theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සිරුර උෂ්ණාධික කරන හා සීතල කරන මේ ආහාර බබාට දෙන්න හොදද?

4 අවම කියවීම
සිරුර උෂ්ණාධික කරන හා සීතල කරන මේ ආහාර බබාට දෙන්න හොදද?සිරුර උෂ්ණාධික කරන හා සීතල කරන මේ ආහාර බබාට දෙන්න හොදද?

බබාගේ සිරුරේ ස්වභාවය අනුව ඌෂ්ණ ‌හෝ සීතල කෑම ලබා දීම සුදුසු ‌වෙනවා.

ආයුර්වේදයට අනුව ආහාර ඌෂ්ණ හා සීතල කෑම යනුවෙන් ආහාර වර්ග වෙන බව ඔබ දැන සිටියාද? එහෙනම් අපි අද ඒ ගැන කතා කරමු.

ඇත්තටම මේ ඌෂ්ණ හා සීතල කෑම ගැන කතා කරන්නේ ආයූර්වේද වෛද්‍ය විද්‍යාව තුලයි.

බටහිර වෛද්‍ය විද්‍යාව තුල ආහාර එලෙස වර්ග කිරීමක් කරන්නේ නැහැ.

සමහර වේලාවට මෙම වෛද්‍ය ක්‍රම දෙක තුලම ලබා දෙන උපදෙස් එකිනෙකට නොගැලපෙන අවස්ථා තියෙනවා.

කල හැකි හොදම දේ නම් වරකට එක් වෛද්‍ය ක්‍රමයක් තෝරා ගෙන එහි උපදෙස් පිළිපැදිමයි.

ඒ වගේම බබාට කෑම දෙන්න පටන් ගන්න අම්මා කෙනෙක් බබාට ගුණ ආහාර මෙන්ම අගුණ ආහාර ගැනත් ගොඩාක් සැලකිලිමත් වෙනවා.

බබාට දෙන්න හොද නැති ආහාර වර්ග මොනවාද? ඌෂ්ණ ආහාර මොනවාද? සීතල ආහාර මොනවාද? මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඔබ ලගත් ඇති නේද?

ඇත්තටම මෙම උෂ්ණ හා සීතල කෑම වල බලපෑම එක එක්කෙනාගේ සිරුරේ ස්වභාවය අනුව වෙනස් වෙනවා.

ඒ නිසා අපිට බාහිරින් බලලා එම ආහාර තමාට හෝ බබාට හොදද නැද්ද කියලා එකවර කියන්න බැහැ.

ඒ නිසා බබාට එහෙම සැක සහිත කෑමක් දෙන විට ස්වල්පය බැගින් දින කිහිපයක් එය හදුන්වා දී බලන්න.

ගැටලුවක් ඇතිනම් වහාම එය ලබා දීම නවත්වන්න. ඒ වගේම ඒ ආහාරය බබාට අසාත්මික බව මතක තබා ගන්න.

මේ උෂ්ණ ආහාර ලෙස සැලකෙන ගොඩාක් ආහාර ප්‍රෝටීන් බහුල හොද පෝෂ්‍යදායි ආහාර වෙනවා. නැතිනම් ඒවා ආම්ලික ආහාර ‌වෙනවා.

නමුත් සමහර දරුවන්ට මෙම ආහාර ලබා ගැනීමෙන් පසු විවිධ ශාරිරික අපහසුතා ඇති වෙන්න පුළුවන්.

ඌෂ්ණ හා සීතල කෑම: උෂ්ණ ආහාර

සිරුර උෂ්ණාධික කරන හා සීතල කරන මේ ආහාර බබාට දෙන්න හොදද?

ඌෂ්ණ ආහාර නිසා ඇතිවෙන ශාරිරික අපහසුතා

උෂ්ණ ආහාර ලබා ගැනිමෙන් සමහරුන්ට සිරුරේ විවිධ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. එවන් අපහසුතා කිහිපයක් පහතින් දැක්වෙනවා.

