ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

තේ යනු ලොව පුරා ජනප්‍රියම පානයක් වන අතර බොහෝ කාන්තාවන් ගර්භණී සමයේදී අඛණ්ඩව භුක්ති විඳින පානයකි.

තේ යනු ලොව පුරා ජනප්‍රියම පානයක් වන අතර බොහෝ කාන්තාවන් ගර්භණී සමයේදී අඛණ්ඩව භුක්ති විඳින පානයකි. ඔබගේ ගැබිනි සමයේ තේ බීම ගැන අද අපි කතා කරන්න හිතුවා.

ගැබිනි සමයේ තේ බීම සහ තරල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම

සමහරු එය පානය කරන්නේ ගර්භණීභාවයේ වැඩිවන තරල අවශ්‍යතා සපුරාලීමටය. කෙසේ වෙතත්, කාන්තාවන්ගෙන් කොටසක් ගර්භණීභාවය හා සම්බන්ධ රෝග ලක්ෂණ සඳහා ස්වාභාවික පිළියමක් ලෙස හෝ ගර්භනී අවධියේ අවසාන සතිවල දරු ප්‍රසූතියට සූදානම් වීම සඳහා ඖෂධීය පානයක් ලෙස තේ භාවිතා කරන බව පෙනේ.

ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

ගැබිනි සමයේ තේ බීම ආරක්ෂිතද?

යම්තාක්දුරකට. ගැබිනි සමයේ තේ බීම ආරක්ෂිත යැයි බොහෝ දෙනා විශ්වාස කරයි. යථාර්ථය නම්, කාන්තාවන්ට ඇතැම් තේ වර්ග පානය කිරීම අඩු කිරීමෙන් ප්‍රතිලාභ ලැබිය හැකිය. සමහර තේ වර්ග ගර්භණී කාලය පුරාම සම්පූර්ණයෙන්ම පානයෙන් වැළකීම වඩාත් සුදුසු වෙනවා.

මෙම ලිපියෙන් ගැබිනි සමයේ තේ බීම ආරක්ෂිතද යන්න ගැන සාකච්ඡා කරනු ලැබේ. ගර්භනී කාන්තාවන්ට අඛණ්ඩව පානය කළ හැකි තේ මොනවාද සහ පානයෙන් වැළකිය යුතු තේ වර්ග මොනවාද යන්න ද මේ ලිපියෙන් කතා කරනවා.

කැෆේන් අඩංගු තේ සීමා කරන්න

ඔබ කැෆේන් අඩංගු තේ පානය සීමා කරන්න.
කළු, කොළ, සුදු, මචා, චයි සහ ඕලොන්ග් තේ සියල්ලම වාගේ කැමෙලියා සීනෙන්සිස් ශාකයේ කොළ වලින් ලබා ගනී. ඒවායේ කැෆේන් අඩංගු වේ. කැෆේන් යනු ගර්භණී සමයේදී සීමා කළ යුතු ස්වාභාවික උත්තේජකයකි.

එක් කෝප්පයක අඩංගු කැෆේන්

ගැබිනි සමයේ තේ බීම

එක කෝප්පයකට දළ වශයෙන් පහත සඳහන් කැෆේන් ප්‍රමාණය අඩංගු වේ. කෝප්පයක් 240ml ලෙස ගන්න.

මචා තේ: 60-80 mg
ඕලෝන්ග් තේ: 38–58 mg
කළු තේ: 47–53 mg
චායි තේ: 47–53 mg
සුදු තේ: 25-50 mg
හරිත තේ: 29-49 mg

කැෆේන් වලට වැදෑමහ හරහා යන්න පුලුවන්

ඔබ හිතුවේ නති උනාට කැෆේන් වලට පහසුවෙන් වැදෑමහ හරහා ගමන් කළ හැකි අතර ඔබේ දරුවාගේ නොමේරූ අක්මාවට ඒවා බිඳ දැමීමට අපහසු වේ. ඒ නිසා ගැබිනි සමයේ තේ බීම පරිස්සමින්.

