theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාන්තාවකට ඇතිවිය හැකි හෘදයාබාධයක ලක්ෂණ 4ක්

8 අවම කියවීම
කාන්තාවකට ඇතිවිය හැකි හෘදයාබාධයක ලක්ෂණ 4ක්කාන්තාවකට ඇතිවිය හැකි හෘදයාබාධයක ලක්ෂණ 4ක්

මෑත අධ්‍යනයන් මගින් සොයාගෙත තිබෙන්නේ ධමනි අවහිරයකින් තොරවම කාන්තාවන්ට හෘදයාබාධයක් ඇතිවිය හැකි බවයි. එනම්, මෙම ලක්ෂණ නොදැනුවත් කමින් නොසලකා හැරීම නිසා වෙනත් සංකූලතා හා අවසානයේදී මරණය පවා අත්විය හැකි බවයි.

ජනප්‍රිය විශ්වාසයන්ට පටහැනිව, කාන්තාවන්ටද පිරිමින්ට මෙන්ම හෘදයාබාධවලට ගොදුරු වීමේ අවධනමක් ඇත. ඇත්ත වශයෙන්ම, කාන්තාවන් තුළ හෘදයාබාධ ඇතිවීමේ සලකුණු සාපේක්ෂව වඩාත් සියුම්ය. එම නිසා  මෙම කාන්තාවන්ට ඇතිවිය හැකි හෘදයාබාධයක ලක්ෂණ වඩාත් භයානක වේ. නමුත් කාන්තාවන් තුළ හෘදයාබාධයක රෝග ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?

හෘදයාබාධයක මෙම පොදු අනතුරු ඇඟවීමේ සංඥා ගැන මිනිසුන් සාමාන්‍යයෙන් දනිති:  නිදසුනක් ලෙස පපුවට පිහියෙන් අනිනවා සේ දැනීම.

නමුත් කාන්තාවන්ගේ හෘදයාබාධයක ලක්ෂණ වලිට එම ලක්ෂණය ඇතුළත් වන්නේ නැහැ.

සියලු අනතුරු ඇඟවීමේ සංඥා ගැන අප දැනුවත්ව සිටීම ඉතා වැදගත් වේ.

කාන්තාවන් තුළ හෘදයාබාධයක රෝග ලක්ෂණ ගැන වඩිපුර අසන්නට දකින්නට නොමැති නිසා ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර වලට නැඹුරු වීමට වැඪි ඉඩක් තිබේ.

කාන්තාවකට ඇති විය හැකි හෘදයාබාධයක ලක්ෂණ 4ක්

පහත දක්වා ඇති හෘදයාබාධයක ප්‍රධාන රෝග ලක්ෂණ හතරෙන් එකක් හෝ ඔබ අත්දකින්නේ නම්, ඔබ වහාම රෝහලට යා යුතුය. ඒවා සියුම් සංඥා විය හැකි නමුත් නොසලකා හැරියහොත් මාරාන්තික විය හැකිය.

heart attack symptoms warning signs

කාන්තාවන්ට ඇතිවිය හැකි හෘදයාබාධයක ලක්ෂණ: අසාමාන්‍ය තෙහෙට්ටු ගතිය ඉන් එකක්. | Stock photo

1. අසාමාන්‍ය ලෙස තෙහෙට්ටුව හා මහන්සිය දැනීම

අම්මලා කියන්නේ අතිෂයින්කාර්‍යබහුල කොට්ඨාෂයක්. එනමුත්, අසාමාන්‍ය ආකාරයක මහන්සි හෝ තෙහෙට්ටු ගතියක් දැනේ නම් වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීම කල් නොදමා කරගත යුතු දෙයක්. නමුත් මොකද්ද මේ අ’අසාමාන්‍ය මහන්සි ගතිය’ කියන්නේ? 

