පොළවෙන් අඩි සීයයක් යට සිට ජිවිතය යදින පුංචි පැටියා

පොළවෙන් අඩි සීයයක් යට සිට ජිවිතය යදින පුංචි පැටියා

තමිල්නාඩුවේ අවුරුදු දෙකක් වු පුංචි දරුවෙක් බෝර් ළිඳකට වැටී සිරවීමේ ඛේදාජනක පුවතක්

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

නිවස‌ේදී සිදුව‌ෙන දරුවන්ගේ අනතුරු මතක් කරමින් පසු ගිය දා තවත් අවාසනාවන්ත සිදුවීමක් සිදුවුනා.

තමිල්නාඩුවේ අවුරුදු දෙකක් වු සුජිත් විල්සන් නමැති පුංචි දරුවෙක් බෝර් ළිඳකට වැටී සිරවීමේ ඛේදාජනක පුවතක් මීට දින දෙකකට කලින් වාර්තා වුනා. 

දැනට පැය 48 ක් ඉක්මවා යමින් පොළවට අඩි සීයයක් යටින් තවමත් ඒ පුංචි හදවත ස්පන්දනය වෙමින් ඇති බව දැනගත් විට ඔබේ ඇඟ පවා කිළිපොලා යාවි. 

මෙතරම් තාක්ෂණය දියුණු යුගයක අඩි ගණනක් යට තවම හුස්ම ගන්නා  දරුවා මේ දක්වා බේරාගත නොහැකි වීම ඇත්තටම අවාසනාවකි.

ඉන්දියාවේ පවුල් නලයක් මඟින් ජලය ලබා ගැනීමට හාරන සිදුරු බෝර්ළිං ලෙස  හැඳින්වෙනවා. 

සිකුරාදා සවස අවුරුදු දෙකක් වු පුංචි සුජිත් නිවස අසල සෙල්ලම් කරමින් සිටියා. මේ නොදරුවා  බෝර් ළිදකට වැටී මුලින් අඩි 30 ක්‍ යට සිරවුනා. 

පසුව ඔහු ලිස්සා ගොස් දැන් අඩි සීයක් යට පණ පිටින් සිර වී සිටිනවා.

යන්ත්‍රයක් මගින් මේ බෝර් ළිද අසලින් තවත් සිදුරක් හාර දරුවා මුදාගන්න උත්සහ කරනවා. 

නමුත් පොළවේ යට ගලක් ඇති බැවින් එය තවම සාර්ථක වී නැහැ .

Image result for sujith wilson images

දරුවන්ගේ අනතුරු: දරුවා තවම නිරුපද්‍රිතයි

දැනට දරුවා සිටින සිදුරට ඔක්සිජන් ලබා දෙනවා. ගලවා ගැනීමේ කණ්ඩායම් 6  ක් දරුවා මුදාගැනීමේ මෙහෙයුම් වල නිරත වෙනවා. 

නමුත් මේ දක්වා දරුවා සමග අදහස් හුවමාරු කරගන්න කිසිවෙකු සමත් වෙලා නැහැ . 

දරුවා තව දුරටත් පහලට ලිස්සා යෑම දැනට වළක්වලා තියෙනවා.

මුදාගැනීමේ කණ්ඩායම් වලට දරුවාගේ විලාපය බොහෝ වේලා ඇසී ඇති අතර මේ වෙනකොට එය ඇසෙන්නේ නැහැලු.

 නමුත් දරුවා තවම ආරක්ෂිත බවත්, හුස්ම ගන්නා බවත් ඔවුන් විශ්වාස කරනවා.

දරුවා මඩෙන් ආවරණය වී ඇති බැවින් ඔහුගේ තත්වය ගැන බලධාරින්ට පවා නිගමනය කරන්න හැකි වී නැහැ.

දැනට සෞඛ්‍ය කණ්ඩායම  මේ සිදුරට අඛණ්ඩ ඔක්සිජන් ප්‍රවාහයක් ලබාදෙන අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවම ක්‍රියාත්මකයි.

අවුරුදු දෙකක පුංචි දරුවෙක් පොළොවෙන් අඩි සීයක් යට මඩේ නිරාහාරව පැය 48 ඉන්නවා කියන්නේ කොතරම් ඛේදනීය තත්වයක්ද?

පුංචි සුජිත් පුතේ ඔබ මුහුණ දුන් මේ අවාසනාවන්ත සිදුවීම අපේ නෙතටත් කඳුලක් ගෙනාවා.

ඔබේ ජීවිතය රැකගෙන ඔබව බේරාගන්න හැකිවේවා කියලා ශ්‍රීලංකික අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

මුලාශ්‍ර

පසු සටහන - 2019.10.29

2019.10.29 දින උදා වුයේ හද කම්පා කරන පුවතක් එක්කයි.

කුහරය තුල සිර වී සිටි දරුවා මිය ග‌ොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාරතා කරනවා.

සුජිත් පුත‌ේ අපි හැම ක‌ෙන‌ෙක්ම පැතු‌වේ ඔබ නිරුපද්‍රිතව ‌බේරගන්න ලැ‌බේවා කියලයි.

නමුත් නුඹ අවාසනාවන්ත ල‌ෙස අප හැර ගිහින්ලු.  පුංචි පුතේ යලි උපදින කිසිම භවයක ම‌ෙවන් අකල් මරණ නුඹට සිදු න‌ො‌වේවා. 

ආදරණිය ද‌ෙමව්පිිිිියනි පසුව පසුතැවීමට වඩා තමන්ගේ දරුවා ආරක්ෂා කරගැනීම වැදගත් බවට ම‌ෙම සිදුවීම තවත් ‌‌ඛේදනීය මතක් කිරීමක්  කරනවා.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.