theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තරහා ගියහාම දරුවා තදින් සොලවන්න එපා

6 අවම කියවීම
තරහා ගියහාම දරුවා තදින් සොලවන්න එපාතරහා ගියහාම දරුවා තදින් සොලවන්න එපා

තාත්තා තරහෙන් ස‌ොලවපු නිසා සදාකාලයටම ආබාධිත වු ‌සේවියර් බබා ගැනයි ‌මේ...

දෙමව්පියන්ගේ තරහා නිසා දරුවන් සෙලවීම ගැන මවක් කියු මේ භයානක කථාව ඔබ වෙත අප අද ඉදිරිපත් කරනවා.

මේ ඛේදජනක ඉරණමට ගොඳුරු වුයේ ඒ මවගේ අලුත උපන් පුතායි. මෙහි ලක්ෂණ, එය කුමක්ද සහ එය වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සියලු දෙමාපියන් දැනුවත් කරන්න මේ අම්මාට අවශ්‍ය වෙලා තියෙනවා.

 මේ ඛේදනීය ඉරණමට මුහුණ දෙන්නේ පුංචි සේවියර් (Xavier) බබාගේ  අම්මා වුන ඇන්ජි සෙට්ලැක්ටයි. 2018 මැයි මාසයේ උපත ලැබු සේවියර් මේ සිදුවීම වෙනවිට මාස හයක හුරුබුහුටි ළදරුවෙක්.

ගර්භණි සමය සේවියර්ගේ අම්මාට අති දුෂ්කර එකක් වුනා. ඇයගේ සහකරුවා ඇයව රවටා තිබුනා.

ඒ නිසාම ඇය ආතතියෙන්  සහ ඉහළ රුධිර පීඩනයෙන් පීඩා වින්දා. අවසානයේදී පුංචි සේවියර් සති 4 ක් කලින් උපත ලැබුවා.

ඔහු උපදින විටත් නිරෝගී ළදරුවෙක්. එහෙත් ගෙදර යාමට පෙර ඔහුව අලුත උපන් දරුවන් සදහා වන දැඩි සත්කාර ඒකකයේ  (NICU) තබාගෙන නිරීක්ෂණය කලා.

දරුවාට මාස තුනක් වෙද්දී ඇන්ජිට නැවත  සේවයට වාර්තා කිරීමට සිදුවීම ඇයගේ ජීවිතය උඩු යටිකුරු කලා.

සේවියර් බලාගැනීම කොතරම් දුෂ්කරද කියා ඇයට හැමදාම දරුවාගේ  පියා කෙටි පණිවුඩ එව්වා. ඒ නිසා ඔවුන් වෙනත් විසඳුමක් සෙවීමට හිතුවා.

එතකොට  දිවා කාලයේදී ඔහුට සේවියර් රැක බලාගැනීමට සිදුනොවේ යැයි, ඇය දරුවාගේ පියාට පැවසුවා.

දරුවා රුක බලා ගැනීම

ඇය ප්‍රසුත නිවාඩු ලබා සිටියදී, සේවියර්ගේ පියා දරුවා  සමඟ තනිව සිටියේ පැය දෙකක තරම් කාලයක් පමණයි. ඒ කාලයේ සියල්ල හොඳින් සිදුවුනා.

ඔහු රාත්‍රියේ රැකියාව  කළා. ඒනිසා, ඇන්ජි දිවා කාලයේ රැකියාව කරන අතරතුර සේවියර්ව ඔහු විසින් රැකබලා ගැනීමටත් ඔහු ‍රාත්‍රියේ රැකියාව  කරන විට ඇය දරුවා බලාගැනීමටත් ඔවුන් සැලසුම් කළා. 

ඇන්ජිගේ කලින් සහකරුවා අවුරුදු 10 ක් වයසැති දරුවෙකුව හදා වඩා ගත්තා. ඇය ඒ අවස්ථාවේදී දැඩි ලෙස කලබල වුණත්, සෑම දෙයක්ම හොඳින් සිදුවන බව ඔහු ඇයට සහතික කළා. 

ඒ නිසා මේ අවස්ථාවේදීද එය එසේ වේයැයි අවාසනාවකට හෝ ඇය හිතන්න ඇති,

නමුත් එක් අවස්ථාවකදී සේවියර්ගේ පියා ඇන්ජිට පණිවිඩයක් යවමින්, ඔහුට දැන් දරුවා ඝාතනය කරන්න පුළුවන්ද කියා ඇසුවා.

