කාන්තා ඔසප්චක්‍රය පිළිබඳව වයස අවුරුදු 7ක් වන වන මගේ පුතාට කියා දුන් හැටි

lead image

අම්මාගේ සනීපාරක්ෂක තුවා "අම්මාගේ ඩයිපර්" ලෙස තම පුතා හදුන්වනු දැක හෙම්බත් වු මවක් තම පුතුට කාන්තා ඔසප්චක්‍රය ගැන සත්‍ය කියා දුන්නේ මෙන්න මෙහෙමයි.

එක දවසක් මා දුටු දර්ශනයකින් ව්‍යාකූලත්වයට පත් වුනා.

"අම්මාගේ ඩයිපර් එක ඔලුවේ අලවනවා" කියමින් මගේ සනීපාරක්ෂක තුවායක් අතින් ගත් මගේ සත් හැවිරිදි පුතු ඔහුගේ කුඩා සහෝදරයා පසුපස එලවමින් හිටියා.

මගේ පස් හැවිරිදි පුතා ඩයිපර් එකක් සදහටම ඔලුව මත ඇලවේ යැයි බයෙන් මේසය වටා දුව මින් බේරෙන්නට උත්සහ දරමින් සිටියා.

මේක නම් හොදටම ඇති මට හිතුනා. ඇත්තටම මට ඔහුට කාන්තා ඔසප්චක්‍රය ගැන යම් අවබෝධයක් ලබා දෙන්න අවශ්‍ය වුනා. ඒ වගේම තමයි කාන්තා සිරුර කොහොමද ක්‍රියා කරන්නේ කියන එක දැන ගැනීම මග ඇරීමත් හොද දෙයක් නොවෙයි.

කුඩා දරුවාට පසු දිනෙක කියා දීමේ අරමුණින් මම මගේ ලොකු දරුවාට ඒ පිලිබඳව පැහැදිලි කලේ මෙහෙමයි .

පලමු පියවර: රගපෑමෙන් තොරයි

හත් හැවිරිදි මගේ පුතාට මෙම කාන්තා ඔසප්චක්‍රය පිලිබඳ ඔහුට වටහා දීම ආරම්භ කිරීමට සුපිරි වෙළද සැල මම තෝරා ගත්තා. ඒ සදහා අවස්ථාවක් ලබා ගැනීමට මා සනීපාරක්ෂක තුවා පැකැට්ටුවක් රාක්කයෙන් ගන්නා ලෙස පුතාට පැවසුවා.

නිවසට ගොස් ඔහු හා බඩු අසුරමින් සිටියදී මම මගේ අරමුණට ලගා වුනා.

"පුතා දන්නවාද මේවා ඇත්තටම ඩයිපර් නෙවෙයි " මම පැවසුවා.

" එහෙනම් ඒ මොනවාද "

ඔහු ඇසුවා.

දෙවන පියවර: සරලව, සත්‍ය  ඔහු දන්නා දෙයක්ද සම්බන්ධ කර ගනිමින් පහදා දෙන්න.

මගේ පුතා සත්තුන්ට හුගාක් ආදරෙයි. මම හිතුවා ඔහුගේ කැමැත්ත භාවිතා කර කාන්තා ඔසප්චක්‍රය පැහැදිලි කර දෙන්න. ඒ වගේම සරලව සත්‍ය පහදා දිය යුතුයි යන්නද මම තීරණය කලා.

මේ දින වල ඔහු දිවියන් ගැන උනන්දු වුන නිසා ගැහැණු දිවියාට පුංචි පැටියෙක් හදා ගන්න ඇගේ කුසය තුල ඉඩක් ඇති බවත්, ඒ තුල දිවි පැටියාට සුවපහසුව සදහා එහි ස්ථර සකස් වෙන බවත් මම ඔහුට පැවසුවා.

