සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

සුවදැල් හාල් වල ගුණ මොනවාද ? ඇයි බබාට සුවඳැල් හාල්ම දෙන්න කියන්නේ ? සුවදැල් හාල් බබාට දෙන්නේ කොහොමද?

සුවඳැල් සහල් ගැන වැදගත් කාරණා කිහිපයක් ‌මේ ලිපිය මගින් අප ඔබ ‌වෙත ‌ගෙන එන්න බලාපො‌ෙරොත්තු ව‌ෙනවා. 

අපේ පොඩ්ඩන්ට පෝෂණයෙන් ඉහළ ආහාර දෙන්න අම්මා කෙනෙක් විදියට අපි කොයිකවුරුත් කැමතියි. දරුවාට ඉස්තරම් දේ ලබා දීම තමයි අපේ අරමුණ.

පෝෂණය ගැන කතා කරද්දී අපේ රටේ වටිනා සහල් වර්ගයක් වන සුවදැල් සහල් ගැන වැඩිදුර විස්තර ගෙන එන්නයි මේ සුදානම,

සුවඳැල් සහල් වල ගුණ මොනවාද ? ඇයි බබාට සුවඳැල් හාල්ම දෙන්න කියන්නේ ?

සුවදැල් හාල් බබාට දෙන්නේ කොහොමද? වගේ ප්‍රශ්න කෝටියයි නේද? අපි එහෙනම් ඒ ගැන සොයා බලමු.

බත පිසෙන විට සුවදක් වහනය වෙන සුවදැල් සහල් නිපදවන්න‌ේ ඇල් වී වර්ගයකිනි.

කිරි රසයෙන් යුක්ත මේ බතට  පොඩ්ඩන් කැමතියි.

සුවඳැල් සහල් වල පෝෂ්‍ය පදාර්ථ
  • කාබොහයිඩේ‍්‍රට් 90% 
  •  ප්‍රෝටීන්  7% 
  •  මේදය 0.7% 
  •  තන්තු 0.1% 

මෙය ලංකාවේ දකුණු  පහත බිම් ප්‍රදේශ වල  වගා කෙරෙන සුවදැල් වී වල අස්වැන්න නෙලීමට බොහෝ කාලයක් ගත වෙනවා.

බොහෝ ප්‍රදේශ වල කිරි දානය සකස් කිරීමට යොදාගන්නේද මේ සහල් වර්ගයයි.

සුවදැල් සහල් වලින් ලැබ‌ෙන ප්‍රතිලාභ
  • මෙහි  තන්තු බහුල නිසා ආහාර  හොදින් ජීරණය වෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය වෙනවා.
  • මෙහි අඩංගු කාබොහයිඩේ‍්‍රට් සිරුරට ශක්තිය ලබා දෙනවා.
  • සුවදැල් හාලේ අඩංගු විටමින් E  නිසා සම පැහැපත් වෙනවා.
  • රුධිර පීඩනය වැළැක්වීම කරනවා.
  • ඇසේ මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීමට උපකාරී වෙනවා.  
  • තත්තුමය ස්වභාවය මළබද්ධය වළක්වනවා. 
  • මුත්‍රා පිරිසිදු කරනවා.
  • සිරුරේ හෝමෝන සමතුලනය කරන අතර ස්නායු උත්තේජනය කරනවා.

සුවදැල් කියන්න‌ේ ‌පෝෂණිය සහල් වර්ගයක්, එය වස විෂ ‌නොය‌ෙදු ‌ලෙස මිල දී ‌ගෙන භාවිතා කිරීම වැදගත් ‌වෙනවා.

බබාට සුවඳැල් සහල් වලින් ආහාර 
  • කැරට්/ වට්ටක්කා / පරිප්පු, මාළු, බිත්තර කහමද, පලාවර්ගයක්, පොල්කිරි යොදා හොදට බෙරි වෙන්න පිසගන්න
  • සුවඳැල් සහල් පිස එයට පොල්කිරි යොදා කිරිබතක් පිසින්න පුළුවන්. මෙයට කුරහන් ටිකක් යොදා හදන්නත් පුළුවන්.
  • සාමන්‍යයෙන් අපි හදන සුප් එකට සුවදැල්  සහල් එක්කර රසවත් මෙන්ම පෝෂණිය සුප් එකක් හදාගන්න පුළුවන්.

ගොඩාක් අම්මලා ගොඩාක් විදියට මේ සුවදැල් සහලින් ආහාර හදලා තමන්ගේ දරුවන්ට දෙනවා.

ඔබ ලගත් එවැනි රසවත් රෙසපි ඇත්නම් අපිත් සමග බෙදාගන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.