theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අළුතින් මිලදී ගන්නා ඇඳුම් කිසි විටෙකත් සොදන්නේ නැතිව අඳින්නට එපා!

5 අවම කියවීම
අළුතින් මිලදී ගන්නා ඇඳුම් කිසි විටෙකත් සොදන්නේ නැතිව අඳින්නට එපා!අළුතින් මිලදී ගන්නා ඇඳුම් කිසි විටෙකත් සොදන්නේ නැතිව අඳින්නට එපා!

අලුත් ඇඳුමක් සොදන්නේ නැතිව දරුවට ඇන්දවීම නිසා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම අප හා බෙදාගන්න ඕස්ට්‍රේලියානු මවකගේ කතාව.

ඔබත් අළුතින් මිලදී ගන්නා ඇඳුම් ස‌ෝදන්‌‌නේ නැතුව අදිනවාද? එහෙනම් ‌මේ ලිපිය ඔබට වැදගත් ‌‌‌වේවි.

අළුතින් මිලදී ගන්නා ඇඳුම් වල ලේබලය ප්‍රවේසමෙන් පිරික්සීමේදී ඔබ මේ පණිවුඩය දකීවි ‘wash before wearing’ එනම් ‘පළඳින්නට පෙර සෝදන්න’ යනුවෙනි.

නමුත් මේ නියෝගය පිළිපදින්නේ අප අතරින් කින් කි දෙනාද? ඔබත් පුරුද්දක් ලෙස මෙය නොකරන මවක් නම්, එනම් අලුත් ඇඳුම් සොදන්නේ නැතිවම පළඳින මවක් නම් මේ කතාව කියවීමෙන් පසු ඔබ වෙනස් වේවි.

1

ඔබ යලි කවදාවත් හෝදන්නේ නැතිව නම් අලුත් ඇඳුම් අඳින්නේවත් දරුවන්ට කිසි සෙත් අන්දන්නේ නැති බවත් නිසැකයි.

මෑත දිනක ඕස්ට්රේලියානු මවක් වන සමන්තා මරේ ස්පෙන්සර් ඇයගේ සාප්පු සවාරියක් සඳහා ඕස්ට්රේලියානු සාප්පුවක් වන Big W වෙත ගියේ තම දෙහැවිරිදි පුංචි පුතාද කැටුවයි. එහිදී ඇය තම පුතුට හුරුබුහුටි පිජාමා ඇඳුමක් අන්දවා බැලුවා.

එදින යළි නිවසට පැමිණි පසු ඇය දුටුවේ තම පුතු අසාමාන්‍ය ලෙස තම මුහුන කසන ආකාරයයි.

සමන්තා සිතුවේ ඔහුගේ දත් එන කාලය නිසා යම් කැසීමක් ඇති වන්නට ඇති බවයි.

නමුත් රාත්‍රියේ නින්දට ගිය පසු පුංචි පුතා වේදනාවෙන් හඬමින් අවදි වූයේ රත් පැහැ ගැන්වී ඉදිමුනු මුහුණක් ඇතිවයි. ඔහුව වහාම රෝහල්ගත කරන්නට පියවර ගැනුනා.

රසායනික ප්‍රතික්‍රියාවක්

පුංචි පාකර්ව පරීක්ෂා කිරීමෙන් අනතුරුව, වෛද්‍යවරුන් සමන්තාට පැහැදිලි කලේ එම කුඩා දරුවා පෙර දින ඇඳ බැලූ ජිමරාවේ තිබූ රසායනික ද්‍රව්‍ය අවශේෂකට බලවත් සේ අහිතකර ලෙස ප්‍රතිචාර දක්වා ඇති බව විශ්වාස කරන බවයි.

ඔවුන් ඇයට කිවේ ඔවුනට නිගමනය කල හැකි එකම විවරණය එය බවයි.

එදා රාත්‍රිය රෝහලේ ගත කිරීමෙන් පසු පාක්සර්ගේ  සමේ බිබිලි කැළැල් පසු දින වෙද්දී පහව ගොස් තිබිණි.

වාසනාවකට වහාම ක්‍රියාත්මක වූ නිසා කුඩා පාකර් සම්පූර්ණ සුවය ලැබූ අතර, ඔහුගේ මව සමන්තා පැවසුවේ මේ මුළු සිද්ධාන්තයම අලුත් ඇඳුම් නොසෝදා නාදින්නට කදිම පාඩමක් බවයි.

රසායනික ද්‍රව්‍ය සහ අළුතින් මිලදී ගන්නා ඇඳුම්

3

ඇඳුම් වල රසායනික බලපෑමක් ඇතැයි කියා අපට කිසි විටෙකත් සිතෙන්නේ නැති වන්නට පුළුවන්.

බලන් ගියහම රසායනික ද්‍රව්‍ය නැති තැනක් නැහැ. මෙම රසායනික ද්‍රව්‍ය ඇඳුම් පැළඳුම් නිෂ්පාදනයේදී ඒවාට පදම් කිරීම සඳහා භාවිතා කෙරේ.

"මෙම රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීමෙන් සමේ ආසාත්මිකතා වලට ලක්වීමේ අවදානම වැඩි වන නමුත්, මිනිසාට මෙන්ම පරිසරයටද මෙයට වඩා බරපතළ වූ සෞඛ්ය බලපෑම් ඇතිවීමට මෙම රසායනික ද්‍රව්‍යහේතුකාරක විය හැක.

ඇඟලුම් පදම් කිරීම සඳහා සුලභව භාවිතා කෙරෙන රසායනික ද්‍රව්‍ය කිහිපයක් පහත දක්වමු.

ක්රෝමියම් VI: සම්භාණ්ඩ  සහ නව ලොම් සඳහා භාවිතා කෙරෙන මෙය සම හා ගැටීමෙන් දරුණු අසාත්මිකතා ඇති කල හැක.

DMF: සම්භාණ්ඩ මත ඇති විය හැකි පුස් සහ තෙතමනය වළක්වා ගැනීම සඳහා භාවිතා කෙරෙන අතර එය නිදන්ගත නැතහොත් දිගුකල් පවතින සමේ එක්සිමා eczema තත්ව ඇති කල හැක.

ෆෙතාලේට්ස් (phthalates):

සපත්තු සහ වැසි ඇඳුම් ආදී PVC සඳහා භාවිතා කෙරේ. මේවා පිළිකාකාරක විය හැකි වන අතර මිනිස් හෝමෝන පද්ධතියට බාධා ඇති කළහැකි රසායනික ද්‍රව්‍යයකි.

ඇල්ෆෙනොල්ස් (alkphenols):  

ඇඟලුම් හා සම්භාණ්ඩ නිෂ්පාදනය සඳහා භාවිතා වන අතර මිනිස් ස්වසන පද්ධතියට අහිතකර බලපෑම් ඇති කරයි. මේවා පරිසරයට විෂ සහිත වේ.

දුර්වර්ණීය ඩයි වර්ග:

මේවායින් ආසාත්මිකතා සහ කුෂ්ට වර්ග ඇති විය හැක.

පදම් කිරීමට යොදාගන්න අනෙකුත් රසායනික ද්‍රව්‍ය

අසෝ වර්ණක (azo dyes ):

රෙදි සහ සම් භාණ්ඩ වර්ණ ගැන්වීමේදී බොහෝ විට භාවිතා කරනුයේ Azo වර්ණකයි.

මෑතකදී සොයාගත් පරිදි Azo වර්ණක නියෝජිතයන් ඇමීන් (විඝටනය වන නිෂ්පාදන) සෑදීමට හේතු වනවා.

ඒවා විකිරණශීලි හා විකෘති වන (ජානමය වශෙයන් වෙනස්වන) ගුණ ඇති බව හඳුනාෙගන ඇත.

ක්ලෝරිනීකෘත ෆෝනෝල් (chlorinated phenols): 

ක්ලෝරිනීකෘත ෆෝනෝල් (PCP, TeCP, TriCP) රෙදිපිළි සැකසීම සඳහා භාවිතා කෙරේ.

PCP සමඟ ගැටීමෙන් සම, ඇස් සහ මුඛය ආදියේ කැසීම් ඇතිවිය හැක.

මේවායේ අඩු ප්‍රමාණ වලට හෝ දිගු කාලීනව නිරාවරණය වීම නිසා අක්මාව, වකුගඩු, රුධිරය හා ස්නායු පද්ධතියට හානි සිදු විය හැක.

PCP වලට නිරාවරණය වීම පිළිකා කාරක විය හැකි අතර වකුගඩු හා ස්නායු ආබාධ ආදියද ඇතිවිය හැක.

ෆොමල්ඩේ වර්ණක formaldehyde:

රෙදි සාදා ගැනීම සඳහා භාවිතා කෙරේ.

අඩු ප්‍රමාන වලට නිරාවරණය වීමෙන් පවා ඇස්, නාසය, උගුර, සම හා පෙනහළු වලට බලපාන අසාත්මිකතා ඇති විය හැක.

