සූප්පුවද, ඇඟිල්ල ඉරීමද? දෙමාපියන්ට මග පෙන්වීමක්

සූප්පුවද, ඇඟිල්ල ඉරීමද? දෙමාපියන්ට මග පෙන්වීමක්

මේ පුරුදු දෙකින් සුදුසු වන්නේ මොන ක්‍රමයද?

ඇඟිල්ල ඉරීම දරුවන් තුළ ස්වභාවයෙන්ම ජනිත වන පුරුද්දක්. අම්මගේ කුසේ ඉඳන්ම ඇඟිලි උරණ පුංචි පැටව් ඉන්නවා. මේ පුරුද්ද කවුරුන් හෝ උගන්වන්නේ නැති වුනත් කිරි උරා බීමේ පුරුද්ද සමග ඉපදෙන දෙයක්.

ඇඟිල්ල ඉරීම ට අමතරව ඉරීමට ඇති විශේෂ සූප්පු ඉරිමත් සමහර දරුවන් අවට පරිසරයේ ඇති අනාරක්ෂිත බව නිසා ඇතිවෙන පුරුද්දක් වෙන්නත් පුළුවන්. එය දරුවන් නිස්කලංක කරන අතර ඒ එක්කම නින්දටත් යනවා. දෙමාපියන් ලෙස මේ පුරුදු දෙකම කෙතරම් දුරට හොඳද කියලා දැනගැනීම සුදුසුයි.

මේ පුරුදු දෙකින් සුදුසු වන්නේ මොන ක්‍රමයද? ඇමෙරිකාවේ වෛද්‍ය ජුවාන් සින්ග්සන් පවසන ආකාරයට මෙය අත්‍යවශ්‍ය කාරණයක් නොවෙයි. නමුත් ඇඟිල්ල ඉරීම හෝ සූප්පුව ඉරීම මව් කිරි බීමට බලපෑමක් වන්නට පුළුවන් බව ඔහු පවසනවා. ඉතින් ඒ ගැන දැනුවත්ව ඔබටම එය තීරණය කරන්න පුළුවන්.

සූප්පුවද, ඇඟිල්ල ඉරීමද? දෙමාපියන්ට මග පෙන්වීමක්

ඇඟිල්ල ඉරීමේ වාසි

  • මුදලක් වැය වන්නේ නැහැ.
  • දරුවාට ඉතා පහසුවෙන් ඔහුගේ ඇඟිල්ලට ළඟා වීමට පුළුවන්.
  • දරුවාට පහසුවක් දැනෙනවා.
  • ඇඟිල්ල ඉරීම නිසා කෘතිමව සාදන ලද සූප්පුවක් මෙන් විෂ රසායනිකයන් ඇතුල් වන්නේ නැහැ.

අවාසි

  • වයස අවුරුදු 4 දී පමණ එය නැවත්වීම නොකළහොත් දත් ආශ්‍රිත ගැටළු ඇතිවිය හැකියි.

දරුවා ඇඟිල්ල ඉරීම

සූප්පුව ඉරීමේ වාසි

  • දරුවාට පහසුවක් ගෙනදෙනවා.
  • ක්ෂණික මරණ ඇතිවීම (SIDS) බොහෝ දුරට වළකයි.
  • ඔබට සූප්පුව දීම පාලනය කළ හැකියි.

සූප්පුවද, ඇඟිල්ල ඉරීමද? දෙමාපියන්ට මග පෙන්වීමක්

අවාසි

  • මිල අධික විය හැකියි.
  • අහිතකර රසයනිකයන්ගෙන් නිමව තිබිය හැකියි.
  • කන් වල අසාදන ඇති කරයි.
  • තනපුඩුව හා සූප්පුව අතර වෙනස හඳුනාගත නොහැකි වීම නිසා මව් කිරි බීමට බාධා ඇති කරයි.
  • නැවත්වීමට අපහසු පුරුද්දක් බවට පත්වෙයි.

හුඟක් දෙමාපියන් දරුවන්ට ඔවුන්ගේ සුවයට මෙය උදව්වක් ලෙස සිතනවා. වෛද්‍ය සින්ග්සන් පවසන ආකාරයට මෙය  දරුවන් තමන්ගේ සුවය තමන්ම උදාකර ගැනීම යල්පැන ගිය ක්‍රමයක් පවසනවා.

දරුවන්ට තමන්ගේ සැනසුම ලබාගැනීම තනිව කළ නොහැකි බව අධ්‍යන වාර්තා කරනවා. ඒ වෙනුවට ඔවුන් වේදනාවන් වෙනුවෙන් තමන්ම පීඩාව දරාගන්නට උත්සාහ කරනවා. එය ඉතා නරක දෙයක්. දරුවාව සැනසීමෙන් තැබීමට කළ හැකි හොඳම දේ ඔහුට ඔබේ උණුසුම ලබා දීමයි.

වෛද්‍ය සින්ග්සන් පවසන ආකාරයට සූප්පුව හෝ ඇඟිල්ල ඉරීමේ විශාල වරදක් නැතත් එය දෙමාපියන්ගෙන් ලබන උණුසුමට සම කළ නොහැකි බව පවසනවා. ඊට පුරුදු කිරීමට පෙර දරුවාව සැනසීමෙන් පහසුවෙන් තැබිය හැකි වෙනත් ක්‍රම ඇති දැයි බලන්න.

දරුවන්ට ඉහළම දේ දෙන්න දෙමාපියන් කැපවෙනවා. සත්‍ය එයයි. ඒ සත්‍ය වෙනුවෙන් theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ කරුණු අධ්‍යනය කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

කතන්දර ලිපි