ස්වාධීන දියණියක ලොකුමහත් කරන හැටි සුෂ්මිතා සෙන් 4 වතාවක් ලොවට පෙන්වයි

lead image

සුෂ්මිතාගේ දියණිය සතු ආත්ම විශ්වාසය, ශක්තිමත් පෞරුෂයට හේතුව ඇයට ආවේනික කරගත් දරුවන් රැකබලා ගැනීමේ ක්‍රමවේදයයි.

වයස අවුරුදු 40 ක් වන සුෂ්මිතාට කවුරුත් ආදරය කරන්න හේතු හුඟක් තියෙනවා. ඇගේ පෞරුෂය, නිහතමානී බව, ධනාත්මක චරිත ස්වභාවය මිලියන ගණනක් සිත් දිනාගත්තා.

මේ රාජිණිය වැඩිපුරම ආඩම්බර වන්නේ ඒ එක් දෙයක්වත් නිසා නෙමෙයි. ඇය වැඩිපුරම ආඩම්බර වෙන්නේ ඇගේ දියණියන් වන 16 හැවිරිදි රීනා හා හත් හැවිරිදි අලිෂා නිසයි. ඊට හේතුව ඇය ඇයට ආවේනික ලෙස ඔවුන් ලොකුමහත් කිරීම නිසයි. හුඟක් අවස්ථාවන් වල ඇගේ මේ ඥානාන්විත පියවර හා පුංචි පුංචි ඉඟි හා උපක්‍රම ගැන රසික රසිකාවියන් අතර බෙදාගන්නවා.

හොඳම උදාහරණය ඇගේ දියණිය නේවාසික අධ්‍යාපනය ලබන්න නිවසින් පිටවන දින ඇයට ලියූ ලිපියයි. මේක එක් උදාහරණයක් විතරයි.

මෙවැනි තවත් අවස්ථාවන් වල මිස් යුනිවර්ස් පදවියෙන් පිදුම් ලද මේ අම්මා තමන්ගේ දියණියන් නිදහස් ස්වාධීන දරුවන් ලෙස ලොකු මහත් කරන හැටිත්, එහි වැදගත්කමත්, ඉන් ඇය ඔවුනට ජීවිතයේ වැදගත් පාඩම් කියාදෙන හැටිත් කියා තිබුණා. ඔබ මේ ඥානාන්විත ක්‍රමවේදයන් ගැන ඇසුවොත් පුදුම වෙන එකක් නැහැ.

1. ඇය දියණියන් තුළ විශ්වාසය ගොඩනගාගන්න අයුරු කියාදෙන අවස්ථාවක්.

www.instagram.com/p/BEmH0GUCMbs/

2. තමන්ට ආදරය කරන අය හා පවුලෙහි වැදගත්කම ගැන ඇය කියා දෙන විට.

www.instagram.com/p/BE5tIjkCMcP/

3. හැමවිටම හිතට එකඟ වීමට කියා දෙන විට.

www.instagram.com/p/BH8KOvPjr0g/

4. ඇය දියණියන්ට තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්න හැටි කියා දෙන අවස්ථාවක්.

www.instagram.com/p/BH4svFxDYCO/

මේ ධනාත්මක ඡායාරූප දෙස බලන විට ඇගේ දියණියන් තුළ ඇය පරිපූර්ණ කර ඇති මේ වටිනා සාධනීය ලක්ෂණ ඔබටත් කළ හැකි බවට විශ්වාසයක් ඇතිවේවි.

අපි විශ්වාස කරනවා හැම අම්මා කෙනෙක්ම එකම විදිහට හා ආශ්වාදනීය ලෙස ඔවුන්ගේ බලසම්පන්න කතා බෙදාගනී කියලා. ඒවා ඊළඟ පරම්පරාව ආදරණීය හා ශක්තිමත් කිරීමට හේතුවක් වේවි.  

දරුවන් යහමගට ගන්න හැම අම්මෙකුටම ආවේනික ක්‍රම තියෙන්න පුළුවන්. එය සම්ප්‍රදායේ නැතත් ඉතා යහපත් ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් නිසා theAsianparent Sri Lanka ලෝ පූජිත මේ අම්මා ඇසුරෙන් තොරතුරු ගෙන ආවේ.