සාමාන්‍ය දරු ප්‍රසුතිය සදහා මුහුණ දුන් මවගේ ගර්භාෂයෙන් මතු වු ගෝස් කැබැල්ල

සාමාන්‍ය දරු ප්‍රසුතිය සදහා මුහුණ දුන් මවගේ ගර්භාෂයෙන් මතු වු ගෝස් කැබැල්ල

දරු ප්‍රසුතිය ඇතුලු සැත්කම් වලදි සැත්කම් වලදී සිදුවිය හැකි ‌මෙවැනි ‌දේවල් ගැන ඔබ දැනුවත්ද?

සාමාන්‍ය දරු ප්‍රසුතිය හා දරු ප්‍රසුති සැත්කම් වල දී මෙන්ම අපි රෝගී වු සෑම විටම වෛද්‍යවරු නිසි ප්‍රතිකාර කර අපිව රැකගනිවි යයි අපි විශ්වාස  කරනවා නේද?

 නමුත් මව්වරුනි  ශල්‍යකර්මයෙන් පසු ශරීරය තුල  ඉතිරිව වෙන දේවල් නිසා ඔබට බරපතල සෞඛ්‍ය තත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්.

මෑත කාලීනව අම්මලා දෙදෙනෙකුගේ මෙවන් අත්දැකීම් මෙවැනි තත්ව වල බරපතල කම ගැන අපට මනාව පහදා දෙනවා.

ශල්‍ය වැරදි ලොව ඕනෑම තැනක සිදුවෙන්න පුළුවන්.

 

තායිලන්තයෙන් වාර්තා වෙන පුවතක්

මෑතකදී, එක් තරුණ මවක් ශල්‍යකර්මයෙන් පසු ශරීරයේ ඉතිරිව වු දේවල් නිසා අපහසුතා වලට මුහුණ දුන්නා.

ඇත්තටම එය සාමාන්‍ය දරු උපතකදි යෝනි මාර්ගයේ විවරය විශාල කිරීමට යොදන සුළු කැපුම වන් සුළු සැත්කමකි.

වයස අවුරුදු 17 ක් වු තායිලන්තයේ බොහොම ලාබාල මවක් වු ටැන් 2018 ජුනි 18 වන දින ස්වභාවිකවම සිය පළමු දරුවා බිහි කළා.

සංකූලතා කිසිවක් ඇතිවුවෙත් නැහැ. දින තුනකට පසු රෝහලෙන් ලද අවසරය මත ඇය ඉන් පටවී ගියා. නමුත් ඇයගේ තුවාලය වේදනාකාරී වුනා.

දරු ප්‍රසූතියෙන් පසු සියලුම අම්මලා විවිධාකාර වේදනා අත්විදින බැවින් මෙයත් එවැනි වේදනාවක් බව ඇය සිතුවා. 

ඇය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගත් අතර එහිදි ඇයට ලබා දුන්නේ වේදනාව සමනය කිරීම සඳහා වේදනා නාශක පෙති පමණි.

නමුත් ඇයගේ ශල්‍යකර්මයෙන් මාස දෙකකට පසු එනම්  2018 අගෝස්තු 28 වන දින මෙම වේදනාව පිටුපස වු බිහිසුණු සත්‍ය ඇයට අනාවරණය වුනා.

” අගෝස්තු 28  එනම් අගහරුවාදා මට හිටගෙන තියා හිදගෙන සිටිය නොහැකි තරම් වේදනාවක් දැනුනා. මගේ ගර්භාෂයේ යමක් ඇති බව මට දැනුනා.

මම නාන කාමරයට ගිහින්  පරීක්ෂා කරන විට එහි තිබී ගෝස් කැබැල්ලක් හමු වුනා.

එය කළු පැහැ වුන අතර දුගදකින් යුක්ත වුනා, ”ද ෆුකෙට් නිවුස් වෙත ඇය පැහැදිලි කළා.

ඇය නාන කාමරයට ගිය විට ඇයගේ යෝනි මාර්ගයෙන් ගෝස් කැබැල්ලක් හමුවෙන්න ඇති.

මේ ලාබාල අම්මා පරීක්‍ෂණයක් සඳහා දිනක් ඇතුළත රෝහලට පැමිණියා.

වෛද්‍යවරු ඇයට ප්‍රතිජීවක ඖෂධ නියම කළ අතර ඇගේ ගර්භාෂය තුල වෙනත් යමක් නොමැති බව තහවුරු කළා.

 “වෛද්‍යවරයාට අමතක වු  ගෝස් කැබැල්ලක් මාස දෙකකට වැඩි කාලයක් මගේ ගර්භාෂය තුළ තිබුනා. මගේ තුවාලය ආසාදනය නොවුනේ වාසනාවකට, ”ඇයගේ සටහනේ සදහන් වුනා.

වෙනත් කාන්තාවන්ට මෙවැනි දේවල් සිදුවිය හැකි  බවට අනතුරු අඟවන ටැන් දරු ප්‍රසූතියට පෙර පිළිගත් රෝහලක් තෝරා ගන්නා ලෙස ඉල්ලා සිටියා.

2018 අගෝස්තු 30 වන දින ෆුකෙට් පළාත් සෞඛ්‍ය කාර්යාලය විසින්  ටැන්ගෙන් ඇය මුහුණ දුන් මෙම අවාසනාවන්ත තත්වය සම්බන්ධයෙන් නිල වශයෙන් සමාව ඉල්ලා සිටියා.

සෞඛ්‍ය කාර්යාලයේ ප්‍රධානී වෛද්‍ය ජිරපන් තායිපාන් ද රජයේ රෝහලක සිදු වූ මෙම සැත්කම් වැරැද්ද පිළිගත් අතර ටැන් හට සිදුවු අත් වැරැද්දට වන්දි ලැබිය යුතු බවත් පිළිගත්තා.

පරීක්ෂණ දිගටම පැවැත්වෙනවා.

www.facebook.com/permalink.php?story_fbid=465074503984611&id=100014461957189

සාමාන්‍ය දරු ප්‍රසුතිය: සෞඛ්‍ය අත්වැරදීම් හිතනවාට වඩා බහුලයි නේද?

කෙසේ වෙතත්, සංවර්ධිත රටවල රෝහල්වල පවා වෛද්‍ය අත්වැරදීම් වෙන්න පුළුවන්.

මීට මාස හයකට පෙර ජපානයේ 42 හැවිරිදි කාන්තාවක් ද මෙවැනි ගැටලුවකට මුහුණ දුන්නා. වසර තුනක් තිස්සේ පැවතුන උදරය සඳහා සායනයකින් උපදෙස් ලබා ගැනීමෙන් පසුව වෛද්‍යවරු සීටී ස්කෑන් පරීක්ෂණයක් සිදුකළා.

ඇගේ උදරයේ යම් කිසි දේවල් දෙකක් ඇති බව ඔවුහු සොයා ගත්තා. මෙම ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා තවත් ශල්‍යකර්මයක් කිරීමට සිදුවුනි. එහිදි  ශල්‍ය ස්පොන්ජියක් සහ ශල්‍යකර්මයෙන් පසු ශරීරයේ ඉතිරිව ඇති තවත් දෙයක් වෛද්‍යවරුන්ට හමුවුනා.

සාමාන්‍ය දරු ප්‍රසුතිය සදහා මුහුණ දුන් මවගේ ගර්භාෂයෙන් මතු වු ගෝස් කැබැල්ල

මෙම වෛද්‍යවරු මෙම තොරතුරු  New England Journal of Medicine  හි පළ කළා. සිසේරියන් සැත්කමකින් පසු ස්පොන්ජ් ඉතිරි වී ඇති බව ඔවුහු අනුමාන කරනවා.

මෙම කාන්තාවට 2012 දී සහ 2009 දී සීසේරියන් සැත්කම් දෙකකට මුහුණ දී තිබුනා. එනම් ඇයගේ උදරය තුල  මෙම ස්පොන්ජිය අවම වශයෙන් අවුරුදු හයක්වත් තිබී තියෙනවා.

වාර්තාවේ ප්‍රධාන කතුවරයා වන වෛද්‍ය ටකේෂි කොන්ඩෝට අනුව මෙම කාන්තාවට වෙනත් උදර හෝ ශ්‍රෝණි සැත්කම් කර නැහැ.

ස්පොන්ජ් ඉවත් කළ පසු, 42 හැවිරිදි කාන්තාවගේ රෝග ලක්ෂණ පහව ගියා. ඒ වගේම  දින පහකට පසු ඇයට රෝහලෙන් පිටව යාමට අවසර ලැබුණා.