  • සිරුරේ පලු දැමීම
  • කැසීම
  • අසාත්මිකතාවයන් ඇතිවීම
  • අත්ලට සහ පතුලට දහඩිය දැමීම
  • බිබිළි ඇති වීම
  •  අම්ල පිත්ත රෝග ලක්ෂණ මතු වීම
  •  මලබද්ධය
  •  යටිපතුල් පැලීම
  •  දෙතොල්වල පැලීම් ඇති වීම

ඇත්තටම මෙවැනි තත්වයන් ඔබේ දරුවා අපහසුතාවයට පත් කල හැකි බැවින් උෂ්ණ ආහාර ලබාදීමේදී සැලකිලිමත් වෙන්න.

මෙවන් ශාරිරික ප්‍රත්‍රික්‍රියා දැක්වීම  සියලුම දරුවන්ට සිදුනොවන බවත් සෑම උෂ්ණ ආහාරයකටම එසේ නොවී සමහර ආහාර වලට පමණක් සිදුවිය හැකි බවත් සලකන්න.

සිරුර උෂ්ණ කරන නිතර දකින ආහාර

සිරුර උෂ්ණාධික කරන හා සීතල කරන මේ ආහාර බබාට දෙන්න හොදද?

  • සැමන්
  • සෝස් හා සෝස් යෙදු ආහාර
  • ඉස්සන්, දැල්ලන්, කකුළුවන් වැනි මුහුදු ආහාර 
  • ඌරුමස්
  • බල මාළු
  • බල කරවල
  • තක්කාලි 
  • දෙල්
  • මුරුංගා
  •  රඹුටන් 
  • මැංගුස්,
  • අච්චාරු
  •  අන්නාසි

මෙවන් ආහාර බබාලට විතරක් නෙමෙයි බබාලා හම්බවෙන්න ඉන්න ගැබිනි මව්වරුන්ටත් අසාත්මික වෙන්න පුළුවන්.

ඒ වගේම ලොකු කුඩා කොයි කාටත් අසාත්මික වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා.

ඔබේ දරුවාට තිබෙන්නේ උෂ්ණ සිරුරක් නම් සිරුර නිමෙන නැතිනම් සිරුර සිසිල් කරන ආහාර වර්ග ලබා දෙන්න පුළුවන්. 

බාර්ලි , සව්කැද, රණවරා, තැඹිලි වැනි පාන වර්ග ලබා දීම මෙන්ම කොමඩු, බෙලි, නෙල්ලි වැනි පළතුරුද අලු පුහුල්, කැකිරි හා පිපිඤ්ඤා වැනි එළවලු වර්ගත් ඔබේ දරුවාට ලබා දෙන්න පුළුවන්.

ඔබට යම් ආහාරයක් ලබා දීම හෝ නොදීම ගැන යම් ගැටලුවක් ඇත්නම් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ වගේම ඔබේ දරුවාට අසාත්මික වෙන ආහාර ලබා දීමෙන් වළකින්න.

ඒ වගේම සමහරු ඔය ඉස්සන් වැනි ආහාර පිසින විට ඒවායේ සැර අඩු කරන්න මුරුංගා ‌කොළ දාන අවස්ථා තියෙනවා. ඒත් බබාට අසාත්මිකතාවයක් තියෙනවා නම් ඒ වගේ අත්හදා බැලීම් නම් කරන්න යන්න එපා.

ඌෂ්ණ හා සීතල කෑම : සීතල ආහාර

සිරුර උෂ්ණාධික කරන හා සීතල කරන මේ ආහාර බබාට දෙන්න හොදද?

සීතල ආහාර බොහෝ විට සිරුර සිසිල් කරන ආහාර වෙන අතර ඒවා ගැනිමෙන් සමහර දරුවන්ට සෙම ඇවිස්සෙන බව විශ්වාස කරනවා.  ‌

සෙම් සහිත සිරුරක් ඇති අයට එම ආහාර වලින් වැලකීම සුදුසු ‌වෙනවා. ‌

මෙයත් ඌෂ්ණ ආහාර ‌මෙන්ම සියල්ලන්ටම ‌සෙම් ‌රෝග සදහා ‌හේතු ‌වෙන්නේ නැහැ.

