තාත්තා කෙනෙක් දරුවෙකුගේ මේ බය හිතෙන යටිපතුලේ පින්තූරය අපට පෙන්නුවා

අලුත් දෙමාපියන් වන ඔබටත් මේ නරක රෝගය ගැන දැනුවත් වෙන්න පුළුවන්.

කැන්සාස් හි තාත්තා කෙනෙක් එයාගේ බිළිඳු දරුවාගේ යටිපතුලේ පින්තූරයකින් මේ රෝගය ගැන කරුණු කියා තිබුණා. මේ නිසා හුඟක් දෙමාපියන් මෙවැනි තත්වයක් ගැන නොදැන සිටි අතර ඒ ගැන දැනුවත් වුණා.

පසුගිය සැප්තැම්බර් මාසයේ ස්කොට් හා ජෙසිකා වෝකර් නම් යුවලට වසර තුනක මයා නම් දුවෙක් සිටි අතර තවත් දියණියක් ලැබුණා. ඇය මොලී. දෙදෙනාම අඩු මාසයෙන් ඉපදුන නිසා මොලීවත් තවත් සති 3 ක් රෝහලේ රඳවා ගත්තා.

දැන් මාස 5 ක් වෙන මොලී හොඳින් හැදුනත් හදිස්සියේ දුටු දෙයින් අම්මයි තාත්තයි කලබල වුණා. දින කිහිපයකට පෙර මේ දෙන්න දිවා ආහාරයට පිටතට ගිය අවස්ථාවේ මොලී හරිම විඩාබරවත් සිටි අතර ඇගේ ඇඟේ උණුසුමත් වැඩිවී තිබුණා. ඇයව සනසන්න උත්සාහ කළත් අසාර්ථක වූ තැන ඔවුන් ඇගේ මේස් ගැලවුවා.

මේ වෙලාවේ ඇගේ යටිපතුලේ අමුතු කැපුම් පාරක් ඔවුන් දැකලා තැති ගත්තා. මොලීගේ කකුලේ කොන්ඩ ගසක් පැටලිලා තද වෙලා ඇගේ යටි පතුල කැපිලා තිබුණා. මෙය අළුත් තත්වයක් නොවුනත් එය toe tourniquet syndrome නමින් වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනවා.

 Toe tourniquet syndrome

මෙය ඇඟිලි වල කෙස් ගසක් වැනි දෙයක් පැටලී ඉරීමෙන් ඇතිවන තත්වයක්. මෙය හුඟක්ම දින 14-19 දක්වා හා මාස 6 දක්වා දරුවන් තුළ දකින්න පුළුවන්. මේ තත්වය ගැන විවිධ පර්යේෂණ සිදුවී ඇතත් මෙම කෙස් ගසක් හෝ නූලක් නිසා ඇතිවෙන අතර සමහර විට වේදනාවකින් තොරව ඉවත් කරන්න පුළුවන්.

මොලී ට මොනවද වුණේ?

මොලීගේ සිදුවීමේදී ඇගේ අම්මට එය ඉවත් කරන්න පුළුවන් වුන නිසා යට වේදනාව වන ඉදිමුම පාලනය කරන්න පුළුවන් වුණා. ඒ අතරම මෙම තොරතුරු 18,000 වතාවක් පමණ අන් අය අතරේ බෙදාගැනීම සිදුවී තිබුණා.

අනාරක්ෂිත අනතුරු ගැන නිතර ඔබේ දැනුවත් කරන ඔබේ හොඳම මිතුරිය  theAsianparent Sri Lanka අදත් අහඹු සහ අලුත් තොරතුරක් ඔබට ගෙනා ආවා.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