theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආදරේට හැමදේම දරුවට කරලා දෙන්නේ ඔබද? ඔබත් මේ වැරදි කරනවද?

4 අවම කියවීම
ආදරේට හැමදේම දරුවට කරලා දෙන්නේ ඔබද? ඔබත් මේ වැරදි කරනවද?ආදරේට හැමදේම දරුවට කරලා දෙන්නේ ඔබද? ඔබත් මේ වැරදි කරනවද?

"එක් එක් වයස් මට්ටම් වලදී දරුවන්ට තනිව කරගත හැකි වැඩ කොටසක් තිබෙනවා. නමුත් ඒ අවධිය ඉක්මවාත් දෙමාපියන් දරුවන්ට ඊට නිදහස නොදීම නිසා දරුවාට ඉගෙනීමට අවස්ථාවක් ලබාදෙන්නේ නැති වෙන්න පුළුවන්."

දෙමාපියන් ආදරේ නිසාම සීමාව ඉක්මවා දරුවන්ට හැමදේම කරලා දෙනවා. මේ නිසා දරුවන් ස්වාධීන කිරීම අභියෝගයක් වනවා. එක් වයස් මට්ටම් වලදී දරුවන්ට තනිව කරගත හැකි වැඩ කොටසක් තිබෙනවා.

නමුත් ඒ අවධිය ඉක්මවාත් දෙමාපියන් දරුවන්ට ඊට නිදහස නොදීම නිසා දරුවාට ඉගෙනීමට අවස්ථාවක් ලබාදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා සමාජය තුළ ඔබේ දරුවා අතරමං වෙන්නත්, කොන් වෙන්නත් පුළුවන් බව ඔබ සිතුවද? ඒ නිසා ආදරේට කරන මේ වැරදී ගැන දෙවරක් සිතන්න.

ආදරේට හැමදේම දරුවට කරලා දෙන්නේ ඔබද? ඔබත් මේ වැරදි කරනවද?

1. නිසි තැන නිසි දේ තියන්න

මේක ඔබට පුංචි කාලයේ ඉඳන් දරුවන්ට ඉතා පහසුවෙන් උගන්වන්න පුළුවන්. ඒ නිසා ඔහු ආසම කරන සෙල්ලම් බඩු වලින් පටන් ගන්න. සෙල්ලම් කිරීමෙන් පසු ඒ ඒ සෙල්ලම් බඩු වලට නිසි ස්ථානයක් වෙන්කර පෙන්වන්න ඔබට පුළුවන්. පළමුව සෙල්ලම් කළ පසු ඔබට දරුවාත් එක්කම එක්වී ඒවා නිසි තැන තබන්න පුළුවන්.

නමුත් ටිකෙන් ටික තමන් සෙල්ලම් කළ පසුව බඩු නිසි තැන තමන්ම තැබිය යුතු බව දරුවාට කියාදෙන්න. ඔහු එසේ කරන්නට මැලි වන්නේ නම් ඊළඟට ඔහුට තවත් සෙල්ලම් බඩුවක් ගැනීමට අවස්ථාවක් නැති බවත් ප්‍රයෝජනයට ගත් දෙය නිසි තැන තැබූ පසු ඊළඟ වාරය එළඹෙන බව දරුවාට කියන්න.

මේ පුරුද්ද ඔබ කරන්නේ ඔහුගේ ජීවිත කාලයටම බව මතක තබාගන්න. ඔහු වැඩිහිටියෙකු වී විවාහ වීමෙන් රැකියාවක් කරද්දී වගේම ඔහුගේ දරුවන්ටත් ගෙනියන වැදගත් පුරුද්දක් බවට ඔබට ආඩම්බර වෙන්න පුළුවන්. නමුත් ඔබ ඔහුගේ සෙල්ලම් අවසානයේ ඒවා අස්කරන්න යෑමෙන් ඔහු මේ පුරුද්ද කවදාවත් ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසා ආදරයට ඔහුට හැමදේම ඉටුකර නොදීම ඔහුට වඩාත් හොඳ අත්තිවාරමක් වේවි.

