theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

3 අවම කියවීම
විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

ප්‍රමිතියක් රහිත විශකර රසායනික ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ගලා එමින් පවතින බව කියැවෙන පුවතක් BBC සිංහල පුවතක් ඔස්සේ වාර්තා වනවා.  

ලංකාවෙන් පිටරට වලට යවන බදඩු භාණ්ඩ වල ප්‍රමිතිය තහවුරු කරගැනීමට විවිධාකාර ලියකියවිලි සහ සමාගම් විසින් ලියකියවිලි අවශ්‍ය වනවා. නමුත් ලංකාව තුළට ගෙන්වන භාණ්ඩ වල ප්‍රමිතිය තහවුරු කරගැනීම සඳහා එවැනි ක්‍රමවේදයක් නොමැති වීම ලංකාවේ සමස්ත දරුවන්ගේම සෞක්ය්යයට තර්ජනයක් වන්නේ මේවයේ පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ එවැනි පාලනයක් හෝ ක්‍රියාදාමයක් නොතිබීම නිසා ලංකාවට ආනයනය කෙරෙන ශරීර සෞඛ්‍යයට අහිතකර දේ ඇතුළු භාණ්ඩ පිළිබඳව නිසි සංඛ්‍යාලේඛන සොයා ගැනීම ඉතා දුෂ්කර බවයි.

ඔවුන් ඒ අදහස් පළ කළේ ස්ටොක්හෝම් සම්මුතිය යටතේ ලෝකයේ තහනම් කරන ලද ඉතා අහිතකර විෂ රසායන දෙකක් ශ්‍රී ලංකාවට ආනයනය කරන ඇතැම් ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල අඩංගුවන බවට රටවල් කිහිපයක් එකතු වී කරන ලද ජාත්‍යන්තර පර්යේෂණයකින් අනාවරණය වීම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය.

ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන රූබික් කැට කිහිපයක් පර්යේෂකයන් විසින් චෙක් ජනරජයේදී විශ්ලේෂණය කරන ලද අතර, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ ශරීරයට ඉතා අහිතකර OctaBDE සහ DecaBDE යන විෂ රසායන දෙකම එම රූබික් කැටවල අඩංගු බවට එහිදී හෙළි වී තිබුනා. මෙය ඉතාම ඛේදනීය තත්වයක්.

"මෙම රසායනික ද්‍රව්‍ය දෙකම කිසිම ආකාරයකින් සෙල්ලම් බඩුවල තියෙන්න පුළුවන් රසායන ද්‍රව්‍ය නෙවෙයි," යනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත් විතානගේ මහතා සඳහන් කර තිබුනේ බීබීසී සංදේශයේ අවසාන ගුවන් විදුලි වැඩසටහන සමග අදහස් දක්වමිනි.

"රූබික් කැටවල පිටත ආලේපනය කරලා තියෙන මෙම රසායන නිසා දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩුවෙන්නට පුළුවනි, විශේෂයෙන්ම මන්ද බුද්ධික දරුවන් බිහිවෙන්නට හැකියාව තියෙනවා"

කිසිදු ප්‍රමිතියකින් හෝ පාලනයකින් තොරව විෂ සහිත ප්ලාස්ටික් සෙල්ලම් බඩු ශ්‍රී ලංකාවට ගලා එමින් තිබෙන බව පර්යේෂකයන්, පාරිභෝගිකයන් මෙන්ම අපනයනකරුවන්ද පවසති.

වැඩෙන දරුවන්ට මෙවැනි භාණ්ඩ අල්ලන්නට හෝ දීම ඉතාම භයානක තත්වයක් කියල අපි විද්‍යාවෙදි හඳුනාගෙන තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ මහතා පැවසුවා.

දරුවන්ට ආරක්ෂාකාරී, විශකර ද්‍රව්‍ය රහිත සෙල්ලම් බඩු තෝරා දෙන්නේ කෙසේද?

1. ප්‍රමිතියකින් යුත් සෙල්ලම් බඩු පමණක් මිලදී ගන්න

රට කිසිඳු ප්‍රමිතියකින් තොර ළමා සෙල්ලම් භාණ්ඩ සංසරණය වන බව අප දනිමු. නමුත් වගකීමක් සහිත සමාගම් මගින් ගෙන්වනි ලබන ප්‍රමිති පාලනයකින් යුතු වූ සසෙල්ලම් භාණ්ඩ මිලදී ගැනීම දෙමාපිය අපගේ වගකීමක් වනවා       

2. භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය ගැන සැලකිලිමත් වන්න.

භාණ්ඩ නිෂ්පාදිත අමුද්‍රව්‍ය හොඳින් කියවා බලන්න. ඒ ගැන විස්තර, ප්‍රතිශත ආදිය අන්තර්ජාලය වැනි දත්ත මාධ්‍ය හරහා තව දුරටත් පිරික්සා බලන්න. කයින්

3. නිෂ්පාදකවරුන් හා සම්බන්ධ වන්න

අමුද්‍රව්‍ය පිලිබඳ විස්තර අඩංගු නොවේ නම් භාණ්ඩ නිෂ්පාදකවරුන් හා සම්බන්ධ වන්න.  මේ ගැන ඔවුන් දැනුවත් කොට ඒ ගැන රපොර්තු ලබාගන්න.

මුදලට සෞක්‍ය, ජිවිත වටිනාකම් වැනි දේ යට වූ ලෝකයේ අප දරුවන්ගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් අන් කවරදාටත් වඩා වෙහෙස මහන්සි වී කටයුතු කරන්නට අවශ්‍ය යුගක අප වෙසෙන්නෙමු. නමුත් දෙමාපිය අපගේ උනන්දුව සහ කැපවීම හරහා දරුවන්ටසුරක්ෂිත හෙට දිනක් තනන්නට හැකි වීම බලාපොරොත්තුවේ සේයාවකි!

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!
බෙදාගන්න :
  • දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

    දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

  • සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?

    සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?

  • දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

    දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

  • සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?

    සෙල්ලම් උපකරණ මගින් දරුවන්ගේ අනාගතය විනාශ වෙයිද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it