theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවා ඔබට බොරු කියන එක නවත්වන්නේ කොහොමද?

5 අවම කියවීම
ඔබේ දරුවා ඔබට බොරු කියන එක නවත්වන්නේ කොහොමද?ඔබේ දරුවා ඔබට බොරු කියන එක නවත්වන්නේ කොහොමද?

මෙම ලිපිය කියවා හොඳ ඉඟි කිහිපයක් ගැන දැනගන්න.

හැම දරුවෙක්ම ඉඳහිට බොරු කියනවා. ඔබේ හොඳම කෝප්පය කැඩීම නිසා, නැතිනම් පාසලෙන් පසු යහළුවන් සමග කතා කරමින් කාලය ගතකළ නිසා එවැනි හේතු වලට ඔවුන් බොරු ගොතන්න පුළුවන්. ඒත් හැමවෙලාවෙම අවංක වෙන්නත් ඔබ සමග විවෘත වෙන්නත් ඔවුන්ට කියා දෙන්න.

මට දරුවන් ලැබෙන්නත් පෙර ඉඳන් හදපු තාර පැටව් හතර දෙනෙක් මම මිලදී ගෙන තිබුණා. එය ඉතා කුඩා වුනත් මට හුඟක් වටිනවා. මගේ ලොකු පුතා මේ තාර පැටවුන්ට හුඟක් ආස කළත් ඒවා හුඟක් වටිනා නිසා මම එයාට ඒවා එක්ක සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ.

එක දවසක් එක් තාරවෙකුගේ හිස වෙන්වෙලා පැත්තක තියලා තිබුණා. ඒ අසලම මූණ නරක කරගත් මගේ තුන්හැවිරිදි පුතා ඉඳගෙන හිටියා. “මොනවද වුනේ?” මාස කිහිපයක් වයසැති එයාගේ සහෝදරයා දෙස ඇඟිල්ල දිගු කරමින් “එයා තමයි කළේ” කියලා කිව්වා.එය හොඳටම පැහැදිළි ඔහු ගොතපු බොරුවක් කියලා.

මම හොඳටම දන්නවා මේ අත්දැකීම විඳින පළවෙනි අම්මා මම නෙමෙයි කියලා. දරුවන් ඉඳහිට මෙවැනි දේවල් කළත් එය රතු එළියක් ලෙස සලකන්න බැහැ. නමුත් දරුවන් යමකින් ගැලවෙන්න බොරු කීම හොඳ උපායක් ලෙසත් යොදා  ගන්නත්, එය පුරුද්දක් ලෙස කරන්නත් ගන්නවා.

දරුවා බොරු කියනවා. මොකද කරන්නේ?

බිළින්දන් හා ළදරු පාසල් වියේ දරුවන්

විශේෂඥයන් පවසන ආකාරයට බිළිඳෙකුට බොරුවක හා සත්‍යක වෙනස වටහා ගන්න බැහැ. නමුත් ළදරු පාසල් හා දරුවන්ගේ පරිකල්පනය ඉතා වේගවත් නිසා ඔවුන් සත්‍ය සහ බොරුව මුසු කර එය සත්‍ය සේ සිතනවා. උදාහරණයක් ලෙස දරුවන් රූපවාහිනියෙන් දුටු දෙයක් සත්‍ය සිදුවීමක් සමග මිශ්‍ර කරන්න පුළුවන්. සමහර වෙලාවට මගේ හතර හැවිරිදි පුතා කියන කතාවල් වලට මට උත්තර නැතිව යනවා. එය ඇත්තක්ද නැද්ද යන්න ඔහු දැනගන්න කැමතියි. අනිත් අතට පෙර පාසල් යන දරුවන් වරදක් කළ පසු ඉන් ගැලවීමේ මගක් ලෙස බොරු කියන්න පෙළඹෙනවා.

ඔබේ දරුවා ඔබට බොරු කියන එක නවත්වන්නේ කොහොමද?

ඔබට කළහැකි දේවල් මොනවද?

