බිරිඳගේ කේන්තිය අවුස්සන්න සැමියා කරන දේවල් 6 ක්

බිරිඳගේ කේන්තිය අවුස්සන්න සැමියා කරන දේවල් 6 ක්

මහත්වරුන් මේ පුංචි දේවල් කරලා බිරිඳ කේන්ති ගස්සන අවසථාවන් තියෙනවා. මේවා හරිම පුංචි දේවල් වගේ පෙනුනත් ඉන් අත්දකින්න වෙන ප්‍රතිඵල නම් පොඩි නැහැ.

මහත්වරුන් මේ පුංචි දේවල් කරලා බිරිඳගේ කේන්තිය අවුස්සන අවසථාවන් තියෙනවා. මේවා හරිම පුංචි දේවල් වගේ පෙනුනත් ඉන් අත්දකින්න වෙන ප්‍රතිඵල නම් පොඩි නැහැ. ඔබත් මේ දේවල් වලින් ඈත්වෙන්න මේ කාලය බව සිතේවි.

ඔබේ බිරිඳගේ කේන්තිය පිට නොවන්නට නම් ඔබ මේ හේතු වලින් කොයි කරණයෙන් ඈත් විය යුතුද?
1. පුංචි ප්‍රශ්න ලොකු කර ගන්න විට

සමහර වෙලාවට ඔබත් ඔබේ සැමියාත් අතර සබඳතාවයන්ගේ  පුංචි පුංචි වැරදී තියෙන්න පුළුවන්. ඒවා එතරම් ලොකු දේවල් නෙවෙයි නම් ඒවා අමතක කර දැමීම නුවණට හුරුයි. මේ ප්‍රශ්න ලොකු කරගෙන කෑගහන්න ගත්තොත් ඔබේ බිරිඳට ඉන් තරහා යනවා.

පුංචි දේවල් අතෑරලා මහත්වරුන්ට ජිවිතේ ගෙනියන්න පුළුවන් බව කවුරුත් දන්නවා. ඉතින් අපි පොඩි ප්‍රශ්න අමතක කරමු.

 2. ඔබ නිරන්තරයෙන්ම දුරකතනයේ ඉන්නවා නම් බිරිඳගේ කේන්තිය සාමාන්‍යයි.

හැමතිස්සෙම දුරකතනයේ ඉන්න කෙනෙක් එක්ක කතා කිරීමත් හිසරදයක්. ඔබේ බිරිඳටත් එහි වෙනසක් නැහැ. ඔබේ බිරිඳ සමග ඉන්න විට නිතරම ඔබේ දුරකථනය දිහා බලමින් දුරකථන සංවාදයන්ට එක් වෙමින් ඉන්නවා නම් ඔබ නොකියා කියන්නේ ඔබේ බිරිඳ කතා කරන්න යන දේ ඔබට එතරම් වැදගත් නැහැ කියලයි.

මේ තරම් ඔබේ බිරිඳට කේන්ති එන තවත් කාරණයක් නැති තරම්. බිරිඳ සමග කාලය ගත කරන විට ටිකකට දුරකථනය අමතක කරන්න. ඔබේ බිරිඳගේ අවධානය අඩු හෝ ඇය ඔබ සමග කතාවක නිරත නොවන අවස්ථාවක ඔබේ ඊමේල්, කෙටි පණිවිඩ බැලීමට යොදා ගන්න. ඔබේ අවධානය බෙදී යාම ඇගේ සිත රිදෙන කාරණාවක් වෙනවා.

බිරිඳගේ කේන්තිය

 3. ඔබට කතා නොකර හෝ ප්‍රශ්න නොකර ඉන්න විට

මේ ඔබේ අවධානය ඇයට නොලැබීමෙන් ඇයට කේන්ති එන තවත් අවස්ථාවක් “මට වැඩක් නැහැ, දැනගන්න අවශ්‍ය නැහැ”. වැනි හැඟීමකින් හිඳිම ඇයව නොරිස්සුම් සහගත කරනවා. ඇගේ දවස ගැන ඇයට කියන්න ඇති දේවල් නොඅසා සිටියොත් ඔබ ඇය සමග කතා කරන්නත් කිසිම උවමනාවක් නොගන්න බවත් ඔබට ඇයගේ කතාවෙන් කිසිදු ඵලක් නැති බවත් ඇය තේරුම් ගනීවි.

