theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලොව පුරා ගිය අලුත උපන් බිළිදිය තාත්තාට පෑ හුරතල් හිනාව

3 අවම කියවීම
ලොව පුරා ගිය අලුත උපන් බිළිදිය තාත්තාට පෑ හුරතල් හිනාවලොව පුරා ගිය අලුත උපන් බිළිදිය තාත්තාට පෑ හුරතල් හිනාව

විස්පස් හැවිරිදි ෆ්ලේවියෝ පිය සෙනෙහසින් උතුරා ගිය හදවතින් ඇය ඇමතුවේ මෙවන් විශ්මයක් බලාපොරොත්තුවෙන් නම් නොවෙයි...

අලුත උපන් බබාගේ හිනාව ගැන අපූූරු අන්දරයක්. බ්‍රසීලයේ පියවරුන්ගේ දිනය වු අගෝස්තු 11 වෙනදා උදා වුයේ පුංචි ඇන්තනෙලාට සිය අලුත් ජීවිතය ලැබෙමිනි.
රියෝ ද ජැනීරෝහි උපන් ඇන්තනෙලා බරින් කිලෝ ග්‍රෑම් 3.1 ක් සහ උසින් සෙන්ටිමීටර 49 ක් පමණ වු හුරුබුහුටි දැරියක් වුනා.
ඇන්තනෙලාගේ පියා වු ෆ්ලේවියෝ බ්‍රසීලියානු නාවික සොල්දාදුවෙකු වු අතර මව ටාර්සිලා, දියණිය ඉපදෙනතුරු කෝකියෙකු ලෙස සේවය කළා.
මවගේ උණුසුමේ නිදන සිය බිළිදු දියණිය වෙත ඇයගේ පියා වු ෆ්ලේවියෝ සෙමින් සෙමින් පිය එසෙව්වා. විස්පස් හැවිරිදි  ෆ්ලේවියෝ පිය සෙනෙහසින් උතුරා ගිය හදවතින් ඇය ඇමතුවේ මෙවන් විශ්මයක් බලාපොරොත්තුවෙන් නම් නොවෙයි.
ඒත් එකවරම බිළිදු ඇස් ඇරුනා. ඉන්පසු ඇයගේ කිරිකැටි මුව පුරා පැතිර ගියේ අපූරු හිනාවක්. මේ ලාබාල පියාට හුස්ම ගන්නත් අමතක වෙන්න ඇති. ඔබ මේ නැරඹුවේ ඒ අපූරු මොහොතේ ඡායා රූපයයි. හරිම ආදරණීයයි නේද?
දරුවෙක් අම්මා හා තාත්තා එක්ක බැඳීම ඇති කරගන්නේ මව් කුසේ ඉදලා කියන්න මේක හොඳම උදාහරණයක්. ඒ ගැන මේ පුංචි දියණියගේ මව හරි අපූරු කතාවක් කිව්වා.
"ෆ්ලේවියෝ දරු ගැබත් එක්ක වරු ගණන් කතා කලා. දරු ගැබත් එක්ක සෙල්ලම් කලා.
ඔහු හැමතිස්සේම 'මම ඔයාට ආදරෙයි' කියලා මගේ කුසට කිව්වා. මම රැකියාවට යද්දී 'සුභ උදෑසනක්' කියන්නත් ආපසු එද්දී 'සුභ සැන්දෑවක්' කියන්නත්  ඔහු අමතක කලේ නැහැ.
ඇය මගේ කුස තුල දැඟලුවා. ඇය හැමදාම එකම වේලාවට දඟලන්න ගත්තේ මාව පුදුම කරමින්."
පුංචි ඇන්තනෙලා සිනාසුනේ ඇය මව්කුස තුල සිටියදී ඇයට පියා නිතර කියු ආදරණීය වදන් පෙළක් සවනත වැකීමෙනි. ෆ්ලේවියෝ, ඔහුගේ දරාගත නොහැකි හැඟීම වදන් කලේ මෙහෙමයි.
 “ලෝකයේ වඩාත්ම අවංක සිනහව මගේ ඇස් වලින් දකින කම්ම මම හිතාගෙන හිටියේ සැබෑ ආදරය කියන්නේ මොකද්ද කියලා මම දන්නවා කියලායි. ඒත් මම සැබෑ ආදරය ඉගෙන ගත්තේ දියණිය ඇයගේ නිර්මල හිනාව පෑ ඒ මොහොතෙයි."