  • ඔබේ දරුවා ඔබට විශ්වාස කළ නොහැකි දෙයක් කියනවා වෙන්න පුළුවන්. නමුත් එය ඔහුගේ වංක බව නොවෙයි. ( මම සුපර් හීරෝ කෙනෙක් වැනි දෙයක් වෙන්න පුළුවන්)
  • ඇත්තටම බොරුවක් කියනවා නම් එය ඉගැන්වීමට අවස්ථාවක් කරගන්න පුළුවන්. “මම හිතන්නේ නැහැ ඒක එහෙම වෙන්න ඇති කියලා. ඒත් ඔයා එහෙම හිතනවද?”
  • ඔහුගේ බොරුවෙන් ඔහුටම අනතුරක් වේ නම් ( ඔහු විසින් ස්ත්රික්කයේ ප්ලග් එක ගසා ඇත්නම්) ඔහුට සත්‍ය පැවසීමේ අගය පෙන්වා දෙන්න.
  • බොරුවක් කීමට හේතුවන දේ ගැන අවබෝධ කරගන්න. ( දරුවා තමන් කැමති දෙයක් ලබා ගැනීමට එය කරන්න පුළුවන්) ඒ වෙනුවට ඔහුට ලකුණු දෙන ක්‍රමයක් වැනි දෙයක් හඳුන්වා දෙන්න. ලකුණු එකතු කිරීමෙන් ඔහුට කැමති දේ ලබාගත හැකි බව කියා දෙන්න.
  • ගැටලුව එක්ව විසඳන්න. පුංචි දුව බිත්ති වල කුරුටු බලි ඇඳලා නම් අපි ලියන්නේ පොත් වල පමණක් බව කියා දෙන්න. ඒ වගේම එය පිරිසිදු කරන්න ඇගේ උදවුවත් ඉල්ලන්න.

25 Words Your Toddler Should Know By Age 2

පාසල් යන වයසේ දරුවන්

පාසල් යන දරුවන් බොරුව හා සත්‍ය අතර වෙනස දන්නා අතර ඉන් ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵල ගැනත් ඔවුන් දන්නවා. ඔහු ඔබේ කැමතිම කෝප්පය කැඩුවොත් ඉන් ඔබ කනස්සල්ලට පත්වන බව ඔහු දන්නවා. විශේෂඥයන් පවසන ආකාරයට එයාට අවුරුදු 6 න් පසු ප්‍රතිවිපාක ගැන දරුවා තුළ වර්ධනය වීම වේගවත් බව පැවසෙනවා. අවුරුදු 8 වන විට හේතුව හා බලපෑමද ඔවුන්ට අවබෝධ වෙනවා. ඒ නිසා කරදර වලින් මිදෙන්න මේ වයසේදී බොරු කීමට පෙළඹෙනවා වැඩියි. 

ඔබට කළ හැක්කේ කුමක්ද?

  • උදාහරණයක් ප්‍රමුඛ කරගන්න. සංදර්ශනයක් නැරඹීමට යාමට ඔබේ දරුවාගේ වැරදි වයසක් සඳහන් කරන්න එපා. ඔබ යමක් කරගැනීමට බොරු කියන බව අවබෝධ කරගතහොත් බොරු කීමේ වරදක් නැති බව ඔහු අවබෝධ කර ගන්නවා.
  • ඔහුට බොරු කීමට සිදු වෙන අවස්ථාවන් මග හරින්න. දරුවා කිරි ටිකක් හලා ඇති බව පෙනුනත් ඔහු එය හැලුවා දැයි අහන්න එපා. මන්ද එළඹීමට සිදුවන අවස්ථාව මග හැරීමට “ නැහැ” යයි බොරු කීමට ඉන් ඔහු පෙළඹෙන්න පුළුවන්. බලන්න, බැරි වෙලාද කොහෙද මෙතන කිරි ටිකක් හැලිලා අපි ඒක පිරිසිදු කරමුද?
  • දඬුවම් නොදී ඉන්න උත්සාහ කරන්න. දඬුවම් නිසා දරුවන් ඇත්ත කීම මගහරින අතර ඉන් ඔබට කරුණු කීමත් මගහරින්න පුළුවන්.
  • සිදුවීම නොව කරුණු වැඩිකර කීම මගින් අවසානයේ අගය කිරීම් ලබාගන්න උත්සාහ දරනවා වෙන්න පුළුවන්. මෙය නිතර සිදුවෙනවා නම් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩිවෙන ලෙස ඔහුව දිරිමත් කිරීම අවශ්‍ය වෙනවා.
  • ඔබේ දරුවා අවංකව ඇත්ත කියන විට ඒ ගැන ඔබ සතුටු වන බව කියන්න. මේ නිසා දරුවා දැනගන්නවා ඔබට අවංක බව සතුටක් කියලා.
  • නිතරම බොරු කීමෙන් විශ්වාසය නැතිවන බව කියා දෙන්න. ඔවුන්ට හාවා අහස කඩා වැටුණා යැයි කෑගැසූ කතාව ගැන කියා දෙන්න. නිතරම බොරු කීමෙන් කවුරුත් අපිව විශ්වාස නොකරන බව කියන්න.

