theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සංගීතයෙන් ගණිතයට පණ දෙන ආදරණිය ගුරුවරයා

4 අවම කියවීම
සංගීතයෙන් ගණිතයට පණ දෙන ආදරණිය ගුරුවරයාසංගීතයෙන් ගණිතයට පණ දෙන ආදරණිය ගුරුවරයා

දරුවන්ට අපූරු ආකාරයට සිප්සතර කියා ‌දෙන ගුරුවරයෙක්.

දරුවන්ට ඉගැන්වීම වුනත් එක්තරා කලාවක්. ඒක වටහා නොගෙන දරුවන්ට ඉගැන්වීමට යාමෙන් සිදුවන්නේ ලොකු හානියක්.

ඒ නිසාම දරුවන්ට පුංචි වයසින්ම පාසැල් වැඩ තිත්ත වෙනවා.

ගුරුවරු දැක්කාහමත් නින්ද යනවා. මේ ඉගැන්වීම තවත් සංකීරණ වෙන්නේ ගණිතය වැනි විෂයන් එක්ක.

සංගීතයෙන් ගණිතයට පණ දෙන ආදරණිය ගුරුවරයා

මොකද ඒවායේ සංකීරණත්වය නිසාම දරුවන්ට ඒ විෂය කාල පරිච්ඡේදය එපා වෙන වේලාවලුත් තියෙනවා.

ඇත්තට දරුවන්ට ඉගෙන ගන්න එක එපා කරන්නේ අපිමයි.

පවතින විෂය නිර්දේශ එක්ක ළමා විය විදින්න අවශ්‍ය වයසේ ඉන්න පුංචි දරුවන්ට ඇල්බට් අයිස්ටයින් මතක් වෙන තරම් ගණන් ලැබෙනවා.

අන්තිමට වෙන්නේ දරුවන්ට මුළු ළමාවියම විදවන්න වෙන එකයි.

සංකීරණ විෂයන් සරලව උගන්වන්න බැරිද?

සංගීතයෙන් ගණිතයට පණ දෙන ආදරණිය ගුරුවරයා

ගණිතයයි කලාවයි කියන්නේ තාරයි බෝල සබනුයි වගේ එකිනෙකට හාත්පසින්ම වෙනස් විෂයන් දෙකක් නේද?

ඒක ඉතින් අපි අතර තියෙන අදහසක් විතරයි. කවුරු හරි මේ දෙක එකට මිශ්‍ර කරලා යමක් කලොත් මොකක් වෙයිද?

විද්‍යාගාරයක වැරදිච්ච පරීක්ෂණයක් වගේ අලාභ හානියක් වෙයි කියලා හිතෙනවා නේද?

නමුත් අපි අතර වෙනස් යමක් කරන්න උත්සහ කරන සමහර මිනිස්සුන්  ඉන්නවා.

මේ අද අපි කතා කරන්න යන්නේ එවන් අපූරු මිනිසෙක් කල සොදුරු ඉගැන්වීමක් ගැනයි.

දරුවන්ට ඉගැන්වීම සදහා වෙනස් දැක්මක්

මේ දවස් වල අන්තර්ජාලයේ විශේෂයෙන් මුණු පොත පුරා සැරිසරන මේ අපූරු වීඩියෝව සමහර විට ඔබත් දකින්න ඇති නේද?

එය නැරඹු මටත් ජීවයෙන් පිරුනු දරුවන්ගේ පුංචි මුහුණු දැක්කාහම පුදුම හිතුනා.

ඔබ ‌මේ වීඩියෝව මීට කලින් දුටුවේ නැතිනම් ඔබත් පහල ඇති ලින්ක් එක හරහා එය නරඹන්න.

විඩීයෝව සදහා ස්තුතිය-https://www.newswire.lk/

අපිට හිටියේ නෑනේ යකෝ මෙහෙම ගුරුවරු 😭😭😭 Posted by Dimuwa – දිමුවා on Thursday, 27 February 2020

මෙම ගුරුවරයා නමින් කෝසල ගලගෙදර, ඒ වගේම ඔහු රජයේ පාසැලක  දරුවන්ට සිප්සතර කියා ‌දෙනවා.

ඔහු තම සිසුන්ට ගණිතය ඉගැන්වීමට ගත් උත්සාහයක් මෙම වීඩියෝවේ අන්තර්ගතයි.

සිසුන් පිරුන පංති කාමරය තුල ඔහු ළමා ගීතයක තාලයට බෙරපද වාදනය කරමින් ගණිත පාඩම ගීතවත්ව ලෙස දරුවන්ට කියා දෙනවා.

දරුවන් එය අවබෝධ කර ගෙන තනිව එම සංඛ්‍යා ස්ථාන හදුනාගන්නා ආකාරය මෙන්ම දරුවන්ගේ උද්යෝගය, ජිවී බව , උනන්දුව සියල්ල ඔබට මෙම වීඩියෝව තුල පැහැදිලිව දකින්න පුළුවන්.

කෝසල මහත්මයාණනි ඔබ වන් ගුරුවරයෙකු ලැබු ඒ දරුවන් වාසනාවන්තයි. ‌

මෙවන් ප්‍රයෝගික හා රසවත් ඉගැන්වීම් ක්‍රම ඉදිරියට අපේ දරුවන්ටත් ලැබෙන්න කියලාත්  අපි පතනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

සාමාන්‍ය පංති කාමරයක් තුල නිතර දකින්න නොලැබෙන මේ කාරණා මේ ගුරුවරයාගේ වෙනස් ක්‍රමය තුල අපිට දකින්න ලැබුනේ ඇයි?

උත්තරය සරලයි. අපි විසින් දැනට ඔවුන්ට උගන්වන්න උත්සහ කරන සාම්ප්‍රදායික ක්‍රමයට දරුවන් කැමති නැහැ.

ඔවුන්ට වෙනසක් අවැසියි. සංගීතය, නර්තනය, චිත්‍ර, ක්‍රීඩාව වැනි ඔවුන් කැමති දේවල් එක්ක අසීරු පාඩම් උගන්වන්න පුළුවන් කියලා මෙම වීඩියෝව නැරඹු විට අපිට තේරූම් ගන්න පුළුවන්.

විශාල පොත් පුරවලා තියෙන පාසැල් විෂය නිර්දේශය හා සීමිත කාල වේලාව එක්ක දරුවන්ට උගන්වන්න කාල කළමණාකරනය කිරීම ගැන ගුරුවරුන්ටත් ඇත්තටම විශාල ගැටලුවක් තියෙනවා. 

දරුවන්ට ‌මේ ඉගැන්වීම කරන ආකාරය වැරදිද?

සංගීතයෙන් ගණිතයට පණ දෙන ආදරණිය ගුරුවරයා

ඇත්තටම වැරුද්ද ඇත්තේ දරුවා පීඩනයට පත්වෙන මෙම ඉගැන්වීම් ක්‍රමය තුලයි.

දවසින් දවස සංකීරණ වෙන අධ්‍යාපනය තුල දරුවන්ගේ සරල මොළය අතරමං වීම පුදුමයක් නැහැ.

ඉගැන්වීමට කලාව නැතිනම් ස්වභාවදහම සම්බන්ධ කරන්න පුළුවන් නම් ඉගෙන ගැනීම දරුවාට රසවත් දෙයක් වේවි.

ජපානය වගේ සංවර්ධිත රටක් ගත්තාහම ඔවුන් කුඩා වයසේ දරුවන්ට පාසැල තුල අකුරු කියලා දෙන්නේ නැහැ.

ඔවුන් කියලා දෙන්නේ පිරිසිදුව ඉන්න, අත්වැඩ කරන්න, සහයෝගයෙන් කටයුතු කරන්න වගේ දේවල් විතරයි. 

නමුත් අපේ රටේ ‌පෙර පාසැල් වසර ‌දෙකයි. පැසැලේ වසර 13 යි.

ඉහලට ඉ‌ගෙන ගත්තොත් විශ්ව විද්‍යාලයේ වසර 4 යි. දරුවෙක් ජිවිතයේ අවම අවුරුදු 15 ක් වත් අකුරු ඉ‌ගෙන ගන්නවා.

මගේ දියණිය පාසැලට ඇතුළු කල වේලාවේ පංති භාර ගුරුතුමිය එක්ක මම කථා කලා.

ඇය මට කිව්වේ එක වසර ඉවර වෙද්දි  අකුරු සේරම උගන්වලා තනි පද , සමාන පද සියල්ලමත් උගන්වා අවසන් කරන්න අවැසියි කියලා.

මට ඇත්තටම පුදුම හිතුනා. මගේ පාසැල් කාලයත් මතක් වුනා.

අපි ඉස්සර එක වසරට ගියේ වැඩ මල්ලක් අරගෙන.

අර එක එක ඇට වර්ග, පාට පාට හැදි, පිහාටු පිරුණු අත්වැඩ මල්ල ඔබටත් මතකයි නේද?

හැබැයි ඔය දැන් තියෙන තරම් පාඩම් මම එක වසරේදි ඉගෙන ගත්තේ නැහැ.

ඒ වගේම අපිට අකුරු ඉගෙන ගැනීම එච්චර පීඩනයක් වුනේ නැහැ. 

ඒකට දැන් අපේ ළමයි? බරම බර පොත් බෑග් එකක් එල්ල ගෙන හවසට ගෙදර එන්නේ බාගෙට පණ ගිහින්.

ඔවුන්ටත් රසවත් ඉගැන්වීම් ක්‍රමයක් තිබුනොත් සමහර විට ඔවුන් ඉගෙන ගන්න ගොඩාක් ආස වේවි ‌නේද?

ඔබත් දරුවාට උගන්වන මෙවැනි සොදුරු ක්‍රම දන්නවාද? ඔබේ අදහස් අපි හා බෙදාගන්න.

මුලාශ්‍ර – https://www.newswire.lk/

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
 
 
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • සංගීතයෙන් ගණිතයට පණ දෙන ආදරණිය ගුරුවරයා
බෙදාගන්න :
  • මාස 8 සිට අවුරුදු 1 දක්වා බබාට බෙරි බත් ‌දෙන ක්‍රම7 ක්

    මාස 8 සිට අවුරුදු 1 දක්වා බබාට බෙරි බත් ‌දෙන ක්‍රම7 ක්

  • ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

    ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

  • මාස 8 සිට අවුරුදු 1 දක්වා බබාට බෙරි බත් ‌දෙන ක්‍රම7 ක්

    මාස 8 සිට අවුරුදු 1 දක්වා බබාට බෙරි බත් ‌දෙන ක්‍රම7 ක්

  • ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

    ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it