ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න, පිය පදවියට පමණක් සීමා වෙන්න එපා

ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න, පිය පදවියට පමණක් සීමා වෙන්න එපා

දෙන්නෙක් එකම වගේ කියලා පෙනුනත් ඔවුන් ඇතුලාන්තයෙන් වෙනස්. මේ කරුණු 6 සමග සිතා බලන්න.

තාත්තා කෙනෙක් වෙන්න පහසුයි. ඒත් ඒ වගේම පහසුවෙන් ආදරණීය තාත්තා කෙනෙක් වෙන්නත් රහස් කිහිපයක් තියෙනවා. 

මේ මගින් පිරිමින්ට තමන්ට අවශ්‍ය දැනුම උපදෙස් හා උද්යෝගිමත් කතාවන් ගැන දැනගන්න පුළුවන්.

ඔවුන්ට අනුව පියවරුන් ඉතා දැඩිව මහන්සියෙන් වැඩ කළත් ඔවුන් වෙනුවෙන් මුදල් ඉපයුවත් ඊටත් වඩා දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය දේවල් තිබෙනවා.

ඒ නිසා පියෙකු ආදරණීය තාත්තා කෙනෙක් කරන්න තවත් හුඟක් හේතු බලපානවා.

ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න, පිය පදවියට පමණක් සීමා වෙන්න එපා

1. යමක් ගැන විවේචනයට පෙර ඒ ගැන සිතන්න

මෙය ලෙහෙසි කාර්යයක් ලෙස සිතුවත් ඔවුන්ට අවංක භාවය හැඟීම් වලින් ඉදිරිපත් කරන්න මගහැරෙනවා.

දරුවෙකුගේ පැනයකට පිළිතුරු දෙන විට ඔවුන් වඩා වැදගත්කම ප්‍රතිඵලය ගැන දරුවන් එතරම් හිතන්නේ නැහැ. එහි තෝරා බේරා බැලීමක් ඔවුන්ට අවශ්‍ය නැහැ.

හැම දෙයක්ම ඔවුන්ට ප්‍රශ්නයක් වීම ස්වභාවික බව තාත්තා තේරුම් ගැනීම වැදගත්. ඒ නිසා ඔවුන්ට ලැබෙන පිළිතුර වගේම එහි අන්තර්ගතයත් ඔවුන්ට වැදගත්.

2. අනුකරණය කළ හැකි චරිතයක්

ඔහු පවුලේ අය අතර පමණක් නොවෙයි. අනෙක් පිරිස සමගත් එලෙසම හැසිරෙනවා. උදාහරණයක් ලෙස ඔබ රිය පදවන විට කේන්ති යන දේවල් වුනත් ඉන් ඔබ කුපිත වන්නේ නැහැ. එය අභියෝගයක්. නමුත් මේ වගේ හොඳ තාත්තලා ඔවුන්ව හැඟීම් වලට පාලනය කරන්න දෙන්නේ නැහැ.

ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න, පිය පදවියට පමණක් සීමා වෙන්න එපා

3. දරුවා සමග කාලය දරුවෙක් වගේ ගත කරන්න

මෙවැනි තාත්තලා තමන්ට හිතුන වෙලාවට විතරක් දරුවන් සමග කාලය ගත කරන්නේ නැහැ. ඔහු දියණියන් සමග වුවත් සෙල්ලම් තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙනවා.

හුඟක් වාරයක් කියවූ පොත් වුනත් නැවත නැවත කියවනවා. මේ නිසා දරුවන් තුළ ඔබ ගැන විශ්වාසයක් ගොඩනැගෙනවා. ඉතා සරල ක්‍රියාකාරකම් තුළින් දරුවන් හා තාත්තලා අතර බැඳීම් ශක්තිමත් වන බව The Gold Man Project දක්වනවා.

4. ඔවුන් යමක් ඉදිරිපත් කරන්න පෙර දෙවරක් සිතන්න. හැඟීම් පාලනය කරගන්න

සමහර අවස්ථාවන් වල මවගෙන් වෙන්වූ පියවරුන් ඉන්නවා. නමුත් ඔවුන් ඔවුන්ගේ මවගේ වැරදි දරුවන් ඉදිරියේ කතා නොකළ යුතුයි.

මේකෙන් කියන්නේ නැහැ ඔවුන්ට කිසිදා බලාපොරොත්තු කඩවීම්, තරහව කිසිදා ඇති නොවන ලෙස කටයුතු කළ යුතුයි කියා.

නමුත් තාත්තලා දරුවන්ගේ ශාරීරික මානසික සුවය ගැන නිතර සිතනවා.

ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න, පිය පදවියට පමණක් සීමා වෙන්න එපා

StockSnap / Pixabay

5. ඔවුන් ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කරනවා

දරුවන් තාත්තලා ඉදිරියට පැමිණ කවුරුන් හෝ තමන්ට අපහාස කළ බව හෝ සමච්චල් කළ බව කියූ පසු එය දරුවාගේ වරදක් ලෙස හැඟවිය යුතු නැහැ.

ඉතින් මේ නිසා තාත්තලාට ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ පියා විසින් වැරදිකරුවන් ලෙස නොදකින බව තවත් අයෙකු සමග කියන්න.

6. දරුවන්ට ගරු කරන්න

ඔවුන්ට අපහසුතාවයක් දැනෙන්න කිසිවෙකුටවත් දරුවා සිප ගැනීමට ඔවුන් ඉඩ දෙන්නේ නැහැ.

ඊට ඉඩ නොදෙන ලෙස දරුවා කරන ඉල්ලීම අවබෝධ කරගන්න මෙවැනි තාත්තලාට පුළුවන්.

පියා යන තත්වය තත්වයක් පමණක් වුවත් එයට හරි ආදරණීය බව දැනෙන්නේ දරුවන් හඳුනා ගන්න තාත්තා කෙනෙකුට පමණයි. ඉතින් ඔබත් පියෙක්ද නැතිනම් ආදරණීය තාත්තා කෙනෙක්ද?

දරුවන්ට මව් සෙනෙහස වගේම පිය සෙනෙහසත් එක වගේ වැදගත්.

ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka වටිනා ඒ සෙනෙහස වෙනුවෙන් මේ ලිපිය සකස් කළා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