theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

5 අවම කියවීම
Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

කොවිඩ් 19 නිසා තවමත් පාසැල් පටන් ගන්නා තුරු ගෙදරට වී සිටින දරුවන් සමඟ අපිට කල හැකි ‌දේවල් දන්නවාද?

කොවිඩ් 19 එක්ක ඉස්කෝලේ පටන් ගන්නා තුරු තවමත් නිවසේ ‌කොටුවූ දරුවන් එක්ක අපිට නිවසේ සිට කලහැකි ‌දේවල් ‌මොනවාද කියා ඔබ සිතා බැලුවාද?

කොවිඩ් 19 වසංගතය  දැනටමත් ලෝකය පුරා සිය අණසක පතුරවා අවසන්.

රටවල් බොහොමයක ජනාතාව නිවාස වලට කොටු වී කාලය ගත කර තිබුණත් දැන් කෙමෙන් කෙමෙන් සාමාන්‍ය ජීවිත යළි ගොඩ නැගෙන්නට පටන් අරන්. ගොඩාක් රටවල ජන ජිවිතය හා ආර්ථිකය අඩාල වෙලා.

ඒත් කොව්ඩ් 19 තවමත් ක්‍රියාශිලියි. අපිත් ලංකාවේ සාමාය රාජකාරී ජීවිතයට අවතීර්ණ වෙලා හිටියත් පාසල් පටන්ගන්නා තුරු දරුවන් එක්ක ඔබට කොපමණ දිනක් මෙලෙස නිවස තුලට වී සිටින්න සිදුවේවි දැයි කියන්න බැහැ.

අපේ සෞඛ්‍ය සේවාවන් වල පිරිස්, ආරක්ෂක සේවා පිරිස්, හා අනෙක් අත්‍යවශ්‍ය සේවාවන් වල පිරිස් මේ වන විටත් දිවා රෑ නොබලා සේවයේ යෙදෙන බව අප අමතක නොකල යුතුය.

ඒ නිසා අපේ රටේ තත්වය පාලනය කරන්න අපේ උපරිම සහය දෙමින් මේ මොහොතේ අපි සියළු වගකීමෙන් යුතුව අපගේ රාජකාරී සහ සමාජීය කර්තවයන් කලමණාකරණය කරගත යුතුයි. 

ඉතින් ඔබගේ දරුවන් නිවසේ සිටින මේ ටික දවස් වලට  කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන ධනාත්මකව අපි අද කතා කරන්න හිතුවා. 

නිවසට කොටු කල ඔබගේ දරුවන් සමඟ නිවසේ සිට කලහැකි ‌දේවල්

වාර්තා වෙන පරිදි ලෝකයේම වායු දුෂණය අඩුවෙමින් පවතින අතර මේ නිවාස වලින් අපි පිටතට එන නුදුරු දිනයකදි අපට පිරිසිදු වාතය භුක්ති විදීමට ලැබෙනු ඇත.

ඒ වගේම මේ දින වල ජල දුෂණය හා භූමි දුෂණයද සාපේක්ෂව මිනිස් ක්‍රියාකාරම් අඩුවීම මත පහල බහින්න ඇති නේද?

කෙසේවෙතත් නිවසටම කොටු වු මේ කාලය අපි ඵලදායි කරගන්නේ කොහොමද?

1. එකට එකතු වී පවුලක් ලෙස කටයුතු කරන්න දරුවන්ට කියා දෙන්න 

දරුවන් සමඟ සබඳතා

මෙච්චර දවසක් අපි කාර්ය බහුල නිසා අපි ලග තිබුනේ නැති වැදගත් දෙයක් අපිට ලැබිලා තියෙනවා.

ඒ තමයි කාලය, අපිට අපේ සහකරු, සහකාරිය නැත්තම් දරුවන් එක්ක ගතකරන්න ගුණාත්මක කාලයක් ලැබිලා.

ඉතින් ඇයි ඔබ තවමත් පිටට යන්න විදියක් හොයමින් ලතැවෙන්නේ? ඔබේ පවුල එක්ක කාලය ගත කරන්න.

නිවසට වී ඔබට පවුල සමග කරන්න පුළුවන් දේවල් කිහිපයක් අපි කියන්නම්. 

  • දරුවන්ට අකුරු කියා දෙන්න.
  • දරුවන් එක්ක සෙල්ලම් කරන්න.
  • දරුවන්ට කතන්දර කියන්න. නැත්තම් දරුවෝ එක්ක සිංදුවක් කියන්න.
  • බිරිදට හා සැමියාට එකතු වෙලා රසවත් කෑම වේලාවක් පිසින්නත් පුළුවන්.
  •  පවුලේ අය සහ බිරිද වෙනුවෙන් රසවත් කෑමක් හදන්න පුළුවන්.
  • බිරිදට හා සැමියාට චිත්‍රපටියක් බලන්න පුළුවන්.
  • බිරිදට හා සැමියාට ටිකක් කතා බහ කරන්න පුළුවන්.

2. අරපරිස්සම ගැන ඉගෙනගන්න

ඇදිරි නිතීය නිසා එළියට බහින්න බැහැ. වෙනදා වගේ නිතරම සාප්පු දුවන්නත් බැහැ.

ඒ නිසා නිවසේ තියෙන ආහාර ටික ප්‍රවේශම් කරගන්න ඔබ උත්සුක වෙනවා. වෙනදා ඉතිරි වෙලා විසීකරන ආහාර ගැන හිතලා ඔබ අරපරිස්සමෙන් තියෙන ආහාර හසුරුවන්න පටන් ගන්නවා.

මේ නිසා කෑම නාස්තිය අවම වෙනවා.