එහිදි සමහර විට දිවි පැටියෙක් ඉන්නත් පුලුවන් .එහෙම නැති වෙන්නත් පුලුවන් බවත් එය මිනිස් වර්ගයාටද අදාල බවත් මම ඔහුට විස්තර කලා.

තෙවන පියවර: දරුවා නොමග යවන්න එපා .

මට මගේ පුතා සමග සම්පුර්ණයෙන්ම ලිංගිකත්වය පිලිබඳව සංවාදයක යෙදීම මට අවශ්‍ය වුයේ නැත. ඔහු ඒ පිලිබඳව ඇසුවේද නැත. 

මම මිනිසුන් පිලිබඳව කථාවට පිවිසෙද්දී බබෙක් හම්බ වුනේ නැත්තම් අම්මාගේ කුස තුල ඇති වු ස්වපහසුව සලසන ස්ථර ගැල වී ඉවත් වෙන බව මම ඔහුට පැහැදිලි කලා .

ඒ වගේම එම ස්ථර සෑම මසකදීම නැවත වර්ධනය වන බවත්, එහිදි බබෙක් නොසිටියහොත් ඒවා අම්මාගේ සිරුරින් රුධිරය විදියට පිටවෙන බවත් එම නිසා අපට සනීපාරක්ෂක තුවා අවශ්‍ය බවත් මම ඔහුට කිව්වා .

ඒ වගේම එය මටත් සිදුවෙන බව ඔහුට විස්තර කලා.

හතර වන පියවර: සත්‍ය හෙලි කරන මොහොත

මගේ පුතා රුධිරය හා වේදනාව සම්බන්ධ කර දකින නිසා ඔහු  මගේ ඔසප්චක්‍රයේ මට වේදනාවක් දැනෙනවාද කියා පළමුව ප්‍රශ්න කලා.

මම එසේ වේදනාවක් නොදැනෙන බව ඔහුට පැවසුවා.ඒ වගේම ඒ දේවල් ජීවිතයේ සාමාන්‍ය දේවල් බවත් ජීවන චක්‍රයේ කොටසක් බවත් මම ඔහුට  තව දුරටත් පැහැදිලි කලා.

වාසනාවකට කොහොමද දරුවා කුස තුල හැදෙන්නේ කියන එක ඔහු මගෙන් ඇහුවේ නෑ. අද නැත්තම් හෙට නුදුරු දිනෙකදී ඔහු ඒක මගෙන් අහන බව මම දන්නවා.

එහෙම වුනොත් මම මගේ අත්දැකීම් තුලින් ඔහුට ඒ පිලිබඳව කියා දෙනවා (තොරතුරු බෙදා ගැනීමත් ආදරයේ කොටසක් ලෙස මම සලකන නිසා).

ස්වභාවික දේවල් දරුවන්ට කියා දීම අසීරු කරුණක් සේ සලකන්න එපා. දරුවාට අවංක වන්න. සත්‍ය පවසන්න. නමුත් සමහර දේවල් වටහා දීමේදී  ඔහුන්ගේ වයස හා පරිණත බව ගැන සැලකිලිමත් වන්න.

අපේ පිරිමි දරුවන්ට ඔසප්චක්‍රය වැනි දේවල් පැහැදිලි කිරීමේදී  කාන්තා සිරුරේ ක්‍රියාකාරිත්වයට පැහැදිලි කර දීම වැදගත් වෙනවා.

ඒ තුලින් ඔවුන් විරුද්ධ ලිංගිකයින්ට ගරු කරන්න ඉගෙන ගන්නවා. ඔවුන්ගේ ජිවිතයේ පළමු කාන්තාව හා මව වශයෙන් මම කැමතියි ඔවුන් තුළ එම ගුණය දකින්න.

ඔබේ දරුවාත් කාන්තා ඔසප්චක්‍රය ගැන ඔබෙන් විමසා තිබේද?එහිදි ඔබ එය වටහා දුන්නේ කෙසේද යන්න අපිටත් කියන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී.