අද පුංචි ගවේශකයා ඔලුව වැදිලා හරි ප්‍රශ්න. බලමු මොකද වුනේ කියලා.
අප්පේ උදේම ඇහැරුනා. අම්මටත් අද නිවාඩුද කොහෙද? තාත්තා නම් තාමත් තාමත් නිදි. අක්කාත් ඊට දෙවැනි නැහැ මේ දෙන්නා දොයිය ගන්න තරඟයක් ද මන්දා .
දැන් මං ඉතිං මොකද කරන්නේ ? මෙට්ටේ උඩ ටිකක් උඩ පනින්න ඕනී. ෂා චෝයි චෝයි නියම වෙලාවේ තමයි මේ කවුරුත් මට එපා කියන්න කෙනෙක් නෑ.
මෙන්නෝ මං උඩ පනිනෝ ඇතිවෙනකම් උඩ පනින්න ඕනේ.
"මොකද මේ"
ඒ හඬ අම්මගේ, අප්පේ මං උඩ ගිහින් බිම වැටුණා. මගේ ඔලුව වැදිලා මට ගොඩාරියක් රිදුනා. මම උඩ පැන පැන ඇඩුවා.
" දෙයියනේ "
අම්මා කැගැහුවා.තාත්තාත් නැගිට්ටා.
" අනේ දරුවාව ඉස්පිරිතාලෙ අරන් යන්"
අම්මා කෑගැහුවා.
" යන්න යන්න , අයිස් එක්ක රෙදි කෑල්ලක් ගේන්න"
තාත්තා දුන්නේ අණක්,
අම්මා දුවගෙන ඒවා අරන් ආවා. අයිස් කෑලිටික රෙදි කැබැල්ලෙන් ඔතලා තාත්තා මගේ නලලේ ඒක හෙමින් හෙමින් තියන්න ගත්තා.
මම නම් සීතලෙන් බේරගන්න උඩ පැන පැන කෑගහලා ඇඬුවා. ඒත් තාත්තා නම් නපුරෙක් වගේ දිගටම ඒක කලා. මං අඩන එකවත් බැලුවේ නැහැ. අම්මා නම් චුට්ටයි පැටියෝ කියලා හිත හදන්න හැදුවා. එයාගේ ඇස් වල කදුලුත් පිරිලා තිබුනා.
" හරි දැන් ගෙඩි ගැහෙන එකක් නැහැ .
තාත්තා අම්මට කියනවා මට ඇහුනා.
" දරුවා ගැන කල්පනාවෙන් ඉන්න. වමනේ යනවා නම් වෙනසක් තියෙනවා නම් ඉක්මනට හොස්පිටල් එකකට අරන් යන්න."
තාත්තා අම්මට කිව්වා. මං හූල්ල හූල්ලා අම්මාගේ පපුවට තුරුලු වුණා...