3. නිවසේ සිට කලහැකි ‌දේවල් : මානසික නිදහසක් ලබන්න

යෝනියේ වෙනස්වීම්

වෙනදාට ඔබේ මනසට නිදහසක් තියෙනවාද? උදේට ළමයින්ගේ වැඩ.

ඊලගට ඔෆිස් එකේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, යන එන අතරමග ප්‍රශ්න ඔය වගේ දාහක් දේවල් වගට ලතැවුන ඔබේ මනසට මේ දවස් වල විවේකයක් ලැබිලා.

ළමා පාතලයත් එක්ක ටිකක් අමාරු ඇති නේද? ඒත් ඒ සොදුරු වදය ඉවසන්න ඔබේ මනස අකමැති වෙන එකක් නැහැ. 

ඉති්න් මනස සතුටින් නිදහස්ව තියන්න. එවිට තව දින ගණනකින් ඔබට අලුත් ජවයකින් වැඩ අරඹන්න පුළුවන් වේවි.

4.නිවසේ සිට ඉගෙන ගැනීම වගේම නිවසේ සිට වැඩ කිරීම, අමතර දැනුම වගේ අලුත් සංකල්ප අත්හදා බලන්න 

නිවසේ සිට වැඩ කිරීම

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නිවසේ සිට රැකියාවක් කරන්න පුළුවන්ද? පෞද්ලික සේවයේ වසර ගණනක්, රාජයේ සේවයේ වසර ගණනක් සේවය කරපු මටත් මුලින් ඒක ගොඩාක් අලුත් දෙයක් වුනා.

ඒ වුනාට නිවසේ සිට රැකියාව කිරීම කොතරම් පහසුද? ඒ වගේම දරුවන් රැකබලා ගනිමින් ඔවුන්‌‌‌ගේ කටයුතු කරමින්  කටයුතු කිරීම වගේම ගමන් වියදම් නොමැති වීම, ඇදුම් පැළදුම් අවශය නොවීම වගේ බොහොමයක් වාසි එහි තියෙනවා.

ඉදිරියේදි ඒ වගේ ක්‍රමයක් ගෙන එන්න පුළුවන්ද කියලා බලන්න සේවකයින්ට මෙන්ම ආයතන හිමියන්ටත් හොද අවස්ථාවක් ලැබෙනවා.

5. වියදම් නොකර ඉන්න

ඔන්න මේ දවස් වල ඔයාලාගේ වියදම් අඩුයි. ගමන් වියදම් නැහැ. අනංමනං වියදම් නැහැ.

ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙන්නේ නැහැ. ඉතින් මේ දවසි ටිකේ ඔයාගේ පොකට් එකේ සල්ලි ටිකක් ඉතිරි වේවි.

එදිනෙදා ජිවිතය ගැට ගහගන්න අයට නම් ටිකක් අමාරු කාලයක් වේවි. නමුත් මේ වේලාවේ අපි මේ කැප කිරීම නොකලොත් අනිවාර්යයෙන්ම හෙට දවස අපිට අඩන්න විතරක් ඉතිරි වේවි.

6. දැනුම සොයා යන්න 

මෙච්චර දවස් ඔයා ලග තිබුනේ නැති වටිනා යමක් ව්‍යසන සමයක වුනත් අද ඔයා ලග තියෙනවා.

ඒ තමයි කාලය. පොතක් පතක් කියවන්න. අන්තර්ජාලය තුලින් දැනුම වැඩිකරගන්න මේ කාලය ප්‍රයෝජනයට ගන්න.

7. විනෝදය ලබාගන්න 

නිවසට වෙලා ඉන්න එකේ පවුලේ අයත් එක්ක විනෝදාත්මක දේවල් ටිකක් කරන්න.

චිත්‍රපටි බලන්න. ගේම්ස් කරන්න. එකතු වෙලා ආහාර වට්ටෝරුවක් හදන්න.

8. ප්‍රයෝජනවත් දෙවල් කරන්න 

ගෙදරට වෙලා ඉන්න ගමන් ඔයාලාට තව කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඒවා හරිම ප්‍රයෝජනවත්. 

  • ගේ දොර අස්කරන්න.
  • ඩෙංගු අවදානම තියෙන නිසා මිදුල සුද්ධ පවිත්‍ර කරන්න.
  • ගෙවත්තේ මල්, එළවළු ටිකක් වවන්න.

ඇත්තටම අපිට මේ වසංගතයක් රට පුරා යන වෙලාවේ, ඔබත් ගෙදරටම කොටු වෙලා ඉන්න වෙලාවේ ඔබට ඒ කාලය ප්‍රයෝජනත්ව ගත කරන හැටි කියලා මතක් කරන්න හිතුනේ  ඔබ නිවසට වී සිටීම මේ මොහොතේ වැදගත් නිසයි.

ඒ වගේම අත්‍යාවශ්‍ය සේවා වල යෙදී ඉන්න සෞඛ්‍ය, ආරක්ෂක හා අනෙක් සේවාවන් වල අපේ මිනිසුන් මම ආදරයෙන් මතක් කරනවා.

ඔවුන් තම ජිවිත පවා අවදානමේ හෙලා කරන මේ මෙහෙයුම සාර්ථක කරගන්න නම් ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න. නිවසට වී සිටින්න.

නිවසටම වී කරන්න පුළුවන් ‌ප්‍රයෝජනවත් ‌දේවල් ගැන ඔබට තවත් අදහස්  තියෙනවාද? එහෙනම් ඒවා අපිත් සමග ‌බෙදා ගන්න.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්
බෙදාගන්න :
  • COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

    COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

  • කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

    කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

  • COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

    COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

  • කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

    කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it