කුස්සියේ කාලය ඉතිරි කරගන්න පුළුවන් කොහොමද කියන එක කාන්තා අපට ඉතාමත්ම වැදගත් වන්නේ ලංකාවේ අම්මෙකුගේ කේන්ද්‍රස්තානය බොහෝ විට සැළනකෙන්නේ කුස්සිය ලෙස නිසා වන්නට ඇති.
විශේෂයෙන්ම අප ආහාර පිසීම වෙනුවෙන් ජීවිතේ වැඩි අවධානයක් යොදවන නිසා කුස්සිය පිළිවෙලට තියාගැනීම වගේම කුස්සියේ ගත කරන වේලාව කළමණාකරනය කරගැනීමත් ඉතාමත්ම වැදගත්.
ඉතින් සාර්ථකව කුස්සිය මෙන්ම කුස්සියේ ගතකරන කාලය කළමණාකරනය කරගන්න වටිනා දැනුම් ගොන්නක් අප වෙත ගෙන එන්නේ ඔබ දනා හඳුනන ආදරණීය ලේඛිකාවක්ඇ වන කමනි සිරිවර්ධනයි.
ඇයගේ මේ වටිනා ලිපිය ඇගේම වචන වලින් ඔබ වෙත පිරිනමනවා.
කුස්සියේ කාලය ඉතිරි කරගන්න ලැහස්ති වෙන්නේ කොහොමද: පෙර සූදානම
උයන වෙලාව ඉතිරි කර ගන්න පෙර සූදානම ඉතාම වැදගත් බව ඔයාලා දන්නවා. ඒක මම මතක් කළ යුතු දෙයක් නෙවෙයි.
ඒත් මේකෙන් මම අදහස් කරන්නෙ පොල් ගාල තියන එක, එළවලු කපලා තියන එක වගේ අපි හැම දෙනාම කරන දේවල් දන්න දේවල් විතරක්ම නෙවෙයි.
ඉතිං බලමු මේ කාර්යය ඉතාම පහසු කර ගන්න ආකාරය.
1. කුස්සියේ එක් තැනක් තෝරා අස්පස් කරගැනීම - Meal prep spot (කුස්සියෙ ඔයාල තෝර ගත්ත තැන)
ඔයාල මුලින් ම කුස්සියට ගිහින් එක තැනක් අස් කරලා හදා ගන්න.
මේ තැන වෙන වැඩ වලට එතරම් අවශ්‍ය වෙන්නෙ නැති තැනක් වීම වැදගත්. Kitchen counter top එකක් උඩම වෙන්න අවශ්‍ය නෑ. කැමති ඕනෑම තැනක්.
2. අමතර බන්දේසියක් tray එකක් එතනින් තියාගන්න - Meal prep tray
මේ තැන තෝර ගත්තට පස්සෙ ගෙදර තියන අමතර tray එකක් එතනින් තියන්න.
මේ tray එකත් ඒ වැඩේටම වෙන් කරල තියන්න පුළුවන් නම් වඩා හොඳයි.
ඒකට හේතුව තමයි අපි දැන් පුරුද්දක් ගොඩ නගා ගන්නයි යන්නෙ. අපට අමතක වීම අඩුයි ඒවැඩේට වෙනම tray එකකුයි තියනවා නම්. Tray එක දකිද්දිම මතක් වෙනවා කරන්න ඕනෙ දේ.
3. කුස්සියේ කාලය ඉතිරි කරගන්න, දෛනික පුරුද්දක් ලෙස බන්දේසිය පිරවීම
අද ඉදලා ඔයා උයද්දි හැම වෙලාවෙම වරින්වර අර tray එක පුරවන්න ඊලග වේල උයන්න අවශ්‍ය දේවල් tray එක උඩින් තියලා. ඔයා දැනටම meal planning කරන කෙනෙක් නම් ඔයාට මේක නිරායාසයෙන් ම කෙරෙනවා.
නැත්නම් ඉතිං චුට්ටක් හිතලා තමයි කරන්න වෙන්නෙ.