ගැබිනි සමයේ තේ බීම වැඩි උනොත් බබාට අතුරු ආබාධ ඒවි

එනිසා වැඩිහිටියන්ට ආරක්ෂිත යැයි සැලකෙන කැෆේන් ප්‍රමාණයෙන් ළදරුවන්ට ලැබුනොත් අතුරු ආබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

ගැබිනි සමයේ තේ වැඩියෙන් බිව්වොත් මේවා වෙන්න පුලුවන්

ගර්භණී සමයේදී අධික ලෙස කැෆේන් වලට නිරාවරණය වන ළදරුවන්ට නොමේරූ දරු උපත් හෝ අඩු උපත් බරක් හෝ උපත් ආබාධ ඇතිවීමේ අවදානමක් ඇති බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.

ගැබිනි සමයේ තේ බීම

මේ සමයේදී අධික කැෆේන් ප්‍රමාණයක් කබා ගැනීම ගබ්සා වීම් හෝ දරු ප්‍රසූතියේ අවදානම වැඩි කරයි. ගැබිනි සමයේ තේ බීම කරන විට කෙෆේන් ප්‍රමාණය ගැන සිතේ තබා ගන්න.

ගර්භණී මවක් දිනකට ගත හැකි උපරිම කැෆේන් ප්‍රමාණය

ගැබිනි කාන්තාවන්ට දිනකට ගත හැකි උපරිම කැෆේන් ප්‍රමාණය 300 mg දක්වා සීමා කරන විට මෙම අවදානම් අවම ලෙස පෙනේ.

ජානත් බලපානවා

කෙසේ වෙතත්, සමහර කාන්තාවන්ගේ ජාන මගින් කැෆේන් වල අහිතකර බලපෑම් කෙරෙහි ඔවුන්ව වඩාත් සංවේදී කරයි.

ගබ්සා වීමේ අවධානම 2.4 ගුණයකින් වැඩි වෙනවා

නිදසුනක් වශයෙන්, පර්යේෂණයන්ට අනුව මෙම ජාන වල සංවේදීතාවය ඇති කාන්තාවන් දිනකට කැෆේන් මිලිග්‍රෑම් 100–300 ක් පරිභෝජනය කරන විට ගබ්සා වීමේ අවදානම 2.4 ගුණයකින් වැඩි විය හැක.

සමහර ශාකසාර තේ වලට අවදානම් අතුරු ආබාධ ඇති විය හැකිය.

ඖෂධීය තේ, වියළි පලතුරු, මල්, කුළුබඩු හෝ ඖෂධ පැළෑටි වලින් සාදා ඇති අතර එම නිසා කැෆේන් අඩංගු නොවේ. කෙසේ වෙතත්, ගර්භණී සමයේදී අනාරක්ෂිත යැයි සැලකෙන වෙනත් සංයෝග ඒවායේ අඩංගු විය හැකි අතර එමඟින් අවදානම් අතුරු ආබාධ ඇති විය හැකිය.

ගබ්සා වීම හෝ නොමේරූ දරු ප්රසූතිය

ගබසාවක් වීමේ හෝ නොමේරූ දරු ප්‍රසූතියේ අවදානම වැඩි කළ හැකි තේ අතරට;

  • මහදුරු තේ
  • උළු හාල් තේ
  • සේජ් තේ
  • වර්වේන් තේ
  • බොරේජ් තේ
  • පෙනීරෝයල් තේ
  • ලයිකෝරයිස් තේ
  • තයිම් තේ
  • මදර්වෝට් තේ
  • ලොවේජ් තේ
  • බ්ලූ කොහෝශ් තේ
  • බ්ලැක් කොහෝශ් තේ
  • ෆ්‍රැන්කින්සන්ස් තේ (අධික ප්‍රමාණයක්)
  • චාමෝමලී තේ (අධික ප්‍රමාණයක්)

ගැබිනි සමයේ තේ බීම

ඔසප් ලේ ගැලීම

ඔබගේ ඔසප් රුධිර වහනය උත්තේජනය කළ හැකි හෝ වැඩි කළ හැකි තේ වලට ඇතුළත් වන්නේ;