එහි බලපෑම පුද්ගලයා ‌ගෙන් පුද්ගලයාට සිරුර අනුව ‌වෙනස් ‌වෙන නිසා එම ආහාර ස්වල්ප වශයෙන් ‌ගෙන පරීක්ෂා කර බලන්න පුළුවන්.

නිතර දකින සීතල ආහාර කිහිපයක්

අපි ගන්නා ආහාර අතරල නිතර භාවිතා ‌වෙන සීතල කෑම තියෙනවා. පහත දැක්වෙන්නේ ඒවා අතරින් කිහිපයකි.

  • වම්බටු
  • වට්ටක්කා
  • මෑ කරල්
  • මුකුණුවැන්නා
  • සාරණ
  • නිවිති
  • තම්පලා
  •  එළකිරි
  • මුං ඇට
  • ඇඹුල් කෙසෙල්
  • වැටකොලු
  • පතෝල
  • පුහුල්

, ආයුර්වේදයට අනුව ඔබේ දරුවා නිතර සෙම රෝග වලින් පෙලෙනවා නම් මෙම සීතල ආහාර වලින් ඈත්ව තැබීම සුදුසු වෙනවා.

මීට අමතරව ශීතකරණයේ බහා කෘතිමව සිසිල් කරන ආහාරත් එවැනි අවස්ථාව දරුවාට ලබා දීමෙන් වැළකීම සුදුසු වෙනවා.

දරුවාට ආහාර හදුන්වා දෙන මාස 06 ක් තරම් වු කුඩා වයසේදි මෙවන් ඌෂ්ණ ආහාර එකවර හදුන්වා දෙන්න උත්සහ කරන්න එපා.

වසරක් නැතිනම් මාස 12 ක් වන විට ඔබේ දරුවා පවුලේ ආහාර ගන්න තරම් සුදුසු තත්වයකට පත්වෙනවා.

ඉන්පසු ඔබට මෙවන් ආහාර හදුන්වා දී බලන්න පුළුවන්.

ගැටලුවක් නොමැති නම් දරුවාට ඒවා දිගටම ලබා දීමටත් ගැටලු පැන නගින ආහාර සටහන් කර තබා ඒවා දරුවාට නොදී සිටීමටත් පුළුවන්.

ඒ වගේම ඔබට ගැටලුවක් ඇති සෑම අවස්ථාවකම ඒ ගැන ඔබේ වෛද්‍යවරයා ගෙන් විමසන්න අමතක කරන්න එපා.

ඒ වගේම හදිසියේ දරුවාට යමක් අසාත්මික වුවහොත් ක්‍රියා කරන ආකාරයත් දැනුවත් සිටීම වටිනවා.

ආයුර්වේද ‌වෛද්‍යවරුන් කිහිප ‌දෙනෙක් හා කල සාකාච්ඡාවකින් ‌මේ ‌තොරතුරු වල නිවැරදිතාවය පරීක්ෂා කරන ලදී.

ඔබටත් ‌මේ ලිපියට යමක් එකතු කරන්න ඇතිනම් ‌හෝ අදහස් දක්වන්න අවශ්‍ය නම් පහලින් සටහනක් ‌යොදන්න.

මුලාශ්‍ර -  sithmalyaya, thetruth

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • සිරුර උෂ්ණාධික කරන හා සීතල කරන මේ ආහාර බබාට දෙන්න හොදද?
බෙදාගන්න :
  • ළදරුවන්ට ආහාර දීමේදී දෙමව්පියන් විසින් සිදුකරන පොදු වැරදි 10

    ළදරුවන්ට ආහාර දීමේදී දෙමව්පියන් විසින් සිදුකරන පොදු වැරදි 10

  •  බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

     බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

  • ළදරුවන්ට ආහාර දීමේදී දෙමව්පියන් විසින් සිදුකරන පොදු වැරදි 10

    ළදරුවන්ට ආහාර දීමේදී දෙමව්පියන් විසින් සිදුකරන පොදු වැරදි 10

  •  බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

     බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it