1

ඇන්ජි තමන් ඉක්මනින්ම ගෙදර  එන බව ඔහුට දැන්වුවා. 

නමුත් ඇයට කිසි විටෙකත් තම පුතුගේ ජීවිතය අනතුරේ යැයි සිතුනේ නැහැ .

තව පැය කිහිපයකින් ගෙදර ගොස් තම කුඩා දරුවා ගත කල හැකි බව හා සියල්ල හොඳින් සිදුවන බව, දරුවාගේ පියා ගෙන් ලද හදිසි පණිවිඩ වලින් පසුව වුවත් ඇන්ජි කල්පනා කලා.

දහවල් 2.30 ට පමණ ඇයට  පණිවිඩයක් ලැබුණා.

 “සේවියර් හුස්ම ගැනීම නැවැත්තුවා. දැන් ගෙදර එන්න. ” යන්න එහි සඳහන් වුනා.

ඇය ගෙදරට කතා කළා. ඇගේ දරුවාට කිරි  හිර වීම නිසා හුස්ම හිරවී ඇති බවත්, දරුවාව ඔහුගේ පියා සියැටල් ළමා රෝහලට ගෙන යන බවත් එහිදි ඇයට දැනගන්න ලැබුනා.

ඇන්ජි රෝහලට දිව ගියා.  ඇයගේ කිලෝ 4.5 ක් පමණ බර දරුවා කාමරයක සිටි අතර එහි  වෛද්‍යවරුන් පිරි සිටියා. දරුවා හඬනවා ඇසුන නිසා ඇය හිතුවේ තවදුරටත් ගැටලුවක්  නැහැ කියලා.

අවසානයේදී, ඇයට දරුවා ළඟට ගිහින් ඒ පුංචි අතින් අල්ලා ගැනීමට  අවසර ලැබුණා. නමුත්, ඔහු එකවරම නිහඬ හා සුදුමැලි වුනා. කුමක් අනතුරක් ඇයට දැනුනා.

එවිට වෛද්‍යවරු ඇයට පැවසු අවසනාවන්ත වදන් ඔබ දන්නවාද? ඒ  ඇයගේ කුඩා දරුවාගේ මොළයෙන් ලේ ගලන බවයි.

දෙමව්පියන්ගේ තරහා: හේතුව ඔබ දන්නවාද ?

සේවියර් රැකබලා  ගැනිමේදී ඇති වු කෝපය නිසා ඔහුගේ  පියා දරුවා සොලවා තියෙනවා. ඉන් දරුවාගේ මොළයට හානි වුනා. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මෙම සෙලවීමෙන් මොළයට හානි වු බව පෙන්වන ලක්ෂණ වලින් එකක් වු වලිප්පු තත්වය ඔහු පෙන් වුවා. ඒ නිසාම පුංචි සේවියර්ට කෝමා තත්වයට පත්වීමට සිදු වුනා.

"ඔහු අන්ධ වෙන්න පුළුවන් ’ නැතිනම් ‘ඔහුට කිසි විටෙකත් ඉගෙනීමට, ඇවිදීමට, කතා කිරීමට, සෙලවීමට නොහැකි වෙන්න පුළුවන් යන සියල්ලම මට ඇසුනා …’ ”ඇන්ජි එක් තැනක සටහන් කළා. “ ඔහු මා ළඟට යලිත්  එවී කියලා මම දැනගෙන හිටියා”

2

දෙමව්පියන්ගේ තරහා: අවසානයේදී යලිත් ගෙදරට

සති දෙකකට වැඩි කාලයක් රෝහලේ ගත කළ සේවියර් බබාට අන්තිමට ගෙදර යාමට අවසර ලැබුණා .

ඒ වගේම  සිද්ධිය වූ දා රාත්‍රියේම දරුවාගේ පියා පළමු වරට ළමා අපයෝජනය සිදු කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මාස තුනක් ගෙවි ගියා. ඇන්ජිට දැන් එයට හේතුව සෙවීමට වඩා දැන් කුමක් කල යුතුද යන්න වැදගත් වෙනවා.

සම්පූර්ණ සුවය ලබා ගැනීම සඳහා සේවියර්ට තවමත් බොහෝ කාලයක්  ගතවේවි.

සතිපතා ඔහුව චිකිත්සකයින් වෙත ගෙන යනවා. ඔහුගේ මොළය මූලික වශයෙන් අවදි කර නැවත යථා තත්වයට පත් කළ යුතු බව ඔහුගේ මව පවසනවා.