ඒ විතරක් නෙවෙයි,  ඔබ ඇය කියන දේ ඇහුම්කන් දීම වටිනවා. ඇයට කන් දෙන්න නැතිනම් ඇගේ කේන්තියේ සිමාවන්  ඉක්මවා යාවි.

 4. ඔබේ මිතුරන් සමග ඇයට කාලය ගෙවන්න පුංචි අවස්ථාවක්වත් නොලැබෙන විට

විවාහයෙන් පස්සේ ඔබට ඔබේ මිතුරන් සමග පමණක් ගත කරන්නත්, ඇයට ඇගේ මිතුරියන් සමග ගත කරන්නත් අවස්ථාව තිබීම වැදගත්.

එත් ඔබ කිසි දිනක ඔබේ මිතුරන් සමග කාලය ගත කරන අවස්ථාවකට ඇයව සම්බන්ධ නොකර ගැනීම නිසා ඇයට ඇයව කොන්කර ඇතැයි යන හැඟීමක් එන්න පුළුවන්. ඉන් ඇයට කේන්තියක් එන්න පුළුවන්.

ඔබේ මිතුරන් වගේම ඒ මිතුරු කැළට ඔබේ බිරිඳවත් ඉඳහිට හෝ සම්බන්ධ කරගන්න. එය ඔබටත්, ඇයටත්, යහළුවන්ටත් හැමෝටම හොඳක් වෙනවා.

5. ඇයත් සමග සිනාසෙන්නේ නැතිනම් බිරිඳගේ කේන්තිය අරුමයක්ද?

හිත රිදෙන නරක විහිළු නෙමෙයි එත් පුංචි විහිළුවක් කරලා ඇයත් එක්ක හිනාවෙන්නත්, ඇය කියන පුංචි විහිළු වලට ඔබත් එකතු වෙන්නත් අමතක කරන්න එපා.

නැතිනම් ඔබත් ඇයත් අතර තිබූ ආකර්ෂණය නැතිවී ඇතැයි ඇය සිතාවි. ඒ වගේම ඔබට පුංචි විහිළුවක්වත් කරන්න බැරි බව ඇය සිතාවි. ඒ කාරණය කරන්න. විහිළු තහළු  නොකර බුම්මන් ඉන්න පිරිමින්ට නෝනලා කැමතිම නැහැ.

 6. ඔබ ඔබේ පෙනුම ගැන තැකීමක් නැත්නම්

නෝනලා කැමතියි එයාගේ මහත්තුරු ලස්සනට ඉන්නවා බලන්න. හිතන්න ඔබේ බිරිඳ තැනකට ලස්සනට ගිහින් කැපිලා පෙනෙන කොට ඔබ කිසිම සැලකීමක් නැතුව ඇඳුමක් ඇඳගෙන ගියොත් ඇයට කොයි තරම් කේන්ති යනවද? ඒ නිසා ටිකක් පිළිවෙලට, ලස්සනට අඳින්න මතක තියාගන්න. ඊට ඔබේ බිරිඳ හුඟක් කැමතියි. නැත්නම් කේන්තියි.

ආදරේ වැඩිකමටත් බිරිඳගේ කේන්තිය ඉස්මතු වෙනවා. ඉතින් කේන්ති නොගෙන ඉන්න බිරිඳක් කරගන්න ඔබ ඇය ගැන වටහා ගන්න. theAsianparent Sri Lanka ඔබට පොඩි ඉඟි කිහිපයක් විතරයි දුන්නේ. දැන් වගකීම ඔබ සතුයි.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