theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට පිහිනීමට ඉගැන්විය යුත්තේ ඇයි?

3 අවම කියවීම
දරුවන්ට පිහිනීමට ඉගැන්විය යුත්තේ ඇයි?දරුවන්ට පිහිනීමට ඉගැන්විය යුත්තේ ඇයි?

අවුරුදු තුනක පමණ කාලයක පටන් හොඳ ගුරුවරයෙකු යටතේ දරුවෙකුට පිහිනීමට ඉගැන්වීම ඔවුනට වැදගත් වන හේතු 5 ක් ගැන අපි කතා කරමු.

පිහිනීම දරුවන්ට වැඩිහිටියන්ට හැමෝටම විනෝදජනක ක්‍රීඩාවක්. නමුත් එය විනෝදය පමණක් ලබා දෙනවා නොවෙයි. ඉන් ඇති අනෙකුත් ප්‍රයෝජන ගණනාවක් තිබෙන බව ඔබ දන්නවද? විශේෂයෙන් කුඩා කළ සිටම දරුවන්ට පිහිනීමට ඉගැන්වීමේ වැදගත්කමත් එයයි. ඒ නිසා අවුරුදු තුනක පමණ කාලයක පටන් හොඳ ගුරුවරයෙකු යටතේ දරුවෙකුට පිහිනීමට ඉගැන්වීම ඔවුනට වැදගත් වන හේතු 5 ක් ගැන අපි කතා කරමු.

1. ශරීර සුවතාවයට හා නිරෝගී බවට

පිහිනීම මගින් දරුවන්ගේ හදවත හා පෙනහළු මනා ක්‍රියාකාරිත්වයකින් පවත්වාගෙන යාමට උදවු වෙනවා.  24 hours fitness සඳහන් කරන ආකාරයට හෘදයට ඉතා හොඳ ක්‍රියාකාරිත්වයක් සහ ආරක්ෂාවක් පිහිනීම මගින් ලැබෙනවා. ඒ වගේම ළමා කාලයේ ඇතිවන ස්ථුලතාවය නැති කරගැනීමටත් ඉන් ඇතිවිය හැකි දියවැඩියාව මගහැර ගැනීමටත් මේ නිසා උපකාරී වන බව දියවැඩියාව පාලනය කිරීමේ සංගම් පවසනවා.

අනෙක් අතට ව්‍යායාමයක් ලෙස ශරීරයේ සමබරතාවය, ශක්තිය හා කාය වර්ධනයටත් විශාල ලෙස උදවු වෙනවා. ඉරියව් හා සමබරතාව ලබාගැනීම මගින් දරුවන්ට මානසික ඒකාග්‍රතාවය ලබාගැනීමට ඉන් උදවු ලැබෙනවා. මෙම ක්‍රීඩාව තුළින් අස්ථි වලට පීඩනයක් ලබා නොදෙන අතර ශරීරයේ හැම මාංශ පේෂියක්ම ඉතා හොඳින් ක්‍රියා කරවනවා. කුඩා කළ සිටම පිහිනීම ක්‍රීඩාවක් වගේම පුරුද්දක් ලෙස පුහුණුවීම ජීවිත කාලයටම රැගෙන යන වැදගත් පුරුද්දක් වෙනවා.

2. ආත්ම ආරක්ෂාව

පිහිනීමට ඉගෙන ගැනීම දරුවෙකුගේ ජීවිතයට හා ජීවිතාරක්ෂාවට ඉතා වැදගත් වෙනවා. දරුවා පිහිනීමට සමත් නම් ජලය ආශ්‍රිත ඕනෑම අවධානම් අවස්ථාවක දී ඔහුට ඊට නොබියව මුහුණ දිය හැකි බවට ඔබට විශ්වාසයක් පවතිනවා. ජලයේ ක්‍රීඩාවන් හා විනෝදජනක අවස්ථාවන් වලදී ජලය හා පොර බදන්න පිහිනීමට දන්නා අයෙකුට හැර කිසිවෙකුට හැකියාවක් නැහැ. නමුත් අනතුරු වලින් ගැලවීමට මේ පුහුණුව ඔහුට අවියක් වනවා.

