theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

5 අවම කියවීම
අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයිඅවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

දරුවන්ව පුංචි වයස‌ේදීම කියවන්න හුරුකරමු.

දරුවන්ට කියවීම හුරු කිරීම ටිකක් අමාරු කටයුත්තක් න‌ේද? අද මම මගේ ප‌ෞද්ගලික අත්දැකීමක් ඔබත් එක්ක බ‌ෙදාගන්නයි සුදානම් ව‌ෙන්න‌ේ.

මගේ පුංචි දුවට තවම වයස 6 ක් ව‌ෙනවා.  අද ව‌ෙනක‌ොට එයා හ‌ොදින් ප‌ොත් කියවනවා. ඇයගේ සාර්ථකත්වය‌ේ රහස දැනගන්න කැමතියිද?

දරුවන්ට කියවීමට ඉගැන්වීම

කියවීම අපට වැදගත්

 

කියවීම මිනිසා සම්පුර්ණ කරනවාද? ඔව් ඒක  ඇත්ත. කියවීම මිනිසා සම්පුර්ණ කරනවා විතරක් නෙමෙයි ඔහු හෝ ඇය තුල අපමණ ධෛර්යයක් ඇති කරනවා.

අපි මුලින්ම කරන්නේ අකුරු අමුණලා කතා කරන එක, ඉන්පස්සේ ලියන්න, කියවන්න ඉගෙන ගන්නවා. කතා කරනවා වගේ පහසුවෙන් කියවන්න ඉගෙන ගන්න අමාරුයි.

මම මේ කියන්න යන්නේ අවුරුදු හයක් ව‌ෙන්න කලින් මගේ පුංචි දුව කියවන්න ඉගෙන ගත්තේ කොහොමද කියලා. අද වෙනකොට එයාට චූටී අකුරු තියෙන පොතක් වුනත් පහසුවෙන් වගේම හොද අවබෝධයෙන් කියවන්න පුළුවන්.

මගේ පුංචි දුවගේ මේ හැකියාව ලබාදීමේ සම්පුර්ණ ගෞරවය හිමිවෙන්න ඕනී දුවගේ ආදරණීය තාත්තාට, 

දුවයි, තාත්තායි අතරේ පුංචි කාලේ ඉදලා තිබූනේ අපූරු බැදීමක්, ඒ බැදීමට හැමදාම අලුත් අර්ථකථනයක් දෙන්න ඒ දෙන්නා සමත් වුනා. 

සමහර රාත්‍රින් වල මා ඔබ වෙනුවෙන් ලියද්දී , දුවගේ තාත්තා දූ ලගට වෙලා නින්ද යනකම් කතන්දර කිව්වා. දූ හැම සති අන්තයකම තාත්තා ගෙදර එනකම් බලාගෙන හිටියේ කතන්දර අහමින් නිදාගන්න.

ඒ තුලින් දුවගේ රස වින්දනය වැඩි වුනා. ප‌ොත් කතන්දර වලට එයා තුල දැඩි ආශාවක් ඇතිවුනා.

කාලය යද්දී අපි කලේ හෙමිහිට දුව ලඟට පුංචි පොත් ටිකක් ලං කරපු එක,

කතන්දර අහන්න තාත්තා එනකම් ඉවසගන්න බැරුව හිටපු පුංචි කෙල්ල මුලින්ම පොත් වල පිංතූර අත ගෑවා. ඊටපස්සේ අකුරු අමුණන්න ගත්තා.

කතන්දරය කියවන්න දුවගේ හිතේ ගොඩනැගුන ආශාව එයාටම ධෛර්යයක් වුනා. එයා පාරේ යද්දී දකින හැමදේම කියවන්න උත්සහ කලා.

අතට අහුවෙන හැමදෙයක්ම අමාරුවෙන් හරි කියෙව්වා. එහෙම කියවන කොට එය එක දෙයක් තේරූම් ගත්තා. ඒ එයාට කියවන්න පුළුවන් කියන එක,

අපි මුලින්ම එයාට දුන්නේ ලංකාවේ ලේඛක ලේඛිකාවන්ගේ පොත් , ඊලගට පරිවර්තන අරන් දුන්නා.

