theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්වරුන්ට හා දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ නිවසටම 

5 අවම කියවීම
මව්වරුන්ට හා දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ නිවසටම මව්වරුන්ට හා දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ නිවසටම 

කොව්ඩ් 19 සමයේ ගැබිනි ඔබට හා බර අඩු දරුවන්ට නියමිත ත්‍රිපෝෂ නිවසටම ලබා ‌දෙනවාලු.

කොව්ඩ් 19 සමයේ නිවාස තුලට කොට වු ජනතාවගේ සාමාන්‍ය ජන ජිවිතය අඩාල වුනා. මාතෘ සායන, ළදරු සායන වාගේම ත්‍රිපෝෂ ලබාදීම , එන්නත් ලබා දීම හා විටමින් ලබා දීම වැනි ඒ මගින් සපයන සේවාවන්ද  අතරමග නැවතුනා.

එකවරම ඇති වු අවිනිශ්චිත තත්වයක් යටතේ පෙර සැලසුමක් නොවු වසංගතයකට මුහුණ දීමට කිසිම සුදානම් නොතිබු නිසා සියල්ලම මොහොතක මිනිසුන්ද කරන දෙයක් සිතා ගත නොහැකිව අසරණ වුනා.

නමුත් අද වෙන විට වසංගතය අතරමැද වුවත් සියල්ලටම විසදුම් දෙමින් ජන ජිවිතය අඛණ්ඩව ගෙන යාමට මහත් උත්සහයක් දරනු ලබනවා. 

COVID – 19 වසංගත සමයේ සියළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමය කරමින් සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට වැදගත් වූ තීන්දු තීරණ රැසක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශය විසින් ගෙන ඇති බව වාරතා වෙනවා.

ත්‍රිපෝෂ ලබාදීම නිවසටම

ත්‍රිපෝෂ ලබාදීම

Photo credits to https://www.thriposha.lk/

ඉන් එකක් ලෙස මාතෘ හා ළදරු සායන මගින් ලබා දුන් සේවාවන් හැකි පමණ ලබා දීමට පියවර ගැනීම පෙන්වා දෙන්න පුළුවන්.

ඒ අනුව ළදරුවන් සදහා අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා දැනුම් දුන්නා.

තවද ගර්භණි මව්වරුන්ට හා කුඩා දරුවන්ට සායන මගින් නිකුත් කරනු ලබන ත්‍රීපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මගින් නිවසටම ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය  කටයුතු යොදා ඇත.

ඒ අනුව ළමුන්ගේ බර කිරීමකින් තොරව පසුගිය මස සටහන් වූ බර ප්‍රමාණයට අනුව ත්‍රිපෝෂ ලබාදීම ද ගර්භනී මාතාවන්ට ලබාදිය යුතු ත්‍රීපෝෂ හා විටමින් වර්ග ද බෙදා දීමද සිදු කෙරෙනු ඇත.

මේ පහසුකම් අතිවිදින ගමන් ගැබිනි ඔබ හා කුඩා දරුවන් සමාජ දුරස්ථතාවය රදවා ගනිමින් නිවෙස් වලට වී ආරක්ෂිතව ඉන්න.

ඇදිරි නිතී සමයේ ත්‍රිපෝෂ ලබාදීම ගැන කතාකල නිසා  ‌පෙර ලිපියක සදහන් කල ත්‍රිපෝෂ ‌රෙසපි කිහිපයක් යලි මතක් කිරීමක් වශයෙන් අපි ‌මේ ලිපියටද එකතු කරන්න බලාපොරොත්තු ‌වෙනවා.

ත්‍රීපෝෂ recipes : ත්‍රීපෝෂ වලින් සකස් කල හැකි අපූරු ආහාර වට්ටෝරු 

මව්වරුන්ට හා දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ නිවසටම 

හැමදාම එකම විදියට කෑම කනකොට එපා වෙනවා නේද? එහෙනම් ගොඩාක් අම්මලා අත් හදා බලන අලුත් කෑම වට්ටෝරු කිහිපයක් බලමුද?