එසේම, ඔහු මස්තිෂ්ක ආඝාතය ඇතිවීමේ අවදානමට මුහුණ දී සිටිනවා. නමුත්  එම රෝග විනිශ්චය කිරීමට තව වසර දෙකක් ගතවෙනවා.

මේ සියලු අභියෝග මධ්‍යයේ ඇන්ජි බලාපොරොත්තු දල්වා ගෙන බලා සිටිනවා.

ඒ වගේම  ඇඬීම හෝ කරදර කිරීම නතර නොකරන ළදරුවෙක් හා කටයුතු කරන සියලු දෙමව්පියන්ට ඇය මෙම වැදගත් පණිවිඩය ලබාදෙනවා.

 “ඔබ කොහේ හරි ගොස් අඬන්න,  කෑගහන්න, නැත්නම් කාටහරි කතා කරන්න. ඔබ ඔබේ කලකිරීම් දුරු කර ගෙන පසුව ඔබේ ආදරණීය දරුවා වෙත පැමිණ නැවත කටයුතු ආරම්භ කරන්න. අදටත් සේවියර් අඬනවා. ඒ වගේම  කරදර කරනවා,"

"ඒ වගේ වේලාවට මම ඔහුව බිමින් තියලා ඉවතට යන අවස්ථා තියෙනවා. මවුපියන් ලෙස ඔබ එසේ කිරීම සුදුසු නිසයි.

අපේ කතාව කියවන කවුරුහරි මේ සියල්ල සිතට ගෙන ළදරුවෙකු සෙලවීම නොකිරීම කෙතරම් වැදගත් ද යන්න අවබෝධ කරගනී කියලා  මම හිතනවා.

මොනවා වුනත්, ඔබ කවදාවත් බබෙක්ව සොලවන්න එපා. එය පහසුවෙන් වළක්වා ගන්න පුළුවන් නේද? කෝපයේ එක් මොහොතක් මගේ දරුවාව සදහටම ආබාධිත කළා.

දෙමව්පියන්ගේ තරහා: දරුවන් සෙලවීමේ අනතුර ගැන දන්නවාද?

කෝපයෙන් හෝ කලකිරිමෙන් වැඩිහිටියෙකුට කුඩා දරුවෙකු සොලවන්නට පුළුවන්.

කෙසේ වෙතත්, එම ඉක්මන් තත්පර කිහිපය තුල ඔබේ  දරුවාගේ කැඩෙන බිඳෙන සුළු මොළය හිස් කබල තුළ පිටුපසට හා පසුපසට ලිස්සා යාමට ඉඩ තියෙනවා.

ඒ මඟින් යථා තත්වයට පත්කල නොහැකි  කම්පනයක් මොළයේ ඇති කරනවා. මෙය දරුවන් සෙලවීමේ අනතුරයි.

මෙහි රෝග ලක්ෂණ සහ  ප්‍රතිවිපාක දරුණු විය හැකි අතර මරණය පවා සිදුවෙන්න පුළුවන් .

ළදරුවන් දැඩි ලෙස සෙලවීම නිසා දෘෂ්ටි විතානයේ බරපතල රක්තපාත තත්වයන්, කෝමා සහ මරණයට පවා සිදුවීමට හේතු වෙන්න  පුළුවන් බව අධ්‍යයනවලින් හෙළි වෙලා තියෙනවා.

භයානක කාරණය නම් හානිය සෑම විටම පැහැදිලිව පෙනෙන්නට නැහැ. සමහර අවස්ථාවන්හිදී, ළදරුවන්ට හානියක් නොවු බව පෙනෙන්නට තිබුණත්, පසුව සෞඛ්‍ය හා ඉගෙනීමේ ගැටළු පසුව ඇතිවෙන්න පුළුවන්.

දෙමව්පියන්ගේ තරහා: දරුවන් සෙලවීමේ අනතු‌රෙහි රෝග ලක්ෂණ

මායෝ සායනයට අනුව, මෙහි ලක්ෂණ:

  • අධික නොසංසුන් වීම හෝ නුරුස්නා ගතිය
  • අවදියෙන් සිටීමට අපහසු වීම
  • හුස්ම ගැනීමේ ගැටළු
  •  ආහාර ගැනීම දුර්වල වීම
  • වමනය
  • සුදුමැලි හෝ නිල් පැහැති සම
  • වලිප්පුව 
  • අංශභාගය
  • කෝමා වීම

3

දෙමව්පියන්ගේ තරහා: දරුවන් සෙලවීමේ අනතුර වළක්වා ගැනීමට උපදෙස් 

මෙය සිදුවන්නේ දරුවා රැකබලා ගැනීමේදී ඇතිවෙන කලකිරීම නිසා ය. බොහෝ විට ළදරුවා නොනවත්වා  අඬන විට දෙමව්පියන්ගේ ඉවසීම ඉක්මවා ගොස් කොපයට පත්වෙනවා.

තරහා ගිය මොහොතක ඇති වෙන ඛේදනීය ප්‍රතිවිපාක වලින් ඔබ සහ ඔබගේ ආදරණීයයා ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය උපදෙස් කිහිපයක් මෙන්න.

1.සංසුන් වෙන්න

දෙමව්පියන් වීම යනු පීඩනය  පිරි ගමනක් නේද? ඔබේ තරහා පහසුවෙන් පාලනය කරන්න  බැහැ . එහෙත් ඔබට ඉක්මනින් සංසුන් විය හැකි ආකාරය දැනුවත්වෙන්න.

2. වැඩකටයුතු බෙදා ගන්න 

ඔබේ සහකරු, දෙමාපියන් සහ වෙනත් රැකබලා ගන්නන් සමඟ දරුවා රැකබලා ගැනීමට කටයුතු කරන්න. කෝපය වළක්වා ගැනීම සඳහා ඔබ අන් අයගේ ආධාර ලබාගන්න.

3. නින්දට ප්‍රමුඛතාවයක් දෙන්න 

ඔබට නින්ද නැති වූ විට ඔබේ ආවේග පාලනය කරගන්න අසිරුයි. දෙදෙනාටම ප්‍රමාණවත් නින්දක් ලබාගත හැකිවෙන පරිදි ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ රාත්‍රියේ කටයුතු බෙදාගන්න.

4. උපකාර ලබාගන්න 

අන්තර්ජාලයේ මාපිය උපකාරක කණ්ඩායමකට සම්බන්ධ වෙන්න.

එහි පළපුරුදු මවුවරුන් ගෙන් අලුත උපන් බිළිඳකු රැකබලා ගැනීම සඳහා අවශ්‍ය  උපාය මාර්ග මෙන්ම ඔවුන්ගේ අත්දැකීම්ද අසන්න. මෙය ඔබ පමණක් මුහුණ දෙන තත්වයක් නොවන බව වටහාගන්න.

 

5. ඉටුකර ගතහැකි අපේක්ෂාවන් තබා ගන්න 

මාධ්‍ය නිරූපනය කරන දේවල් එක්ක ළදරුවෙක්  බලා ගැනීම ලේසි දෙයක් විදියට අපි හිත්න්න පුළුවන්. අපේ දරුවන් සෑමවිටම සර්වසම්පුර්ණ නැහැ.

ඒ වගේම ඔවුන් සෑමවිටම සන්සුන් නැහැ. ඒ වගේම ඔවුන් කලබල වන සෑම අවස්ථාවකම ඔවුන් සන්සුන් කරන්නේ කෙසේදැයි අපි ‘ස්වභාවිකව’ දන්නේ නැහැ. 

ඔබේ අපේක්ෂාවන් සකස් කිරීම තුලින් දෙමාපියත්වයේ අවුල් සහගත යථාර්ථය පිළිබඳ වු ඔබේ කලකිරීම අඩු කරගන්න පුළුවන් වේවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රෝග සහ හදිසි අනතුරු
  • /
  • තරහා ගියහාම දරුවා තදින් සොලවන්න එපා
බෙදාගන්න :
  • දරුවන් රැකබලා ගන්නන් සතුවිය යුතු සුවිශේෂී ගුණාංග

    දරුවන් රැකබලා ගන්නන් සතුවිය යුතු සුවිශේෂී ගුණාංග

  • ඔබේ දරුවාගේ පළමු අවුරුද්ද තුල නොකල යුතු දේවල් 10 ක්

    ඔබේ දරුවාගේ පළමු අවුරුද්ද තුල නොකල යුතු දේවල් 10 ක්

  • දරුවන් රැකබලා ගන්නන් සතුවිය යුතු සුවිශේෂී ගුණාංග

    දරුවන් රැකබලා ගන්නන් සතුවිය යුතු සුවිශේෂී ගුණාංග

  • ඔබේ දරුවාගේ පළමු අවුරුද්ද තුල නොකල යුතු දේවල් 10 ක්

    ඔබේ දරුවාගේ පළමු අවුරුද්ද තුල නොකල යුතු දේවල් 10 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it