එක දවසකින් දැවී හළුවී ගිය සිරියාවේ තාත්තා කෙනෙකුගේ අනුවේදනීය කතාව

ඔහුට ඔහුගේ දරුවන් බිරිඳ හා පවුලේ අය එක මොහොතකින් නැතිවී ගියා. ආයිත් ජීවිතය ගැන ඔහු හිතන්නේ කොහොමද? මේ පින්තූරය අපේ හිත කම්පා කරවනවා. නමුත් මේ එයින් එක් පින්තූරයක් විතරයි.

මේ තාත්තා ඔහුගේ නිවුන් දරුවන් වැළඳගෙන ඉන්නේ ඔවුන් අවසන් නින්දේදී ඉන්න විට වුණත් හරියට තවත් සුළු වෙලාවකින් ඔවුන් අවදිවෙයි කියලා හිතෙන තරම් ඔවුන් අහිංසකයි.

ඔහු ඔවුන්ගේ හිස පිරිමදිමින් මාව දාලා යන්න එපා මගේ පැටවුනේ කියමින් විලාප දෙනවා, Associated Press (AP) වාර්තා කරනවා.

ලෝකයම හැර යන පුංචි අයා හා අහමඩ් යන්තම් නව මාසයක් පිරුවා විතරයි. තවම හරියට කතා කරන්න, ඇවිදින්නවත් බැරි මේ අහිංසකයෝ දෙන්න ජීවිතයෙන් සමුගන්න කොට කොයිතරම් අසරණ වෙන්නට ඇත්ද?

දෙමාපියන් වුණත් නැතත් මේ හද කම්පා කරවන දසුන හදවත් ඇති කිසිවෙකුටත් බලන්නට නම් බැහැ. මේ තාත්තගේ ලෝකයම කඩා වැටුණු මුහුණ දුටුවහම මගේ හදවත කඩාගෙන වැටුණා. මේ තාත්තට දැන් මොනවා හිතෙනවා ඇතිද කියලවත් මට හිතාගන්න බැහැ. අනෙක් අතට ඔහු ජීවිතයට කොහොම මුහුණ දෙන්නද කියලවත් මට නම් හිතාගන්න බැහැ.

සිදුවුනේ මොකද්ද ?

මේ 29 හැවිරිදි තාත්තා කඩ හිමියෙක්. ජීවත් වෙන්නේ උතුරු සිරියාවේ කාන් සෙයිකොන් කියන ප්‍රදේශයේ. ඔහු නමින් අබ්දුල් හමීඩ්. අප්‍රේල් 4 වෙනිදා ඔවුන්ගේ නගරයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල වුණා. මේ ගුවන් ප්‍රහාරය වන විට මම හිටියේ ඔවුන් ළඟමයි. මම ඒ දරුවන්වයි මගේ බිරිඳයි අරගෙන ගෙදරින් එළියට පැන්නා. ඔවුන් මුලින් සිහියෙන් හිටියත් මිනිත්තු 10 කින් විතර අපිට ගඳක් ආවා. නිවුන් දරුවන් දෙන්නයි බිරිඳයි හොඳටම රෝගී වුණා.

ඔහු වෛද්‍ය  සහන සේවකයන් කරා ඉක්මනින් ගොස් ඔවුන්ව බාර දීලා පවුලේ අනිත් අය බලන්න ගියා. ඒත් ඔහුට දකින්න ලැබුනේ මළසිරුරු විතරයි. ඔහුගේ සහෝදරයන් දෙදෙනා, ඔවුන්ගේ දරුවන් හතර දෙනා අසල්වැසියන් හා යහළුවන්ගෙ. මට කවුරුත් බේරගන්න බැරි වුණා. ඔවුන් ඔක්කොම ලෝකයෙන් සමු අරන් තිබුණා.

මේ ප්‍රහාරයට වගකිවයුත්තේ කවුද?

හුඟක් දෙනා මේ කෘර ප්‍රහාරය ගැන සිරියානු ජනාධිපතිවරයාට චෝදනා කරනවා. මිනිසුන් ගණනකගේ ජීවිත මේ නිසා විනාශ වුණා. මේ අතර ළමයින් විශාල ගණනක් හිටියා. වාර්තාවන්ට අනුව මිනිසුන් විෂ ආග්‍රහණය කිරීමත් සමගම ඒවා ස්නායු අකර්මන්‍ය කර මරණා ළඟා කරනවා. මෙම විෂවීම් මරණය ළඟාකරනවා.

දෙමාපියන් ලෙස අපේ පුංචි හයක් හතරක් නොදන්නා දරුවන් මේ ලෙස ඇස් ඉදිරියේ මරණයට පත්වෙනවා බලාගෙන ඉන්නේ කොහොමද? ලෝකය මෙතරම් දරුණු දැයි ඔවුන් තවමත් දන්නේ නැහැ.

මේ ඛේදවාචකයේ සිදුවීම රැගත් වීඩියෝව පහතින්: 

www.facebook.com/ABCNews/videos/10155611545183812/

මෙසේ අකාලයේ මිලින වු මල් කැකුළු වලට theAsianparent Sri Lanka ඔවුනගේ ආගමට අනුව සැනසීම ප්‍රර්ථනා කරන අතරම එම පවුල් වල අයට ශෝකය පළකරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