ඉහළ ප්‍රමාණ වලට නිරාවරණය වීමෙන් උගුරෙහි ගුදමාර්ගය හා පෙණහලු වල අසාත්මික ප්‍රතික්‍රියා ඇති විය හැක.

එය විෂබීජහරණය කිරීමක් ලෙස වර්ගීකරණය කර ඇත.

ඉතින් අම්මේ තාත්තේ,  ඔබේ දරුවාගේ මෘදු සමට විශාල බලපෑම් ඇතිකළ හැකි මෙවන් රසායනික ද්‍රව්ය වලට කිසි සේත් දරුවා නිරාවරණය නොකළ යුතු නොවේද?  

සතුටට කරුණක් වන්නේ මෙවන් ප්‍රතික්‍රියාවක් වැලැක්වීමට සරල ක්රමයක් ත්බිමයි.

අලුතින් ගන්නා ඇඳුමක්, අවම වශයෙන් එක් වරක්වත් ඔබේ දරුවා එය පළඳින්නට පෙර සෝදාගන්න.

අළුතින් මිලදී ගන්නා ඇඳුම්: සලකා බැලීම සඳහා තවත් කරුණු පහත දැක්වේ:

අළුතින් මිලදී ගන්නා ඇඳුම් කිසි විටෙකත් සොදන්නේ නැතිව අඳින්නට එපා!

  • හැකි සෑම අවස්ථාවකදීම මෘදු ඇඳුම් පැළඳුම් මිලදී ගන්න. මෙම ඇඳුම් අවම වශයෙන් වරක් හෝ සෝදා පිරිසිදු කරගැනීමෙන් අහිතකර රසායනික ද්‍රව්‍ය ඉවත් කරගත හැක.
  • ප්‍රමිතියෙන් අඩු බාල ඇඟලුම් මිලදී ගැනීමෙන් වළකින්න. ඒවා ලාභදායී බව පෙනෙන්නට තිබුනද ඒවායේ තත්ව පාලන ප්‍රමිතීන් පහළ මට්ටමක තිබීම නිසා ඇතිවිය හැකි අහිතකර සෞක්‍ය බලපෑම් මිලකල නොහැක.
  • හැකි නම්, කාබනික වර්ණක යෙදවූ ඇඳුම් පැළඳුම් තෝරාගන්න. වෙළඳ නාමය පිළිබඳ සුළු පරීක්ෂාවක් කිරීමෙන් මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැක.
  • ඔබ මිලදිගන්නට බලාපොරොත්තු වන ඇඳුමකින් තදබල සුවඳක් එන්නේ නම් එය රසායනික සුවඳක් වන්නට පිළිවන. එවන් ඇඳුම් මිලදිගනිමෙන් වලකින්න.

ඉතින් ඔබටත් මේ හා සමාන අත්දැකීම් තිබේ නම් අපට ලියා එවන්න.

ඒ වගේම ඒ ‌තොරතුරු ඔබට පහතින් සටහනක් ‌යොදමින් අප හා ‌බෙදාගන්න.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අළුතින් මිලදී ගන්නා ඇඳුම් කිසි විටෙකත් සොදන්නේ නැතිව අඳින්නට එපා!
බෙදාගන්න :
  • අලුත උපන් පැටියාට, බිළිඳුන්ට, හා දරුවන්ට නින්දට යන විට ඇන්දවිය යුතු ඇඳුම් ගැන තොරතුරු ගොඩක්

    අලුත උපන් පැටියාට, බිළිඳුන්ට, හා දරුවන්ට නින්දට යන විට ඇන්දවිය යුතු ඇඳුම් ගැන තොරතුරු ගොඩක්

  • වැඩෙන දරුවාට පිරිසිඳු යට ඇඳුම් පැළඳවිය යුත්තේ ඇයි?

    වැඩෙන දරුවාට පිරිසිඳු යට ඇඳුම් පැළඳවිය යුත්තේ ඇයි?

  • අලුත උපන් පැටියාට, බිළිඳුන්ට, හා දරුවන්ට නින්දට යන විට ඇන්දවිය යුතු ඇඳුම් ගැන තොරතුරු ගොඩක්

    අලුත උපන් පැටියාට, බිළිඳුන්ට, හා දරුවන්ට නින්දට යන විට ඇන්දවිය යුතු ඇඳුම් ගැන තොරතුරු ගොඩක්

  • වැඩෙන දරුවාට පිරිසිඳු යට ඇඳුම් පැළඳවිය යුත්තේ ඇයි?

    වැඩෙන දරුවාට පිරිසිඳු යට ඇඳුම් පැළඳවිය යුත්තේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it