ඒ හැම පොතක්ම එයාට අරන් දෙන්න කලින් මම හොයලා බලලා තීරණය කරනවා ඒක එයාට සුදුසුද නැද්ද කියලා. ඒ වගේම අපි නිතර එයාට අලුත් පොත් ගොඩාක් අරන් දුන්නා.

ඒ වගේම එයා පාසැලේ පුස්තකාලය‌ෙන් හැම සතිය‌ෙම න‌ොවරදවාම ප‌ොතක් අරග‌ෙන එන්න.

ඒක නිසා එයාට හොදින් කියවන්න පුළුවන් වුනා. ඒ වගේම එයා කියව්වේ හොදම දේවල් .

දරුවන්ට කියවීම හුරු කිරීම: මගේ දියණියගේ පුංචි ප‌ොත් එකතුව‌ෙන් බිදක්

සිබිල් ව‌ෙත්තසිංහ මහත්මිය‌‌ගේ

2

  • කුඩ හ‌ොරා
  • හ‌ොයිටි නම් හිවලා
  • කිරිහාමි
  • දුවන රුවුල
  • අමල් බිසෝ
  • රාවණා රුවුල
  • වදුරු උදව්ව
  • කළු පුල්ලි ‌රෙද්ද
  • යාළු රුළක්
  • රන් පිහාටු
  • නරි උගුල

පරිවර්තන

3

  • යුරි ඇව‌ෙරින්ක‌ොව්‌ගේ ඉර කාග‌ෙද
  • ජවාඩ් තර්ජමොනප්‌ගේ ෂුක්ටුගා්
  • ආග්නියා බාර්ටෝගේ ම‌ෙහ‌ෙමත් ළමයි
  • වල‌ෙන්තීන් කතාය‌ෙව්‌ගේ හත්ප‌ෙතිය‌ාා මල
  • නිග‌ොලායි න‌ෝසව්ගේ පණ ඇති ත‌ොප්පිය
  • කර්න‌ේයි චුක‌ෝව්ස්කිගේ පටලැවිල්ල
  • ගනොදි සිපරෙව්‌ගේ ඇත් පැටවා
  • මාඔ ෂියාඔ‌ෙගේ නැති කර ගැනි‌මේ රජ්ජුරුවෝ
  • කොර්නි චුව්ස්කිගේ කාටත් පාඩමක්
  • ක‌ොර්ත‌ෙයි  චුක‌ෝව්ස්කිගේ නැතිවුන හිරු
  • නදිය‌ේෂ්දා කලීනිනාගේ ප‌ෙර පාසැල් ගිය හැටි

දරුවන්ට පොත් කියවීම

දරුවන්ට කියවීම හුරු කිරීම සදහා කල හැකි දේවල්  5 ක්

  1. දරුවන්ට කියවීම හුරු කිරීම: ආසාව ඇති කරන්න 

දරුවා කියවීම ගැන දන්නේ නැහැ . ඒ නිසා එහි වැදගත් කම හෝ රසාස්වාදය ඇය හඳුනන්නේ නැහැ. ඒ නිසා දරුවාට නිතර  පොත් කියවා දෙමින් ඒ පිළිබඳ ආසාවක් ඇති කරන්න.

මගේ දුවට එයාගේ තාත්තා නිතර නින්දට පෙර කතන්දර කිව්වා. ඒ කතන්දර කොතරම් සුන්දරද කියලා ඇය ඉක්මනින්ම වටහා ගත්තා. ඒ නිසාම ඇය කතන්දර පොත් එකතු කරන්න ගත්තා.

  1. දරුවන්ට කියවීම හුරු කිරීම: කුතුහලය ඇති කරන්න 

දරුවා ඔබත් එක්ක පොත් වල කතන්දර අහන්න සුදානම් වේවි. ඊලගට ඔබ කල යුත්තේ කතන්දරයෙන් කොටසක් කියා දී කතාව නැවැත්වීමයි.

කතාවේ ඉතිරි කොටස දැනගන්න ඇයට කුතුහලයක් ඇතිවෙනවා. ඉන්පසු ඇයට එය තනිව කියවන්න ලඟින් හිද උදව් කරන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මගේ දියණිය කතාව දැන ගැනීමේ දැඩි කුතුහලය නිසා පිංතුර බලමින් එය තේරුම් ගන්න උත්සහ කලා. ඉන්පසු අපහසුවෙන් අකුරු අමුණා කියවන්න පටන් ගත්තා.

     3. දරුවන්ට කියවීම හුරු කිරීම: අවස්ථාව දෙන්න

දරුවාට පොත් තෝරා ගන්න අවස්ථාව  ලබා දෙන්න. එය කියවන්නේ කුමන වේලාවට දැයි තීරණය කරන්න ඇයට ඉඩ දෙන්න.

මගේ දියණිය නිතර ඇයට කැමති පොත් තෝරා කැමති වේලාවට කියවන්න ගත්තා. අපි ඇයට බාධා කලේ නැහැ . ඇයට වචන වරදින සෑම විටම නිවැරදි කලා පමණයි.

  1. දරුවන්ට කියවීම හුරු කිරීම: විවිධත්වය ලබාදෙන්න 

එකම ලේඛකයා හෝ එකම ශෛලයේ පොත් ඉලක්ක කර ගන්න එපා. ඔබ කියවා බලා සුදුසු බව හැගෙන පොත් දරුවාට ලබා දෙන්න.

මගේ දියණියට මුලින්ම දුන්නේ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත්, ඉන්පසු අපි රුසියානු පරිවර්තන වගේම ඉංග්‍රිසි පරිවර්තන පොත් අරගෙන දුන්නා. ඒවා කතන්දර පමණක් නොවේ සමහර කාව්‍ය සංග්‍රහයන් පවා අරගෙන දුන්නා.

     5. දරුවන්ට කියවීම හුරු කිරීම: ස්වාධීන කරන්න 

අනිවාර්යයෙන්ම දරුවාට තනිව කියවන්න ඉඩදෙන්න . එහිදි ඔබ තව දුරටත් උදව් කරන්න අවශ්‍ය නැහැ . ඒ වෙනුවට ඇයව සමීපව නිරීක්ෂණය කරන්න.

දරුවන් නිසි මගපනේවීමක් යටතේ ග‌ොඩාක් දක්ෂ බවට පත් කරන්න පුළුවන්. කියවීම කියන්න‌ේ දරුවාගේ ඉගනීම තුල එක් ක‌ොටසක් පමණයි.

ද‌ෙමව්පියන් විදියට අපේ දරුවන් තුල සැගවිලා තිය‌ෙන දක්ෂතා ඉස්මතු කරගන්න තරම් බුද්ධිමත් ව‌ෙන්න අවශ්‍යයයි.

කියවීම තුලින් දරුවාට දැනුම තනිව ස‌ොයා යන්න පුළුවන්. ලියන්න කියවන්න බැරි නම් ඒ පුද්ගලයාට සමාජයේ ග‌ොඩාක් දුර යන්න අමාරුයි. ‌මේ සමාජ ක්‍රමය තුල එහ‌ෙම ක‌ෙන‌ෙකුට රදාපවතින්න ව‌ෙන්න‌ේ තව ක‌ෙන‌ෙක් මත.

ඔ‌බේ දරුවාට එහ‌ෙම ව‌ෙනවා දකින්න ඔබ කැමති නැහැ න‌ේද? එහ‌ෙනම් පුංචි කාලය‌ේ ඉදන් ඔවුන්ව ‌මේ සදහා සුදානම් කරන්න.

මගේ දියණිය තනිව කියවන්න පටන් ගනිද්දී අපි ඒකට බලපෑම් කලේ නැහැ . ඇය මම ලියපු ළමා කතන්දර පොත තනිව කියවලා ඉවර කරපු දවස තමයි ලේඛිකාවක් විදියට මම ගොඩාක්ම සතුටු වුන දවස,

අදටත් මේ කියවීමේ මෙහෙයුම අවසන් නැහැ . මම ඇයට මාස කිහිපයකට වරක් විශාල පොත් ප්‍රමාණයක් අරගෙන දෙනවා. ඒකට මාව උනන්දු කරන්නේ මගේ දියණියකගේ ආදරණීය තාත්තා.

අද මම මගේ දියණියගේ කියවීමේ හැකියාව ගැන ආඩම්බර වෙනවා. ඔබත් ඔබේ දරුවා පොත්පත් වලට ලංකරන්න. නිර්මාණශිලී දරුවෙකු නිර්මාණය කරන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි
බෙදාගන්න :
  • දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

    දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

  • උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

    උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

  • දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

    දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

  • උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

    උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it