theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුංචි පැටියාගේ ඇඟිල්ල ඉරීමේ පුරුද්ද නවත්වන්නේ කොහොමද?

4 අවම කියවීම
පුංචි පැටියාගේ ඇඟිල්ල ඉරීමේ පුරුද්ද නවත්වන්නේ කොහොමද?පුංචි පැටියාගේ ඇඟිල්ල ඉරීමේ පුරුද්ද නවත්වන්නේ කොහොමද?

ඇඟිල්ල ඉරීමට දරුවන් පුරුදු වුනහම එය නැවත්වීම හුඟක් දෙමාපියන්ට ඉතාම අපහසු කටයුත්තක් බවට පත්වෙනවා. නමුත් මේ උපායන් තුළින් ඔබට සම්පූර්ණයෙන්ම මේ පුරුද්ද දරුවන්ගෙන් ඈත් කරන්න පුළුවන්.

ඔබේ ගෙදරත් ඇඟිල්ල නිතරම උරණ පුංචි සුරතලෙක් ඉන්නවද? දරුවා ඇඟිල්ල ඉරීම ප්‍රශ්නයක් වෙලාද? මගේ ගෙදරත් මේ ගැටලුව තිබෙන නිසා අම්මලා ඒ ගැන කොයිතරම් සංවේදී දැයි මං දන්නවා. මම දන්නවා පුතා අවුරුදු 18 දී ඇඟිල්ල උරන්න යන්නේ නැති බව. ඒත් මේ පුරුද්ද දකිද්දී මට ඒක නවත්වන්න හිතෙන්නේ එය එතරම් සුන්දර දසුනක් නොවන නිසයි.

මේ ගැන දැනගන්නත් මේ පුරුද්ද නවත්වන්නත් දරුවා මුදවාගන්නත් කළහැකි දේ දැනගන්න අපි දන්ත වෛද්‍ය ස්කොට් චාඕට කතා කළා.

දරුවා ඇඟිල්ල ඉරීම දන්ත සෞක්‍යට බලපෑමක් ඇති කරනවා. දත්වල පිහිටීම හරි ආකාරයට පිහිටුන විට එය රෝමානු ආච් එකක් ලෙස හඳුන්වනවා. රෝමයේ කොලෝසියම්හි ඇති ආච් එකක් හැඩයට සමානතාවයක් ගන්න නිසා මේ නමින් හඳුන්වනවා. මේ නිසා දත් හනුවේ උඩ කොටස ඉදිරියට ඒමට ඇති අවධානම වැඩිවෙනවා. මේ නිසා ඇඟිල්ල උරන අයගේ මෙම ආච් එක සහිත පෙනුම උවමනාවට වඩා ඉදිරියට නෙරා ඇති ආකාරයට පිහිටනවා.

මෙහි ගැඹුරු බව වැඩිවෙමින් පළලින් පටු වෙනවා. මේ නිසා දරුවන්ගේ පෙනුම වෙනස් වෙනවා. එසේම කථන හැකියාවත් වෙනස් වෙනවා. මේ නිසා මේ පුරුද්ද නතර කිරීම ඉතා වැදගත් බව පැවසෙනවා.

Image result for sucking thumb

දරුවන් ඇඟිලි උරන්නේ ඇයි?

විශේෂයෙන් සාමාන්‍යයෙන් මෙය ගර්භාෂය තුළ සිට ඇතිවිය හැකි පුරුද්දක් ලෙස හඳුන්වනවා. ඇඟිල්ල ඉරීම දත් එන කාලයට පහසුවක් ඔවුන්ට දැනෙන අතර සමහර දරුවන් තමන් විසින්ම සන්සුන් වීමේ ක්‍රමයක් ලෙසත් මෙය යොදා ගැනෙනවා.

වෛද්‍ය විලියම් සියර්ස් පවසන ආකාරයට දරුවන් අත්ල කටේ දැමීමෙන් බඩේ අමාරු ඇතිවන බව දැනගෙන සිටියත් එයින් ඇතිවන තත්වය හා සැනසුම නිසා එය දිගින් දිගටම කරගෙන යන බව පවසනවා.

මෙය බොහෝ විට ඔවුන්ට පීඩනයක් දැනෙන විට නැවත නැවත කරනවා. අවුරුද්දක් පමණ වන තුරු මේ තත්වය වැඩිපුර තිබුණත් අවුරුදු 3 ක් විතර යද්දී මෙය පහව යන්න පුළුවන්.

නමුත් මේ තත්වය ඔබට නැවත්වීමට කටයුතු කිරීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා.

  • දරුවා දවසේ වැඩිපුර කාලයක් දිවා රෑ මෙය කරනවා නම් ඉන් දරුවාගේ දත් හා මුඛයට හානිකර වෙනවා.
  • ඇයට කතාවට අපහසුතාවක් ඇත්නම් හෝ සෙල්ලම් කිරීමේදී අතක් උරමින් කටයුතු කිරීමටත් බාධාවක් ලෙස පෙනේ නම්.
  • දන්ත වෛද්‍යවරයා විසින් එය නැවැත්විය යුතු බවට නිර්දේශ කරයි නම්.

Image result for sucking thumb

එසේ නම් ඔබ මේ පුරුද්ද නතර කරන්න ක්‍රියා කළයුත්තේ කොහොමද?