නිසි න්‍යායාත්මක පුහුණුව සමග දුර පිහිනීම, කිමිදීම වැනි දේ ටිකෙන් ටික දරුවාට ඉගැන්වීමෙන් ඔහු තුළ ආත්ම විශ්වාසය වගේම ආත්ම ආරක්ෂාවත් සැලසෙනවා.  kidshealth.org ට අනුව වයස 1-24 දක්වා දරුවන්ට මරණය කැඳවන දෙවන හේතුව ලෙස දියේ ගිලීම දක්වනවා. පිහිනීමට ඉගෙනීමෙන් දරුවා පිහිනුම් ශුරයෙකු වනවාටත් වඩා ජලය තුළදී ඔහු විවිධ අත්දැකීම් ලබන නිසා ඒ පිළිබඳ ආගන්තුක බවක් දැනෙන්නේ නැහැ. මේ නිසා ජලයේ ස්වභාවය හඳුනන දරුවා අනාරක්ෂිත තැනකින් ජලයට වැටීමකදී හෝ මුහුදු රළ සමග එන විදුලි රළ ඇති අවස්ථාවක ඉන් ගැලවීමට ඇති අවස්ථාවන් වලට මුහුණ දෙන්න ඉගෙන ගන්නවා.

3. මානසික සුවය

දරුවන් පිහිනීමට හුරු කිරීම හා පිහිනීම මගින් ඔවුන්ට විශාල මානසික සුවයක් හා සැනසිලිදායක බවක් දැනෙන බව 24 hours fitness සඳහන් කරනවා. එය අනෙක් සෑම ව්‍යායාමයකටම වඩා මනස සන්සුන් කරවන බව පැවසෙනවා. ඒ වගේම වැඩිපුර වෙලාවක් ව්‍යායාම කිරීම සඳහාත් පිහිනීම උදවු වන බව පැවසෙනවා. ඒ වගේම මේ නිසා දරුවන්ගේ සම්පූර්ණ හැඟීම් , හැසිරීම් සන්සුන් කරන අතර බොහෝ විට විශාදයෙන් පෙළෙන අයට පිහිනීම මගින් ඉතා හොඳ සුවයක් ලැබෙන බව පවසනවා.

4. ජීවිත කාලයම විඳින්න ලැබෙනවා

ජීවිත කාලයට ගෙන යා හැකි පුරුද්දක් ලෙස පිහිනීම දරුවෙකුට වැදගත් වෙනවා. ජලය ආශ්‍රිත ඕනෑම කටයුත්තකට ජල ක්‍රීඩා, ස්කූබර් ඩයිවින්, පිහිනුම් ක්‍රීඩා, බෝට්ටු සවාරි, වෙරළ ක්‍රීඩා, සර්ෆින් වැනි ඕනෑම කාර්යක සතුටින් නිදහසින් එක් වෙන්න මේ නිසා ඔහුට ඉඩ ලැබෙනවා. ඔහු හැමතැනකම කැපී පේනවා. ඒ වගේම ඉන් ඔහුට හොඳ ආත්ම විශ්වසයක් ලැබෙනවා.   

5. තරඟකාරීත්වය

පිහිනීම විනෝදාංශයක්, කාය වර්ධන අංගයක් වගේම, ක්‍රීඩාවක් ලෙසත් ලොව පුරා ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. දරුවා මූලික පිහිනීම ඉගෙන ගන්නා අතර තුර ඔහු ඊට වැඩි දක්ෂතා දක්වන්නේ නම් ඔහු තරග වලට යොමු කිරීම මගින් ඔහු

තරගකාරීත්වය අවබෝධ කරගන්නවා වගේම එය ඔහුගේ පාසලේ අනෙකුත් කටයුතු සඳහා පිටිවහලක් වනවා. ඔහු වැඩිහිටියෙකු වූ පසුවත් ඔහුගේ ජීවිතයට එය වැදගත් වන්නේ තරගකාරිත්වයට පීඩනයෙන් තොරව මුහුණ දෙන්න ඔහු සරලව ඉගෙන ගන්න නිසයි.

සැහැල්ලු මනසක් හා නිරෝගී සුවයක් තරම් දරුවෙකුගේ ජීවිතයට වටිනා දෙයක් නැති තරම්. ඒ සැහැල්ලුව සතුට වෙනුවෙන් පිහිනීම ගැන අදහස් එකතු කරන්නට theAsianparent Sri Lanka අපි මේ මගින් උත්සාහ කළා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ව්‍යායාම
  • /
  • දරුවන්ට පිහිනීමට ඉගැන්විය යුත්තේ ඇයි?
බෙදාගන්න :
  • දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

    දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

  • මිලට ගන්න බැරි ගමේ සුන්දරත්වයේ ඉමිහිරි සතුට දරුවන්ට විඳින්න දෙන්න

    මිලට ගන්න බැරි ගමේ සුන්දරත්වයේ ඉමිහිරි සතුට දරුවන්ට විඳින්න දෙන්න

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

    දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

  • මිලට ගන්න බැරි ගමේ සුන්දරත්වයේ ඉමිහිරි සතුට දරුවන්ට විඳින්න දෙන්න

    මිලට ගන්න බැරි ගමේ සුන්දරත්වයේ ඉමිහිරි සතුට දරුවන්ට විඳින්න දෙන්න

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it