අලුත උපන් බබාගේ හිනාව: දරුවා කුස තුල සිටියදී නිතර කතාබහ කල  යුත්තේ ඇයි?

දරුවා හා අම්මා අතර බැදීම ඇති වන්නේ මව්කුස පිළිසිඳ ගත්දායි. දරුවාට ඇහ‌ෙන පළමු  හඬ අම්මාගේ හදවතේ හඩයි. ඊලඟට අම්මාගේ ආදරණීය ලස්සන කටහඬ, හැබැයි දරුවා කුස තුලදී තාත්තාගේ සෙනෙහෙබර කටහඩත් අහන්නත් කැමතියි.
කුස තුල දී ඇහෙන ආදරණීය හඩවල් එක්ක දරුවා උපතින් පසුද බැදෙන බව පසක් කර ගන්නට ඇන්තනෙලාගේ කතාව ඔබට හොඳ උදාහරණයක් වේවි.

දරුවා කුස තුල සිටියදී නිතර කතාබහ කිරීමෙන් දරුවාට ලැබෙන වාසී

  • දරුවාට  ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ලැබෙනවා.
  • පසුකාලීන කථන හා භාෂා සංවර්ධනයට අත්වැලක් වෙනවා.

දරුවා කුස තුල සිටියදී නිතර කතාබහ කිරීමෙන් දෙමාපියන්ට ලැබෙන වාසී

  • මුළු පවුලටම ආදරයෙන් බැදෙන්න අවස්ථාව ලැබෙනවා.
  • ඔබේ ආතතිය අඩුවෙනවා.
සති 14 ක් පමණ වන විට කුස තුල සිටින දරුවාට ඇහෙන්න පටන් ගන්නවා. ශ්‍රවණය මඟින් ඔබට දරුවා හා සම්බන්ධතා පවත්වන්න ගොඩාක් ක්‍රම තියෙනවා.

අලුත උපන් බබාගේ හිනාව: කුස තුල සිටින දරුවා සමඟ අම්මාටයි තාත්තාටයි සංනිවේදනය කල හැකි ආකාර

  • දරුවාට ඇහෙන්න ගීත ගායනා කරන්න.
  • පුවත්පතක් හෝ ළමා කතාවක් ශබ්ද නඟා කියවන්න
  • ඔබ තනිව සිටින විට දරුවා සමඟ කතා කරන්න.
  • ඔබ බෞද්ධ නම් දරුවාට පිරිත් ඇසෙන්න සලස්වන්න පුළුවන්. වෙනත් ආගමක වුවත් ආගමානුකූල මෘදු දේවල් දරුවාට අසන්න සලස්වන්න පුළුවන් .
සමහර මව්වරුන් කුසට හෙඩ් ෆෝන් එක ලං කරනවා. ඒත් ඔබගේ මුවින් පිටවෙන ආදරණීය වදනක් තරම්  හෙඩ් ෆෝන් එකෙන් අසන දේවල් දරුවාට සොඳුරු නොවේවි.
ඉතින් අම්මේ තාත්තේ ඔබේ ආදරණීය පැටියා ඉන්න බණ්ඩියට නිතරම කතා කරන්න . ආදරය කරන්න.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
මුලාශ්‍ර - Consult The Fertility Center
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විදේශීය පුවත්
  • /
  • ලොව පුරා ගිය අලුත උපන් බිළිදිය තාත්තාට පෑ හුරතල් හිනාව
බෙදාගන්න :
  • ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

    ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

    ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it