ළමා වෛද්‍යවරුන්ට අනුව සමහර දරුවන් රැය පුරා ඇඟිල්ල උරණවා. මේ නිසා ඇඟිල්ල උරමින් නින්දට යැවීම නොකළ යුතු බව ඔවුන් කියනවා වගේම මේ නිසා නැවත අවදිවන විටද ඔවුන් ඇඟිල්ල උරමින් අවදිවන බව කියනවා.

එසේ ඇඟිල්ල ඉරීම රාත්‍රී කාලයේ නවතා දමන්නේ කොහොමද?

  • ඇය කැමති විශාල මෘදු සෙල්ලම් වළහෙක් වැනි දෙයක් රඳවා නින්දට යවන්න.
  • නින්දට යවන විට නැළවිලි ගීත ගයන්න. හැකිනම් තැටිගත කළ ගීතයක් පුරුදු කරන්නත් පුළුවන්.

ඇඟිලි වලට නිතර වැඩ දෙන්න

දරුවන් පාළුව හා කාන්සිය නිසා නිරන්තරයෙන් ඇඟිල්ල කටේ දමනවා. එවිටම ඔවුන්ගේ අතට ක්‍රියාකාරකමක් දෙන්න. නැතිනම් සෙල්ලම් බඩුවක් දෙන්න.

මෙය නතර කිරීම යුද්ධයක් කරගන්න එපා

දරුවාට නිතර නිතර ඇඟිල්ල ඉරීම සිහිපත් කරනවට වඩා එය උරන්නේ නැති අවස්ථාවන් සිහිපත් කර දෙන්න.

ඔබේ සිතුවිලි පාවිච්චි කරන්න

ඔබේ නිර්මාණශිලිත්වය ඔහුගේ පුරුද්ද නැවතීමට යොදාගන්න. ඔවුන් දන්නා වීරයන් වීරවරියන් අතේ ඇඟිල්ල උරන්නේ නැති බව මතක්කර දෙන්න.

Image result for sucking thumb

විෂබීජ වල භයානක පින්තූර පෙන්වන්න

තරමක් වැඩුණු දරුවෙකු මේ පුරුද්ද තවමත් කරනවා නම් ඇඟිල්ල ඉරීම නිසා ඔවුන්ගේ බඩට යන විෂබීජ වල පින්තූර පෙන්වමින් පහදා දෙන්න.

උරණ ඇඟිල්ලේ ආලේපන ගල්වන්න එපා

වෙළඳපළේ මෙම පුරුද්ද නැවතීමට ආලේපන ඇතිබව සඳහන් කළත් සමහර විට දැවිල්ල හෝ තිත්ත රසයෙන් යුත්    ආලේපනයටත් සමහරුන් ඇඟිල්ල ඔතා තබන්නට කිව්වත් එය නොකළ යුතුයි. එය දරුවන්ගේ මනසට අනවශ්‍ය පීඩනයක් එල්ලකරන ඔබ නොකළ යුතුම දෙයක් බව මතක තබා ගන්න.

විශේෂඥ උපදෙස් ලබාගන්න

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මේ කිසිවක් සාර්ථක නොවන්නේ නම් විශේෂඥ උපදෙස් ලබාගන්න. දත් වල පිහිටීම වෙනුවෙන් හෝ මේ පුරුද්ද නතර කරන ලෙස වෛද්‍යවරුන් පවසනවා.

මන්ද මේ නිසා දත් වලට අවලස්සන පෙනුමක් ලැබෙන අතර මීට අමතරව දන්ත වෛද්‍ය චාඕ පවසන ආකාරයට හනුවට යකඩ කම්බියක් වැනි දෙයක් දමමින් ඇඟිල්ලට බාධා කිරීමක් කළහැකි බව පවසනවා. වෛද්‍යවරයාට අනුව හොඳම ක්‍රමය ලෙස දෙමාපියන් විසින් සිදුකල යුතු ධනාත්මක හැසිරීම් ක්‍රම මීට හොඳම විසඳුම බවත් පවසනවා.

දරුවා ඇඟිල්ල ඉරීම නැවතීමට සූදානම් විට මේ පුරුද්ද ඉබේම අත්හරින්න ඉඩ ඇති බව පැවසෙනවා. එවිට ඔබට සැනසුම් සහගත බවක් දැනෙනවා සහතිකයි.

theAsianparent Sri Lanka නිතර ඔබව කනස්සල්ලට පත් කරන දරුවන්ගේ සුලබ පුරුදු නවත්වන්න ඔබව දැනුවත් කරන්නේ ඔබේ අස්වැසිල්ල වෙනුවෙනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • පුංචි පැටියාගේ ඇඟිල්ල ඉරීමේ පුරුද්ද නවත්වන්නේ කොහොමද?
බෙදාගන්න :
  • සූප්පුවද, ඇඟිල්ල ඉරීමද? දෙමාපියන්ට මග පෙන්වීමක්

    සූප්පුවද, ඇඟිල්ල ඉරීමද? දෙමාපියන්ට මග පෙන්වීමක්

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • සූප්පුවද, ඇඟිල්ල ඉරීමද? දෙමාපියන්ට මග පෙන්වීමක්

    සූප්පුවද, ඇඟිල්ල ඉරීමද? දෙමාපියන්ට මග පෙන්වීමක්

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it