සංසද වෙබ් අඩවියක සිටින අම්මලා ද ඔවුන්ගේ මෙවන් බිහිසුණු අත්දැකීම් ප්‍රකාශ කළා.

එක් මවක් වු  ඒඩියන්ලාහ්නි, 2009 දී ද එවැනිම දෙයක් අත්විඳ ඇති බව පැවසුවා.

නමුත් වසර දෙකකට පසුව වුවද, ඇයට වේදනාව තිබු අතර සති 7 ක් තිස්සේ ඇයගේ ශරීරයේ තිබූ ස්පොන්ජ් නිසා ඇති වූ හානිය නිසා ඇයට  සංසර්ගයෙහි යෙදිය නොහැකි වුනා

. වාඩි වී සිටීම අපහසු වු අතර ඇයගේ යෝනි මාර්ගය නිතරම වේදනාකාරි වුනා.

නාරිවේද වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් උපදෙස් ලබාගෙන ප්‍රතිජීවක ඖෂධ ලබා ගත්තද ඇයගේ ආසාදනය තවමත් සුව වී නැහැ.

සාමාන්‍ය දරු ප්‍රසුතිය: ශල්‍යකර්මයෙන් පසු ශරීරයේ ඉතිරිව ඇති දේවල් ගැන ඔබ දැනගත යුතු දේ

මෙය දුර්ලභයි. නමුත් ප්‍රසුත සැත්කම් වලදී එසේ වීමට වැඩි ඉඩක් තියෙනවා.

2013 දී  මේ පිළිබද කරන ලද සමාලෝචනයකින් හෙළි වූයේ මෙම සිදුවීම් දුර්ලභ බවයි.

ශල්‍යකර්මයෙන් පසු ශරීරයේ දේවල් ඉතිරි වීම සැත්කම් 5,500 න් 1 ක් සිට  සැත්කම් 18,760 න් 1 ක් අතර සිදු වෙන බවයි.

කෙසේ වෙතත්, අනෙක් සැත්කම් මෙන් නොව, ප්‍රසුති සැත්කම් වලදී ශල්‍යකර්මයෙන් පසු ශරීරය තුල දේවල් ඉතිරි වීමේ වැඩි අවදානමක් තියෙනවා.

ළමා ශල්‍ය වෛද්‍යවරයකු වන වෛද්‍ය ෆිසාන් අබ්දුල්ලා මෙසේ පැහැදිලි කරනවා.

ශ්‍රෝණිය වටා ඇති ශරීර කොටස් කුහරයක් සේ පිහිටන නිසා  එහි ඇති කුඩා හිස් අවකාශය තුල ස්පොන්ජ් වැනි කුඩා දේවල් සිරවෙන්න පුළුවන්.

සාමාන්‍ය දරු ප්‍රසුතිය: ශල්‍යකර්මයෙන් පසු ශරීරය තුල දේවල් ඉතිරි වු විට ඇතිවෙන රෝග ලක්ෂණ

සාමාන්‍ය දරු ප්‍රසුතිය සදහා මුහුණ දුන් මවගේ ගර්භාෂයෙන් මතු වු ගෝස් කැබැල්ල

ශරීරයේ ඉතිරිව ඇති ශල්‍ය වස්තූන් නිසා ඔබට විවිධ බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

එය සැත්කම කල අවයවය හා  භාවිතා කල උපකරණ මත රදා පවතියි. නමුත් පහත සදහන් අවදානම් ලක්ෂණ ශල්‍යකර්මයෙන් පසු ශරීරයේ දේවල් ඉතිරිව ඇති බවට සලකුණු විය හැකියි. 

