theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තාත්තායි දුවයි මේ ආදරයයි: වේලාව කීයද?

5 අවම කියවීම
තාත්තායි දුවයි මේ ආදරයයි:  වේලාව කීයද?තාත්තායි දුවයි මේ ආදරයයි:  වේලාව කීයද?

වේලාව කියන්නේ කොහොමද කියලා තාත්තා ගෙන් දැන ගනිමු.

දරුවාට වෙලාව කියවන්න කියාදීම ටිකක් අභියෝගාත්මක දෙයක්. ඉලක්කම් දොලහක් තියෙන ඔරලෝසු මුහුණතක් දිහා බලාගෙන දරුවා ඉලක්කම් හැටක අගයන් කියන්නේ කොහොමද?

එහෙනම් දරුවා අංක හැට දක්වා අගයන් දැන සිටිය යුතු වෙනවා. ඒ වගේම උදේ හා රෑ වෙනස අවබෝධ කරගත යුතු වෙනවා.

ඒක බබාගේ පුංචි මොළයට ටිකක් සංකීරණ දෙයක් තමයි.

නමුත් එය දරුවා ඉගෙන ගත යුතුම සුවිශේෂි සංකල්ප වලින් එකක්.

දරුවාට වේලාව කියවීම වගේ ටිකක් අසීරු සංකල්පයක් කියා දෙන්නේ කොහොමද කියා ඔබත් කල්පනා කරනවාද?

කණගාටු වෙන්න එපා. එය හිතන තරම් අසීරු නැහැ. 

ඒ සදහා පුංචි මග පෙන්වීමක් ඔබට කරන්න අපි සුදානම්.

දරුවාට වෙලාව කියවන්න කියාදීම ගැන පෞද්ගලීක අත්දැකීමක්

දරුවන් හික්මවන ක්‍රම

තාත්තා හා දුව සෙල්ලම් කර කර හිටියා. දුවට දැන් දවස් කිහිපයක ඉදලා ඔරලෝසුවක් ඕනී වෙලා.

අම්මේ මට ඇත්තම කටු තියෙන ඔරලෝසුවක් ඕනී.

දුව සති අන්තය පටන් ගද්දීම කන්කෙදිරි ගාන්න පටන් ගත්තා. ඔන්න ඉතින් තාත්තා දුව දෙන්නාම උදේම ෂොෆින් ගියාලු.

ටික වේලාවකින් දුව ආවේ හුරුබුහුටි ඇත්තම ඔරලෝසුවක් අතේ බැදගෙන, එයා ආඩම්බරයෙන් සැරෙන් සැරේ ඔරලෝසුව බැලුවා.

" එන්න මං ඔයාට වේලාව බලන්න කියා දෙන්න"

තාත්තා දුවට කථා කලා. දුව හරි ආසාවෙන් තාත්තා ලගට ගියා.

තාත්තා එයාව එක්කන් ගියේ වයිට් බෝඩ් එක ලගට , තාත්තා ඒකේ ලොකු ඔරලෝසුවක් ඇන්දා .

දුව තාම පුංචි හින්දා තාත්තා එයාට ඉගැන්නුවේ කොට මහත පැය කට්ට ගැන විතරයි .

එයා ඒක ආසාවෙන් ඉගෙන ගත්තා. දැන් දුව නිතර ගෙදරට ඔරලෝසුව අතේ බදිනනවා.

මං නිකමට වගේ එයාගෙන් වේලාව ඇහුවා. එයාට දැන් ආසන්න පැය විදියට වේලාව කියන්න පුළුවන්.

තාම පෙර පාසැල් යන එයාගේ මේ පුංචි ක්‍රියාව මට නම් ලොකු ජයග්‍රහණයක්.

ස්තුතිය යන්න ඕනී එයාගේ ආදරණීය තාත්තාට, බලන්න තාත්තලාට කොච්චර දේවල් දරුවන්ට කියා දෙන්න පුළුවන්ද?

ඉතින් තාත්තාගෙයි දුවගෙයි මේ ආදරය නිසාම ඔන්න ඔය වගේ දේවල් දුව පහසුවෙන් ඉගෙන ගන්නවා.

දරුවන්ට වේලාව කියන්න ඉගැන්වීම තුලින් ඔවුන් ස්වාධීන කරන්න

තාත්තා දුව ආදරය

වේලාව බලන්න කියාදීමට දරුවාට සුදුසු වයස

දරුවෙකුගේ මොළය වර්ධනය වන විට, ඔවුන්ගේ ස්නායුක සම්බන්ධතා සංකල්ප තේරුම් ගැනීම සදහා සකස් වෙනවා.

වේලාව කියවීම සම්බන්ධයෙන්ද එය එසේ වෙනවා. 

ඔබ කල යුත්තේ දරුවාට නිසි වයසේදි නිසි මග පෙන්වීම කිරීමයි. එය එතරම් අපහසු නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඒ සදහා අවශ්‍ය මග පෙන්වීම පහත සදහන් කර තියෙනවා.

දරුවාට වෙලාව කියවන්න කියාදීම සදහා පියවර වයස අනුව

දරුවාගේ බුද්ධිය මවගෙන්

දරුවන්ගේ වයස අනුව අවබෝධ කරගැනීමේ හැකියාව වෙනස්. ඇත්තටම එය දරුවාගේ වයස එක්ක වර්ධනය වෙනවා.

ඒ නිසා අපි දරුවාට වේලාව කියා දීම හෝ වෙනත් අධ්‍යාපනයක් ලබා දීම පියවරෙන් පියවර කිරීම ප්‍රතිඵලදායකයි.

වයස 5-6:

  • ඇනිලොග් ඔරලෝසුවක පැය හා පැය භාගයේ සලකුණු කියවීමට සහ ඊට අනුරූප වේලාවන් ද අඳින්න දරුවන්ට හැකි විය යුතුයි.
  • ඒ සදහා පුංචි ක්‍රියාකාරකම් ටිකක් කරන්න.

වයස 6-7:

  • දරුවා පැයකට මීනිත්තු ගණන හා දිනකට පැය ගණන දැන සිටිය යුතුයි.
  • මිනිත්තු පහක කාල වලින් වේලාව කීමට / ඇඳීමට දරුවන්ට හැකි විය යුතුය,
  • පැය කාල හා පැය කාල පසු වී ඇති බව තේරුම් ගැනීමට දරුවන්ට හැකි විය යුතුය

වයස 7-8:

  • පැය 12 ක ඔරලෝසු, පැය 24 ඔරලෝසු සහ රෝම ඉලක්කම් (I-XII) භාවිතා කරමින් දරුවන්ට ඇනලොග් ඔරලෝසුවක් කියවන්න හැකි විය යුතුයි
  • කාලය (පැය, මිනිත්තු සහ තත්පර පවා) සංසන්දනය කිරීමට දරුවන්ට හැකි විය යුතුය.
  • වේලාවට විශේෂිත වචන මාලාව භාවිතා කිරීමට දරුවන්ට හැකිවිය යුතුයි. (පස්වරු, පෙරවරු, උදේ, දහවල්, දහවල් සහ මධ්‍යම රාත්‍රිය)

කාලය පැවසීමට ඔබේ දරුවාට ඉගැන්වීම

දරුවෙකු වේලාව පැවසීමට පෙර, වේලාව පැවසීම සම්බන්ධ මූලික කරුණු ඔවුන් තේරුම් ගත යුතුය.

ඒ සදහා මගපෙන්වීමක් මෙන්න.

  • 60 දක්වා ගණන් කිරීමට පුරුදු කරන්න: දරුවන් වේලාව කියවන්න නම් අංක 60 දක්වා ඉලක්කම් හා අගයන් දැන සිටිය යුතු වෙනවා.
  • පහෙන් පහට ගණන් කිරීම පුහුණු කරන්න: ඔබේ දරුවා 60 දක්වා ගණන් කිරීමට හැකි වු පසු මෙම පියවර අනුගමනය කරන්න. එය ඔබේ දරුවාට වේලාව කියවීම පහසු කරනවා.
  • කාලය පිළිබඳ සංකල්පයට ඔබේ දරුවා හඳුන්වා දෙන්න: එය උදේ, දහවල්, සවස සහ රාත්‍රී කාලය යන සංකල්ප ඔබේ දරුවාට හඳුන්වා දීමෙන් ආරම්භ කරන්න. මේ දේවල් සම්බන්ධ කරගනිමින් ඔබට නිතර දරුවාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්.
  • එකට ආදර්ශ ඔරලෝසුවක් සාදන්න: දරුවා සමග එකතු වී කාඩ්බෝර්ඩ් වලින් ඔරලෝසුවක් සාදන්න. ප්‍රධාන ඉලක්කම් 12 හා පැය හා විනාඩි කටු එයට ඇතුලත් කරන්න. ඉන්පසු දරුවා සමග වේලාව කියවීමේ සරල අභ්‍යාස කිහිපයක් කරන්න. ඔබට අවශ්‍ය නම් විනෝදාත්මක ඔරලෝසු සකස් කිරීමේ වීඩියෝ අන්තර්ජාලයෙන් නරඹා අදහසක් ගන්නත් පුළුවන්.
  • ඔවුන්ගේ දෛනික චර්යාවට වේලාව සම්බන්ධ කරන්න: උදාහරණයක් ලෙස, පාසල අවසන් වන වේලාව දරුවා ගෙන් අසන්න. එය ආදර්ශ ඔරලෝසුවේ පෙන්වන ලෙස දරුවාට කියන්න. මෙය සෑම දිනකම කිහිප වතාවක් උත්සහ කරන්න.
  • මුලින්ම පැය කටුව හදුන්වා දෙන්න: පැය කටුව කියවන ආකාරය කිහිප වරක් පෙන්වා දෙන්න. ඉන්පසු එය ඔවුන්ට කරන්න ඉඩ දෙන්න.
  • මිනිත්තු කටුව කියවන්න පුහුණු කරන්න: මිනිත්තුවේ කටුව දරුවන්ට තේරුම් ගැනීමට ටිකක් අපහසු වෙන්න පුළුවන්. පැයකට මිනිත්තු 60 ක් ඇති බවත් ඔරලෝසු ඉලක්කමින් පෙන්වන අංකයක් විනාඩි 5 ක් පෙන්වන බවත්ඔබේ දරුවන්ට පැහැදිලි කරන්න.  දරුවාට මෙය අපහසු නම් එය ඇද පෙන්වන්න.

ඔබේ දරුවා වේලාව කියවීම ගැන  සෙමෙන් විශ්වාසය ගොඩනඟා ගන්නා විට, ඔවුන්ව ධෛර්යමත් කරන්න.

ඒ වගේම ඔවුන් සමඟ නිතිපතා පුහුණුවීම් කරන්න. ඔවුන් වැරදි කරන්නේ නම් එය නිවැරදි කර යලිත් උත්සහා කරන්න.

ඔබේ දරුවා පුහුණු වීම් සමග කාලය කියවීම ඉගෙන ගනිවි. ඔබ ඉවසීමෙන් යුක්තව දරුවාට අවශ්‍ය කාලය ලබා දෙන්න.

ඒ වගේම නිතරම ලගින් හිද ආදරයෙන් මග පෙන්වන්න.

ඔබේ දරුවා වේලාව කියවීම ආරම්භ කලාද? මේ සම්බන්ධව ඔබගේ අත්දැකීම් හෝ අදහස් තියෙනවා. එසේනම් ඒවා  අපි හා බෙදා ගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • තාත්තායි දුවයි මේ ආදරයයි: වේලාව කීයද?
බෙදාගන්න :
  • පියවරුන්ට තම දියණියගේ ජීවිතයට වැඩිපුර සම්බන්ධ විය හැකි අවස්ථා 5

    පියවරුන්ට තම දියණියගේ ජීවිතයට වැඩිපුර සම්බන්ධ විය හැකි අවස්ථා 5

  • තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

    තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

  • පියවරුන්ට තම දියණියගේ ජීවිතයට වැඩිපුර සම්බන්ධ විය හැකි අවස්ථා 5

    පියවරුන්ට තම දියණියගේ ජීවිතයට වැඩිපුර සම්බන්ධ විය හැකි අවස්ථා 5

  • තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

    තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it