  • සාමාන්‍ය ව්‍යායාම කිරීමකින් පසුව වෙනදාට වඩා වෙහෙස ගතියක් දැනේ. 
  • වැඩි වෙහෙසක් නූවත්, තෙහෙට්ටු ගතියක් හා පපුව “බර” ගතියක් අත්දැකිය හැක. මෙය සමාන්‍යයෙන් ඔබගේ කාමරය අස්පස් කිරීම හෝ වැසිකිළියට ඇවිද යාම වැනි සරල ක්‍රියාකාරකම් විය හැකිය.
  • ඇඟට මහන්සිය තිබුනත්, රාත්‍රී කාලයේදී ඔබ අවදි වේ.

2. දහඩිය දැමීම, හුස්ම හිරවීම, ඔක්කාරය

පුද්ගලයෙකු වයසින් වැඩි වත්ම, ව්‍යායාම නොමැතිකම සහ ක්‍රමයෙන් බර වැඩිවීම හේතුවෙන් හුස්ම හිරවන ගතිය ඇතිවන්නට පුළුවන්.

කාන්තාවන් ආර්ථවාභාවයට මුහුණ දෙන විට (menopause) ඔසප් වීමේදී කාන්තාවන් සාමාන්‍යයෙන්ට හදිසි උණ ගතියක් (hot flashes) ඇති වන්නට  පුළුවන්.

කෙසේ වෙතත්, හෘදයාබාධ තත්වයකදී මේ ගතිය දැනෙනුයේ මැරතන් ධාවනයකින් පසුව පපුවට දැනෙන වෙහෙසකර බවයි.

එවන් තෙහෙට්ටුවක් අත්දකින්නේ නම් වහාම වෛද්‍ය සහය පැතිය යුතුයි.

හෘදයාබාධ සංඥා ලෙස පහත ලක්ෂණ ගැනද සැළකිලිමත් විය යුතුයි:

  • වෙහෙස නොවුනත් හදිසියේ දහඩිය දැමීම හෝ හුස්ම හිරවන ගතිය
  • වෙහෙස මහන්සි වී වැඩ කළ විට හුස්ම හිරවන ගතිය තවත් වැඩිවේ.
  • හාන්සි වී සිටින විට හුස්ම හිරවීම තවත් වැඩි වන අතර වාඩි වූ විට යම් සහනයක් දැනේ
  • සැබෑ ලෙස ආතතියට පත් නොවූ විටක පවා අහඹු ලෙස දහඩිය දැමීම (සීතල හා උදාසීන ගතියක් දැනීම)
  • පපුවේ වේදනාව හෝ තෙහෙට්ටුව වැනි වෙනත් රෝග ලක්ෂණ සමඟ දහඩිය දැමීම හෝ හුස්ම හිරවීම

3. සිරුරේ විවිධ ස්ථාන වල වේදනාව 

මනුෂ්‍ය ශරීරය යනු සංකීර්ණ අන්තර් සබඳතා සහිත පද්ධති සමූහයකි. බොහෝ විට, එක් ප්‍රදේශයක ඇති වන ගැටළුවක් ශරීරයේ වෙනත් තැනක ගැටළු ඇති කළ හැකිය.

මෙම අවස්ථාවේ දී එක් අතක හෝ අත් දෙකේ වේදනාව, පිට, බෙල්ල, ආමාශය හෝ හකු ආදියේ වේදනාව හෝ අපහසුතාව හෘද රෝගයේ සංඥාවක් විය හැකිය.

වේදනාවේ මූලාරම්භය නිශ්චය කිරීම අසීරුය. වේදනාව දැනෙන ප්‍රදේශය නිශ්චිත ලෙස පෙන්වීම  මදක් අසීරු වේ.

ඔබට දැනෙන වේදනාව හා අපහසුතාවය තවත් වර්ධනය වන්නේ නම් නොපමාව වෛද්‍යවරයෙකු වෙතට යොමු විය යුතුයි.

ඔබට බඩේ අජීර්ණ ගතියක්, බඩ පිරවුනු ගතියක් තිබේ නම්, එයට වෛද්‍යවරයාගෙන් වැඩි තැකීමක් නැතිනම්, නොපමාව තවත් වෛද්‍යවරයෙකු හමුවන්න.

4. පපුවේ වේදනාව

සමහර විට කාන්තාවන්ගේ හෘදයාබාධයක සියලු රෝග ලක්ෂණ අතුරින් වඩාත් කැපී පෙනෙන මෙන්ම, බහුලම ලක්ෂණය මෙයයි.

මෙය සිරුරට අපහසුතාවක් ගෙනෙන්න පීඩනයක්, මිරිකීමක් හෝ පපුවේ මධ්‍යයේ පූර්ණ බවක් හෝ වේදනාවක් විය හැකියි.

එය මිනිත්තු කිහිපයකට වඩා පවතී. විටෙක වේදනාව පහව ගොස් නැවත් මතුවේ.

පිරිමින්ගේ මෙන්ම, කාන්තාවන්ගේද වඩාත් පොදු හෘදයාබාධ රෝග ලක්ෂණය වන්නේ පපුවේ වේදනාව හෝ අසහනයයි.

නමුත් ඉහත සඳහන් කළ වෙන්ත් රෝග ලක්ෂණ, පිරිමින්ට වඩා කාන්තාවන් විසින් අත් දකී. විශේෂයෙන් මේවා හුස්ම හිරවීම, ඔක්කාරය / වමනය සහ පිටකොන්ද හෝ හකු වේදනාවයි.

කාන්තාවන්ට සහ පිරිමින්ට ඇතිවන හෘදයාබාධ අතර වෙනස

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි සීඩාර්ස්-සීනයි වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යයනයකින් පුරුෂයින් හා ස්ත්‍රීන් අතර හෘදයාබාධ රෝග ලක්ෂණ වල වෙනස තවදුරටත් ඉස්මතු කර තිබෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

අධ්‍යයනයට අනුව, කාන්තාවන්ට ආවේණික වූ හෘදයාබාධයක ලක්ෂණ:

1. ධමනි අවහිර නොවී කාන්තාවන්ට හෘදයාබාධ ඇති වේ

සීඩාර්ස්-සීනයි අධ්‍යයනයට අනුව, සහභාගී වූ කාන්තාවන්ගෙන් 8% ක් (සහභාගී වූ 340 න් 26 ක්) ධමනි අවහිර වී නොමැතිවත් පපුවේ වේදනාව පිළිබඳ පැමිණිලි තිබියදීත්, ඔවුන්ගේ හදවත් වල හෘදයාබාධයක පෙරනිමිත්තක් වන කැළැල් පෙන්නුම් කර ඇත.

මෙම කාන්තාවන් 26 දෙනාගෙන් තුනෙන් එකක් පමණ හෘදයාබාධයකින් පෙළෙන බව මීට පෙර කිසි විටෙකත් හඳුනාගෙන නොමැත.

වසරකට පසුව, ඔවුන්ගෙන් දෙදෙනෙකුට නව හෘද කැළැල් ඇති බව සොයාගැනුනි. පපුවේ වේදනාව තිබුණද ඔවුන් කිසි විටෙකත් හෘදයාබාධයකින් පෙළෙන බවට නිර්ණය කෙරුනේ නැත.

2. පපුවේ තෙරපුමකින් තොරව ඇතිවන හෘදයාබාධ

“පිරිමියෙකුට හා කාන්තාවන්ට තම පපුව මත ඇතෙකු වාඩි වී සිටින ලෙස දැනෙන පපුවේ පීඩනය අත් දැකිය හැකි වුවද, කාන්තාවන්ට පපුවේ පීඩනයකින් තොරව හෘදයාබාධයක් අත්විඳිය හැකිය”. යනුවෙන් NYU හි කාන්තා සෞඛ්‍ය පිළිබඳ ජෝන් එච්.

ලැන්ගෝන් වෛද්‍ය මධ්‍යස්ථානය සහ ඇමරිකානු හෘද සංගමයේ ස්වේච්ඡා සේවකයෙක් පැවසුවා.

“ඒ වෙනුවට ඔවුන්ට හුස්ම හිරවීම, පහළ පපුවේ හෝ උදරයේ පීඩනය හෝ වේදනාව, කරකැවිල්ල, සැහැල්ලු හිසරදය හෝ ක්ලාන්තය, ඉහළ පිටුපස පීඩනය හෝ අධික තෙහෙට්ටුව ඇතිවිය හැකිය” යනුවෙන් වෛද්‍ය ගෝල්ඩ්බර්ග් පවසයි.