  • ශල්‍යකර්මය සිදු කල ස්ථානයේ  වේදනාව වැඩිවෙමින් හා දිගටම පවතින්න පුළුවන්.
  • වේදනාකාරී හිසරදය හෝ කකුලේ වේදනාව
  • අපහසුතාවය සහ ඉදිමීම
  • කළු, ලේ හෝ තාර වැනි පෙනුමක් ඇති මළ මූත්‍රා පිටවීම
  • මල බද්ධය දැනීම හෝ මුත්‍රා කිරීම අපහසු යැයි හැඟීම, අවහිර වීමක් වෙන්න පුළුවන්
  • කැස්ස හෝ ලේ වමනය 
  • වැඩෙන පටක ඉදීමීම හා කුහර ඇතිවීම 
  • හුස්ම ගැනීම, ගිල දැමීම හෝ ආහාර ගැනීම වැනි මූලික චලනයන් වල ගැටලු ඇතිවිම
  • ශල්‍ය තුවාලය අසල ඇති දියර රේඛා 
  • ශල්‍යකර්මයෙන් පසු දුර්වල වීම, තෙහෙට්ටුව සහ වේදනාව දැනීම
  • වසා ගැටිති ඉදිමීම- විශේෂයෙන් කකුල්, ඉඟටිය සහ බෙල්ල අසල ඉදිමුණු ප්‍රදේශ.

ආසාදනයක් ඇති බවට සලකුණු

  • අවපැහැවීම
  • උණ 
  • සැරව ගතිය
  • මුදු මොළොක් වීම
  • ඉදිමීම
  • ශල්‍ය තුවාලය ඉරා යෑම 

දේවල් මෙසේ සිරුර තුල ඉතිරිවීම අනතුරුදායක වීමයි. එය ස්පොන්ජියක් හෝ ඉඳිකටුවක් වෙන්න පුළුවන්.

ස්පොන්ජ් හෝ ගෝස් මාරාන්තික ආසාදන ඇති කරන්න පුළුවන්. සරල හෝ සුළු සැත්කමකින් පසු ශරීරයේ ඉතිරිව ඇති දේවල් නිසා  අවදානමට ලක්විය හැකි බව මතක තබා ගන්න.

සාමාන්‍ය දරු ප්‍රසුතිය සදහා මුහුණ දුන් මවගේ ගර්භාෂයෙන් මතු වු ගෝස් කැබැල්ල

සාමාන්‍ය දරු ප්‍රසුතිය: ශල්‍යකර්මයෙන් පසු ශරීරයේ ඉතිරිව ඇති දේවල බලපෑම

මෙහි බලපෑම  සෙප්සිස් සිට මරණය ඇතිවීම  දක්වා බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

බ්‍රිජ්හැම් සහ කාන්තා රෝහලේ වෛද්‍යවරයකු වන වෛද්‍ය අතුල් ගවන්දේ පවසන පරිදි “මෙවැනි සිද්ධීන්ගෙන් තුනෙන් දෙකකදී , ආසාදනය හෝ මරණය දක්වා බරපතල ප්‍රතිවිපාක ඇති වෙන්න පුළුවන්.

එක් අවස්ථාවකදී, අප අධ්‍යයනය කළ රෝගියෙකුගේ මොළය තුළ කුඩා ස්පොන්ජියක් ඉතිරිව තිබු අතර, රෝගියා ආසාදනය වී අවසානයේදී මිය ගියා.

වැළැක්වීම

සෞඛ්‍ය අංශයන්ට මෙම අනතුරු වළක්වා ගත්තේ ශල්‍යකර්මයේදී ඔවුන් භාවිතා කරන වස්තූන් ගණන් කිරීමෙනි.

නමුත් සාමාන්‍ය ශල්‍යකර්මයක් සඳහා භාවිතා කරන අයිතම ප්‍රමාණය වැඩි නිසා මෙය සැමවිටම ප්‍රායෝගික නැහැ.

නමුත්  රෝහල් මෙම අනතුරු වළක්වා ගැනීම සඳහා නව ක්‍රම දෙකක් භාවිතා කරනවා.

  • රෝගියාගේ සිරුරු තුළ ස්පොන්ජ් ඉතිරි වී ඇත්දැයි සොයා ගැනීමට විකිරණ සංඛ්‍යාත අමුණන්න.
  • තීරු කේත. ස්පොන්ජ් තීරු කේතනය කිරීමෙන් සහ ශල්‍යකර්මයේදී ඒවා පරිලෝකනය කිරීමෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට භාවිතා කළ ස්පොන්ජ් ගණන ගණනය කරන්න පුළුවන්. සැත්කම සිදු කළ පසු, මෙම ස්පොන්ජ් නැවත ස්කෑන් කර වෙනස්කම් නොමැති බවට වග බලා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි