theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාට ගණිතය උගන්වමු: දෙමාපියන්ට පුංචි අත්වැලක්

5 අවම කියවීම
දරුවාට ගණිතය උගන්වමු: දෙමාපියන්ට පුංචි අත්වැලක්දරුවාට ගණිතය උගන්වමු: දෙමාපියන්ට පුංචි අත්වැලක්

විනෝදයෙන් සෙල්ලම් කරමින් දරුවාට ගණිතය ඉගැන්වීමේ සංකල්පයට අප ගොඩක් කැමතියි. එලෙස ඉගැන්වීම තුළින් දරුවා ගණිතය කෙරෙහි ඇති උද්යෝගය වැඩි වන ආකාරය අත්දකින්න.

ඔබේ දරුවාට ගණිතය විෂයට නිර්භයව සහ විශ්වාසයෙන් හදාරන්නට මූලික අත්තිවාරමක් ලෙස පෙර පාසල් වල ඉලක්කම් ඉගෙන ගැනෙනවා.

විනෝදයෙන් උගන්වන්න

මෙම කුඩා වයසේදී දරුවාට එම විෂය ඉගෙනීමට පෙරැත්ත කිරීම හෝ බලපෑම් කිරීම කිසි සේත්ම යෝග්‍ය නැහැ.

වැඩියෙන් වැදගත් ඉලක්කම් සහ ගණන් කිරීම වැනි දෑ දරුවන්ට ප්‍රියමනාප වන පරිදි විනෝදයෙන් ඉගැන්වීමයි.

දරුවාට ගණිතය

බොහෝ දෙමාපියන් දරුවන්ට ගණන් ඉගැන්වීම සඳහා පාට පාට කාඩ්පත් භාවිතා කරනවා. විශේෂඥයින් පවසන්නේ එම ක්‍රමය එතරම්ම ඵලදායි නැති බවයි.

ඉගෙනුම් ක්‍රම ගැන දෙමව්පියන් ශැනුවත් වෙන්න ඕනි

“බොහෝ විට අවුරුදු 3ක් පමණ වයසැති දරුවන් 3 ඉලක්කම හඳුනාගත්තද නමුත් 3 යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි නොදනී. දෙමාපියන් සංකල්පමය ඉගෙනුම හා නිපුණතා සංවර්ධනය යන දෙවර්ගයේ ඉගෙනුම් ක්‍රම ගැන දැනගැනීම බොහෝ සෙයින් වටිනවා.

පරිසරයට සමීප කරවන්න.

පාට කාඩ්පත් වෙනුවට,දරුවට නිරායාසයෙන් උගන්වනට හැකි අවස්ථාවන් ගැන විපරමින් ඉන්න. දරුවාට එදිනෙදා ඇස ගැටෙන හුරු පුරුදු දේවල් ගණන් කරන්නට උනන්දු කරවන්න. ගෙදර පුංචි වැඩ වලට ඇත උදව්වක් දෙන ගමන් ගණන් කරන්නට උයෝමු කරන්න.

මේස් ගණන, සෙල්ලම් කාර් ගණන වැනි අනෙකුත් දෑ. නිර්මාණශීලි ගවේෂණයකට දරුවා යොමු කිරීම තුළින් විනෝදයෙන් ගණන් ඉගෙනගන්නට දරුවා පොළඹවන්නට පුළුවන්.

දරුවාට ගණිතය උගන්වන්නට විනෝදයෙන් සෙල්ලම් කරමින් එය කරන්න.

ඉතින් විනෝදයෙන් සෙල්ලම් කරමින් දරුවාට ගණිතය ඉගැන්වීමේ සංකල්පයට අප ගොඩක් කැමතියි.

දරුවාට ගණිතය

අද ලිපියේ ඔබ වෙත ගෙන එන 1-2-3 අංග ඔස්සේ දරුවාට ගණිතය ඉගැන්වීම තුළින් දරුවා ගණිතය කෙරෙහි ඇති උද්යෝගය වැඩි වන ආකාරය අත්දකින්න.

1 එක-දෙක-තුන ඇසුරින් දරුවාට ගණිතය

අංක ඉලක්කම් ගැන කිරීමට පෙර පාසල්දරුවා යොමු කිරීම දරුවාට ගණිතය විෂය සඳහා දිය හැකි මුලික අඩිතාලමයි. ඉතින් මෙය කල හැකි සරල ක්‍රම කිහිපයක් බලමු.

* සින්දු: පෙර පාසැල්  දරුවන් සරල ගී සින්දු උච්චාරණය කරන්නට ඉතාම කැමති බව අප කවුරුත් දන්නා කාරණයක්.

අංක ගණන් කිරීමේ සිංහල මෙන්ම ඉංග්‍රීසි ගී බොහොමයක් තිබෙනවා.  One, Two, Three, Four, Five, Once I Caught a Fish Alive; This Old Man; Five Little Ducks; One, Two, Buckle My Shoe; Ten Green Bottles ඉන් කහිපයක්.

* කවි (Poems):

බොහොම රසවත් ලෙස අංක ගණන් කරන්නට භාවිතා කල හැකි තවත් ක්‍රමයක් මේ.

ඉලක්කම් ගණන් කරන්නට යොදා ගන්නා ඉංග්‍රීසි කවි කිහිපයක් නම්  One Potato, Two Potatoes; Five Fat Sausages; One for Sorrow, Two for Joy, Five Little Monkeys.

* පොත්

විවේක වෙලාවක පොඩ්ඩා සමඟ පුස්තකාලයට යන්න. පෙර පාසල් දරුවන්ට ගණන් කරන්නට උපකාර වන ළමා පොත් රැසක් තිබෙනවා. මින් දරුවා ගණන් කරන්නට යුහුසුළු වනවා පමණක් නොව පොත් කියවීමේ උතුම් ගුනාන්ගයටද හුරු වනවා.

2 අර ඉලක්කම මොකද්ද?

සංඛ්යා හඳුනා ගැනීම යනු පෙර පාසල් දරුවන් සඳහා සුදුසු මීලඟ ගණිත කුසලතාවයි වන අතර එය දෘෂ්යව හඳුනා ගැනීමෙන් සිදු වන්නකි.

ඔබේ දරුවා සමඟ මෙම හැකියාවන් පුහුණු කිරීම සඳහා ක්‍රම තිබේ:

  • නගරයේ සැරිසරන අවස්ථා වල දරුවාට විවිධ අංක පෙන්වා ඒවා නම් කරන්න.  පාරේ තොටේ යන විට නිවෙස් වල අංක කඩ වල අංක අඩිය තුලින් දරුවාට ඉලක්කම් හඳුනාගන්නට යොමු කරන්න.
  • නිවසේදී ඔරලෝසුවේ, දුරකථනයේ ආදී ඉලක්කම් පෙන්වා ඒවා මොනවාදැයි දරුවාගෙන් අසන්න.
  • ලී හෝ ප්ලාස්ටික් වලින් තනු අංක අඩංගු සෙල්ලම් බඩු දෙකක් මිලදී ගන්න.   ඉලක්කන් මිශ්‍ර කොට සමාන ඉලක්කම් තෝරා දෙන සෙල්ලමක් දරුවා සමඟ කරන්න.    එමෙන්ම ඉලක්කම් 1 සිට පෙළ ගස්වන්නට උනන්දු කරන්න.

දරුවාට ගණිතය

  • වැලි කඩදාසි වලින් විවිධ ඉලක්කම් වල කපාගන්න. දරුවාගේ ඇඟිල්ල ඉලක්කමේ හැඩය මත ගෙන ගොස් ඉලක්කම හඳුනාගන්නට උපකාර කරන්න. වෙරළේ මෙන්ම වැලි මිදුලේද මෙම ක්‍රියාකාරකම කල හැක.
  • ගෙදර දොරේදී නිතරම ඔතන කීයක් තියෙනවද? කියා අසන්න. "ඔබට ඇස් කීයක් තිබේද?"; "මෙම රථයේ කොපමණ රෝද කීයක් තිබේද?" වැනි ප්‍රශ්ණ අසා දරුවාට පිළිතුරු දෙන්නට අවාස්තාව සපයා දෙන්න.