3. උඩු කොන්දේ තෙරපුම

වෛද්‍ය ගෝල්ඩ්බර්ග් පවසන පරිදි ශරීරය වටා කඹයක් එතෙන විට දැනෙන තෙරපුම වැන්නක් කොන්දේ ඉහළ ප්‍රදේශයෙන් කාන්තාවන් අත්දුටු අවස්ථා වාර්තා වී තිබෙනවා.

පිරිමින් තුළ අප දකින සාමාන්‍ය රෝග ලක්ෂණ කාන්තාවන් නොපෙන්වුවත්, ඔවුන් පපුවේ වේදනාව ගැන පැමිණිලි කිරීමේදී එය බැරෑරුම් ලෙස සැලකිය යුතු බව මෙම අධ්‍යයනයෙන් සනාථ වනවා.” යැයි පළමු කතුවරයා වන වෛද්‍ය ජැනට් වී සීඩාර්ස්-සීනයි ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් කරයි.

“බොහෝ විට, මෙම කාන්තාවන්ට හෘදයාබාධයක් නොමැති බව පැවසන අතර සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවට ඔවුන්ව ගෙදර යවනු ලැබෙනවා.” වෛද්‍ය වී තවදුරටත් පවසයි.

හෘදයාබාධ වැළැක්වීම: කාන්තාවන් තුළ හෘදයාබාධයක ලක්ෂණ දැන ගන්න

symptoms of a heart attack in women

Back pain is also a sign. | Stock photo

හෘද රෝග යනු අපට වළක්වා ගත හැකි දෙයකි. වෛද්‍ය ගෝල්ඩ්බර්ග් කාන්තාවන්ට හෘදයාබාධයක් වළක්වා ගත හැකි පහත ක්‍රම යෝජනා කරයි:

  • හෘද රෝග ඇතුළු සෞඛ්‍ය පරීක්ෂණයක් කරගැනීමට වසරකට වරක්වත් වෛද්‍ය හමුවකට කාලය වෙන් කරගන්න.
  • දුම්පානය කිරීමෙන් වළකින්න. දුම්පානය නොකිරීමෙන්  හෘද රෝග ඇතිවීමේ අවදානම 50% කින් අඩු කළ හැකිය.
  • දෛනික පුරුද්දක් ලෙස ව්‍යායාම කරන්න. දිනකට මිනිත්තු 30 ක් ඇවිදීම හෘදයාබාධ හා stroke එකක් ඇතිවීමේ අවදානම අඩු කරයි.
  • අවශ්‍ය විට, සෞඛ්‍ය සම්පන්න ආහාර පිසීමේ උපදෙස් කිහිපයක් සමඟ පවුලේ ආහාර වේල වෙනස් කරන්න. ඔබගේ පවුලේ ආහාර වේල වැඩි දියුණු කිරීම සඳහා හොඳ විකල්ප, සෞඛ්‍ය සම්පන්න යෝජනා සහ වඩා හොඳ ආහාර පිළියෙල කිරීමේ ක්‍රම තිබේ.

නිදසුනක් වශයෙන්, කුකුළු මස් පිළියෙළ කිරීමේදී, තද මස් (කකුල් සහ කලවා) වෙනුවට සිහින් සැහැල්ලු මස් (පියයුරු) භාවිතා කරන්න. කුකුළු මස් සම රසවත් බව අපි දනිමු. නමුත් ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් එය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම හොඳය.

ඔබේ වෛද්‍යවරයාට පැවසිය යුත්තේ කුමක්ද?

බොහෝ විට හෘදයාබාධයකදී  සති කිහිපයකට හෝ මාස කිහිපයකට කලින් සිටම හෘදයාබාධ ඇතිවීමේ පෙරනිමිති අත්දකින්නට පුළුවන්.

මේ පෙරනිමිති නොසලකා හරින්නේ නැතිනම් හෘදයාබාධයක් වළක්වාගත හැකි වනවා.

ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවූ විට පහත ආකාරයෙන් ඔහු දැනුවත් කරන්න:

  • ඔබේ හෘදයාබාධ රෝග ලක්ෂණ අනතුරු ඇඟවීමේ සං ඥා සහ ඒ ආශ්‍රිත ඔබේ අත්දැකීම් ලයිස්තුවක් පිළියෙල කර වෛද්‍යවරයාට  පෙන්වන්න.
  • හෘදයාබාධ ආශ්‍රිත ඔබේ පවුල් ඉතිහාසය ගැන ඔහු දැනුවත් කරන්න.
  • මානසික ආතතිය හෝ මෙයට හේතුකාරක විය හැකි යමක් ඔබට දැනේ නම්, ඒ ගැන පවසන්න.

ඔබේ වෛද්‍යවරයාට ඇහුම්කන් දෙන්න. එය හෘදයාබාධයක් නොවන බව වෛද්‍යවරයා ඔබට පවසන්නේ නම්, තවත් වෛද්‍යවරයෙක් හමුවන්න.

කාන්තාවන් තුළ හෘදයාබාධ ඇතිවීමේ ලක්ෂණ වෛද්‍යවරුන් විසින් නොසලකා හැරීමේ ඉඩකඩ තිබෙන බැවිනි.

කාන්තාවන් තුළ ඇති විය හැකි හෘදයාබාධයක ලක්ෂණ සඳහා ප්‍රථමාධාර

ඔබට තනිවම සිටින වේලාවක හෘදයාබාධ තත්වයකට නමුහුණ දෙන්නේ නම්, පහත පියවර අනුගමනය කරන්න. ඔබ වටා කවුරුන් හෝ සිටී නම්, පහත පියවර සඬහා ඔවුන්ගේ උදව් ගන්න:

  1. වාඩි වී, විවේකයෙන් සිටින්න. සන්සුන්ව සිටීමට උත්සාහ කරන්න.
  2. ඔබ ඇඬ සිටින ඇඳුම් ලිහිල් කරගන්න (කමිසයක් නම් බොත්තම් ගලවාගන්න, බඳ පටි, සපත්තු ආදිය ගලවාගන්න. බ්‍රා එක ගලවන්න).
  3. හෘද රෝගයක් සඳහා ඔබ දන්නා යම් ඖෂධයක් වේනම් එය අරගන්න.
  4. බෙහෙත් ගැනීමෙන් හා විවේක ගැනීමෙන් විනාඩු තුනක් ගතවූ පසුත් වේදනාව ක්ෂණිකව පහව නොයන්නේ නම්, වහාම හදිසි වෛද්‍ය උපකාර ඉල්ලා සිටින්න.

මේ දේවල් කරන්න එපා!

යමෙකුට හෘදයාබාධයක් ඇති වූ විට නොකළ යුතු දේවල්ද තිබේ. ඔබ අසල යමෙකුට හෘදයාබාධයක් තිබේ නම්, මේවා නිතරම මතකයේ තබා ගන්න:

  1. පුද්ගලයා තනි නොකරන්න. රෝගියා අසල සිටිමින්ම අවශ්‍ය උපකාර ඉල්ලා සිටින්න.
  2. රෝග ලක්ෂණ නොසලකා හරින්නට හෝ හදිසි උපකාර ඉල්ලා නොසිටින්නට රෝගියාට අනුබල දෙන්න එපා.
  3. රෝග ලක්ෂණ පහව යයිදැයි බලා සිටින්න එපා.
  4. හෘද රෝගයක් සඳහා ඔබ දන්නා යම් ඖෂධයක්  (නයිට්‍රොග්ලිසරින්/nitroglycerin වැනි) හැර, වෙනත් කිසිවක් රෝගියාට කවන්නට, පොවන්නට තැත්කරන්නට එපා.

හෘදයාබාධයක ලක්ෂණ: ඔබට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් තිබේදැයි දැනගන්නේ මෙහෙමයි

symptoms of a heart attack in women

ආර්තවාභාවය (menopause) ඇතිවීමට කලින් සිරුරේ මුදාහැරෙන කාන්තා හෝමෝන මගින් කාන්තාවන්ගේ කිරීටක හෘද රෝගවලට යම් ආරක්ෂාවක් ලබා දෙනවා.

කෙසේ වෙතත්, ආර්තවාභාවය (menopause) වීමෙන් පසු සෑම වසරකම හෘදයාබාධ අවදානම වැඩිවනවා.

වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවක් සෑම මාස හයකට වරක්වත් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වීම ඉතාම වැදගත් වනවා.

අධි රුධිර පීඩනය හෝ අධි කොලෙස්ටරෝල් වැනි තත්වයන් හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම කාන්තාවන්ගේ අනාගත හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරනු ලබනවා.

ඔබගේ පවුලේ සෞඛ්‍ය ඉතිහාසය ගැන සොයා බලා දැනුවත් වීමද වැදගත් වන්නේ එමගින් ඔබට ඇති අවදානම ගැන අවබෝධයක් ඇතිකරගත හැකි නිසයි.

කාන්තාවන් තුළ හෘදයාබාධයක ලක්ෂණ කිසිවිටෙකත් නොසලකා හරින්න එපා!

ගෝල්ඩ්බර්ග් පවසන්නේ හෘදයාබාධයක් ඇති වූ විට, ඇස්පිරින් පානය කර කිසි උදව් ඉල්ලා නොසිටින බොහෝ කාන්තාවන් තමන් දුටු බවයි.

බොහෝ විට, කාන්තාවන් මෙම සංඥා දකින්නේ උදරයේ ගෑස් තත්වයක් හෝ, ඇසිඩ් තත්වයක් හෝ සාමාන්‍යයෙන් වයසට යාමේදී ඇතිවන තට්වයක් මිසක් ඊට වඩා බැරෑරුම්, ජීවිත තර්ජනයක් ඇති රෝග ලක්ෂණයක් ලෙස නොදකින බවයි.

පුරුෂයින් හා ස්ත්‍රීන් අතර ඇතිවිය හැකි හෘදයාබාධ රෝග ලක්ෂණ වල වෙනස්කම් පිළිබඳව සොයා බැලූ තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ හෘදයාබාධයක සාම්ප්‍රදායික පෙරනිමිත් හා රෝග ලක්ෂණ අත්විඳ නැති සමහර කාන්තාවන්ට නිසි ප්‍රතිකාර නොලැබෙන බවයි.

මේ හේතුවෙන් අරිතිමියාව (අසාමාන්‍ය හෘද ස්පන්දනය), හෘදයාබාධය වැනි සංකූලතා හා හෘදයාබාධ නිසා හෝ මරණය  පවා ඇති විය හැකි බවයි.

අධ්‍යයන ප්‍රතිඵල වලින් පිරිමින්ට මෙන් නොව, හෘදයාබාධ පෙරනිමිති සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උත්සාහ කළ කාන්තාවන්  හෘදයට සම්බන්ධ නොවන රෝග ලක්ෂණ ඇති බවට නිර්ණය කර රෝහලෙන් පිටත් කෙරුණු බවයි.

එබැවින් කාන්තාවන් කිසි විටෙකත් හෘදයාබාධ රෝග ලක්ෂණ අනතුරු ඇඟවීමේ සංඥා නොසලකා හැරීය නොයුතුයි. හැකි ඉක්මනින් වෛද්‍ය උපකාර ලබා ගැනීම වැදගත් වනවා.

හදිසි ප්‍රතිකාර ලබාගැනීම

හදිසි හෘදයාබාධ තත්වයකදී ඔබ ළඟම ඇති රෝහලට යා යුතුයි.

ඇම්බියුලන්ස් සේවාව සඳහා 110 අමතන්න

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • රෝග සහ හදිසි අනතුරු
  • /
  • කාන්තාවකට ඇතිවිය හැකි හෘදයාබාධයක ලක්ෂණ 4ක්
බෙදාගන්න :
  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

  • 5 Subtle Ways To Tell Your Husband He's Bad In Bed

    5 Subtle Ways To Tell Your Husband He's Bad In Bed

  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

  • 5 Subtle Ways To Tell Your Husband He's Bad In Bed

    5 Subtle Ways To Tell Your Husband He's Bad In Bed

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it