theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?

4 අවම කියවීම
සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?

සෙල්ලම් බඩු කියන්නේ දරුවන්ගේම කොටසක් වගෙයි. ඉන් දරුවන්ගේ අනාගතය අඳුරු කරනවා වෙනුවට පැහැබර කරන්නට වගබලාගනිමු.

සෙල්ලම් කරන උපකරණ නැත්නම් සරළවම සෙල්ලම් බඩු දරුවෙකුට ලබා දෙන්නේ ඇයි? බොහෝ අවස්ථාවල දරුවන් ඉල්ලන නිසා, නැත්නම් දරුවන්ව සන්සුන්ව තබා ගැනීමට හෝ වෙනත් හේතුවක් මත නිතරම සෙල්ලම් බඩු ලබා දෙන්නට දෙමව්පියෝ පුරුදු වී සිටිති.
 
ඇතැම් නිවෙස්වල ආලින්දය, කුඩා දරුවන්ගේ කාමර මෙම උපකරණ වලින් පිරී ඉතිරී ගොස්ය.
 
සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?

ඡායාරූප: sydney.fuller.name

දෙමව්පියන් මෙම උපකරණ ලබා දීමට උත්සුක වන්නේ දරුවන් ඉල්ලා සිටින්නටත් පෙරය. එයට හේතුව වන්නේ වර්තමාන කාර්යය බහුල ජීවිතය හේතුවෙන් දරුවන් සමඟ කාලය ගත කිරීම සඳහා අවශ්‍ය කාලය ඔවුන්ට නොමැති වීමයි.

නමුත් කුඩා දරුවන් දෙමව්පියන් සමඟ වැඩි කාලයක් ගත කළ යුතු අතර, නැවත නැවතත් අනවශ්‍ය පරිදි මෙම සෙල්ලම් කරන ක්‍රීඩා කරන උපකරණ විශාල ප්‍රමාණයක් ලබා දීම හරහා දරුවන්ගේ කායික, මානසික සහ සාමාජීය වර්ධනය සඳහා බලපෑම් ඇති කරනු ලබයි.

නිර්මාණාත්මක හැකියාව හීනවීම  

සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?

ඡායාරූප:  coursefeeder.com

යම් සැකිල්ලක් පදනම් කරගෙන සාදනු ලබන සෙල්ලම් උපකරණ, සෙල්ලම් කාර් එකක්, සෙල්ලම් බෝනික්කෙක් වැනි උපකරණවලට වඩා දරුවන්ට ස්වභාවික මැටි,ක්ලේ,ජලය වැනි දේ ක්‍රීඩා කිරීම සඳහා ලබා දීම ප්‍රයෝජනවත් වේ.

රූකඩ වැනි දේ සෙල්ලම් උපකරණ ලෙස ලබා දීම වැදගත් වන්නේ ඒ හරහා විවිධ කතන්දර  නිර්මාණය කිරීමට උත්සහ කරනු ලැබීම නිසායි.

මෙයින් ඔවුන්ගේ නිර්මාණශීලිත්වය වර්ධනය වන අතර තනිව ක්‍රීඩා කිරීමට වඩා මෙවැනි උපකරණ යොදා ගැනීමේදී සහෝදර සහෝදරියන් හෝ මිතුරන් සම්බන්ධ වීම හේතුවෙන් අන්තර් පුද්ගල සම්බන්ධතා නිර්මාණය වීම සිදු වේ.

එමෙන්ම දෙමව්පියන් විසින් දරුවන්ගේ මෙම අදහස් අගය කිරීම හරහා තමන් පිළිබඳව ආත්ම අභිමානයක් ද ඇති වේ.

පොඩි දෙයකින් සතුටු වීමට නොහැකි වීම

සෙල්ලම් කිරීමට උපකරණ කිහිපයක් පමණක් තිබෙන විට ඔවුන් එම උපකරණ ප්‍රවේශමෙන් පරිහරණය කිරීමේ ප්‍රවණතාවයක් පවතින අතර එහි යම් වටිනාකමක් පවතින බව හඳුනා ගැනීමට සමත් වෙයි.

සෙල්ලම් කිරීම‍ට සුළු උපකරණ ප්‍රමාණයක් භාවිත කිරීම හරහා තමා සතු දෙයින් තෘප්තිමත් වීමට කුඩා අවදියේම හුරු පුරුදු වීමත් වැදගත්.

අන්තර් සබඳතා ගොඩනගා ගැනීමට නොහැකි වීම

සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?

ඡායාරූප:  coursefeeder.com

අවම වශයෙන් සෙල්ලම් උපකරණ ලබා දීම තුළින් මෙම උපකරණ මතම යැපීම අඩු වන නිසා සම වයසේ අනෙකුත් දරුවන් සමඟ සහ වැඩිහිටියන් සමඟ සබඳතා ගොඩනගා ගැනීම ආරම්භ වේ.

නිවැරදි ලෙස සන්නිවේදනයේ යෙදීමට මේ හරහා දරුවන් පුරුදු වේ.

දරුවන් කුඩා අවධිය තුළ ඇති කරගනු ලබන මිතුරුදම් අධ්‍යාපනය ලැබීමේදී කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේදී උපකාරී වනවා.

එමෙන්ම වැඩිහිටියන් ලෙස සාර්ථක අන්තර් පුද්ගල සබදතා ගොඩනගා ගැනීම තුලින් අන්‍ය මත ඉවසීම, ගරු කිරීම වැනි ගුණාංග ද වර්ධනය වේ.

පොතට පතට ආදරය කරන දරුවෙක්

සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?