  1. ත්‍රිපෝෂ  පෑන් කේක්

අවශ්‍ය දේවල් : – 

බිත්තර 1

ත්‍රිපෝෂ 60g

පාන් පිටි 60g විතර 

දියකරගත් බටර් මේස හැදි 1

ලුණු චුට්ටක්

සීනි මේස හැදි 1 

ෆ්‍රෙෂ් මිල්ක්  කෝප්ප 1/2 ක් විතර

බටර්, බිත්තර, සීනි , පාන් පිටි , ත්‍රිපෝෂ ,  ෆ්‍රෙෂ් මිල්ක් එක්ක හොදින් මිශ්‍ර කර බැටරයක් සාදාගන්න .( කැටි නැතිවෙන තුරු)

නොන්ස්ටික් තැටියක මේ මිශ්‍රනය දමා  දෙපැත්ත පුළුස්සා ගන්න.

     2.ත්‍රිපෝෂ රොටී

අවශ්‍ය දේවල් : – 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

බිත්තර එකක්

ත්‍රිපෝෂ කෝප්ප 1/2

පාන් පිටි  කෝප්ප 1/2

පොල් කෝප්ප  කෝප්ප 01

ජලය   ටිකක්

රස අනුව ලුණු

* අවශ්‍ය නම් කැරට්,ලීක්ස් , ලූණූ, බෝංචි හීනියට ලියා එක්කර පෝෂණය ඉහල නංවන්න පුළුවන්.

 සාදන ආකාරය : – 

ඉහත සියල්ල හොදින් මිශ්‍ර කරන්න. නොන්ස්ටික් තැටියක මේ මිශ්‍රනය දමා  දෙපැත්ත පුළුස්සා ගන්න.

     3.ත්‍රිපෝෂ කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :

ත්‍රිපොෂ කප් 1

පාන් පිටි කප් ½

බිත්තර 2

බටර් කප් ½

සීනි කප් 1

වැනිලා  තේ හැදි ½

නැවුම් කිරි කප් ¾

බේකින් පවුඩර් තේ හැදි 1 ½

 සාදන ආකාරය : – 

මුලින්ම ත්‍රිපොෂ ,පාන් පිටි,  බේකින් පවුඩර් මිශ්‍ර කර සාමාන්‍ය කේක් හදන අකාරයට  තුන් පාරක් හලාගන්න.

ඉන්පසු  බටර් එක්ක සීනි එකට දාලා සීනි  ක්‍රීම් වෙන්කම් බීට් කර ගන්න.

වරකට   බිත්තරය බැගින් මිශ්‍රණයට එකතු කර   බීට් කර ගන්න.

ඒකටම නැවුම් කිරියි, වැනිලයි එකතු කරලා  ටිකක් බීට් කරන්න.

ඊළඟට පිටි මිශ්‍රණය කලවම් කර ගන්න. දැන් ටොස්ටර්  එකේ බටර් ගා එයට දමා ටොස්ට් කර ගන්න. 

නැතිනම් මිශ්‍රණය බටර් ගා ගත්ත කේක් තැටියකට දාලා සාමාන්‍ය කේක් එකක් වගේ පුළුස්සා ගන්න.

           4. ත්‍රිපෝෂ ඔම්ලට් 

අවශ්‍ය ද්‍රව්‍ය :

බිත්තර 01

ත්‍රිපෝෂ තේ හැදි 03

පොල්තෙල්

රස අනුව ලුණු

සාදන ක්‍රමය:

බිත්තර , ත්‍රිපෝෂ , ලුණු එකට දමා හොදින් බීට් කරගන්න. ඉන්පසු නොන්ස්ටික් ෆෑන් එකකට තෙල් දමා හොදින් රත් කර කලින් හදාගත් මිශ්‍රණය එයට දමා දෙපැත්ත හරවා පුළුස්සා ගන්න. කාලම රස බලන්නකෝ පෙනුම වගේමයි රසත්

* අවශ්‍ය නම් කැරට්,ලීක්ස් , ලූණූ, බෝංචි හීනියට ලියා එක්කර පෝෂණය ඉහල නංවන්න පුළුවන්.

      5.යෝගට් සමග ත්‍රිපෝෂ

අවශ්‍ය ද්‍රව්‍ය :

රට ඉදි ගෙඩි කිහිපයක් 

යෝගට් එකක්

ත්‍රිපෝෂ මේස හැදි 01ක්

නිවාගත් උණු වතුර ටිකක් 

සාදන ක්‍රමය:

මේ සියල්ල  මිශ්‍ර කර බෙලෙන්ඩ් කර ගන්න. රසවත් ආහාරයක් සකස් කර ගන්න පුළුවන්. නිකම්ම යෝගට් එක දරුවාට දෙනවාට වඩා මෙය හොද ආහාරයක් වේවි නේද?