දිවි නසාගැනීම

පෙර යෞවන විය හා යෞවනය

සමාජයේ නිදහසේ හැසිරීම පෙර යෞවනයේ හා යෞවනයේ පසුවන දරුවන්ට වැදගත්. මේ හේතුව නිසාම ඔවුන් බොරු ගොතන්නට පෙළඹෙනවා වැඩියි. පෙර යෞවනය හා යෞවනයේ පසුවන දරුවන් තම ස්වාධීනත්වය උදෙසා යමක් කිරීමට පෙළඹෙනවා. සමහර විට ජීවිතයේ පළමු වරට අත්දැකීම් ලබා ගැනීමටත් මෙය කරනවා.

ඔබට කළහැකි දේවල් මොනවද?

  • ඔබ දරුවා බොරු කාරයෙක් බව කීමෙන් වළකින්න. එය ඔහුගේ ආත්ම විශ්වාසය නැති කරන්න පුළුවන්.
    නැතිනම් තවත් බොරු කීමට යොමු වෙන්න පුළුවන්.
  • ඔබ බොරු කියන බව දන්නා බවත්, ඔහු ඇත්ත කියනවා දකින්න ඔබ කොතරම් කැමති දැයි නිතර දරුවාට කියන්න. ඒත් නිතරම ඔහු කියන්නේ ඇත්තක් දැයි ඇසීම නොකරන්න.
  • බොරු කීම වැරදි මගපෙන්වීමක් ලෙස දරුවන්ගේ ඇතුලාන්තයෙන් ඇති වන්නක් බව අවබෝධ කරගන්න. ඒ නිසා ඔයා යාළුවගේ ගෙදර ගියාට කමක් නැහැ. මට පණිවිඩයක් එවන්න. විශේෂඥයන්ට අනුව මෙය ඉතා හොඳ බවත්, ඉන් දරුවාගේ නිදහසට ඔබ ගරු කරන බවත්, ඔබ ඔහුගේ ආරක්ෂාව ගැන සිතන බවත් ඔහු අවබෝධ කරගන්නවා.
  • ඔබේ දරුවාගේ කටයුතු සමග සම්බන්ධ වෙන්න. ගැටළු ගැන ඔහු හා කතා කරන්න උනන්දු කරවන්න. ඔබේ දරුවන් ඔබත් සමග විවෘත නම් ඔවුන්ට බොරු කියන්න අවශ්‍ය වන්නේ නැහැ.

සමහර අවස්ථාවන් වල දරුවන් ආරක්ෂාවට හෝ තවත් කෙනෙකු ආරක්ෂා කිරීමට බොරු කියනවා වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස අපචාරයන්ට ලක්වූ දරුවෙකු ඊට පත්වෙන කෙනා ආරක්ෂා කිරීමට බොහෝ විට බිය නිසා බොරු කියන්න පුළුවන්. ඔබේ දරුවා මෙවැනි හේතුවකට බොරු කියන බව වැටහුනොත් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ ඉන්න බව තහවුරු කර දරුවාට රැකවරණය ලැබෙන බව තේරුම්කර දෙන්න.

ජීවිතයේ සමහර තීරණ දරුවන්ගේ ජීවිත වල කඩයිම් වන්නට පුළුවන්. ඔවුන්ගේ මුළු ජීවිත කාලයම වෙනුවෙන් ඔබව දැනුවත් කරන්නට theAsianparent Sri Lanka අපි අද මේ වැදගත් කාරණය ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • ඔබේ දරුවා ඔබට බොරු කියන එක නවත්වන්නේ කොහොමද?
බෙදාගන්න :
  • ඔබේ මද්දුම දරුවා ඔබේ අනෙක් දරුවන්ට වඩා බලවත් වන්නේ ඇයි?

    ඔබේ මද්දුම දරුවා ඔබේ අනෙක් දරුවන්ට වඩා බලවත් වන්නේ ඇයි?

  • නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

    නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

  • ඔබේ මද්දුම දරුවා ඔබේ අනෙක් දරුවන්ට වඩා බලවත් වන්නේ ඇයි?

    ඔබේ මද්දුම දරුවා ඔබේ අනෙක් දරුවන්ට වඩා බලවත් වන්නේ ඇයි?

  • නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

    නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it