theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 2ක් ලබන්නට මත්තෙන් දරුවා කිව කළ යුතු දේවල් 31ක්

4 අවම කියවීම
අවුරුදු 2ක් ලබන්නට මත්තෙන් දරුවා කිව කළ යුතු දේවල් 31ක්අවුරුදු 2ක් ලබන්නට මත්තෙන් දරුවා කිව කළ යුතු දේවල් 31ක්

දරුවකුගේ වයසට සාපේක්ෂව කථන සහ භාෂාමය සන්ධිස්ථාන වර්ධනය ගැන විමසිලිමත් වීම මගින් දරුවෙකුට ඇතිවිය හැකි ගටලුමය තත්ව කල් තියා හඳුනාගෙන අවශ්‍ය නම් නිසි ප්‍රතිකාර වලට යොමු කරවිය හැක.

උපන් මොහොතේ පටන් පුංචි කිරිකැටියාට අවශ්‍ය දේ ඔබෙන් ඉල්ලීමට කතා කරන්නටවත් භාෂා දැනගන්නටවත් උවමනා නැති බව මාපිය ඔබට මේ වනකොට හොඳින් වැටහී ඇති නේද? නමුත් දරුවාගේ වර්ධනය නිසි ආකාරයෙන් සිදු වන බව තහවුරු කරගැනීමට දරුවන්ගේ මුල් වචන වෙත අවධානය යොමු කරන්නට පුළුවන්.

කිරිකැටියාට අවශ්‍ය දේ දෙමාපියන්ට දැනෙන්නට එක ඉරියව්වක් ඇති.

නමුත් දරුවා වැඩෙත්ම හැඟීම් දැනීම් අවශ්‍යතාවන් ආදිය පැහැදිළිව ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් දරුවාට ඇති වන්නේ නිසි වයසට අදාළ සන්නිවේදන සංධිස්ථාන පසුකරමින්.

වචන ඩිංග ඩිංග උච්චාරණය කරමින් දරුවා අලුත් වචන ඉගෙන ගන්න අපුරුව බලන් ඉන්න ලස්සනයි නේද?

මේ සන්නිවේදන සංධිස්ථාන වැදගත් වන්නේ දරුවාගේ වයසට සාපේක්ෂව වර්ධනය සිදු වනවාද යන්න දැනගැනීමේ මිනුම් දණ්ඩක් ලෙස එය ක්‍රියා කරන නිසයි.

පහත දැක්වෙන්නේ ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතන විසින් ලේඛනගත කල ළදරු වයසට සාපේක්ෂ විශේෂ සන්නිවේධන සංධිස්ථාන 31ක්.

මේවා ඔබේ දරුවාගේ ක්‍රමානුකුල වර්ධනය තහවුරු කරන මිනුම් දණ්ඩක් ලෙස යොදා ගතහැක.

වයස අවුරුදු එක ලැබීමේදී තේරුම් ගන්නා දරුවන්ගේ මුල් වචන කිහිපයක්

1. තමන්ගේ නම කියද්දී ප්‍රතිචාර දැක්වීම.

2. කෙනෙක් කතා කරද්දී ඊට ප්‍රතිචාර දැක්වීම.

3. පුංචි විධාන තේරුම් ගැනීම උදා:- “ඕක කන්න එපා!”

4. පුංචි ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම. උදා:- “අනේ! ඕක මට දෙන්න”

5. සරල ඉරියව් හා සුලභ වචන තේරුම් ගැනීම. උදා:- ‘හෙලෝ’ ‘Hello’

6. පින්තුරු හා සම්බන්ධ හඬ ගලපා ගැනීමේ හැකියාව. උදා:- ‘පුසා “ක්ඝාව්’ කියයි’

7. සරල අනුකරණය - සිනහ සෙන පිට පෙරළා සිනහ සිම, ගී ගැයීමට උත්සාහ කිරීම.

8. සරල වචන අනුකරණය කරයි.

9. ඇයගේම භාෂාවෙන් සෙල්ලම් බඩු සමඟ කතා බහ කරයි.

10. නාම පද පාවිච්චිය වැඩි වේ

11. “අම්මා” “තාත්තා” වචන වලට අමතරව වෙනත් වචන දෙකක් හෝ තුනක් උච්චාරණය කරයි.

12. හඬනවා වෙනුවට මවට කතා කරයි.

13. අනෙක් ළමයි සමඟ පුංචි ක්‍රීඩා වල නිරත වන්නට හැකි වෙයි. උදා:- අතින් අතට බෝල මාරු කිරීම

පළමු වසර අවසානයේදී සැලකිලිමත් විය යුතු අවස්ථා

1. දරුවාගේ නම කතා කල විට ප්ර්හිචාර නොදක්වයි නම්.

2. පොඩ්ඩක්වත් කතා කරන්නේ නැත්නම්.

දරුවා වයස අවුරුදු එක ලැබීමේදී දිස් කරනු ලබන දේවල්

1. සරල අණ කිරීම් තේරුම් ගනී. උදා:- එපා!

2. ශරීරයේ කොටස් පහක් පමණ පෙන්වීමේ හැකියාව.

3. අණ කල විට වෙනත් කාමරයකින් යමක් ගෙනත් දීමේ හැකියාව.

4. ‘ඔව්’ ‘නැහැ’ හන්නට අදාළ ලෙස හිසේ ඉරියව් වෙනස් කිරීමේ හැකියාව.

5. ඔවුන්ට කතා කරන්නට දන්නා වචන වලට වඩා වචන දැන සිටීම.

6. සරල ප්‍රශ්ණ තේරුම් ගැනීමේ හැකියාව උදා:- “දොර පෙන්වන්න?”

7. කතන්දර වලට ආශා වීම

8. සරල ශබ්ධ අනුකරණය කොට එය එන දිශාව පෙන්වීමේ හැකියාව. උදා” ග්හ්යාව් කියා පූසා දෙසට අත් දිගු  කිරීම.

9. ශබ්ධ අනුකරණය ඉරීමේ හැකියාව.

10. ඔවුන්ට හුරු වචන වලින් අහාර, සෙල්ලම් බඩු ආදිය ඉල්ලීමේ හැකියාව.

11. “තව ඕනෙ” වැනි වචන නිතර කියන්නට යුහුසුළු වීම.

12. නම් ඇතුළු වචන 10ත් 20ත් අතර ප්‍රමාණයක්  උච්චාරණය කිරීමේ හැකියාව.

13. “මේ මොකද්ද” පැනයට නිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව.

14. දිනපතා පරිහරණය කරන භාණ්ඩ කිහිපයක නම් පහසුවෙන් උච්චාරණය කිරීම

15. ‘මම, අපි, ඔයා’ යන වචන උච්චාරණය කිරීමේ හැකියාව.

16. නාම පද වලට ක්‍රියා පද මුසු කිරීමේ හැකියාව. උදා:- “නංගි ආවද ?”

17. වචන දෙකක් ගැලපීමේ හැකියාව. “හලෝ අම්මා”

18. සන්ගීත වලට නටමින් ගී ගයනවා සේ "ආ ආ" හෝ "ලා ලා" කීම

දරුවන්ගේ මුල් වචන ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා

  • ඔබේ දරුවාට කතා කිරීමට හැකියාවක් නැත්ද?
  • ඔහු තනිවම සිටීමටම හැම විට ප්‍රිය කරනවාද?
  • දරුවා කතා කිරීමට වඩා සංඥා වලින් කතා කිරීමට ප්‍රිය කරයිද?
  • ඔබ කියන දේ දරුවාට නොතේරේ යැයි ඔබට සැකයක් තිබේද?

මගේ දරුවා මේ ලැයිස්තුවෙන් සංදිස්ථාන කිහිපහක් පසුකර තිබෙනවා

දරුවන් 90%ක් වර්ධනය පෙන්නුම් කරන්නේ ඉහත ලැයිස්තුව අනුව. ඉතින් ඔබේ දරුවාගේ වර්ධනය මෙම ලැයිස්තුවේ පිළිවෙලට වඩා මදක් වෙනස්  නම් ඉන් ඔබේ දරුවාගේ වරදක් පෙන්වන්නේයැයි මොහොතකට වත් හිතන්නට එපා.

දරුවාගෙන් දරුවට සියලු දේ වෙනස් වන අතර ඔබේ දරුවා මදක් මන්දගාමී විය හැකි මුත් එය කලබල වීමට හේතුවක් නොවේ.

ඒ කෙසේ වෙතත් සැලකිලිමත් විය යුතු අවස්ථා යටතේ එන ගහයට දරුවා අයත් නම් ඔබ වහාම වෛද්‍යවරයකු මුණ ගැසිය යුතු වනවා. දරුවා පරික්ෂා කර බලා ප්‍රතිකාර අවශ්‍යද නැද්ද කියා වෛද්‍යවරයා එවිට ඔබ දැනුවත් කරාවි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • අවුරුදු 2ක් ලබන්නට මත්තෙන් දරුවා කිව කළ යුතු දේවල් 31ක්
බෙදාගන්න :
  • බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

    බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

  • නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

    නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

  • බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

    බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

  • නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

    නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it