතනවා.

ඔබටත් මේ ගැන අදහසක් තිබේද? නැතිනම් ගැටලුවක් තිබේද? ඔබේ අදහස්  අපි හා බෙදාගන්න.

මුලාශ්‍ර - www.yourtango.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ සැමියත් එක්ක කරන රණ්ඩු නවත්වන්නේ මෙහෙමයි
බෙදාගන්න :
ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it