ඔබේ දරුවාට කරුණාවන්ත බව ඉගැන්විය හැකි ආකාර 20 ක්

ඔබේ දරුවාට කරුණාවන්ත බව ඉගැන්විය හැකි ආකාර 20 ක්

කුඩා කළ ඉඳන්ම දරුවන්ට කරුණාව, දයාව ඉගැන්වීම තුළින් ඔවුන් වැඩිවිය පැමිණි පසු වඩා යහපත් ආචාරශීලී මිනිසුන් බවට පහසුවෙන් පත් වෙනවා.

කුඩා කළ ඉඳන්ම දරුවන්ට කරුණාව, දයාව ඉගැන්වීම තුළින් ඔවුන් වැඩිවිය පැමිණි පසු වඩා යහපත් ආචාරශීලී මිනිසුන් බවට පහසුවෙන් පත් වෙනවා. මේ තොරතුරු නිසා ඔබටත් දරුවෙකුට ඉගැන්විය යුතු කරුණාව හා දයාව පිළිබඳ තවදුරටත් දැනුවත් විය හැකි බව අපි විශ්වාස කරනවා. කරුණාවන්ත බව බොහෝ විට වචනයෙන් පමණක් නොව හැඟීම් හා ප්‍රකාශනයෙන් බොහෝ විට පෙන්වන්නට පුළුවන්.

කරුණාව දයාව කියාදීමේ හොඳම ක්‍රමය ඔබ ඔවුන්ට ඒ ගැන කියා දෙනවටත් වඩා ඒ ගැන ඔබ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීම වැදගත්.

බබාගේ සිනහව

1. එකිනෙකාට වාරයක් ඇති බව කියා දෙන්න. හැමවිටම පළමු අවස්ථාව අවශ්‍ය නැතැයි කියා දෙන්න.

2. කරුණාව සහ “ස්තූතියි” කියන්න කියා දෙන්න. හොඳ පුරුදු කිසිදා පරණ වන්නේත් අලුත් වන්නේත් නැහැ.

3. දිනුමට වඩා පරාජය දරාගන්න උගන්වන්න. එක් අයෙක් පැරදුනේ නැතිනම් හැමවිටම තවත් අයෙකුට දිනන්න අවස්ථාව උදාවන්නේ නැහැ.

4. අලුතෙන් එන අයව ආදරයෙන් පිළිගන්න උගන්වන්න. අලුත් කෙනා සමග කතා කරන්න. ඔහු සමග ඉඳගෙන කෑම ගන්න, සෙල්ලම් කරන්න ආරාධනා කරන්න උගන්වන්න.

5. කිසිවෙකුත් අපහසුවේ දැමීමට අන් ය සමග එක්වීමට නොයන ලෙස දරුවාට කියා දෙන්න. කවුරුන් හෝ අපහසුතාවයට ලක්වීම සුදුසු නැති බව කියා දෙන්න.

6. බෙදා ගන්න.

7. කරුණාවන්ත ලෙස ඇගයීම් කරන්න. මිතුරාට ලස්සන සපත්තු දෙකක් ඇත්නම් එය අගයන්න කියා දෙන්න. කවුරුත් තමන්ව ඇගයීම හා වර්ණනාව නිසා සතුටට පත්වන බව කියා දෙන්න.

8. බලයලත් අයට ගරු කරන්න කියා දෙන්න. ආත්මාර්ථකාමී ලෙස හැසිරීමට වඩා ගරු කළ යුත්තන්ට ගරු කිරීමේ වැදගත්කම කියා දෙන්න.

සතුටින් ඉන්න අම්මලා

9. අන් අය පිළිබඳ විනිශ්චය කරන විට ඔවුන්ගේ පාට හා මිල මුදල් ගැන සිතනවාට වඩා ඔවුන්ගේ චරිත ලක්ෂණ ගති ගුණ ගැන සිතා තීරණ ගන්න දරුවන්ට කියාදෙන්න.

10. නැති අයට දීමට කියා දෙන්න. ඉතිරි වන දෙයට වඩා නැවත භාවිතයට ගත හැකි දේවල් දෙන්න කියා දෙන්න.

11. උදවු උවමනා අයට ස්වකැමත්තෙන් උදවු වෙන්න කියා දෙන්න.

12. කොළ කැඩීම හා කොළ දැමීම ආදිය නොකර පරිසරයට ආදරය කරන්න කියාදෙන්න.

13. සතුන්ට ආදරය කරන්න කියාදෙන්න.

14. මනුෂ්‍යත්වය වන්නේ යමෙකුට උදවු කිරීම හා පෙරලා ඊට කිසිවක් අපේක්ෂා කිරීම නොකළ යුතු බව කියන්න.

ඔබේ දරුවාට කරුණාවන්ත බව ඉගැන්විය හැකි ආකාර 20 ක්

15. තමන් වරදක් කළ පසු එය පිළිගැනීමටත් “සමාවෙන්න” යැයි කීමටත් කියා දෙන්න.

16. දිගින් දිගටම තර්ක කරනවට වඩා සමාව දීම වැදගත් බව කියාදෙන්න.

17. නිතර අන් යට සිනහවෙන් සංග්‍රහා කරන්න කියා දෙන්න. කරුණාවන්ත බවේ ආරම්භය සිනහවයි.

18. එක එක නම් අන් අයට පට බැඳීම නොකළ යුතු බව කියාදෙන්න.

19. ගෙදර අයට, සහෝදර සහෝදරියන්ට, අසල්වාසීන්ට උදවු කරන්න කියා දෙන්න. එය ඉදිරි අනාගතයට ගෙන යන්න ඔවුන්ට පුළුවන්.

20. තමන්ට ආදරය කරන අයට පෙරලා ආදරය කරන්නත් “මං ආදරෙයි” කියා කියන්නත් එහි වටිනාකමත් ඔවුන්ට වටහා දෙන්න.

ආදරය, කරුණාව ජීවිත කාලයටම ගෙන යා හැකි අපූරු ගුණාංගයක් වන අතර ඒ තුළින් ඉතා හොඳ වැඩිහිටියන් බිහිවෙනවා. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ මතක් කිරීම කරන්නට සිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි