බිළිඳුන් දෙදෙනෙක් දෙමාපියන් අතින් ගිලිහී චීනයේ සාප්පු සංකීර්ණ තට්ටු 4 කින් වැටෙයි

lead image

ඔබේ ඇස් නිලංකාර කරවන මේ දසුන හරිම සෝචනීයයි. චීනයේ ටියැන්ජින් වල අවු: 2 සහ 3 ක් වන දරුවන් දෙදෙනෙකුට මරණය ළඟා වුයේ ඔවුන්ගේ දෙමාපියන් අතින් ගිලිහී ඔවුන් ලිස්සා යාමෙනුයි...

චීනයේ ටියැන්ජින් හි දරුවන් දෙදෙනෙකුට මේ අවාසනාවන්ත ඉරණම උදා වුණා.

ඔබේ ඇස් නිලංකාර කරවන මේ දසුන හරිම සෝචනීයයි. චීනයේ ටියැන්ජින් වල අවු: 2 සහ 3 ක් වන දරුවන් දෙදෙනෙකුට මරණය ළඟා වුයේ ඔවුන්ගේ දෙමාපියන් අතින් ගිලිහී ඔවුන් ලිස්සා යාමෙනුයි.

බොහෝ රසබර හැන්දෑවක සතුටින් පිරී තිබුණු සාප්පු සංකීරණය ඛේදාන්තයක් බවට පත් වුණා. 2017 පෙබවාරි 27 වෙනිදා නකායි දිස්ත්‍රික්කයේ Joy City Mall එකට ගිහිල්ලා මේ පවුලේ අය විනෝද වෙන්න හිතුවා. Shanghaiist වාර්තාකරණ ආකාරයට දෙමාපියන්ගේ එක් අයෙක් දරුවන් දෙදෙනාම වඩාගෙන ඉඳලා තියෙනවා. හතරවන තට්ටුවේ බැල්කනියේ කෙටි බැම්ම අසල හිටගෙන ඉන්නකොට එක් දරුවෙක් ලිස්සා, වැටෙන් පහළට වැටී තිබුණා.

The Sun වාර්තා කරන ආකාරයට වැටෙන්න ගිය දරුවා බේරා ගන්න දෙමාපියන් උත්සාහ කරද්දී අනෙක් දරුවාත් වැටිලා තිබුණා. දරුවන් දෙන්නා තට්ටු හතරකින් පහළට වැටෙනවා බලාගෙන ඉන්නවා ඇරෙන්න මේ දෙමාපියන්ට වෙන මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවෙන්න ඇති. මේ ලිපිය ලියන විටත් දරුවන් වඩාගෙන හිටියේ අම්මාද තාත්තද කියලා හරියට වාර්තා වෙලා නැහැ.

උමතුවෙන් තමන්ගේ දරුවන්ගේ මළසිරුරු වැළඳගෙන අඬන මේ දෙමාපියන්ගේ වීඩියෝ සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වී තිබුණා.

අවවාදයයි - සංවේදී අය නැරඹීමෙන් වළකින්න:

සමහරුන් ඉතා ඉක්මනින් විනිශ්චයන් දෙමින් එය දෙමාපියන්ගේ නොසැලකිල්ල ලෙස දක්වා තිබුණ අතර බොහෝ දෙනෙක් සංවේගය පළකර තිබුණා. අපි කිසි දවසක හිතන්නේ නැහැ මෙහෙම දෙයක් වෙන තුරුම එය අපිට වෙයි කියලා. මේ ඛේදාන්තයත් එක්ක ඔවුන්ට අවශ්‍ය උදවු ලැබෙන්න ඇති කියලා අපි හිතනවා.

අනතුරක් නොවේයැයි සිතන්න එපා. ආරක්ෂාවට ඇති තැන්වල ඇති අනතුරු දායක බව ගැන සිතන්න.

මේ සිදුවීම අපි හැමෝටම පරිස්සම ගැන මතක් කර දෙන සිදුවීමක්. නිතර අවට විය හැකි අනතුරු ගැන සිතන්න. ඒ වගේ දරුවෙක් වඩාගෙන ඉන්නකොට විශේෂයෙන් අනතුරුදායක තැන්වල ඉතා පරිස්සම් වෙන්න. ඔබට පුරුදු තැන්වල නිසා අනතුරක් නොවේයැයි සිතන්න එපා. ඔබේ ගේ අසලම තියෙන ළමා උද්‍යානය, ඔබේ ගෙදර වුනත් අනතුරු විය හැකි තැන් ගැන ඔබ එතරම් නොසිතන්න පුළුවන්.

ඔබේ දරුවන්ට අනතුරක්, වේදනාවක් ඇතිවිය හැකි තැන් වලින් ඔවුන්ව ඈත්කර තබන්න නිතරම කටයුතු කරන්න. තවමත් ඔබේ දරුවාට හොඳ, නරක, අනතුරුදායක හා අනාරක්ෂිත බව ගැන අවබෝධයක් නැති බව නිතරම සිතන්න. ඉතින් දෙමාපියන් ලෙස ඔවුන් ඉන් හැකිතරම් ඈත්කර තැබීම අපේ වගකීමක්. දැනුවත් වීම මේ අතරින් හුඟක් වැදගත්.

එය වළකා ගන්න තිබුණා නම් කියලා හිතෙන හැම වාරයකදීම මේ හිත රිදෙන සංවේදී අනතුර අපේ හිත් හුඟක් රිද්දනවා. නමුත් අනතුරකට ඇත්තේ ඇසිපිය හෙලන ඇසිල්ලක් විතරයි. දෙමාපියන්ට මේ පණිවිඩය ඔබේ හොඳම මිතුරිය thetheAsianparent Sri Lanka ගෙන ආවේ අපේ මල් කැකුළු ටික පරිස්සම් කරගන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