     6.කෙසෙල් , ෆ්‍රෙෂ් මිල්ක් එක්ක ත්‍රිපෝෂ 

අවශ්‍ය ද්‍රව්‍ය :

කෙසෙල් ගෙඩියක්

ෆ්‍රෙෂ් මිල්ක් 

ත්‍රිපෝෂ මේස හැදි 02

සාදන ක්‍රමය:

කෙසෙල් ගෙඩිය හොදින් පොඩි කර එයට ත්‍රිපෝෂ හා ෆ්‍රෙෂ් මිල්ක්  අවශ්‍ය පමණ එක් කර හොදින් මිශ්‍ර කරන්න.

මෙය රසවත් වගේම පෝෂ්‍ය ගුණයෙන් ඉහල ආහාරයක්,

මව්වරුන්ට හා දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ නිවසටම 

 

  • ත්‍රිපෝෂ කියන්නේ පෝෂණ ගුණයෙන් ඉහල වගේම රසවත් ලෙස පිළියෙල කරගන්න පුළුවන් ආහාරයක්, ශ්‍රී ලංකාවේ නම් ගැබිණි හා ළදරු සායන මගින් දැනට ත්‍රිපෝෂ නොමිලයේ ලබාදෙන්න කටයුතු කර තියෙනවා.
  •  ඒ වගේම මේ ධාන්‍යමය ආහාරය විවිධ නම් වලින් ඔබට වෙළද පොලෙන් පහසුවෙන්  සොයා ගන්න පුළුවන්. 
  • ත්‍රිපෝෂ භාවිතයට පෙර අනිවාර්යයෙන්ම කල් ඉකුත් වීමේ දිනය, ඒ වගේම පැකැට්ටුව විවෘත කල පසු එහි තත්වය පරීක්ෂා කරන්න. 
  •  ත්‍රිපෝෂ කැදලි ලෙස ඇත්නම් , කල් ඉකුත් වී ඇත්නම් හෝ පැකැට්ටුව සිදුරු වී ඇත්නම් එය භාවිතයට සුදුසු නැහැ .
  •  පැකැට්ටුව විවෘත කල පසු නිසි ලෙස ගබඩා කරන්න අමතක කරන්න එපා.
  •  ම‌ෙය පිළියෙළ කිරීමේදී පිරිසිදු බදුන්, හැදි භාවිතා කිරීම සෞඛ්‍ය ආරක්ෂිත වෙනවා.
  •  ත්‍රිපෝෂ එක්ක ගන්න  ලුණු හා සීනි ප්‍රමාණය අවම කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර වෙනවා.
  • ත්‍රිපෝෂ සකස් කිරීමේදී  කෑම රුචිය වඩවන්න සමහර අම්මලා ත්‍රිපෝෂ සාමාන්‍ය recipes වලට චොකලට් කුඩු, වැනිලා,  ශරීරයට හානි කර නොවන ස්වාභාවික වර්ණක, මුද්දරප්පලම් , කුඩා කජු කැබලි, රටකජු , රට ඉදි වගේ දේවල් එකතු කරනවා.
  • පෙනුමෙන් ත්‍රිපෝෂ රස නැහැ වගේ පෙනුනත් අනෙක් අම්මලා අත් හදා බලා ඇති මේ රසවත් ක්‍රම වලට  ත්‍රිපෝෂ ඔබත් රස විද බලන්න.
  •  ත්‍රිපෝෂ බිස්කට්,   ත්‍රිපෝෂ මුරුක්කු, ත්‍රිපෝෂ පිට්ටු, ත්‍රිපෝෂ තෝසේ, ත්‍රිපෝෂ පොල් ටොෆී වගේ අලුත් අලුත් රෙසපීස් උත්සහ කර බලලා සාර්ථක නම් ඒවා අනිවාර්යයෙන්ම    අපිත් එක්ක බෙදාගන්න.

මුලාශ්‍ර –  sinhala.news.lk

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • මව්වරුන්ට හා දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ නිවසටම 
බෙදාගන්න :
  • සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

    සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

    සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it