ඡායාරූප: sudocrem.co.uk

අනවශ්‍ය ලෙස සෙල්ලම් කිරීමට උපකරණ නොමැති වීමෙන් ඔවුන් චිත්‍ර ඇඳීමට පාට කිරීමට සහ සංගීතය වැනි අනෙකුත් විනෝදාත්මක දේ වෙතට යොමු වේ.

එවැනි කලාත්මක අංශ වලට දරුවා යොමුවීම තුළින් පෞරුෂත්ව වර්ධනය සිදු වේ.

ඒ හරහා යහපත් සංවේදී දරුවෙකු නිර්මාණය වේ.

කීකරු  සහ සුහදශීලි දරුවෙක්

බොහෝ දෙමව්පියන් විශ්වාස කරනු  ලබන්නේ සෙල්ලම් කිරීමට උපකරණ රාශියක් තිබෙනවා නම් සහෝදර සහෝදරියන් සමඟ මිතුරන් සමඟ ඇතිවන ගැටුම් අවම වන බවය.

නමුත්  මෙම උපකරණ වැඩිවන තරමට ගැටළු වැඩි වේ. සහෝදර සහෝදරියන් නිතරම මෙම උපකරණ පිළිබඳව විවේචනය කරමින් ගැටළු ඇති කර ගනී.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

උත්සාහ කිරීමට හුරු පුරුදු වේ

අවම වශයෙන් සෙල්ලම් උපකරණ භාවිතයට හුරු වූ දරුවෙකු අවට පරිසරය පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරනු ලබනවා.

ඒ අතර විවිධ දේ නිර්මාණයට යොමුවීම හරහා අසාර්ථක වන අවස්ථාවන්හිදී නැවත නැවත උත්සහ කරනවා. 

මින් නිර්මාණශීලි යමක් අලුත් යමක් නිර්මාණය කිරීමට මුලින් සකස් කළ සෙල්ලම් උපකරණයට වඩා සාර්ථක නිර්මාණයක් කිරීමට උත්සහ දරනු ලබයි.

ඒ හරහා දරුවන්ගේ හැකියාවන් වර්ධනය වීමක් ද සිදු වේ. උත්සහය තුළින් ජයග්‍රහණයන් ළගා කරගත හැකි බව ද අවබෝධ වේ.

පරාර්ථකාමී දරුවෙකු

යම් දරුවෙකුට අවශ්‍ය සෑම දෙයක්ම දෙමව්පියන් ලබා දෙන්නේ නම් ඔවුන් තමන්ට අවශ්‍ය  සියලුම දේ ලබාගත හැකි බවට උපකල්පනය කරනු ලබයි.

මේ හරහා යහපත් නොවන පුරුදුවලට දරුවා ඇබ්බැහි වන අතර, දෙමව්පියන් මතම යැපෙන, අන් අය සමඟ යමක් බෙදා හදා ගැනීමට කැමැත්තක් නොදක්වන දරුවෙකු බිහි වේ.

ස්වභාවික පරිසරයට ඇලුම් කරන දරුවෙකු

සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?

ඡායාරූප: sudocrem.co.uk

 

සෙල්ලම් උපකරණ වලින් පිරුණු ලෝකයක් නොමැති දරුවෙකු තම වටපිටාව ගැන අවධානය යොමු කරනු ලබන අතර, පරිසරයේ සිටින සතුන් සහ ශාක ඔවුන්ගේ අවධානයට ලක්වනවා.

මේ අතර, පරිසරයෙන් සොයාගත හැකි දේ මගින් යම් යම් දේ නිර්මාණය කරමින් පරිසර පිළිබදව ඉගෙනගනු ලබයි.

ඒ හරහා දරුවන්ගේ මානසික සෞඛ්‍යය වර්ධනය වේ.

වයස අවුරුදු 1ට අඩු දරුවන් සඳහා සෙල්ලම් උපකරණ ඉතාම අවම ප්‍රමාණයක්

සෙල්ලම් බඩු රාශියක් පවතින විට එක සෙල්ලම් උපකරණයක් අතට ගනු ලැබීමෙන් පසුව ඒ පිළිබඳව නිසි ලෙස අවධානය යොමු කෙරෙන්නේ නැහැ.

ඒ වෙනුවටතවත් සෙල්ලම් උපකරණයක් වෙතට අවධානය යොමු කරනු ලබයි.

එහිදී ඔවුන්ගේ අවධානය එක අරමුණක් උදෙසා කේන්ද්‍රගත නොවන අතරම එක සෙල්ලම් උපකරණයක් කෙරෙහිවත් නිසි ලෙස අවධානය යොමු නොවේ.

තෝරා ගැනීම අපහසුවීම නිසා දරුවන් නොසන්සුන් බවට පත්වීමට ද හැකියාව ඇත.

දරුවන් ස්වභාවයෙන්ම මෙම උපකරණ ප්‍රිය කරනු ලබන නමුත් අනවශ්‍ය පරිදි ඒවා ලබාදීම නම් යහපත් නොවේ.

ඒ වෙනුවට යම් දෙයක් නිර්මාණය කිරීමට හැකියාව ඇති සෙල්ලම් භාණ්ඩ ලබාදීම දරුවන්ගේ  වර්ධනයට උපකාරී වනු ඇත.

කවරයේ පින්තූරය: learningtoyschildren.files.wordpress.com

 
රචනය:  Nimesha Dissanayaka 
 
මෙම ලිපිය  Roar Media විසින් නිර්මාණය කර පළ කල ලිපියකි. ඔවුන්ගේ අනුදැනුම ඇතිව මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනවා.

https://roar.global/roar–media/about/  

මූලාශ්‍ර:

www.sharingourexperiences.com

www.babble.com

www.todaysparent.com

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා නිෂ්පාදන
  • /
  • සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?
බෙදාගන්න :
  • විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

    විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

  • අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

    අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

  • විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

    විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

  • අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

    අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it