3 එක-හා-දෙක ගැළපීම

මෙය වනාහි යම් වස්තුවක් අදාළ වචනයට  (කටින් කියූ හෝ ලියූ) වස්තුවේ නමට ගැළපීමයි.  මෙම කුසලතාවය ප්‍රගුණ කිරීමට දරුවාට මාස ගණනක් ගත විය හැකි බව සිහි තබාගත යුතුයි. මේ නිසා ඔබේ ඉවසීම ප්‍රගුණ කිරීම ඉතා වැදගත්!

ඔබ ඔබේ කුඩා දරුවා සමඟ අත්හදා බැලීමට ඔබට අදහසක් මෙන්න:

රබර් බෝල හෝ තාරාවන් ගණන් කිරීම

ඔබට අවශ්ය දේ: සෙල්ලම් රබර් බෝල හෝ රබර් තාරාවන්, දාදු කැටයක්, ජලය පිරවූ නොගැඹුරු බඳුනක්.

මෙය පෙර පාසල් දරු දැරියන්ට මහත් විනෝදයක් ගෙන දෙන ක්‍රීඩාවකි. තාරාවන් ගැන ගීයක් ගයා ක්‍රීඩාව ආරම්භ කරන්නට පුළුවන් (මගේ පොඩි තාරා)

මීළඟට, මේසය මත නොගැඹුරු ජල භාජනය තබන්න.

දරුවා ලවා මේසය මත දාදු කැටය දමන්න.

එහි තිත් ගණන් කරන ලෙසත් අදාළ තිත් සංඛ්‍යාවට ගැලපෙන තාරාවන් සංක්‍යාව හෝ රබර් බෝල සංඛ්‍යාව ජාල බඳුනට දමන්නට  කියන්න.

දවස පුරා ගණන් කරන්න

ඉතින් මේ ක්‍රියාකාරකම ආයාසයකින් තොරව දවසේ එදිනෙදා දේවල් දරුවා සමඟ ගණන් කිරීම සම්බන්ධවයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවා සමඟ පඩි පෙලේ පඩි ගණන, දුරකථනය නාද වුනු වාර ගණන වැනි දේ ගණන් කිරීමෙන් නිරායාසයෙන්ම දරුවාට ගණිතය විනෝදයක් වීම වැළක්විය නොහැක.

කේක් තැටි විනෝදය

දරුවාට ගණිතය

ඔබට අවශ්ය දේ: මෆින් කේක් තැටියක් (හෝ හිස් බිත්තර බහාලුමක්), විශාල බොත්තම්.

පළමුව, තැටියේ කුටි තුළ මාකර් පෑනක් ආදරයෙන්  1 සිට අංක ලියාගන්න.

මීලඟට ඔබේ දරුවාට අංකයක් ලබා දී එය අදාළ කුටිය තුළට දමන්නට කියන්න. එමඟින් අදාල මෆින් ටින් අවකාශයේ නිවැරදි බොත්තම් ගණන තබන්නට ඔහුට/ඇයට කියන්න.

දෙමාපියෙනි, වඩාත්ම වැදගත් වන්නේ මෙම ක්‍රියාවලිය තරම් විනෝදජනක එකක් කිරීමයි. එම විනෝදය තුළින් දරුවාට ගණිතය ඉගෙනීම විනෝදයක් වන අතර එමගින් තව දුරටත් ඉගෙන ගැනීමට උනන්දු වනවා.

පෙර පාසැල් දරුවන්ගේ ඉගෙනීම වඩාත් කාර්යක්ෂම වන්නේ විනෝදය හා සෙල්ලම් අනුසාරයෙන් ඉගැන්වීම තුලිනි. එබැවින් එය ප්‍රීතිමත් අත්දැකීමක් කිරීම අපගේ යුතුකමයි.

දරුවාගේ උත්සාහය අගය කරන්න, ඊට ප්‍රශංසා කරන්න.මෙමගින් දරුවාග ගණිතය විනෝදජනක විෂයක් වීම වැළක්විය නොහැකි වනු ඇත!

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

මේ හා සම්බන්ධ තවත් ලිපියක් වන ගණිතය විනෝදයෙන් ඉගෙන ගන්න දරුවාට උගන්වන්න තුළින් ඔබට වටිනා අදහස් කිහිපයක්.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවාට ගණිතය උගන්වමු: දෙමාපියන්ට පුංචි අත්වැලක්
බෙදාගන්න :
  • පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

    පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

  • ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්

    ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්

  • පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

    පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

  • ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්

    ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it