දියණියන් සිටින පියවරුනි, ඔබේ බිරිඳට ග‌ොඩාක් ආදරය කරන්න

දියණියන් සිටින පියවරුනි, ඔබේ බිරිඳට ග‌ොඩාක් ආදරය කරන්න

ඔබේ දියණිය වෙනුවෙන් ඔබට කළ හැකි හොඳම (හා බොහෝ විට අමාරුම) දෙය වන්නේ කාන්තාවකට සැලකිය යුතු ආකාරය ඇයට පෙන්වා දීමයි.

ඔබේ බිරිඳට ආදරය කරන්න. ඒ තුලින් ඔබේ දියණියට යම් දින‌ෙක ඇයට හිමි විය යුතු ආදරය ගැන ඔබට අවබ‌ෝධයක් ලබා ‌දෙන්න පුළුවන්.
 
" ඔබ සහ ඔබේ බිරිඳ එක්ක මේ සියල්ලම නිවසින් ආරම්භ වෙනවා. " දියණියන් සිටින සියළුම පියවරුන්ට: ඔබේ පුංචි  දියණියට “crush එකක්”  සිටිනවා කියන සිතුවිල්ල ඔබව පිස්සු වට්ටනවා නේද?  මටත් එහෙමයි. මමත් දියණියකගේ මවක් විතරයි.
 
මීට අවුරුදු හතකට ඉස්සෙල්ලා ඔබ ගෙදර ගෙනා කිලෝ දෙකක් විතර වුන පුංචි  සුරංගනාවිය තව වසර කිහිපයකින් පිරිමි ළමයෙක් ගැන කැමැත්තක් ඇති කර ගනිවි.  තවත් වසර කිහිපයකට පස්සේ පෙම්වතෙකුත් ඉදිවි නේද? එය ඔබව බිය ගන්නවා නේද?
 
පිරිමියෙකුගෙන් ලැබිය යුතු සියල්ල ඇයට පෙන්වා දීමට ඔබට හැකි වීම සතුටට කරුණකි. සබඳතා සහ විවාහයන් අසීරූ වෙනවා. එය ඔබේ දියණිය කවදා හෝ දිනයක ඉගෙන ගනිවි. කරුණාවන්ත හදවතක් ඇති හා හොඳ චේතනාවෙන් යුත් සියලු මිනිසුන්ට ඒවා අභියෝගයක් වෙනවා.
 
ඔබේ දියණිය වෙනුවෙන් ඔබට කළ හැකි හොඳම (හා බොහෝ විට අමාරුම) දෙය වන්නේ කාන්තාවකට පිරිමියෙක්  සැලකිය යුතු ආකාරය ඇයට පෙන්වා දීමයි. ඔබ‌ගේ දියණියට දිනෙක ආදරය ලැබිය යුතු ඔබට අවශ්‍ය ආකාරයට ඔබ ඔබේ බිරිඳට ආදරය කරන්න.
 
ඔබේ ලාබාල දියණිය සිත් ඇදගන්නා සුළුයි නේද? අවාසනාවකට මෙන්, ඇය චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, සඟරා, සමාජ මාධ්‍ය සහ ඇගේ මිතුරියන්ගෙන් ආදරය මොන වගේදැයි ඉගෙන ගන්න උත්සහ කරනවා.
 
“සැබෑ” සහ “නිවැරදි” ආදරය නිවසින් දුරස් නම් ඇය අනිවාර්යයෙන්ම එය ඔබේ නිවසින් පිට සොයා යෑමට ඉඩ තියෙනවා.  ඇයගේ මවට හොඳින් සැලකීමෙන් සහ  දැඩි ලෙස ආදරය කිරීමෙන් මෙය වෙනස් කරන්න ඔබට පුළුවන්.

ඔබේ බිරිඳට ආදරය කරන්න

ඔබ සහ ඔබේ බිරිඳ එක්ක මේ සියල්ලම නිවසින් ආරම්භ වෙනවා.
  • උදාවෙන සෑම දිනකම ඔබේ බිරිඳට ගරු කරන්න.
  • ඔබට ලැබෙන සෑම අවස්ථාවකම ඇගේ අත අල්ලාගන්න. ඇයව ගොඩාක්  සිපගන්න.
  • ඇය එක්ක සිනාසෙන්න.
  • අක්ෂි සම්බන්ධතා ඇති කරගන්න.
ඔබේ දියණිය මවට  බොහෝ ආදරය කරනවා. ඇය මව කෙරෙහි ඇල්මක් දක්වනවා. මව-දියණියගේ සම්බන්ධතාවය කෙතරම් බැඳී තිබේද කියනවා නම්, මව්වරුන් සහ ඔවුන්ගේ දියණියන් සමාන්තර ජීවිතයක් ගත කිරීමට පෙළඹෙනවා. 
 
ඔබේ බිරිඳ සමඟ ඔබේ සම්බන්ධතාවය ඔබ දෙපළ වීමට වඩා වැඩි බව ඔබේ අවබෝධය මෙය තේරුම් ගැනීමට ඔබට උදව් කරාවි. පියෙකුට තම දියණියට දිය හැකි අමිල ත්‍යාගය නම් ඔහුගේ කාලය හා අවධානය ලබාදෙමින් මවට ආදරය කිරීමයි.
  • ඇය කතා කරන විට, හොඳින් සවන් දෙන්න.
  • ඇයගේ සාර්ථකත්වයට අවස්ථා නිර්මාණය කරන්න.
  • ඇය තුල විශ්වාසය ගොඩනඟන්න.
  • ඇයගේ ජයග්‍රහණ වෙනුවෙන් ඇයට ප්‍රශංසා කරන්න.
  • ඇයට අවශ්‍ය වූ විට ඇයව ධෛර්යමත් කරන්න.
  • ඇයට සහය අවශ්‍ය විට ඇය සමඟ හැඟීම් බෙදාගන්න.
  • ඇය සමඟ ත්‍රාසය බෙදාගන්න.
  • ඇය සම්පුර්ණයෙන්ම ලස්සන බව නිතර කියන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.