  • මදර්වෝට් තේ
  • ලොවේජ් තේ
  • ෆ්‍රැක්න්කින්සන්ස් තේ

උපත් දෝෂ

උපත් ආබාධ ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි තේ වලට ඇතුළත් වන්නේ;

  • මදර්වෝට් තේ
  • බොරේජ් තේ

ගැබිනි සමයේ තේ බීම වැඩියෙන් කලොත් ඇති වෙන  වෙනත් අතුරු ආබාධ

එපමණක් නොව, දුර්ලභ අවස්ථාවන්හිදී, යුකැලිප්ටස් තේ ඔක්කාරය, වමනය හෝ පාචනය ඇති කරයි.

එපමණක්ද නොව, ගර්භණී සමයේදී නිතිපතා චාමෝමයිල් තේ පානය කිරීමෙන් ළදරුවෙකුගේ හදවත හරහා යන රුධිර ප්‍රවාහය දුර්වල විය හැකි බව සිද්ධි වාර්තාවක් පෙන්වා දෙයි. ගැබිනි සමයේ තේ බීම අහිතකරයි කියලා නෙමෙයි කියන්නේ මේ. පමණ ඉක්මවා හොඳ නෑ කියලයි.

සමහර ශාකසාර තේ වල ඖෂධ සමඟ අන්තර්ක්‍රියා කරන සංයෝග ද අඩංගු විය හැකිය.

එමනිසා, ගර්භනී කාන්තාවන් ගර්භණී සමයේදී ඕනෑම වේලාවක පරිභෝජනය කිරීමට සැලසුම් කර ඇති හෝ ශාකසාර තේ පිළිබඳව තම සෞඛ්‍ය සේවා සපයන්නන්ගෙන් අසා දැන ගත යුතුයි. ගැබිනි සමයේ තේ බීම කරන්න කලින් ඒවා සුදුසුද කියලා දැන ගන්න.

ඖෂධීය තේ ආරක්ෂිතද යන්න කල ඇති පර්‍යේෂණ සීමිතයි

ඖෂධීය ශාකසාර තේ වල ආරක්ෂාව පිළිබඳ සීමිත පර්යේෂණ ප්‍රමාණයක් කර ඇති නිසා, ඍණාත්මක අතුරු ආබාධ ඇති බවට සාක්ෂි නොමැතිකම ගැබිනි සමයේ තේ බීම ආරක්ෂිත බවට සාක්ෂියක් ලෙස නොසැලකිය යුතු බව මතක තබා ගන්න.

වැඩි විස්තර දැන ගන්නා තුරු, ගර්භනී කාන්තාවන් පරිස්සම් සහගතව සිටීම සහ ගර්භණී සමයේදී ආරක්ෂිත යැයි මෙතෙක් ඔප්පු කර නොමැති තේ පානය කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය.

සමහර තේ අපවිත්‍ර විය හැක.

තේ දැඩි ලෙස පරීක්ෂා කිරීම හෝ නියාමනය නොකෙරේ. මෙයින් අදහස් කරන්නේ බැර ලෝහ වැනි අනවශ්‍ය සංයෝගවලින් දූෂිත වූ තේ නොදැනුවත්වම කාන්තාවන් පානය කරන බවයි.

ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

ඇලුමිනියම් වලින් දූෂිතයි කියලා සොයා ගෙන..

නිදසුනක් වශයෙන්, එක් අධ්‍යයනයක් මගින්

  • කළු, කොළ, සුදු සහ ඕලොන්ග් තේ වල සාමාන්‍ය අක්‍රීය පරීක්ෂාවට ලක් කරන ලදී.
  • සියළුම සාම්පල වලින් 20% ක් ඇලුමිනියම් වලින් දූෂණය වී ඇති බව සොයා ගන්නා ලදී.

ගැබිනි සමයේ තේ බීම ගැන සැලකිලිමත් වෙන්න ඕනි මේ නිසායි.

බැර ලෝහයක් වන ඊයම්

තවද, සියළුම සාම්පල වලින් 73% ක් ගර්භණී සමයේදී අනාරක්ෂිත යැයි සැලකෙන ඊයම් මට්ටම් අඩංගු වේ.

ගැබිනි සමයේ තේ බීම අධිකව කල, හරිත තේ පානය කල අය සමඟ කල පර්‍යේෂණයකින් මේ බව ඔප්පු වෙලා

තවත් අධ්‍යයනයක දී, ගර්භනී සමයේ පළමු ත්‍රෛමාසික කාලය තුළ වැඩිම හරිත හා ශාකසාර තේ පානය කළ කාන්තාවන්ට අවම වශයෙන් පානය කළ අයට වඩා රුධිරයේ ඊයම් මට්ටම 6-14% කින් ඉහළ ගොස් තිබේ.

එමඟින්, සියලුම රුධිර ඊයම් මට්ටම් සාමාන්‍ය පරාසට වඩා වැඩි පරාසයක් තුළ පැවතුනි

ශාකසාර තේ වල අවධානම

නියාමනයේ ඌනතාවය හේතුවෙන්, ලේබලයේ ලැයිස්තුගත කර නොමැති අමුද්‍රව්‍ය අඩංගු ඖෂධීය,ශාකසාර තේ වල අවදානමක් ද ඇත.

ගර්භනී කාන්තාවන් නොදැනුවත්වම ඉහත ලැයිස්තුගත කර ඇති නුසුදුසු පැළෑටියක් සහිත තේ පානය කිරීම සිදු කරයි.

පිළිගත් වෙළඳනාම වලින් තේ මිලට ගන්න.

මෙම අවදානම තුරන් කිරීම දැනට කළ නොහැක්කකි. කෙසේ වෙතත්, පිළිගත් වෙළඳ නාම වලින් තේ මිලදී ගැනීමෙන් පමණක් ඔබට එය තරමක් අවම කළ හැකිය.

එපමණක්ද නොව, තේ තොග වශයෙන් මිලට ගැනීම වැළකී සිටීම වඩාත් සුදුසුය. මන්ද තේ දළු සමඟ අපද්‍රව්‍ය මිශ්‍ර වීමේ වැඩි අවදානමක් ඇති බැවින්ය.

ගැබිනි සමයේ තේ බීම සඳහා ආරක්ෂිත තේ වර්ග

බොහෝ කැෆේන් සහිත තේ ගර්භණී සමයේදී පානය කිරීම ආරක්ෂිත යැයි සලකනු ලැබෙන්නේ කාන්තාවකගේ මුළු දෛනික කැෆේන් ප්‍රමාණය මිලිග්‍රෑම් 300 ඉක්මවා නොයන තාක් කල්ය.

කැෆේන් වලට විශේෂයෙන් සංවේදී වන කාන්තාවන්ට දිනකට උපරිම වශයෙන් කැෆේන් මිලිග්‍රෑම් 100 ක් ලබා ගත හැකිය.

ගැබිනි සමයේ ශාකසාර තේ බීම ගැන හොඳ විදියේ  පර්‍යේෂණ නැත

ශාකසාර තේ සම්බන්ධයෙන් ගත් කල, ගර්භණී සමයේදී ඒවායේ බලපෑම පිළිබඳව බොහෝ පර්යේෂණ නොමැත.

එනිසා බොහෝ සෞඛ්‍ය වෘත්තිකයන් ගර්භනී කාන්තාවන්ට උපදෙස් දෙන්නේ ඔබ ආහාර වලින් සොයා ගන්නා ප්‍රමාණයට වඩා වැඩි යමක් හෝ පැළෑටියක් තේ ලෙස පානය කිරීමෙන් වළකින මෙන්ය.

ආරක්ෂිත විය හැකි තේ වර්ග කීපයක්

අධ්‍යයන කිහිපයකට අනුව, ගර්භණී සමයේදී පහත සඳහන් අමුද්‍රව්‍ය අඩංගු ඖෂධීය තේ පරිභෝජනයට ආරක්ෂිත විය හැකිය.

රාස්ප්බෙරි කොළ.