2. කිලිටි ඇඳුම් සපත්තු වෙනම තැනක තියන්න දරුවන්ට ඉඩ දෙන්න

අවුරුදු 2-3 අතර දරුවන් කතාකරන්නත් අනුකරණය කරන්නත් කැමති වයසක්. ඒ අවදියේ සිටම දරුවා වෙනුවෙන් සෙරෙප්පු සපත්තු තියන්න ස්ථානයක් , කිලිටි ඇඳුම් ගලවන්න තැනක් වෙන්කරන්න. නෑමට ඇඟ සේදීමට පෙර ඇඳුම් ඉවත් කරන විට ඒ ඇඳුම් කිලිටි ඇඳුම් දමන කූඩයට දාන්න ඔහුට කියාදෙන්න. දරුවන් හරි ආසාවෙන් ඒ වගේ වැඩවලට උදවු වෙනවා වගේම ඔහුව නිරායාසයෙන් ස්වාධීන කරන්නත් ඔබට පුළුවන්.

ගමනක් ගොස් යළි පැමිණි විට සපත්තු නිසි තැන ගලවා තබන්න තැනක් නිසි ස්ථානයක් තැබීමෙන් ගේ පුරා සපත්තු මේස් එකතු කරමින් යන්න ඔබට වෙන්නේ නැහැ. අනෙක් අතට දරුවා ලොකු වෙද්දී ඔහුගේ ඇඳුම් තියන්න නිසි තැනක් ඇති බව දන්නා නිසා නිතරම අන් අයට කරදරකාරී  නොවන ලෙස ජිවත් වෙන්න ඉගෙන ගන්නවා. එය දරුවන්ගේ පෞරුෂයට හා අනාගතයට හරිම වැදගත්.

දත් දිරායාම

3. තනිව දත් මදින්න මුහුණ සෝදන්න දරුවන්ට අවස්ථාවක් දෙන්න

කුඩාම වියේ දරුවන් මේ දේවල් තනිව කර ගන්න හරි කැමතියි. නමුත් ඔවුන්ට තනිව කරගන්න පුරුද්දක් නැති වුනොත් ඔවුන් පිරිසිදු කම ගැන පාඩම් ඉගෙන ගන්නේ නැහැ. නිසි ලෙස පිරිසිදු වෙන්න ඉගෙන නොගැනීම ජිවිතයට සෞක්‍යටත් ලොකු හානියක්.

ඒ නිසා දරුවාට තනිව දත් මදින්න, මුණ සෝදන්න, නාන්න ඔබේ අධීක්ෂණය යටතේ ඉඩ දෙන්න පුළුවන්. නමුත් එහි අවසානයේ ඔබට ඊට එක්වී එය සම්පූර්ණ කරන්නත් අඩුපාඩු කියාදෙන්නත් පුළුවන්. ඒ මගින් කෙමෙන් දරුවා ස්වාධීන දරුවෙකු වෙනවා.

4. මාකට් එකට නැතිනම් ගමනකදී දරුවන්ට ත් වගකීම් දෙන්න

බඩු ගන්න වෙළඳසැලට ගිය විට ඔහුටත් බඩු දැමු පුංචි මල්ලක් අතට දෙන්න. එය බර නැති වුනත් අම්මට උදවු වෙන්න ඉන් ඔහු ඉගෙන ගන්නවා. අනෙක් අතට සමාජයට ගොස් යම් යම් කරණා සමග ගැටෙන්න යමක් ඉගෙන ගන්න ඔහුට අත්දැකීම් ලැබෙනවා. “අනේ ඕක ඔයාට බරයි, දෙන්න මම ගන්නම්”. අම්මලා විදිහට ආදරේට එහෙම කිව්වොත් ජීවිතයේ බර හැමදාම අන් අයට පවරන්න ඔහු සිතට ගන්න බව මතකයේ තබා ගන්න. 

