ඔබේ දරුවාගේ සමහර හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක් ඔබව අසහනයටත් පීඩාවටත් පත් කරනවා. එත් මේ නරක පුරුදු හොඳ පුරුදු බවට හරවා ගන්න පුළුවන්ද? ඔබ හිතන තරම්ම ඔබේ දරුවා නරකද? නැතිනම් ඔහු හොඳ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා සොයමින් ඉන්නවා වෙන්න පුළුවන්.
ඔහුගේ නොහික්මුණු ගති වලට දඬුවම් කිරීම හෝ ඒ පසුපස යාම වෙනුවට ඔහුව හොඳ මගට යොමු කර ගන්න ඔබට කළහැකි දේවල් ගැන සිතන්න. ඒවා ක්‍රියාකාරකම් වල වෙනස්කම් වලින් ඔවුන්ව වෙනස් කරන්න පුළුවන් වේවි.

හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්
1. දැඩි විදිහට කරන සෙල්ලම් හා පැනීම්
හැමවෙලාවෙම දරුවා සෝෆා එකට නගිනවා, පනිනවා. මේසය උඩට නගිනවා හෝ අයියා නංගි එක්ක නිතරම පැටලෙනවා ද? සමහර විට රණ්ඩු වෙනවා. දරුවන්ගේ ආරක්ෂාව ගැන ඔබේ හිතට නිතරම බයක් දැනෙනවා.
ලැබෙන ප්‍රතිඵල - දරුවන් ඉගෙන ගන්නේ සෙල්ලම් කිරීම තුළින්මයි. නිවස තුළ තරමක් දැඩි විදිහට හැසිරුනත් ඔවුන්ගේ දිවීම්, පැනීම් ඔවුන්ගේ වර්ධනයට රුකුලක් වෙනවා.
සමහර විට ඔබේ දරුවාට එළිමහනට ගිහින් ශරීරයට ව්‍යායාම ලැබෙන ක්‍රියාකාරකම් කරන්න අවස්ථාවක් නොලැබෙනවා වෙන්න පුළුවන්. සිංගප්පුරුව තුළ කරන ලද සමීක්ෂණයකට අනුව එහි දරුවන්ගේ සති අන්ත කාලයන් තුළ 98% ක් ම කිසිදු ක්‍රියාකාරකමක නිරත නොවන බවත් සතියේ දිනවලදී එය 90.2% ක් පමණ බවත් කියවෙනවා.
අපගේ යෝජනා - ඔබේ දරුවා එළිමහනේ දිවීම වැනි ක්‍රියාකාරකම් වල නිරත වීමට (ආරක්ෂාකාරීව) උනන්දු කරවන්න. නැතිනම් ක්‍රීඩාවන්, සයිකල් පැදීම නැතිනම් පවුලේ අය සමග වෙනත් විනෝදජනක ක්‍රියාකාරකමක නිරත වීමට උදව් කරන්න. සිංගප්පූරුවේ Health Promotion Board (HPB) ට අනුව අවුරුදු 7 ට අඩු දරුවන් දිනකට පැය තුනක පමණ කාලයක් ආරක්‍ෂිත පරිසරයක හා ක්‍රීඩාවන් වල නිරත වීම අත්‍යවශ්‍ය බවත් අවුරුදු 7-18 දක්වා දරුවන් පැයක පමණ කාලයක් ක්‍රියාවන් වල නිරත විය යුතු බව පවසනවා.

2. බොරු කීම
ඔබ ඔබේ දරුවාගෙන් ගෙදර වැඩ කරලා ඉවරද ඇසු විට ඔහු එය ඉවර බව පැවසීම නැතිනම් ඔවුන්ගේ ගුරුවරිය පන්තියට නොපැමිණි නිසා මේ සතිය තුළ ගෙදර වැඩ ලබා නොදුන් බව පැවසුවත් පසුව සොයා බැලීමේදී ඔබේ දරුවා බොරු ගොත ඇති බව හෙළි වෙනවා.
කළහැකි පිළියම් - අවුරුදු 3-7 දක්වා දරුවන් තමත් යථාර්තය හා සංකල්ප අතර වෙනස සොයමින් ඉන්න වයසක්. මේ වයසේ දරුවන් ඔවුන්ගේ පරිකල්පනයෙන් කියන කතාවක් වෙන්නත් පුළුවන්. ඇයට අවුරුදු 5 ක් පමණ වන විට බොරු කියන හැටිත් බොරු කීම වරදක් බවත් කෙමෙන් අවබෝධ කර ගන්නවා. නමුත් ඇය මේ දෙක අතර කළහැකි දේ අත්හදා බලන්නත් පුළුවන්.
ඔබේ දරුවා දිගටම මෙලෙස කරනවා නම් ඒ දඬුවම් වලට බයේ සහ ඇත්ත කිවුවත් විශ්වාස නොකිරීම යන කරණා නිසා වන්නට පුළුවන්.
අපගේ යෝජනා - හුඟක් තදින් ඒ ගැන ක්‍රියාකර අවංක වීමේ වැදගත්කම ගැන කියාදෙන්න උත්සාහ කර බලන්න. දඬුවම් දීමට ඉක්මන් වෙන්න එපා. ඉන් දරුවා බියට පත්වීමෙන් සත්‍ය සඟවන්නට ඉඩ තිබෙනවා.
3. ගෘහ භාණ්ඩ හා ලී බඩු මත ඇඳීම හා බඩු කැඩීම
හුඟක් පුංචි ළමයින් ඉන්න දෙමාපියන් නිවසේ සුදු පැහැති ගෘහ භාණ්ඩ, ඇතිරිලි හා විසිතුරු භාණ්ඩ සැරසිලි කිරීම අපහසු බව කියන්නේ දඟයන්ගේ දඟ වැඩ වල ඉවරයක් නැති නිසයි. දරුවන්ගේ වර්ධන අවධිය තුළ පැහැදිළි සුදු පැහැති බිත්තියක් ඔවුන්ට හොඳ කැන්වස් එකක් වගෙයි. ඒ නිසා කොළයක අඳිනවට වඩා දරුවට එය හුඟක් පහසුයි.
බඩු කඩා බිඳ දැමීම බොහෝ විට සිදුවන්නේ දරුවන් තමන්ගේ ලෝකය අධ්‍යනය කරමින් සිටින නිසයි. බොහෝ විට ඔවුන් මෙය සිතා මතා කරන දෙයක් නොවෙයි. උදාහරණයක් ලෙස DVD ප්ලේයර් එකක් කඩන චේතනාවක් දරුවෙකුට නැති වුනත් ඒකෙ ලයිට් දැල්වෙන්නට පෙර ඊට චෝක් කෑලි ටිකක් ඇතුල් කර බලන්න ඔහුට සිතුණා වෙන්න පුළුවන්.
යෝජනාව - හැකි තරම් දරුවන්ට ඇස ගැටෙන තැන්වල කැඩෙන බිඳෙන දේ තැබීමෙන් වළකින්න. එය දරුවාගේ ආරක්ෂාවටත් ඔබේ වටිනා විසිතුරු භාණ්ඩ වල පරිස්සමටත් හොඳයි.
ඒ වගේම ඉතා ආදරයෙන් දරුවාට බිත්තියේ ඇඳීම කළ නොහැකි බව කියා දෙන්න. ඒ වෙනුවට ඉතා විශාල කොළ බිත්තියේ අලවා තබන්නත් පුළුවන්. ඒ වගේම සරල චිත්‍ර පන්තියකට ඔවුන්ව යොමු කරන්නත් පුළුවන්.
දිගින් දිගටම දරුවා ගොතන කතා ඔහුගේ නිර්මාණාත්මක හැකියාවේ පැතිකඩක් පෙන්වන නිසා එය හොඳ පැත්තකට හරවා ගෙන ඇගේ කතා කොළයක සටහන් කරවාගන්න. ඒ වගේම දරුවාව නාට්‍ය පුහුණු පාසලකට වැනි දෙයකට යොමු කිරීම මගිනුත් ඇගේ හැකියාවට අවස්ථාවක් ලැබීමෙන් ඇයට ඉන් මිදෙන්නට අවස්ථාව උදාවේවි.

4. දරුවන්ගේ නරක පුරුදු: උවමනාවට වඩා රූපවාහිනී තිර මත කාලය ගෙවනවා නම්
වර්තමානයේ දුරකථන, ටැබ් හා පරිගණකය සමග ගැවසෙන්නේ නැති දරුවන් සොයා ගැනීම ඉතාම අපහසුයි. සමහරුන් ගේම් සෙල්ලම් කිරීමට බොහෝ පුරුදු වී සිටිනවා. ඇත්තටම එය නරකද?
සිදුවිය හැකි දේ - විශේෂයෙන් ඔබත් දුරකතනයට, රූපවාහිනියට ඇබ්බැහි වූ අයෙක් නම් ඔබේ දරුවනුත් ඊට නිතැතින්ම කැමැත්තක් දැක්වීම අපට නතර කළහැකි කාරණයක් නොවෙයි. සමහර විට ඔබේ දරුවාට දැනෙන පාළුව නිසාම ඔහුත් නිරන්තරයෙන් දුරකතනයේ වීඩියෝ නැරඹීමට කැමැත්තක් දක්වනවා වෙන්න පුළුවන්.
අපගේ යෝජනා - ඔබ ආදර්ශවත් වෙමින් තිරයන් ඉදිරිපිට ගෙවන කාලය අඩු කරන්න. ඔවුන්ට මෙම උපාංග භාවිත කළහැකි කාලසීමාවන් ලබාදෙන්න.
ඒ වගේම දරුවාට නැරඹීමට සුදුසු අධ්‍යාපනික වටිනාකමකින් යුතු වීඩියෝ නැරඹීමට තෝරා දෙන්න. ඒ වගේම අකුරු ලිවීම පුහුණු වීම වැනි දේ කළහැකි ඇප් එකක් ඩවුන්ලෝඩ් කර දෙන්නත් ඔබට පුළුවන්. නමුත් ශාරීරික ක්‍රියාකාරකම් වලට ඔබේ දරුවා යොමු කිරීම මීට වඩා බෙහෙවින් වැදගත්.
5. දරුවන්ගේ නරක පුරුදු: සහෝදර සහෝදරියන් සමග ගැටළු දබර ඇති කර ගැනීම
කිසිම දෙමාපියෙකු තමන්ගේ දරුවන් එකිනෙකා සමග දබර කරගන්නවා දකින්න කැමති නැහැ. ඔබ කැමති වුනත් අකමැති වුනත් සත්‍ය ඒකයි. ඔවුන් එසේ දබර කර ගැනීම් වල නිමාවක් නැහැ. සමහර විට මෙය ඉරිසියාව හා තමන්ට අවධානය නොලැබීම වැනි හේතු නිසාත් ඇති වෙන්න පුළුවන්. නමුත් දරුවන් අතර මෙය සාමාන්‍ය තත්වයක්. සමහර විට මේ රණ්ඩු ඉතා උග්‍ර අතට හැරෙනවා. පටබැඳි නම් ගුටිබැට වලිනුත් රණ්ඩු ඇරඹෙනවා.
අපගේ යෝජනාව - හැකි තරම් එක් එක් දරුවන් සමග තනිව පුංචි හෝ කාලයක් ගෙවීමට වෙන්කර ගන්න. ඉන් ඔවුන්ට තමන්ට අවධානය අඩු යැයි සිතන්නේ නැහැ. ඒ වගේම දරුවන් අතර සැසඳීම් හා එක් දරුවෙකුට විශේෂයක් කරන බව දැනීම හොඳ නැහැ. ඒ වගේම එකට සෙල්ලම් කිරීමේ වැදගත්කම හා එකිනෙකට කතා කරන හැටි කියාදෙන්න . ඒ වගේම වැඩිමහල් දරුවන්ට යම් වගකීමක් පැවරීමෙන් ඔවුන් ඉතා අපූරුවට බාල සහෝදර සහෝදරියන්ව බලාගන්නවා.
පරිපූර්ණ පෝෂණයක් වැදගත් කාරණයක්
දරුවාගේ පෝෂණය ඔහුගේ වර්ධනයට හා සංවර්ධනයට වගේම හැසිරීමටත් බලපානවා. නිතරම ඔබේ දරුවා සාමාන්‍ය මානසික කායික සුවයෙන් පසුවෙනවදැයි සැලකිල්ලෙන් ඉන්න. ඒ වගේම දිනකට ලැබිය යුතු පෝෂණය දරුවාට ලැබීමත් ඉතා වැදගත්.
දරුවන්ගේ හැටි වෙනස් කරන්න බැහැ
සාමාන්‍යයෙන් දරුවන්ගේ නරක පුරුදු, දඟකාරකම් චන්ඩි වැඩ අපට ඉවසීමට සිදු වෙනවා. නීතිරීති පැමිණිය යුතු වුනත් ළමා කාලයේ ඇති බොහෝ ගති හුඟක් දරුවන්ට පොදුයි. ඔබේ දරුවාට ඔහුගේ ප්‍රකාශනයන් නිදහසේ කළහැකි අවස්ථාවන් උදාකර දෙන්න. එසේම ධනාත්මක දේ ගැන කතා කරන්නත් අදහස් බෙදා ගන්නත් උත්සාහ කරන්න. එයට ඔබේ දරුවා තුළ වෙනසක් දකින්නට ඔබට පුළුවන්.
theAsianparent Sri Lanka ඒ වෙනස වෙනුවෙන් ඔබට මේ කරුණු ගෙන එන්නට සිතුවා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