theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මරණය ගැන රුදුරු ඇත්ත ඔබේ සොදුරු පොඩිත්තාට කියාදෙන්නේ කෙසේද ?

3 අවම කියවීම
මරණය ගැන රුදුරු ඇත්ත ඔබේ සොදුරු පොඩිත්තාට  කියාදෙන්නේ කෙසේද ?මරණය ගැන රුදුරු ඇත්ත ඔබේ සොදුරු පොඩිත්තාට  කියාදෙන්නේ කෙසේද ?

උපදින සෑම ජීවියෙක්ම මරණයේ පොදු ධර්මතාවට යටත්ය. මාරයාට පැමිණෙන්නට නියමිත  වෙලාවක් නැත. මේ යථාර්ථය අපිට වැටහුනත් අපේ පුංචි පැටවුන්ගේ පුංචි හදවතට වැටෙහෙන්නේ නැත . මරණය ගැන දරුවාට කියා දීම, මරණයේ රුදුරු  ඇත්ත පුංචි පැටියාට කියා දෙන්නේ කෙසේද?

පුංචි අත්දැකීමක් එක්ක මේ ලිපියට ප්‍රවිෂ්ට වෙන්න කැමතියි. මගේ පුංචි දූට මරණය ගැන මට කියා දෙන්න සිදුවෙන කොට එයාට අවුරුදු තුනයි. ඒ ඇයගේ සීයාගේ මරණය වෙනුවෙනි.

" අම්මේ ඇයි සීයා බ්ලැක් කිට් ඇදලා. දොයි."

ඒ  එදා ඇයගේ නොනවතින ප්‍රශ්න වැලක ආරම්භය විය.

" පුතේ සීයා ජීසස් ලගට ගිහින්"

"අම්මේ ඇයි සීයාව වලේ දාලා වැහුවේ"

" ජීසස් ගාවට යන්න ලේසී වෙන්න"

මම එදා හයක් හතරක් නොතේරෙන කිරි කැටි ඇයට මරණය ගැන පහදා දීමට නොහැකිව අසරණ වුවෙමි. සීයාද එදිනෙදා  දුටු කෙනෙක් නොවුයෙන් එය ඇයගේ මතකයෙන් ගිලිහුනද මරණය යන වචනය ඇසෙද්දී අර අපේ සීයා වගේ බ්ලැක් කිට් දාලා වලට දානවාද අසන්නට ඕ බුද්ධිමත් වුවාය.

තත්වය බරපතල වුයේ ඇයට වයස පහක් වෙද්දීය. ඇයගේ සෙල්ලම් සගයා වු ,ඇයට අකුරු කියා දුන්, ඇය පාසැල් ගොස් එනතුරු මග බලා වුන් ඇයගේ ලොකු ආච්චි කිසිසේත්ම නොසිතු මොහොතක නොසිතු ලෙස මිය ගියාය. ලොකු ආච්චි මරණය හා පොර බදනවා ඇය දෑසීන් දුටුවාය.

" අම්මේ ලොකු ආච්චිට මොකද වුනේ?"

ඇය නැවතත් ඇසුවාය.

"ලොකු ආච්චි මැරුණා පුතේ"

මම ශෝකයෙන් නමුත් ඇයට යථාර්ථය මදක් කියාදෙන්න සිතුවෙමි.

" බ්ලැක් කිට් දාලා ජීසස් ගාවට යන්න වළක දානවාද"

මට නැවත ගැටළුවකට මුහුණ දෙන්න සිදු විය. ආගමික දර්ශන දෙකක් සහිත පවුල් පසුබිම් දෙකක් අතර වැඩෙන ඇයගේ පුංචි මනස අවුල් නොකර මේ දේවල් පැහැදිලි කිරීමේ භාරදූර කාර්යය මා සතු විය.

" පුතේ ලොකු ආච්චි අදින්නේ වයිට්,, එයා දැන් වයසයිනේ ,, ඒක නිසා ආයේ චුටී බබෙක් වෙලා ඉපදෙන්න ඕනී නිසා. මැරිලා. අපි හෙට එයාව අරන් ගිහින් ගින්දර දාලා එනවා "

මම එවර කිව්වෙමි.

පරස්පර විරෝධී එකිනෙකාට විරුද්ධ අදහස් ඇයගේ  මනසට ඇතුල් වීමට නොදී  විද්‍යාත්මකව මරණයේ සැබෑ තතු ඇයට  කියා දෙන්න අවසානයේදී මම තීරණය කලෙමි.

දිනෙක මට අහම්බෙන් ඒ අවස්ථාව උදාවිය.

"අම්මේ ටීවී එකට මොකද වුනේ"

"ඒක කැඩිලා පුතේ අයින් කරන්න ඕනී"

"කලින් පාර වගේ හදන්න බැරිද "

"බැහැ පැටියෝ ඒක ආයේ හදන්න බැරිවෙන්නම කැඩිලා"

මං දුවට කියද්දී ඒ පුංචි  මූණ බෙරි වුනා.

මම මගේ  එයාව ලගට ගත්තා.

"පුතේ මේ ටිවී එක වගේම තමයි අපිත්,  වයසට යද්දී අපේ ඇගේ තියෙන ඒවා පාවිච්චියට ගන්න බැරි වෙනවා. ඒවා වැඩකරන එක සම්පුර්ණයෙන්ම  නතර වෙනවා. ඒකට තමයි මැරෙනවා කියන්නේ ,  වයසට ගිහින් විතරක් නෙවේ සමහර විට අනතුරක් වෙලා, නැත්තම් ලෙඩ වෙලා අපේ ඇගේ තියෙන ක්‍රියාකාරකම් සම්පුර්ණයෙන්ම  නවතිනවා. එතකොටත් මැරෙනවා. "

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මම මගේ දියණියට කියා දුන්නා.

ටිකක් සංකීර්ණයි තමයි. ඒත් ලගින් ඉන්න අය නොයන ගමන් යන මරණයේ යථාර්ථය පුංචි හිත් වලට කියා දෙන්න ඕනී.

මගේ දියණිය තවත් ක්‍රමයෙන් වර්ධනය වෙද්දී මං ඒ යථාර්ථය ඇති සැටියෙන්ම  එයාට දවසක කියාදෙනවා.

ඒ වගේම ඔබටත් මේ වගේ පුංචි සරල සිද්ධියක් උදාහරණ කරගෙන මරණය ගැන දරුවාට කියා දීම ඔබටත් කරන්න පුළුවන්.

දරුවා අනවබෝධයෙන් සිටිනවාට වඩා පුංචි හෝ අවබෝධයක් ලැබීම ඇත්තෙන්ම වටිනවා. එයාලාගේ නොනවතින ප්‍රශ්න වැලකින් මිදි සිටින්නත් එය හේතුවේවි.

මරණය ගැන දරුවාට කියා දීම: කරුණු කිහිපයක්

1. උපදින හැම දිනෙක මරණයට පත්වෙන බව

2. මරණයට ඕනෑම වේලාවක පැමිණිය හැකි බව

3. ඕනෑම කෙනෙක් ගෙන් වෙන්වීම දරාගත යුතු බව

4. විවිධ ආගමික දර්ශනයන් අනුව මරණයෙන් මතු සිදුවෙන දේ වෙනස් බව

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • මරණය ගැන රුදුරු ඇත්ත ඔබේ සොදුරු පොඩිත්තාට කියාදෙන්නේ කෙසේද ?
බෙදාගන්න :
  • දෙමාපියන් විසින් දරුවන්ගේ සිත් මානසිකව තැලෙන අවස්ථා 7ක්

    දෙමාපියන් විසින් දරුවන්ගේ සිත් මානසිකව තැලෙන අවස්ථා 7ක්

  • දීම හා බෙදා ගැනීමේ අගය දරුවන්ට කියා දෙන්න

    දීම හා බෙදා ගැනීමේ අගය දරුවන්ට කියා දෙන්න

  • දෙමාපියන් විසින් දරුවන්ගේ සිත් මානසිකව තැලෙන අවස්ථා 7ක්

    දෙමාපියන් විසින් දරුවන්ගේ සිත් මානසිකව තැලෙන අවස්ථා 7ක්

  • දීම හා බෙදා ගැනීමේ අගය දරුවන්ට කියා දෙන්න

    දීම හා බෙදා ගැනීමේ අගය දරුවන්ට කියා දෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it