මෙම තේ බොහෝ දුරට ආරක්ෂිත යැයි සැලකෙන අතර ප්‍රසව කාලය කෙටි කර ගර්භාෂය උපත සඳහා සූදානම් කිරීමට උපකාරී වේ. පර්යේෂණයෙන් පෙනී යන්නේ එය ප්‍රසවයේ දෙවන අදියරෙහි කාලය කෙටි කළ හැකි බවය (මිනිත්තු 10 කින් පමණ)

පෙපෙර්මින්ට් තේ.

මෙම තේ බොහෝ විට ආරක්ෂිත යැයි සැලකෙන අතර ගෑස්ට්‍රික්, ඔක්කාරය, බඩේ වේදනාව හෝ අජීර්ණ ඉවත් කිරීමට උපකාරී වේ. කෙසේ වෙතත්, මෙම ප්‍රතිලාභ සඳහා කිසිදු අධ්‍යයනයක් සොයාගත නොහැකි විය.

ඉඟුරු.

ගැබිනි සමයේ තේ බීම

ඉඟුරු යනු ගර්භණී සමයේදී වැඩිපුරම අධ්‍යයනය කරන ලද ඔසු පිළියම් වලින් එකක් වන අතර එය ආරක්ෂිත යැයි සැලකේ. පර්යේෂණයන්ට අනුව එය ඔක්කාරය හා වමනය අඩු කරයි, නමුත් වියළන විට දිනකට ග්‍රෑම් 1 නොඉක්මවිය යුතුය.

ලෙමන් බාම්.

මෙම තේ සමහර විට ආරක්ෂිත යැයි සැලකෙන අතර කාංසාව, නුරුස්නා බව සහ නින්ද නොයාම ඉවත් කිරීමට බහුලව භාවිතා වේ. කෙසේ වෙතත්, මෙම භාවිතයන් සඳහා කිසිදු අධ්‍යයනයක් සොයාගත නොහැකි වූ අතර, එහි ආරක්ෂාව ගර්භණී සමයේදී අධ්‍යයනය කර නොමැත.

ගැබිනි සමයේ තේ බීම වරදක් නැති උනත් මේ තේ වර්ග දෙක ගැන සැකයක් ඇත.

සාමාන්‍යයෙන් ආරක්ෂිත යැයි සැලකුවද, රාස්ප්බෙරි කොළ ගර්භාෂ හැකිලීම් ප්‍රවර්ධනය කළ හැකි අතර පෙපර්මින්ට් කොළ ඔසප් වීම උත්තේජනය කරයි. එමනිසා, ගර්භනී සමයේ පළමු ත්‍රෛමාසික කාලය තුළ මෙම තේ ආරක්ෂිතද යන්න පිළිබඳව යම් මතභේද පවතී.

මුල් සති 12 පරිස්සම කොයිකටත් හොඳයි

එමනිසා, ගර්භනී සමයේ පළමු සති 12 තුළ මෙම තේ වර්ග දෙක පානය කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය.

මව්වරුන් ආස උනත්, සෑම තේ වර්ගයක්ම ගර්භණී කාලයේ ආරක්ෂිත යැයි නොසැලකේ.

  • කළු, කොළ, සුදු, මචා සහ චයි තේ වැනි කැෆේන් කළ තේ සාමාන්‍යයෙන් ආරක්ෂිත යැයි සැලකේ.
  • කෙසේ වෙතත්, අධික ලෙස කැෆේන් පානය කිරීමෙන් වැළකීම සඳහා ඔවුන් ගන්න ප්‍රමාණය සීමා කල යුතුය.
  • බොහෝ ශාකසාර තේ වලින් වැළකී සිටිය යුතුය.
  • රාස්ප්බෙරි කොළ, පෙපර්මින්ට්, ඉඟුරු සහ ලෙමන් බාම් තේ පමණක් දැනට ආරක්ෂිත යැයි සැලකේ.
  • කෙසේ වෙතත්, ගර්භනී සමයේ පළමු ත්‍රෛමාසික කාලය තුළ කාන්තාවන්ට මුලින් කී වර්ග දෙකෙන් වැළකී සිටිය හැකිය.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

මූලාශ්‍ර :- www.healthline.com/nutrition/is-tea-safe-during-pregnancy

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

annnirmani

කතන්දර ලිපි