5. නිවසින් පිටතට ගිය පසු පාසලෙන් පසු තොරතුරු කතා කරන්න

 ඔබ කෙතරම් කාර්යබහුල වුවත් අද දවස ගෙවුන හැටි පාසලෙන් කිවූ පණිවිඩ ගැන දරුවාගෙන් අහන්න. දරුවාගෙන් අසා ඔබේ මිතුරියන්ගෙන් හෝ ගුරුතුමිය ගෙන් අසා ඔහුගේ පාසලේ කටයුතු ඉටුකර දෙන්න යන්න එපා.  හැමවිටම දරුවාට මහන්සි ඇති පස්සේ කතා කරනවා. නැත්නම් මට වැඩ වැඩියි කියලා මේ දෙය ප්‍රමාද කරන්න එපා.

ඉන් ඔබත් දරුවාත් අතර ඇති සබඳතාවය හා සන්නිවේදනය දරුවා ඉගෙන ගන්නවා. නැතිනම් ඔබටත් නොදැනීම ඔබේ දරුවා ඔහුගේ ලෝකයේ තනිවූ දරුවෙක් වන්නට ඉඩ තියෙනවා. එයින් දරුවාගේ ස්වාධීනත්වයට පෞරුෂයට වැදගත් අඩිතාලමක් වැටෙනවා.

අදහස් හුවමාරුව නිසා දරුවා විවෘත පුද්ගලයෙකු වෙනවා. ඒ නිසා ඔහු තොරතුරු වලින් සන්නද්ධ වන විට සමාජය තුළ අතරමං වන්නේ නැහැ. සෑම තොරතුරක්ම ඔහුගෙන් නොඅසා වැඩිහිටියන්ගෙන් අසා දැනගැනීමට යාම නිසා ඔහුව ඒ වගකීමෙන් මිදෙනවා.

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු

6. කෑම කන්න දරුවට ඉඩ දෙන්න

අවුරුදු 3 - 4 පමණ වන විට දරුවට ඉඳගෙන තනිව කෑම කන්න අවස්ථාව දීමෙන් ඔහු ස්වාධීනත්වය ඉගෙන ගන්නවා. අනෙක් අතට තමා කෑම කෑ පිඟන ඔහුට හැකි ලෙස සෝදන්න ඉඩ දෙන්න. වතුර හා සබන් සමග ගනුදෙනු කරන්න කැමති නිසා දරුවා හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා.

“කෝ කෝ ඔයාට බැහැ හරියට සෝදන්න”, අම්මා තාත්තා කිවුවොත් කවදාවත් ඔහු එය තනිව කරන්නේ නැති බව මතකයේ තබාගන්න. සම්පූර්ණ නැතත් ඔහුගේ උත්සාහයට පොඩි ඉඩක් දෙන්න. පසුව අසම්පූර්ණ දේ සම්පූර්ණ කරගන්න ඔබට පුළුවන් නේද?

ආදරේ නිසා අපි හුඟක් දේවල් දරුවන්ට කළයුතු නැති බව ඔබට දැන් වැටහෙනවා ඇති. ආදරේ වෙනුවෙන් ඔවුන්ට පුංචි පුංචි දේවල් තනිව කරන්න ඉඩක් දෙන්න. එය ඔවුන්ගේ පෞරුෂය ගොඩනගාගන්න වැඩිහිටියෙකු ලෙස තනිව නැගී සිටින්න අත්‍යවශ්‍ය බව මතකයට නගමින්  theAsianparent  Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ කරුණු ගෙන ආවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ආදරේට හැමදේම දරුවට කරලා දෙන්නේ ඔබද? ඔබත් මේ වැරදි කරනවද?
බෙදාගන්න :
  • මුල් ගණිත කුසලතා වර්ධනය කිරීමට ඔබේ දරුවාට උදව් කරන්නට සුපිරි ගණිත ක්‍රම

    මුල් ගණිත කුසලතා වර්ධනය කිරීමට ඔබේ දරුවාට උදව් කරන්නට සුපිරි ගණිත ක්‍රම

  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

  • මුල් ගණිත කුසලතා වර්ධනය කිරීමට ඔබේ දරුවාට උදව් කරන්නට සුපිරි ගණිත ක්‍රම

    මුල් ගණිත කුසලතා වර්ධනය කිරීමට ඔබේ දරුවාට උදව් කරන්නට සුපිරි ගණිත ක්‍රම

  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it