theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නත්තල තුළ ඇති සැබෑ අරුත තුළින් සාමය සතුට පිරි නැවුම් නත්තලක් සමරමු!

3 අවම කියවීම
නත්තල තුළ ඇති සැබෑ අරුත තුළින් සාමය සතුට පිරි නැවුම් නත්තලක් සමරමු!නත්තල තුළ ඇති සැබෑ අරුත තුළින් සාමය සතුට පිරි නැවුම් නත්තලක් සමරමු!

මහෝත්තම දෙවියන් පාපී මිනිස් අප අතරට මිනිස් ස්වරුපයෙන් වැඩීම නත්තල තුළින් සමරනවා. මෙය අතිමහත් ප්‍රේමයේ සලකුණක් ලෙස කිතුණුවන් සලකනවා.

මට මතකයි අපි පුංචි කාලේ ‘බර්’ වලින් ඉවර වෙන මාස ඒ කියන්නේ ‘සැප්තැම්බර්’ මාසේ පටන් ගත වෙලේ ඉඳන් නත්තල් හැඟීම් එන්නට පටන් ගන්නවා. ගෙදර නත්තල සඳහා උදනම් වෙන්න පටන් ගන්නේ ඒ දවස් වල ඉඳලා. මොකද නත්තල් වයින්, නත්තල් කේක් යන මුලික රස කෑම හැදෙන්නට මාස කිහිපයක් යන නිසා.

මුළු ගෙදරම නත්තල් සුවඳයි.

5

නත්තල් කෑම බීම

ඉතින් මේ වගේ ගෙදර කේක්, වයින් වගේ දේවල් හැදෙන්නට පටන් ගන්නකොට මුළු ගෙදරම පැතිරෙන්නේ අමුතුම සුවඳක්. අදටත් ඒ නත්තල් සුවඳ ගෙන දෙන්නේ පුදුමාකාර ප්‍රබෝධමත් හැඟීමක්.

නත්තල් දවසට සතියක් විතර තියෙද්දී ඒ සුවඳට තව තවත් සුවඳ එක වනවා. ඒ තමා කැවුම්, කොකිස්, මුන් කැවුම් අතිරස ආදිය බැදෙන සුවඳ. මගේ අත්තම්මා කුස්සියේ උඩක වළඳක් ඇතුලේ වහල තිබුණු කැවුම් හොරෙන් කන්න ගිහින් මම බිම වැටිලා තුවාල වුනු හැටි මතක් වෙද්දී අදටත් හිනා යනවා. 

නත්තලට කලින් දා සුවඳ ගැන නම් කියන්න වචන නැහැ. ඒ කාලේ ගොඩක් ගෙවල් වගේ අපේ ගෙදර පොළවත් රතු සිමෙන්ති. නත්තලට කලින් දා හැමෝම එකතු වෙලා පොලව පොලිෂ් කරනවා. ගෙදර පොලිෂ් කරලා අස්පස් කරලා හවසට කොහෙන් හරි තාත්තා නත්තල් ගසක් ගේනවා. ඒ සයිප්‍රස් ගස්. සයිප්‍රස් සුවඳ මුසු වූ පොලිෂ් සුවඳ තමා අපේ ගෙවල් වල ක්‍රිස්මස් සුවඳ.

නත්තල

නත්තල් සැරසිලි  

ඒ වගේම තමා නත්තල් සැරසිලි. සයිප්‍රස් ගසේ එල්ලූ සෑම සරසිල්ලක්ම පාහේ ගෙදර අපි එකතු වෙලා හදපුවා. කේක් හදා ඉතිරි බිත්තර කටු වලින් හදන නත්තල් සීයා මගේ ප්‍රියතම සැරසිල්ලයි.

නත්තල් සීයා

රෑට හොරෙන්ම එන නත්තල් සීයා ගැන ඇති වන හැඟීම් නම් කියන්නට වචන නැහැ. හොඳ ළමයින්ට හොරෙන්ම ඇවිත් තෑගි බෝග දෙනවා කියන විශ්වාසය හිතේ ඇති කලේ පුදුමාකාර බලාපොරොත්තුවක්. මේ ගැන ඇතැමුන් විවිධ මත දරුවත්... හොඳ චේතනාවෙන් දරුවන් තුළ ඇති කරන ආස්වාදය ඉතාම සුන්දර දෙයක් ලෙසයි මා දකින්නේ..     

නත්තල් සාද සහ නෑ හිතවතුන් බැහැ දැකීම

අලුත් ආණ්ඩු පැළඳුම් වලින් සැරසිලා ආච්චිලා සීයලා බැහැ දකින්නට තෑගී හුවමාරු කරගන්නට නටා ගයා සතුටු වන්නට උදා වන මේ දවස එන තුරු අව්ව්රුද්ද පුරාවට අපි මග බලා ඉන්නේ පුදුමාකාර නොඉවසිල්ලකින්. ඒ හැම දෙටමත් වඩා හිත් අමනාපකම් දුරලා නෑ වැඩිහිටියන්ගෙන් සමාව ගන්නට ආදියද මෙය කදිම දවසක්. මගේ දෙමාපියන් සමඟ උරණ වී සිටි අප ආදරේ කරන මාමා කෙනෙක්... නත්තල් දවසේ අප දෙමාපියන්ට වැඳ කතා බහ කල ඒ මොහොතේ අපට ඇති වුන සතුට වචන වලට හරවන්නට අමාරුයි.

ඉතින් මේ හැඟීම් සහ අත්දැකීම් පිටුපස තිබෙන නත්තලේ සැබෑ අරුත මේ උද්යෝගය තුළ සැඟවී යන්නට ඉඩ දීම කල නොයුතු දෙයක්. නත්තල කී විට එක වරම සිහියට නැගෙන නත්තල් සීයා, නත්තල් සැරසිලි, නත්තල් ගස් යනාදිය අතරේ නත්තෙල් කේන්ද්‍රය වන සාමයේ කුමරු නොහිත් ජේසු බබාව දකින්නවත් නැති වන්නේ මෙම සැබෑ අරුත යටපත් වී ඇති අයුරු තවත් තීව්ර කරමින්.

නත්තල යනු කුමක්ද?

ප්‍රභල ලෙස වාණිජකරණය වී ඇති නත්තලේ සැබෑ අරුත ඇරඹෙන්නේ සාමයේ කුමරු නොහොත් ජේසු බිලිඳුන් මෙලොවට වැඩිම තුලින්.

කිතුණු බැතිමතුන් අදහන මැවුම්කාර දෙවියන් මිනිස් ස්වරූපයෙන් ජේසු සමිඳුන් ලෙස මෙලොවට බිහි වීමේ මංගල්‍යය නත්තලයි. දෙවි පියාණන්ද, දේව පුත්‍රයානන්ද, ශුද්ධාත්මයානන්ද එකම ත්‍රිත්වයක වැඩ සිටීම මිනිස් මනසට තේරුම් ගත නොහැකි යථාර්තයේ ඇදහිල්ලේ කොටසක්.

නත්තල

ඉතින් මහෝත්තම දෙවියන් මිනිස් සංහතියට සත්‍යය අවබෝධ කර දීමේ අරමුණින් මිනිස් ස්වරූපය ගෙන අප අතරට වැඩියා. එපමණක් නොව එතුමන් උපන්නේ ගවලෙනක දුප්පත් පවුලකට දාවයි. පාපී මිනිස් අප අතරට මේ අකාරයෙන් වැඩීම අතිමහත් ප්‍රේමයේ සලකුණක් ලෙස කිතුණුවන් සලකනවා.

ප්‍රේමයේ සලකුණක් වන නත්තලට නව අරුතක් දෙමු

බහුල වානිජකරණයට යටත් වූ නත්තලට නව අරුතක් දෙන්නට ඔබටත් මටත් පුළුවන්. ඉතින් මේ නත්තල තවත් සුන්දර කිරීමට අන්තර්ජාලයේ සැරිසැරූ පින්තුරයකින් මෙසේ කියවුනා.

නත්තල

* නොදන්නා කෙනෙකුගේ මුවට සිනහවක් එක් කරමු

* අපව කේන්ති කරන කෙනෙකුට ඉවසීමෙන් හා කරුණාවෙන් ප්‍රතිචාර දක්වමු

* කිසිදා ඔබේ සමාව නොගන්නා කෙනෙකුට හදවතින්ම සමාව දෙමු!

* කිසිවක් බලාපොරොත්තු නොවී තව කෙනෙක්ට අපේ කාලය දෙමු  

* බලාපොරොත්තු නොවන කෙනෙක්ට යමක් දෙමු

* බලාපොරොත්තු නොවන කෙනෙක්ට කරුණාව පෙන්වමු

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවේකය සහ සංචාරය
  • /
  • නත්තල තුළ ඇති සැබෑ අරුත තුළින් සාමය සතුට පිරි නැවුම් නත්තලක් සමරමු!
බෙදාගන්න :
  • සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

    සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

  • ළඟ එන නත්තල වෙනුවෙන් නත්තල් කේක් රෙසිපියක්

    ළඟ එන නත්තල වෙනුවෙන් නත්තල් කේක් රෙසිපියක්

  • සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

    සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

  • ළඟ එන නත්තල වෙනුවෙන් නත්තල් කේක් රෙසිපියක්

    ළඟ එන නත්තල වෙනුවෙන් නත්තල් කේක් රෙසිපියක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it