theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ සහකරු සමග දරුවන් ඉදිරියේ ඇතිවන තර්ක කිරීම් හසුරවා ගන්නේ කොහොමද ?

4 අවම කියවීම
ඔබේ සහකරු සමග දරුවන් ඉදිරියේ ඇතිවන තර්ක කිරීම් හසුරවා ගන්නේ කොහොමද ?ඔබේ සහකරු සමග දරුවන් ඉදිරියේ ඇතිවන තර්ක කිරීම් හසුරවා ගන්නේ කොහොමද ?

සමහර තර්කයන් දරුවන් ඉදිරියේ ඔබට හසුරවා ගන්න පුළුවන්... එසේ හසුරවා නොගතහොත් එය ඔබේ දරුවන්ට මානසිකව බලපානු ඇත.

සහකරු සමඟ තර්ක කිරීම ගැන මට හුඟක් කල් ඉඳලා ලියන්න උවමනා වුණා. විවාහ ආරවුල් නොවැළැක්විය හැකි දේවල්. නමුත් ඒවා හැසිරවීමට වඩා හොඳ ක්‍රමයක් තිබිය යුතු බවයි මම පිළිගන්නේ.

සමහර තර්කයන් දරුවන් ඉදිරියේ ඔබට හසුරවා ගන්න පුළුවන්. දරුවන් ට මේ දේවල් වලින් වන මනෝවිද්‍යාත්මක හානිය පිළිබඳ සිතා හෝ මේ දේවල් හසුරවා ගන්න අප පුරුදු විය යුතුයි.

අපි දරුවන් ඉදිරියේ කරන තර්ක විතර්ක හසුරවා ගන්නේ කොහොමද? මම විවාහ වෙලා දරුවන් දෙන්නෙක් ඉන්නවා. අපි විවාහ වෙලා දැනට වසර දහයක් විතර. ඔබේ මිතුරියන්ට වගේම මිනිසුන් විදිහට අපි කාටත් තර්ක විතර්ක තියෙන්න පුළුවන්. අනෙක් අතට අද අපි හැමෝම කාර්යබහුල වෙලා. එකිනෙකාගේ හැඟීම් අපිට වටහා ගන්න බැරිවෙන අවස්ථාවන් තියෙන්න පුළුවන්.

දෙදෙනෙක් අතර ඇතිවන ගැටුම් එදිනෙදා අත්දැකීම්වල සාමාන්‍ය කොටසකි, එබැවින්
දෙමව්පියන් වාද කිරීම නොවේ වැදගත්,
එහිදී ගැටුම ප්‍රකාශ කරන හා විසඳන ආකාරය සහ
විශේෂයෙන් ම එය දරුවන්ට ප්‍රතිවිපාක ගෙන දෙන හැඟීමක් ඇති කරන ආකාරයයි.

ගෙදර දී ඇතිවෙන තර්ක

සහකරු සමග තර්ක කිරීම

සහකරු සමග තර්ක කිරීම

දවසක් මගේ යාලුවෙක් එක්ක අපි හමුවුන වෙලාවක කාගේත් කතාබහට ලක් වුණේ ගෙදර ඇතිවෙන තර්ක විතර්ක දරුවන්ගේ ඉදිරියේ සිදුවූ විට වන දේවල් ගැනයි.

මගේ එක මිතුරියක් කිව්වා අගේ සහකරු සමඟ තර්ක කිරීම සීමාව ඉක්මවා ගිහින් එය දරුවන් දැකීමෙන් පසුව ඇයට කෙතරම් පශ්චාත්තාපයක් ඒ ගැන දනුනාද කියලා. මෙය එකිනෙකාට නම් කියමින් බැන අඬගසා ගැනීමක් දක්වා දුර ගිය එකක් වුණ මගේ මිතුරියට මෙය එතරම් තේරුම් නොගියත් ඉන් දින 3 ක් වගේ යනතුරු දරුවන් ඔවුන් දෙදෙනාටම කතා නොකර හිඳ තිබුණා.

එය එසේ වුණු නිසාම මගේ මිතුරියට මෙහි බැරෑරුම් කම වැටහුණා. එහෙත් සමහර දෙමව්පියන් මෙවන් අවස්තාවල දරුවන් පණිවුඩ කරුවන් කරගෙන තවත් අපහසුතාවයන් වලට භාජනය කරනවා.

මම ඒ නිසාම තමයි අපි ඊට කළයුතු දේ කුමක්ද කියලා සාකච්ඡා කරන්න හිතුවේ. ඔබේ සහකරුට ඔබට දිය යුතු පණිවිඩය රණ්ඩුවක් දක්වා දුර ගියත් එය දරුවන් දැනගත යුතු නැහැ.

ඒ නිසා මේ සිත්ගන්නා ක්‍රමවේදයන් කිහිපය ගැන අපි සලකා බලමු.

  1. සහකරු සමඟ තර්ක කිරීම: දරුවාට පැත්තක් ගන්න කියන්න එපා

සහකරු සමග තර්ක කිරීම

පැත්තක ඉන්න දරුවා අවසානයේ ඔබේ හරි වැරැද්ද විමසා බලන්න ඇඳ ගන්න එපා. මෙය ඉතාම නරක පියවරක්. ඒ මගින් දරුවා හුඟක් ව්‍යාකූල වෙනවා. ඒක හරියට අම්මගෙනුයි තාත්තගෙනුයි හොඳම කෙනා තෝරා ගන්න දරුවට කියනවා වගේ දෙයක්.

  1. සහකරු සමඟ තර්ක කිරීම හොඳයි නමුත් ගෞරවය සුරකින්න

දරුවන් ඉදිරියේ තර්ක කර ගැනීම වැරදි යැයි සිතන නිසා එය ඉදිරියේ නොකර ඉන්න එපා. ඊට වඩා තර්ක කිරීම ඵලයක් ඇති ලෙස සිදුවීම නිසා පුද්ගලයෙකුගේ මත වල විවිධත්වයෙන් යුතු මතිමතාන්තර එළියට එනවා. ඔබ මේ තර්කයන් වලදී සීමාව ඉක්මවා නොයන්න මතක තබාගන්න.

  1. ප්‍රචණ්ඩත්වය එපා

සහකරු සමග තර්ක කිරීම

සහකරු සමග තර්ක කිරීම

ඔබේ තර්කය කෙතරම් උණුසුම් වුනත් එකිනෙකාට ගැසීම, අතට අසුවන දෙයින් දමාගැසීම වැනි දේවල් කරන්න එපා. මේ දේවල් දුර දිග යන්නේ ඔබ නොදැනුවත්වමයි.

කවදා හෝ මෙවැනි දෙයකට ආරම්භයක් දුන්නොත් ඉන් පසු ඉන් බැහැර වීමට අපහසු වී එය පුරුද්දකට යන්න පුළුවන්. ගෘහස්ත හිංසනය දක්වා සුළු දේවල් දුර දිග ගෙන යාමෙන් අපහසුතාවයට පත් වන ඔබේ දරුවන් ගැන සිතන්න.

ගෙදර බඩු මුට්ටු, පිඟන් කෝප්ප පොළොවේ ගසන්නටත් එපා. මෙවන් දේ නිසා බිය ගැන්වෙන දරුවන් ට තම දෙමවිපියන් සමඟ සිටිනා විට අනාරක්ශිත බවක් දැනෙන්න පුලුවන්. එය ස්වාභාවිකයි නේද?

  1. බොරු කියන්න එපා

ඔබට තර්කය දිනන්න උවමනා වුනත් ඊට බොරු ගොතන්න උත්සාහ කරන්න එපා. ඔබ වැරදී නම් ඒ ගැන පිළිගන්න. වැරැද්ද වසා ගන්නට උත්සහ දරා ඉන් ඔබේ සහකරු  අපහසුවට පත්කරන්න එපා.

  1. සහකරු සමඟ තර්ක කිරීම: පැසුණු පුද්ගලයන් සේ හැසිරෙන්න

නිතරම දරුවන් ඉදිරියේ ඔබ ඔවුන්ට අනුගමනය කළහැකි චරිත විය යුතු බව මතක තබා ගන්න. ඔබේ තරහව හා වේදනාව වැදගත් ලෙස හික්මුණු ආකාරයෙන් ඉදිරිපත් කරන්න.

විවිධ නමින් කතා කිරීම (name-calling), අපහාස කිරීම සහ අතහැර දැමීමේ තර්ජන වැනි 
වාචික හසිරීම්; පහර දීම සහ තල්ලු කිරීම වැනි හැසිරීම්; මග හැරීම, නිවසින් පිටවී යාම 
වැනි දේ දරුවන්ට විවිධාකාරයෙන් බලපානු ඇත.

දිගු කාලීනව සිදුවන මේ වැරදි ක්‍රියා නිසා සමහර දරුවන් කලබලයට, කනස්සල්ලට, 
බලාපොරොත්තු රහිත තත්වයට පත්විය හැකිය. තවත් සමහර දරුවන් පිටත දී කෝපයෙන් 
ප්‍රතිචාර දක්වමින්, ආක්‍රමණශීලී වීමට සහ නිවසේදී සහ පාසැලේදී හැසිරීම් ගැටළු වර්ධනය 
කර ගත හැකිය.
එමෙන්ම මේ හැසිරීම් දරුවන් ගේ නින්දට බාධා කරන අතර, හිසරදය සහ බඩේ අමාරුව 
වැනි සෞඛ්‍ය ගැටලු ඇති බව පෙන්නුම් කළ හැකිය. නැතහොත් ඔවුන් නිතර අසනීප විය 
හැකිය. ඔවුන්ගේ ආතතිය පාසැලේදී අවධානය යොමු කිරීමට සහ ඉගෙනීමේ හා අධ්‍යයන 
කටයුතු සඳහා බාධා කළ හැකිය.

අපේ වැරදි තුළින් දරුවන්ගේ ජීවිත අඳුරු වන්නට ඉඩනොදෙන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

සංස්කරණය: බෝසඳුන් ගුණසේකර 

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ඔබේ සහකරු සමග දරුවන් ඉදිරියේ ඇතිවන තර්ක කිරීම් හසුරවා ගන්නේ කොහොමද ?
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

    ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

    ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it