සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

"නත්තලේ සැබෑ අරුත සොයා පුංචි ගවේෂණයක මම යෙදුනා..."

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

නත්තලේ සැබෑ අරුත යනු කුමක්ද? සෑම වසරකම අවසානය සනිටුහන් කරන සීත දෙසැම්බරය අවසාන වන්නේ කිතුණුවන් සමරන අසිරිමත් නත්‍තලත් සමගයි.

එවන් තවත් නත්‍තලක් උදාවෙන්න මොහොතක් තිබියදී නත්තලේ සැබෑ අරුත සොයා පුංචි ගවේෂණයක මම යෙදුනා.

ලෝකයේ බොහෝ ජනතාවක් සමරන උතුම් වු දිනයක් ගැන පුංචි විවරණයක් ගෙන එන්න ඉතින් අවසරයි.

නත්තලේ සැබෑ අරුත: නත්තල යනු කුමක්ද ?

කිතුණු ජනයාගේ විශ්වාසය අනුව දෙවියන්වහන්සේ විසින් ලෝකය මවන ලදී. ඉන් අනතුරුව උන්වහන්සේ ස්ත්‍රිය හා පුරුෂයා මවන ලදී.

මේ ස්ත්‍රිය හා පුරුෂයා විසින් නිමක් නොවන පව් කල  අතර  මේ නොමග යමින් සිටින තමන්වහන්සේ විසින් මැවු මිනිසුන් යහමඟට ගනිමින් ඔවුන්ට පව් සමා කිරීමට අවස්ථාවක් දෙන අරමුණින් දෙවියන් වහන්සේ පුත්‍රයානන් වහන්සේගේ ස්වරූපයෙන් මිනිසුන් අතරට එන්නට තීරණය කරන ලදී.

ආදරයේ, සාමයේ අරුත ලෝකයට කියා දෙමින්, බෙදා හදා ගැනීම ගැන වූ අපූර්ව පාඩම මිනිසුන්ට කියා දෙන්න ආගමික දර්ශනයක් රැගෙන කන්‍යාවක් වු මරියා තුමියගේ නොඉදුල් ගැබින් දෙවියන්වහන්සේ පුත්‍රයානන් වහන්සේගේ ස්වරූපයෙන් ජේසුස් යන නමින් පීඩිත සමාජය නියෝජනය කරමින් දිලිදු ගවලෙනක් තුලදී   උපත ලබන ලදී.

සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

එම අසිරිමත් උපත සිදු වු දින නත්තල ලෙස ලෝපුරා වු කිතුණුවන් ‌මෙලෙස සමරනු  ලබයි. එය හුදෙක්ම තවත් එක් උත්සවයක් පමණක්ද? 

නැතිනම් මනුෂත්වය පතුරවන්නට දෙවියන් වහන්සේ සෑම වසරකම කරන මතක් කිරීමද? මිනිසා වෙනුවෙන් අපමණ කැප කිරීමක් කල උන්වහන්සේගේ මග පෙන්වීම අනුව යමින් අපට වර්ෂය පුරාම නත්තල ජීවමාන කළ නොහැකිද? එසේ නම් අපි සැබෑ නත්තලේ අරුත සොයා යමු.

ජේසුස් වහන්සේ ලොවට කියාදුන් අපූරු පාඩම්

ජේසුස් වහන්සේ මිනිසුන් ,සතුන්ට පමණක් නොව පරිසරයට පවා මහා කරුණාවක්, දයාවක් පාන ලදී. බෙදාගැනීම පිලිබඳ අපුරු පාඩමක් උන්වහන්සේ ලෝකයට කියාදෙන ලදී.

"පව් නොකලෙක් සිටී නම් පළමු ගල ගසන්න"

උන්වහන්සේ වරෙක ගණිකාවකට ගල් ගසමින් සිටි මිනිසුන්ට කිව්වේ ගණිකාව පව්කාරියක නම් ඕ කරා යන පුරුෂයින්ද පව්කාරයන් බව පසක් කරමිනි.

"අසල්වැසියන්ට ප්‍රේම කරන්න. "

තමන් අවට සිටින අයට ආදරය ‌සෙනෙහස දක්වන්න කියා ‌දෙමින් මිනිසුන් අතර දයාව පතුරවා හරින ලදී.

ඉතාම පහත් යැයි එකල සැලකු මිනිසුන් අතරට ගොස් සමානාත්මතාවය කියාදෙන ලදී. මහ විසල් වු ආදරයක් , දයාවක් ලෝකයට බෙදා දෙමින් උන්වහන්සේ මහත් සේවයක් කරන ලදී.

" නොදැන පව්කරන මේ මිනිසුන්ට සමාව දෙන්න"

පවසමින් අවසානයේදී කුරුසිය මතදී තමන් මරණයට පත්කරන මිනිසුන්ට පවා වෛර නොකරමින් අවසාන වශයෙන් අපූරු පාඩමක් මිනිසුන්ට කියාදෙන ලදී. ‌

උන්වහන්සේ එතැනින් නැවතුනේ නැත මිනිසුන් ‌වෙනුවෙන් දිවි පුදා මිනිසුන් ‌වෙනුවෙන්ම මරණ‌ෙයෙන් නැගී සිටි ‌සේක.

ඒ තමන් වහන්සේව පවා දුන් මිනිසුන් ‌වෙනුවෙන්මය. උන්වහන්සේගේ දහම තුල ‌වෛරයක් නැත.

ආදරය, ‌සෙනෙහස, කරුණාව ‌මෙන්ම දයාව පමණක් පිරි ‌ෙදෙනෙතින් ‌ලෝකය ‌දෙස බලන්නට උන්වහන්සේ කියා දුන් ‌සේක.