උදාහරණයක් විදිහට සදුදා උදේට මම මේ tray එක උඩින් තියන දේවල් පිංතූරය බැලුවම පේනවා.
සදුදා රෑට පොල් රොටී, කෙසෙල් , ලුණු මිරිස් තමයි රාත්‍රි ආහාර.
උදේට Tray එක
ඉතිං මම උදෙන්ම රොටී වලට පොල්, පිටි සහ වතුර මිශ්‍ර කරලා අනලා තියනවා.
ඒක හදල වහල තිබ්බම සමහර දවසට කූඹි එන නිසා වතුර ටිකක් පිගානක දාලා රොටී මිශ්‍රණය දාපු bowl එක ඒක උඩින් තියලා පියනකින් වහල තියනවා.
හවසට Tray එක
හවසට රොටී සහ ලුණු මිරිස් හදන්න අවශ්‍ය තව දේවල් මම දවස පුරා වරින් වර එතනින් තියනවා.
දැනට එතනට එකතු වෙලා තියනව ලූණු, කරපිංචා, කැරට්, අමු මිරිස් , බිත්තර කියන අමු ද්‍රව්‍ය ටික.
රොටී cutter එකත් තියනවා. මෙතනට හවස් වෙද්දි කැන්ද කොළ ටිකක් එනවා. පොල් තෙල් බෝතලය එනවා.
කොහොම හරි හවස් වෙලා මම රොටී හදන වෙලාව එද්දි මට මහ ලොකු දෙයක් නෑ කරන්න.
හවසට tray එක පිටින්ම වැඩ කරන තැනට ගත්තම හැමදේම අත ළග.
එහෙ මෙහෙ දුව දුව හොයන්න කිසිම දෙයක් නෑ. විනාඩි විස්සක් යද්දි වැඩේ ඉවරයි.
මම පාවිච්චි කරන තැටිය ගොඩක් ලොකු එකක් නිසා මට එකවර රොටී හතක් විතර පුච්චා ගන්න පුළුවන්.
රොටී හදන අතර ඊලග වේලට අවශ්‍ය දේ සූදානම් කරල පාවිච්චි කළ භාජන ටික සෝදල දාන්න පුළුවන්.
පැය බාගයෙන් රෑ කෑම සූදානම්. ඒ වගේම කුස්සියත් අස් වෙලා.
හැමදාම මම මේ දේ කරලා තියනවා. රෑ කෑම හදන එක පහසු කර ගන්නත් කාලය ඉතිරි කර ගන්නත්.
කුස්සියේ කාලය ඉතිරි කරගන්න, අගහරුවාදා රෑට මම හදන්නෙ මැදට එළවලු මිශ්‍රණයක් පුරවපු ආහාරයක්.
ඉතිං පිටි වර්ග , baking powder , එළවලු, ලූණු, සුදු ලූණු ආදිය කුලුබඩු වගේම එදාට මම පිටි මිශ්‍රණය තුනී කරන්න ප්‍රයෝජනයට ගන්න pasta machine එක, patties moulds, dough cutters වගේ උපකරණත් මේ tray එක උඩට එනවා.
සුපුරුදු පරිදි හවස කෑම හදන්න කුස්සියට ගියාම අවශ්‍ය හැම දේම එකම තැන. වේගයෙන් වැඩ ටික කරලා ඉවර කරන්න පුළුවන්.
අමතක නොකර කුස්සියෙන් එළියට එන්න පෙර තවත් වේලකට අවශ්‍ය දේ අර tray එක උඩින් තියල එන්න.

කුස්සියේ කාලය ඉතිරි කරගන්න, මේක දිගටම කරගෙන යන්න.
ශීතකරණයේ තිබිය යුතු බටර් මස් මාලු වගේ දේ ඇර අනෙක් සියලු දේ අවශ්‍ය උපකරණද සමග උදෙන්ම මේ තැනට ගන්න.
කුස්සියෙ තැනින් තැනට ඇවිදින්නෙ නැතුව, කරපිංචා කඩන්න හොද්ද ලිපේ තියලා මිදුලට දුවන්නෙ නැතුව, උයන අතර fridge එක දහ පාරක් විතර අරින්නෙ නැතුව හරිම වේගයෙන් උයා ගන්න පුළුවන්.
එතකොට පැය බාගයක් හොඳටම ඇති රෑ කෑම හදලා අස් පස් කර ගන්න.

පෙර සූදානම කියන මාතෘකාව යටතේ මේ වගේ අපට හරිම පහසුවෙන් කළ හැකි දේ කීපයක්ම මම ඉදිරියට කතා කරනවා.
දවස් හතක්ම මේ වැඩේ කළොත් ඒකට තෑග්ගක් විදිහට අලුත් tray එකක් ගන්න.
එතකන් ගෙදර තියන පරණ එකකට kitchen towel එකක් දාල ගන්න.

ලේඛිකාවක්, ගුරුවරියක්, මවක් හා බිරිඳක් වන කමනි සිරිවර්ධන ජීවිතයට වැදගත් වන බොහෝ දෑ පිළිබඳව පාඨකයන් දැනුවත් කරමින් ඔවුන් උද්‍යෝගිමත් කර ජීවිතයේ දිණුම කරා ගෙනයන්නට කැපවී සිටියි.
එයට ඇගේ ලිවීමේ කුසලතාව මෙන්ම ඉගැන්වීමේ කුසලතාවද ඇගේ වෙබ් පිටුව හා යූ ටියුබ් වීඩියෝ උපයෝගී කරගනිමින්.
ඉතාම ආකර්ශනීය ලෙසින් වචන හසුරුවන ඇය ජීවිතයේ පිළිවෙල, නිවෙස අලංකාර කිරීම, ඉවුම් පිහුම්, වගාව, සතුටින් සිටීම වැනි විවිධ අංශ ගැන රසබර ලෙස පාඨකයින් දැනුවත් කරයි.