මෙවන් අපූර්ව වු පාඩම් බොහෝ ගණනක් අපට කියා දුන් සමිදානෝ මිනිසුන් වෙනුවෙන් ඉපදි මිනිසුන් වෙනුවෙන් කැපවී ඔවුන් වෙනුවෙන් දිවි දී අවසානයේදි ඔවුන් වෙනුවෙන්ම මරණයෙන් යලි නැගී සිටිය සේක.

සැබෑ නත්තල, නත්තල් සීයා , නත්තල් ගස සමග නත්තලේ සැබෑ අරුත

සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

ලෝපුරා වු කිතුණුවන් දෙසැම්බර් මාසයේ 25 වන දින පහන් කරන්නේ දේවස්ථානයේ නාදවෙන සීනු හඩ මැද ඉටිපන්දම් එලි අතරින් ජේසුස් වහන්සේගේ උපත සමරමින් කරනු ලබන ආගමික වතාවත් සමගය.

කිතුණු සමාජය තුල ඔවුහු ආදරය , කරුණාව බෙදාහදාගනිමින් එදින පහන් කරන අතර ගීතිකා ගයනා කරමින් ආශිර්වාද ලබාගනිති .

ඒ වගේම ජේසු බිළින්දාගේ උපත සමරමින් ඔවුන් ගවලෙන නිර්මාණය කරනු ලබයි.

මීට අමතරව දේවස්ථානයේ වූ ලස්සන නත්තල් ගස යට ත්‍යාග තබමින්  ඉන් අනතුරුව පැමිණෙන නත්තල් සීයා ළමුන්ට ත්‍යාග බෙදා දෙනු ලබන්නේ ඔවුන්ගේ පුංචි සිත්වලට නත්තලේ සතුටක් ලගා කරමිනි.

මෙහිදී විශේෂත්වය වන්නේ එහිදී දුප්පත් , පොහොසත් සියල්ලන්ම සමානාත්මතාවයෙන් සලකමින් ඉතා දිළිඳු දරුවන්ට පවා ත්‍යාග පිරි නමමින් ඔවුන්ව සතුටට පත් කරනු ලැබීමයි.

මේ නත්තල් ගහ හා නත්තල් සීයා පසුකාලීනව එකතු වු අංගයන් වන අතර කණගාටුවට මෙන් එම අංගයන් බොහෝ වානිජ අරමුණු සදහා දැන් භාවිතා කරනු පෙනෙන්නට ලැබේ. 

සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

නත්තල් දින දෙව් මැදුර තුල පහන් කරන කිතුණු වැසියන් ඉන් අනතුරුව පැමිණිනෙන්නේ නිවසටයි.

ඔවුන් තම නිවස නත්තල උදෙසා සුදානම් කරන්නේ දින කිහිපයක සිටයි. ඒ අතරින් නත්තල් සැරසිලි මුල් තැනක් ගන්නවා.

සෑම නිවසකම නත්තල් ගසක් වරදින්නේ නැත.  නිවස පුරා නේක සැරසිලය.

මේ තුලින් පුංචි දරුවන් තුල නිර්මාණශිලිත්වය වඩවන අතර ඔවුන්ට එකතු වී මෙම කටයුතු වල නිරත වීමට ඉඩ දීම මගින් සමගියේ අගය වටහා දෙයි.

ඒ වගේම ඔවුන් නත්තල් කේක් ඇතුළු රසවත් කෑම වේලක් සකස් කර පවුලේ සැම එකතු වී භුක්ති විදින අතර පසුව නැති බැරි අයටද බෙදා දෙනු ලබයි.

ඒ වගේම දුප්පත් දරුවන්ට තෑගි බෝග දී සතුටු කරගන්නට ඔවුන් අමතක කරන්නේ නැත.

බෙදා ගැනීම වැනි අගනා ගුණාංගයකට වැඩිහිටියන් ආදර්ශයක් වෙමින් තම දරුවන්ට උගන්වන්නේ ජිවිතයේ අපූරු පාඩමකි.

සැබෑ නත්තල ‌දෙසම්බර් 25 විතරද?

ජේසුස් වහන්සේගේ උපත සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේ 25 දින සැමරුවද උන්වහන්සේ ලොවට දයාද කල මනුෂ්‍ය කමේ දයාද සැමරිම එදින පමණක් සිදු කල යුතු නොවේ.

මුළු වර්ෂය පුරාම මනුසත් බව පතුරවමින් උන්වහන්සේ සිය හදවත තුල ජීවමාන කල යුතුය. සැබෑ නත්තල එක් දිනයක නොව මුළු වර්ෂය පුරාම එකසේ සැමරිය යුතුය.

ඉතින් ඔබත්

  • සැමට ආදරය ‌බෙදන්න.
  • බෙදා හදා ගන්න
  • අන් අයට උදව් කරන්න
  • සමගිය එකමුතු කම ඇති කරගන්න
  • වෛර නොකරන්න
  • වරදට සමාව දෙන්න
  • කළගුණ අමතක නොකරන්න
  • වැඩිහිටියන්ට ගරු කරන්න
  • ආදර්ශවත් වෙන්න

ඔබේ පුංචි දරුවන්ද අනිවාර්යයෙන්ම ඔබ අනුගමනය කරාවි. ඒ නිසා සැබෑ නත්තලට අරුතක් ‌දෙමින් උදා‌‌වෙන සෑම දිනක්ම මනුෂත්වයේ දිනක් කරන්න.

ආදරය ලොව පුරා ගලා යන

දයාවෙන් මිනිස් සිත් වෙලී යන

සාමයෙන් ලෝසතුන් සැනසෙන

ප්‍රීතිමත් නත්තලක් වේවා.. 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි